බොහෝ මිනිසුන් සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ යථාර්ථය අතිමහත් විය හැකිය. වාර්තාගත තාප තරංග, පකිස්ථානයේ විනාශකාරී ගංවතුර සහ නැගෙනහිර අප්‍රිකාවේ නියඟය පසුගිය කාලයේ ඊට සැලකිය යුතු උත්තේජනයක් ලබා දුන්නේය. එහෙත් ඒ සියල්ල සිදු වුණේ මේ වසරේ පමණි. තවත් බොහෝ දේ සිදු වුණ අතර සිදුවීමට නියමිතව ද පවතී.

දේශගුණික කාංසාව (Climate anxiety) වැඩි වීම පුදුමයක් නොවේ. විශේෂයෙන් දේශගුණික විපර්යාසවලින් පීඩාවට පත් වූ ලෝකයක් පමණක් දැන සිටි තරුණයින් අතර එය වැඩිවීම සිදුවිය යුතුම දෙයකි. නමුත් ප්‍රවීණයන් පවසා ඇත්තේ මෙම බිය ඇත්ත වශයෙන්ම ලෝකයට සුභ ආරංචියක් විය හැකි බවයි.

zදේශගුණික විපර්යාස පිළිබඳව සැබවින්ම දැනුවත් පුද්ගලයින් පියවර ගැනීමට වඩාත් පෙළඹෙනු ඇතz යනුවෙන් බාත් විශ්ව විද්‍යාලයේ  පාරිසරික මනෝවිද්‍යාඥ මහාචාර්ය ලොරේන් විට්මාර්ෂ් (University of Bath environmental psychologist Prof Lorraine Whitmarsh) පවසයි.

අපද්‍රව්‍ය අඩු කිරීමෙන් හෝ දෙවනුව මිල දී ගැනීමෙන් (buying second)hand) කාබන් පියසටහන (carbon footprint) අඩු කිරීම ඇතුළුව දේශගුණික ගැටළු සහ ඵලදායී ක්‍රියාමාර්ග ගැනීම අතර සම්බන්ධයක් ඇගේ පර්යේෂණය මගින් සොයාගෙන ඇත.

මිනිසුන් තමන්ගේම දේශගුණික කනස්සල්ල ගැන කතා කරන විට, ඔවුන් බොහෝ විට පවසන්නේ එය ග්‍රහලෝකය පිළිබඳ විශාල සෘණාත්මක සහ බොහෝ විට බිය උපදවන ප්‍රවෘත්ති සමග සම්බන්ධ වී ඇති බවයි.

zදේශගුණික විපර්යාස ගැන කරදර නොවී සිටීම දුෂ්කර යැයි මම සිතමි. එය අර්බුදයෙන් පසු අර්බුදයක් වන්නේ කෙසේද යන්න පිළිබඳව අපි නිරන්තරයෙන් පුවත්පත්වලට ලිපි ලියමින් සහ සමාජ මාධ්‍ය සමග අදහස් ඛෙදා ගනිමින් සිටිමු  (අයිස්තට්ටු දියවීම, ව්‍යසන) එය ඉතා විශාල විය හැකිය¡ උතුරු අයර්ලන්තයේ ඇන්ට්‍රිම් ප්‍රාන්තයේ වාසය කරන 16 හැවිරිදි රොයිසින් පැහැදිලි කරයි.

ඇය ී්ඩැ ඔයැ ක‍යසකාරුබ හි තරුණ උපදේශක මණ්ඩලයේ සිටින අතර, එක්සත් රාජධානියේ ළමුන්ගෙන් 70%ක් තමන්ට උරුම වන ලෝකය ගැන කනස්සල්ලෙන් සිටින බව මෑතකදී සොයා ගන්නා ලදී.

නමුත් ඇය පවසන්නේ බලාපොරොත්තුවක් ද ඇති බවයි. ‘ග්‍රේටා තුන්බර්ග් වැනි තරුණ ක්‍රියාකාරිකයින් සහ ඩේවිඩ් ඇටෙන්බරෝ වැනි අය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය ඔබට සැමවිටම දැකිය හැකියි‘

රොයිසින් පවසන්නේ ඇය නිර්මාංශිකයෙකු වී ඇති අතර ඇය දේශීයව පමණක් සාප්පු යෑමට වග බලා ගන්නා බවයි. ‘දේශගුණික කාංසාව සමග කටයුතු කිරීමේ මගේ එකම ක්‍රමය ක්‍රියාමාර්ග ගැනීමයි. එයින් අදහස් කරන්නේ ගැටලුව විසඳීමට මට කළ හැකි සෑම දෙයක්ම මම කර ඇති බව මම දන්නවා‘ ඇය පවසයි.

කැලිෆෝනියාවේ 23 හැවිරිදි සහරා බියබානි වැනි සමහර උද්ඝෝෂකයින් පවසන්නේ දේශගුණික ව්‍යසනය කෙරෙහි පුළුල් අවධානය යොමු කිරීම නොමග යවන සුළු විය හැකි බවයි. ඇය විශ්ව විද්‍යාලයේ පාරිසරික ගැටලු පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ පළ කිරීමට පටන් ගත් විට, අධ්‍යාපනය සහ ක්‍රියාව අතර පරතරයක් දේශගුණික විනාශවාදය (Doomism) විසින් පුරවනු ලබන බවල ඇය වටහා ගත්තාය.

