පසුගිය දශකය මානව ඉතිහාසයේ උණුසුම්ම කාලය විය. ලැව් ගිනි, ගංවතුර සහ සුළි කුණාටු වැඩි වැඩියෙන් වාර්තා වෙමින් එය සාමාන්‍යකරණය වන අතර 1990 දී ජාත්‍යන්තර දේශගුණික සාකච්ඡා ආරම්භ වූ විටට වඩා දැන් හරිතාගාර වායු විමෝචනය සියයට 62 කින් වැඩි ය.

සාක්ෂි පැහැදිලිය. අපි වේගයෙන් වෙනස් වන දේශගුණයකට අනුවර්තනය වීමට කාලය සමඟ තරඟයක යෙදී සිටිමු.

සමස්ත ගෝලීය බලශක්ති ආශ්‍රිත CO2 විමෝචනයෙන් සියයට 38කට දායකත්වය සපයමින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට වඩා අඩුවෙන් සීමා කිරීමේ අපගේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිකිරීම් කර්මාන්තය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. සමහර ඇස්තමේන්තු වලට අනුව, වඩාත් ඔරොත්තු දෙන යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමෙන් දේශගුණික විපර්යාස හානිවලින් මානව වර්ගයාට ඩොලර් ට්‍රිලියන 4.2ක විශාල මුදලක් ඉතිරි කර ගත හැකිය.

UNEP හි නවතම වාර්තාවට අනුව, (දේශගුණයට ඔරොත්තු දෙන ගොඩනැගිලි සහ ප්‍රජාවන් සඳහා ප්‍රායෝගික මාර්ගෝපදේශය – A Practical Guide to  Climate-resilient Buildings and Communities) ප්‍රත්‍යස්ථතාව වැඩි කිරීම සඳහා ගොඩනැගිලි සහ ප්‍රජා අවකාශයන් ගොඩනගා ගත හැකි ආකාරය පෙන්නුම් කරයි. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල, ජනාවාස බොහෝ දුරට ස්වයං-සාදන (self-built)ලද ඒවාය. ‘අළු’ ගොඩනැඟිලි විසඳුම් – (grey’ building solutions) ‘හරිත’ ස්වභාවික පාදක විසඳුම් (green’ nature-based solutions) සමඟ ඒකාබද්ධ කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි ආකාරය ද වාර්තාව පෙන්වා දෙයි.

ආසියා-පැසිෆික් කලාපයෙන් උදාහරණ කිහිපයක් සමඟ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ගොඩනැගිලි බවට පත් කිරීමේ ක්‍රම පහක් දෙස බලමු:

  1. තාප තරංගවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති ගොඩනැගිලි ගොඩනැගීම – Building resilience to heat waves

අධ්‍යයනවලින් පෙනී යන්නේ 2050 වන විට නගර 970කට වඩා වැඩි ප්‍රමාණයක ජීවත් වන බිලියන 1.6ක ජනතාවක් නිරන්තරයෙන් අධික උෂ්ණත්වයට නිරාවරණය වන බවයි. අවට ග්‍රාමීය ප්‍රදේශයට වඩා නගර උණුසුම් කරන ‘ නාගරික තාප දූපත් ආචරණය – (urban heat island effect) සමඟ මෙය නාගරික වැසියන් දැඩි අවදානමකට ලක් කරයි.

නමුත් ස්වභාවධර්මය බලවත් විසඳුම් සපයයි. ගස් සහ අනෙකුත් ශාක සෙවණ ලබා දීමෙන් සහ ඒවායේ කොළ හරහා ජලය මුදා හැරීමෙන් අවට පරිසරය සිසිල් කරන බැවින් නගරවල තාප තරංග අවම කිරීම සඳහා ප්‍රජාවන්ට නාගරික වනාන්තර සහ හරිත අවකාශයන් නිර්මාණය කළ හැකිය.

