මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝක උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර දේශගුණික විපර්යාස  (Climate change) දැන් මිනිස් ජීවිතයේ සෑම අංශයකටම තර්ජනයක් වී තිබේ. එය පාලනය නොකළහොත් මිනිසුන්ට සහ ස්වභාව ධර්මයට උග්‍ර වන නියඟ, මුහුදු මට්ටම ඉහළ යාම සහ ශාක හා සත්ත්ව විශේෂ විශාල වශයෙන් වඳ වී යාම, කෘෂිකාර්මික අස්වැන්න විශාල ලෙස පහළ වැටීම වැනි ව්‍යසනකාරී ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇත.  දේශගුණ විපර්යාස හේතුවෙන් වත්මන් ලෝකය විශාල අභියෝගයකට මුහුණ දෙන නමුත් විභව විසඳුම් තිබේ.

දේශගුණික විපර්යාස යනු කුමක්ද?

දේශගුණය / Climate යනු වසර ගණනාවක් පුරා ස්ථානයක පවතින සාමාන්‍ය කාලගුණයයි. දේශගුණික විපර්යාස යනු එම සාමාන්‍ය තත්ත්වයන් වෙනස් වීමකි. අපි දැන් දකින සීග්‍ර දේශගුණික විපර්යාසයට (Rapid climate change) හේතු වන්නේ මිනිසුන් තම නිවෙස්වලට, කර්මාන්තශාලාවලට සහ ප්‍රවාහනයට තෙල්, ගෑස් සහ ගල් අඟුරු යොදා ගැනීමයි.

මෙම ෆොසිල ඉන්ධන දහනය වන විට හරිතාගාර වායූන් (Greenhouse gases) නිකුත් කරයි. (බොහෝ දුරට කාබන් ඩයොක්සයිඩ් (CO2) මෙම වායූන් සූර්යයාගේ තාපය රඳවා තබා ගන්නා අතර එය පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාමට හේතු වේ. ලෝකය දැන් 19 වැනි සියවසට වඩා 1.1ක‍ පමණ උණුසුම් වී ඇති අතර වායුගෝලයේ ඣ2 ප්‍රමාණය 50% කින් ඉහළ ගොස් ඇත.

දේශගුණ විද්‍යාඥයින්ට අනුව, දේශගුණික විපර්යාසයේ නරකම ප්‍රතිවිපාක වළක්වා ගැනීමට අවශ්‍ය නම් උෂ්ණත්වය ඉහළ යාම මන්දගාමී විය යුතුය. ඔවුන් පවසන්නේ 2100 වන විට ගෝලීය උණුසුම 1.5ක‍ දක්වා තබාගත යුතු බවයි. කෙසේ වෙතත්, වැඩිදුර ක්‍රියාමාර්ග නොගතහොත්, ඒ වන විටත් අප පෘථිවිය සෙල්සියස් අංශක 2ට වඩා උණුසුම් විය හැකිය. ස්වාධීන Climate Action Tracker කණ්ඩායම විසින් 2021 වර්ෂයේ කරන ලද වාර්තාවක් ගණන් බලා ඇත්තේ සියවස අවසන් වන විට ලෝකය 2.4ක‍ උණුසුම් වීමක් කරා ගමන් කරන බවයි.

කිසිවක් සිදු නොකළහොත්, විද්‍යාඥයන් සිතන්නේ අනාගතයේ දී ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 4 ඉක්මවිය හැකි බවයි. එය විනාශකාරී තාප තරංගවලට (Devastating heat waves) තුඩු දිය හැකි අතර, මිලියන ගණනකට මුහුදු මට්ටම ඉහළ යාමෙන් ඔවුන්ගේ නිවාස අහිමි වීම සහ ශාක හා සත්ත්ව විශේෂ ආපසු හැරවිය නොහැකි ලෙස අහිමි විය හැකිය.

දේශගුණික විපර්යාසවල බලපෑම කුමක්ද?

ආන්තික කාලගුණික සිදුවීම් (Extreme weather event) දැනටමත් ලොව පුරා වඩාත් තීව්‍ර වී ඇති අතර, ජීවිත හා ජීවනෝපායන් තර්ජනයට ලක්ව ඇත. තවදුරටත් උණුසුම් වීමත් සමග ගොවිබිම් කාන්තාරයක් බවට පත්වන බැවින් සමහර ප්‍රදේශ වාසයට නුසුදුසු විය හැකිය. නැගෙනහිර අප්‍රිකාව මේ වන විට වසර පහක් පුරා වැසි රහිත කාලගුණයකට මුහුණ දෙමින් සිටින අතර එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසන පරිදි මිලියන 22ක ජනතාවක් දැඩි සාගින්නෙන් පෙළීමේ අවදානමට ලක්ව ඇත.

