ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් විසින් ක්වීන්ස්ලන්තයේ පමණක් දක්නට ලැබෙන සුපිරි ප්‍රමාණයේ රන් උගුල් මකුළු (golden trapdoor spider) විශේෂයක් සොයාගෙන ඇත. Euoplos dignitas යන නමින් නම්කර ඇති මෙම දුර්ලභ විශේෂයේ ගැහැණු සතුන් වසර 20කට වැඩි කාලයක් වනයේ ජීවත් විය හැකි අතර දිග සෙන්ටිමීටර පහක් දක්වා ද පිරිමි සතුන් සෙන්ටිමීටර තුනක් ද දක්වා වර්ධනය වේ.

ඔවුන් මිනිසුන්ට හානිකර නොවන බව විශේෂඥයින් පවසයි. අවාසනාවකට මෙන් ගොඩබිම එළිපෙහෙළි කිරීම හේතුවෙන් මෙම මකුළු විශේෂයේ වාසස්ථාන බොහොමයක් අහිමි වී ඇති අතර ඔවුන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව විද්‍යාඥයින් පවසයි.

උගුල් මකුළුවන් කෘමීන් ගොදුරු කර ගැනීම සඳහා කොළ වලින් “උගුල් දොරවල් / trap doors” සාදයි. ඒවා සාමාන්‍යයෙන් 1.5cm සිට 3cm පමණ විශාල වේ. අලුතින්

මධ්‍යම ක්වීන්ස්ලන්තයේ ප්‍රදේශයක් වන බ්‍රිගේලෝ බෙල්ට් හි අර්ධ ශුෂ්ක වනාන්තරවලින් සොයා ගන්නා ලද Euoplos dignitas හි ලතින් භාෂා අර්ථය වන්නේ විවිධත්වය හෝ ශ්‍රේෂ්ඨත්වය යන්නයි. මකුළුවාගේ “විශිෂ්ට ප්‍රමාණය සහ ස්වභාවය”  නම තුළින් පිළිබිඹු කරන බව මෙම නව මකුළු විශේෂය  සොයා ගත් ක්වීන්ස්ලන්ත කෞතුකාගාරයේ විද්යාඥයින් ප්‍රකාශ කළහ.

Euoplos dignitas විවෘත වනාන්තර වාසස්ථානවල ජීවත් වන අතර කළු පසෙහි සිදුරු සාදයි. ගැහැණු සතුන් තම ජීවිතය ගත කරන්නේ පොළොව යටය. පිරිමි සතුන් අවුරුදු පහකට – හතකට පසු වෙනත් ගුලකින් සහකරියක සොයා පිටත් වේ.

1960 ගණන්වල සිට ක්වීන්ස්ලන්ත කෞතුකාගාරයට ඉදිරිපත් කර ඇත්තේ මෙම වර්ගයේ එක් ගැහැනු සතෙකු පමණක් සමඟින් මෑත දශක කිහිපය තුළ මෙම විශේෂයේ නිදර්ශක ඉතා ස්වල්පයක් එකතු කර ඇති බව විද්‍යාඥයන් ජර්නල් ඔෆ් Arachnology හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක සඳහන් කර ඇත.

කෘෂිකර්මික හා සංවර්ධන කටයුතු වෙනුවෙන් වනාන්තර එළි කිරීම හේතුවෙන් මෙම මකුළු විශේෂය “අතිශයින්ම වඳවීමේ තර්ජනයට ලක්විය හැකි බව විශේෂඥයෝ පවසති.

ලෝකයේ විශාලතම මකුළුවා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ goliath birdeater ලෙසය. එම මකුළුවකුගේ සිරුරේ දිග සෙන්ටිමීටර 13ක් පමණ වන අතර පාදයේ දිග සෙන්ටිමීටර 30ක් පමණ වේ.