ව්‍යුහාත්මක සැලසුම් (Structural designsම) ගොඩනැගිලි තුළ තාපය අඩු කිරීමට ද උපකාරී වේ. වියට්නාමයේ, ගොඩනැගිලිවල ප්‍රශස්ත දිශානතිය, උස් කාමර සහ විශාල විවරයන් වැනි සාම්ප්‍රදායික නිවාස සැලසුම් වාතාශ්‍රය වැඩි දියුණු කරයි. ට්‍රොම්බ් බිත්ති (Trombe walls) සූර්ය තාපය ග්‍රහණය කර ගන්නා කොන්ක්‍රීට්, ගල් හෝ වෙනත් බර ද්‍රව්‍යවල බරැති ව්‍යුහයන් චීනය, චිලී සහ ඊජිප්තුවේ භාවිතා වේ. හරිත වහළවල් සහ පරාවර්තක පෘෂ්ඨයන් ගොඩනැගිලිවල සහ අවට උෂ්ණත්වය අඩු කළ හැකිය.

  1. නියඟයට ඔරොත්තු දීමේ හැකියාව ඇති ගොඩනැගිලි ඉදිකිරීම – Building resilience to drought

දේශගුණික විපර්යාස ලොව පුරා වර්ෂාපතන රටාවන්ට බලපායි. නියඟ කාලවලදී ජලය ගබඩා කර ගැනීමටත් අධික වර්ෂාවකදී ගංවතුර අවදානම අවම කිරීමටත් ගොඩනැගිලිවල වහලය මත ජලය අල්ලා ගන්නා වැසි ජලය රැස්කිරීම සහ නැවත ආරෝපණය කිරීමේ පද්ධති බහුලව භාවිතා වේ. නියඟ කාලවලදී එකතු කරන ජලය ටැංකිවල ගබඩා කර ගොඩනැගිල්ල තුළ භාවිතා කළ හැකිය.

නියඟය සහ ගංවතුර ආමන්ත්‍රණය කිරීම සඳහා තවත් ලාභදායී, සොබාදහම පදනම් කරගත් ක්‍රමයක් වන්නේ ගොඩනැගිලි වටා ගස් හෝ වෙනත් වෘක්ෂලතාදිය සිටුවීමයි. ශාකවල මුල් භූගත ජලය ආරෝපණය කිරීම සඳහා ස්පොන්ජ් මෙන් ක්‍රියා කරන අතර අධික වර්ෂාපතනයකදී මුල් මගින් ජලය පසට විනිවිද යාමට ඉඩ සලසයි, ගංවතුර අවදානම අඩු කරයි . චීනයේ, ස්පොන්ජ් නගර ව්‍යාපෘතිය ගංවතුර අවදානම අවම කිරීම සඳහා අගනගර 30කට අධික ප්‍රමාණයක වැසි ජලය අවශෝෂණය කර නැවත භාවිතා කිරීම සඳහා පාරිසරික ඉංජිනේරු විසඳුම් නියම කරයි.

  1. වෙරළබඩ ගංවතුර සහ මුහුදු මට්ටම ඉහළ යාම සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම – Building resilience to coastal flooding and sea-level rise

2025 වන විට වෙරළබඩ ප්‍රජාවන්හි මිලියන 410ක ජනතාවක් වෙරළබඩ ගංවතුර හා මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානමකට ලක් විය හැකිය. ඉන්දියාවේ කේරළයේ ගංවතුරට ඔරොත්තු දෙන නිවාස ගංවතුර ජලය යටින් ගලා යාමට ඉඩ සලසන කණු මත ඉදිකර ඇත. මැලේසියාවේ වෙරළ තීරයේ, පොළවේ සිට මීටර් 2ක් උස් වූ ගොඩනැගිලි, ජල ප්‍රවාහයට සහ තෙත් බිම් වෘක්ෂලතාදියට යටින් වර්ධනය වීමට ඉඩ සලසයි. නිවාස සහ පොදු ස්ථාන උස් මාර්ග හරහා සම්බන්ධ වේ.

බංගලිදේශයේ යෝජිත එක් ප්‍රවේශයක් වන්නේ ගංවතුර වලදී එය ඔසවන උත්ප්ලාවක ටැංකි සහිත කුළුණු මත රැඳෙන උත්ප්ලාවක බහුකාර් ය ගොඩනැගිල්ලක් (buoyant multi-purpose building) ඉදිකිරීමයි. මෙම ගොඩනැගිල්ල ප්‍රජා මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර ගංවතුර ඇති වන විට හදිසි නවාතැන් පහසුකම් ද සපයනු ඇත.

බංගලාදේශයේ උත්ප්ලාවක බහුකාර්ය ගොඩනැගිල්ලක් වන “කරුණාවේ වාසස්ථානය” සඳහා වූ යෝජනාව.