අධික උෂ්ණත්වය නිසා ලැව්ගිනි ඇතිවීමේ අවදානම ද වැඩි කළ හැකිය. ප්‍රංශය සහ ජර්මනිය සාමාන්‍යයට සාපේක්ෂව 2022 ජනවාරි සහ ජූලි මැද කාලය තුළ හත් ගුණයකින් වැඩි භූමි ප්‍රමාණයක් ලැව් ගිනි හේතුවෙන් පිළිස්සී ඇති බව වාර්තා විය. මෙම තත්ත්වයට සමගාමීව සයිබීරියාව වැනි ස්ථානවල කලින් ශීත කළ පස දිය වී, ශතවර්ෂ ගණනාවක් තිස්සේ සිරවී ඇති හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීම හේතුවෙන්  දේශගුණික විපර්යාස තවදුරටත් නරක අතට හැරීම සිදුවිය හැකිය. අනෙකුත් කලාපවල, අධික වර්ෂාපතනය හේතුවෙන් ඓතිහාසික ගංවතුර ඇති කරන අතර චීනය, පකිස්ථානය සහ නයිජීරියාවේ මෑතකදී එවැනි සිදුවීම් දක්නට ලැබුණි.

දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමට අඩු සම්පත් ඇති බැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන ජනතාව වඩාත් පීඩාවට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් මෙම රටවල් හරිතාගාර වායු විමෝචනයට දක්වන්නේ අවම දායකත්වයක් බැවින් මෙම ව්‍යසන සම්බන්ධයෙන් ඔවුන් අතර කළකිරීමක් ඇත. එයින් අදහස් වන්නේ තමන් විසින් දායකත්වය ලබා නොදුන් විනාශයක ප්‍රමුඛ වින්දිතයින් බවට පත්වීමට ඔවුනට සිදුවීමයි.

පෘථිවියේ සාගර සහ එහි වාසස්ථාන ද තර්ජනයට ලක්ව ඇත. එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (US National Oceanic and Atmospheric Administration) විසින් අරමුදල් සපයන ලද 2022 අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණවලින් පෙනී යන්නේ සාගර ජීව විශේෂවලින් 10% ත් 15% ත් අතර ප්‍රමාණයක් දැනටමත් වඳවීමේ අවදානමට ලක්ව ඇති බවයි.

උණුසුම් ලෝකයක, ගොඩබිම සතුන්ට ජීවත් වීමට අවශ්‍ය ආහාර සහ ජලය සොයා ගැනීම දුෂ්කර වනු ඇත. නිදසුනක් වශයෙන්, හිම වලසුන් ඔවුන් මත යැපෙන අයිස් දිය වී යන විට මිය යා හැකි අතර අලි ඇතුන් දිනකට අවශ්‍ය ජලය ලීටර් 150-300 සොයා ගැනීමට වෙහෙසෙනු ඇත.

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ කඩිනමින් අවශ්‍ය තිරසර පියවර නොගතහොත් අවම වශයෙන් විශේෂ 550ක් මේ සියවසේදී නැති විය හැකි බවයි.

දේශගුණික විපර්යාස ලෝකයට බලපාන්නේ කෙසේද?

දේශගුණික විපර්යාස ලොව පුරා විවිධ බලපෑම් ඇති කරනු ඇත. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයට (The Intergovernmental Panel on Climate Change – IPCC)  අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම 1.5ක‍ තුළ තබා ගත නොහැකි නම්

  • අධික වර්ෂාපතනය හේතුවෙන් එක්සත් රාජධානිය සහ යුරෝපය ගංවතුරට ගොදුරු වනු ඇත
  • මැදපෙරදිග රටවල් දැඩි තාප තරංග සහ පුළුල් නියඟයකට මුහුණ දෙනු ඇත
  • පැසිෆික් කලාපයේ දූපත් ජාතීන් නැඟී එන මුහුදට යට විය හැකිය
  • බොහෝ අප්‍රිකානු ජාතීන් නියඟයෙන් හා ආහාර හිඟයෙන් පීඩා විඳීමට ඉඩ ඇත
  • බටහිර එක්සත් ජනපදයේ නියඟ තත්ත්වයන් ඇති විය හැකි අතර අනෙකුත් ප්‍රදේශවල වඩාත් තීව්‍ර කුණාටු දක්නට ලැබේ
  • ඕස්ෙටි්‍රලියාව අධික උණුසුම් භාවයකින් පීඩා විඳීමට ඉඩ ඇති අතර ලැව්ගිනි හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇත.