(දේශගුණික විනාශවාදය යනු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධයෙන් අපට ඕනෑම දෙයක් කළ හැකි සීමාව පසුකර ඇති බවත් මානව වර්ගයා වඳ වී යාමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ය)

‘දේශගුණික අධ්‍යාපනය ක්‍රියා කිරීමට දිරිගැන්වීමක් නොමැතිව දුර්වල විය හැකියි. විශේෂයෙන් අපි ලෝකය සිදුවන්නේ කුමක්ද සහ එය නරක අතට හැරෙන ආකාරය දකින විට ඇය පැහැදිලි කරයි. දැන් ඇය දේශගුණ සුභවාදී / climate optimist ප්‍රවෘත්ති ඛෙදාහදා ගන්නා අතර සුභාරංචිය සහ විසඳුම් කෙරෙහි අවධානය යොමු කරමින් පුවත් පත්‍රිකා ලියයි.

‘දේශගුණික සුභවාදය හොඳ දෙයක් නොවේ. එය අවශ්‍ය වන්නේ අපගේ ක්‍රියාව සහ අපගේ උපදේශනය තුළ තිරසාර වීමට නම්, අප විශ්වාස කළ යුතු අතර සටන් කිරීමට වටින දෙයක් තිබිය යුතුයි‘ ඇය පැහැදිලි කරයි.

පෘථිවිය සුරැකිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමට අවශ්‍ය බොහෝ තරුණයින් සහ ලෝකය අවසන් වීමට යන්නේ කෙසේද ? යන්න පිළිබඳව අවධානය යොමු කරන ‘වැඩිහිටි සුදු මිනිසා older white man community අතර පරම්පරාගත භේදයක් ඇති බව ඇය විශ්වාස කරයි.

‘මෙය නරක තැනකින් පැමිණේ යැයි සිතීමට මට අවශ්‍ය නැහැ. මම සිතන්නේ ඔවුන්ට ද බොහෝ කනස්සල්ලක් ඇති බවයි. නමුත් ඔවුන් එය භාවිතා කිරීමට ඛෙහෙවින් වෙනස් ක්‍රමයක් සොයා ගනිමින් සිටීz ඇය යෝජනා කරයි. මනෝචිකිත්සක කැරොලයින් හික්මන් දේශගුණික කනස්සල්ල පිළිබඳ විශේෂඥවරියක් වන අතර සැලකිය යුතු තරුණ පිරිසකට ප්‍රතිකාර කර ඇත. ඇය පවසන්නේ හලෝකයේ තත්වය ගැන කරදර වීම ‘සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්. නමුත් බලාපොරොත්තු සුන්වීම සහ දේශගුණික විනාශවාදය විසඳුම නොවේ‘(climate doomism is not the solution)

මානසික සෞඛ්‍ය ගැටලුවක් වන දේශගුණික විපර්යාස පිළිබඳ බරපතල සායනික කාංසාව සහ කනස්සල්ල හෝ උත්සුකයන් අතර වෙනස හඳුනා ගැනීම වැදගත් වේ. මහාචාර්ය විට්මාර්ෂ් යෝජනා කරන්නේ දේශගුණික විපර්යාස පිළිබඳ ඉහළ මට්ටමේ සැලකිල්ලක් පවතින අතර, (විශේෂයෙන් තරුණයින් තුළ) බොහෝ පුද්ගලයින්ට මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු විසින් ප්‍රතිකාර අවශ්‍ය වන දුර්වල දේශගුණික කාංසාව නොමැති බවයි.

ඔබට දේශගුණික කනස්සල්ලක් ඇත්නම් කුමක් කළ යුතුද?

සහරා යෝජනා කරන්නේ

සුභාරංචිය කෙරෙහි අවධානය යොමු කරන්න- දේශගුණික විපර්යාස මැඩලීමේ ප්‍රගතිය හෝ නව විසඳුමක් පිළිබඳ කථා සොයන්න. ‘දිරිගැන්වීමේ ප්‍රභවයක් වන සහ ඔබව අන්ධ නොකරන තොරතුරු සොයන්න‘

ඔබට විවේකයක් දෙන්න – ගැටලුවට සම්බන්ධ නැති දෙයක් කරන්න. (ව්‍යායාම කරන්න, එළිමහනට යන්න, චිත්‍රපටයක් බලන්න, හෝ පොතක් කියවන්න) ලදේශගුණික විපර්යාසවලට සම්බන්ධ නොවන ක්‍රියාකාරකමක් සොයා ගැනීම ඇත්තෙන්ම උත්ප්‍රේරක වන අතර ඇත්තෙන්ම ප්‍රයෝජනවත් වේ.

කැරොලයින් යෝජනා කරන්නේ

ක්‍රියාමාර්ග ගන්න – ගැටලුව විසඳීමට යමක් කරන ප්‍රාදේශීය කණ්ඩායමකට සම්බන්ධ වන්න, නැතහොත් නීති සම්මත කිරීමට දේශපාලනඥයන්ට බලපෑම් කරන්න. zසමාන අදහස් ඇති අය සොයාගෙන ඉලක්කයක් ඉදිරියට ගෙන යාමට එකට වැඩ කරන්න.

සම්පුර්ණයෙන්ම ක්‍රියා විරහිත නොකරන්න – ‘සම්පූර්ණයෙන්ම වසා දැමීම ගැන මම මිනිසුන්ට අවවාද කරමි. මන්ද ඔබ අවදි වන විට යථාර්ථය අතිශයින් අන්ත වනු ඇත.