  1. සුළි කුණාටු සහ තද සුළං වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති ගොඩනැගිලි ඉදිකිරීම – Building resilience to cyclones and strong winds

දේශගුණික විපර්යාස සමඟ සුළි කුණාටු සහ කුණාටු නිතර නිතර හා ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ . ඒවා බොහෝ ආකාරවලින් ගොඩනැගිලිවලට බලපෑම් කළ හැකිය, එනම් වහලවල් පිපිරවීම සහ ගොඩනැගිල්ලේ ව්‍යුහයන් සහ අත්තිවාරම් වලට හානි කිරීම වැනි ඒවාය. මෙම හානිය අවම කිරීම සඳහා, ප්‍රජාවන්ට රවුම් හැඩැති නිවාස ගොඩනගා ගත හැකි අතර සුළඟේ ශක්තිය අඩු කිරීම සඳහා ප්‍රශස්ත වායුගතික දිශානතිය සලකා බැලිය හැකිය.

වහලයේ සැලසුම ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අත්තිවාරම් සහ වහලය අතර ශක්තිමත් සම්බන්ධතා සුළං ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීම සඳහා ඉතා වැදගත් වේ. බහු බෑවුම් සහිත වහලවල් තද සුළං වල හොඳින් නැගී සිටිය හැකි අතර, මධ්‍යම පතුවළ ස්ථාපනය කිරීමෙන් පිටතින් වාතය උරා බීමෙන් වහලයට සුළං බලය සහ පීඩනය අඩු වේ. නිවසේ අත්‍යවශ්‍ය කොටස් වලට අමතර ව්‍යුහාත්මක හානි වැළැක්වීම සඳහා දැඩි සුළං වලදී කැඩී යාම සඳහා බැල්කනි හෝ පැටියෝ ආවරණය කරන වහලවල් ද නිර්මාණය කළ හැකිය. මෙය බිඳෙනසුලු ගෘහ නිර්මාණ ශිල්පය (frangible architecture) හෝ ‘හානි සඳහා සැලසුම් කිරීම’ ප්‍රවේශය (planning for damage’ approach) ලෙස හැඳින්වේ.

ටයිෆූන්-ප්‍රොෆ්ට් ඩෝම් නිවාස Typhoon-proof dome houses පිලිපීනයේ ඩපිටන්

  1. සීතලට ඔරොත්තු දීමේ හැකියාව ඇති ගොඩනැගිලි ඉදිකිරීම – Building resilience to cold

සීතල හා සෞම්‍ය දේශගුණයට අනුවර්තනය වීම සඳහා තාපය අල්ලා ගැනීම සහ තාප අලාභය අවම කිරීම අවශ්‍ය වේ. වහලවල්, බිත්ති, සිවිලිං සහ ද්විත්ව ඔප දැමූ කවුළු වල පරිවරණය තාප අලාභය අවම කර ගැනීමට සහ වඩා බලශක්ති කාර්යක්ෂම ගොඩනැඟිලිවලට මග පාදයි.

සීතල ප්‍රදේශවල, ට්‍රොම්බේ බිත්තිවලට දිවා කාලයේදී තාපය අවශෝෂණය කර රාත්‍රියේදී එය සිසිල් වන විට එය විකිරණය කළ හැකිය. ජලය තාපය ගබඩා කිරීම සඳහා ඉහළ ධාරිතාවක් ඇති අතර “ජල බිත්ති- water walls” තුළ භාවිතා කළ හැකිය. (කොන්ක්රීට් වෙනුවට, තාපය ගබඩා කිරීම සඳහා ජල බෙර අඩංගු වේ) ගොඩනැගිලි හිරු එළිය උපරිම කිරීම සඳහා ද අවධානය යොමු කළ යුතු අතර බිත්තිවල බාහිර මතුපිට අඳුරු තීන්ත ආලේප කළ යුතුය.

වහලය මත ශාක වර්ධනයට සහාය වන හරිත වහලවල් (Green roofs) ලොව පුරා බොහෝ නගරවල භාවිතා වන අතර ගිම්හානයේදී සිසිලනය සහ ශීත ඍතුවේදී උණුසුම් කිරීම සඳහා පරිවරණය සහ බලශක්ති ඉල්ලුම අඩු කරන බව පෙන්වා දී ඇත.