ආණ්ඩු මොනවද කරන්නේ ?

දේශගුණික විපර්යාසවලට මුහුණ දිය හැක්කේ එකට වැඩ කිරීමෙන් පමණක් බව රටවල් එකඟ වන අතර, 2015 දී පැරිසියේ දී ගිවිස ගත් ගිවිසුමකට අනුව, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා තබා ගැනීමට උත්සාහ කරන බවට ඔවුහු ප්‍රතිඥා දුන්හ.

ඊජිප්තුව 2022 නොවැම්බර් මාසයේදී  COP27 නමින් ලෝක නායකයින් සඳහා සමුළුවක් පවත්වන ලදි. එහිදී රටවල් පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම ඇතුළු විමෝචනය කපා හැරීම සඳහා වඩාත් අභිලාෂකාමී සැලසුම් සකස් කළේය.

බොහෝ රටවල් 2050 වන විට zශුද්ධ ශුන්‍ය (Net zero) වෙත ළඟා වීමට ප්‍රතිඥා දී ඇත. මෙයින් අදහස් කරන්නේ හරිතාගාර වායු විමෝචනය හැකිතාක් අඩු කිරීම සහ වායුගෝලයෙන් සමාන ප්‍රමාණයක් අවශෝෂණය කර ඉතිරි විමෝචන සමතුලිත කිරීමයි.

ප්‍රවීණයන් එකඟ වන්නේ මෙය තවමත් සාක්ෂාත් කරගත හැකි නමුත් රජයන්, ව්‍යාපාර සහ පුද්ගලයන් දැන් සැලකිය යුතු වෙනස්කම් සිදු කළ යුතු බවයි.

අපට කුමක් කළ හැකිද ?

ප්‍රධාන වෙනස්කම් රජයන් සහ ව්‍යාපාර වලින් පැමිණිය යුතුය. නමුත් විද්‍යාඥයන් පවසන්නේ අපගේ ජීවිතයේ යම් යම් සුළු වෙනස්කම් දේශගුණයට අපගේ බලපෑම සීමා කළ හැකි බවයි.

  • ගුවන් ගමන් අඩු කරන්න
  • මෝටර් රථයකින් තොරව ජීවත් වන්න හෝ විදුලි මෝටර් රථයක් භාවිතා කරන්න
  • මස් සහ කිරි නිෂ්පාදන පරිභෝජනය අඩු කරන්න
  • ඔබේ බලශක්ති භාවිතය අඩු කරන්න
  • රෙදි සෝදන යන්ත්‍ර වැනි බලශක්ති කාර්යක්ෂම නිෂ්පාදන, ඒවා ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය වූ විට මිලදී ගන්න
  • ඔබේ නිවසේ පරිවරණය වැඩි දියුණු කරන්න
  • ගෑස් තාපන පද්ධතියක සිට විදුලි තාප පොම්පයකට මාරු වන්න
  1. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (The Intergovernmental Panel on Climate Change – IPCC) යනු දේශගුණික විපර්යාස සම්බන්ධ විද්‍යාව තක්සේරු කිරීමේ එක්සත් ජාතීන්ගේ ආයතනයයි. ෂඡක‍ක‍ විසින් දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාත්මක, තාක්ෂණික සහ සමාජ ආර්ථික දැනුමේ තත්ත්වය, එහි බලපෑම් සහ අනාගත අවදානම් සහ දේශගුණික විපර්යාස සිදුවන වේගය අඩු කිරීමේ විකල්පයන් පිළිබඳ සවිස්තරාත්මක තක්සේරු වාර්තා සකස් කරයි. එය එහි සාමාජික රජයන් විසින් එකඟ වූ මාතෘකා පිළිබඳ විශේෂ වාර්තා මෙන්ම හරිතාගාර වායු තොග සැකසීම සඳහා මාර්ගෝපදේශ සපයන ක්‍රමවේද වාර්තාද සම්පාදනය කරයි. ක්‍රියාකාරී කණ්ඩායම් දායකත්වයන් තුනකින් සහ සංශ්ලේෂණ වාර්තාවකින් සමන්විත හයවන තක්සේරු වාර්තාව සඳහා IPCC කටයුතු කරයි. ක්‍රියාකාරී කණ්ඩායමේ ස දායකත්වය 2021 අගෝස්තු මාසයේදීත්, ක්‍රියාකාරී කණ්ඩායම් සස දායකත්වය 2022 පෙබරවාරි මාසයේදීත්, ක්‍රියාකාරී කණ්ඩායමේ IPCC දායකත්වය 2022 අප්‍රේල් මාසයේදීත් අවසන් කරන ලදී.