නව ජාත්‍යන්තර ගිවිසුමක් මහ මුහුදේ ආරක්ෂාවට සහාය වීම අරමුණු කරයි. ගැඹුරු මුහුදේ පතල් කැණීම සඳහා මෙයින් ලැබෙන අවසරය කුමක්ද ?

පසුගිය මාර්තු 5 වන දින ලෝකයේ සාගර ආරක්ෂා කිරීමේ සන්ධිස්ථානයකට ලෝකය ළඟා විය. සාගර ජීවි විශේෂ 10/1ක් වඳවී යාමේ අවදානමට ලක්ව ඇති අතර දේශගුණික විපර්යාසවල වැඩෙන පීඩනය සමඟ එය වඩාත් තීව්‍රර වී ඇත. නව ගිවිසුම මගින් මහ මුහුදේ ආරක්ෂිත ප්‍රදේශ පිහිටුවීමට රාමුවක් සපයයි. සමහර විට ජාත්‍යන්තර ජලය (international waters) ලෙස  එය හැඳින්වේ. වසර 2030 වන විට සාගරවලින් 30% ක් ආරක්ෂා කිරීමේ අරමුණට සහාය වීම සඳහා එය තීරණාත්මක ලෙස සැලකේ. මේ මොහොතේ අපි මහ මුහුදෙන් 1% කට වඩා ටිකක් ආරක්ෂා කරමින් සිටිමු.

Marine Biodiversity of Areas Beyond National Jurisdiction – BBNJ (ජාතික අධිකරණ සීමාවෙන් ඔබ්බට ගිය ප්‍රදේශ වල සමුද්‍ර ජෛව විවිධත්වය ) ලෙසින් හැඳින්වෙන මෙම ගිවිසුම වසර 40ක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ අතර එය පසුගිය මාර්තු 05 වැනි දින රාත්‍රිය පුරා පැවති දීර්ඝ සාකච්ඡාවලින් පසු අවසන් විය.

‘දැන් නැව වෙරළට ළඟා වී ඇත‘ ජාතික අධිකරණ බල සීමාවෙන් ඔබ්බට ප්‍රදේශ වල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ අන්තර් රාජ්‍ය සමුළුවේ සභාපති රෙනා ලී  සාකච්ඡාවලින් පසු හැඟීම්බර ලෙස සඳහන් කළාය.

ගිවිසුම ජල තීරුව දක්වා පමණක් නොව මීටර් 200ට වඩා ගැඹුරකදී මුහුදු පත්ල දක්වාම විහිදේ. කොබෝල්ට්, මැංගනීස් සහ නිකල් වැනි ලෝහ සඳහා මුහුදු පත්ල කැණීමෙන් ඇති විය හැකි පාරිසරික හානියෙන් සාගර ආරක්ෂා කිරීමට මෙම ගිවිසුම උපකාරී වේ. එසේනම් සාගරය සඳහා වූ මෙම වැදගත් වර්ධනයන් සාගර පත්ල සඳහා කරන්නේ කුමක්ද?

ගැඹුරු මුහුදේ පතල් කැණීම දශක ගණනාවක් තිස්සේ යෝජනා කර ඇති අතර එයට එරෙහිව දැඩි විරෝධතා ද පවතී. මුහුදු පත්ලේ ඇති ඛනිජ ලවණ ජංගම දුරකථන සහ සුළං ටර්බයින වැනි තාක්ෂණයන් සඳහා අවශ්‍ය ලෝහවල ප්‍රබල ප්‍රභවයක් බව ඇතැමුන් තර්ක කරන අතර විද්‍යාඥයන් තර්ක කරන්නේ  කැනීම් මගින් යථා තත්ත්වයට පත් කළ නොහැකි බව සහතික කිරීමට මුහුදු පතුලේ ඇති පරිසර පද්ධති පිළිබඳව අප සතුව ප්‍රමාණවත් දැනුමක් නොමැති බවයි.

2001 වසරේ සිට වාණිජ අරමුණින් සාගර පතුල ගවේෂණය කිරීමට අවසර 31ක් ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරිය (International Seabed Authority – ISA) හෙවත් ගැඹුරු මුහුදේ පතල් කැණීම නියාමනය කිරීම සඳහා වගකිව යුතු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබා දී ඇත . 2021 දී පැසිෆික් රාජ්‍යයක් වන නාඌරූ ගැඹුරු මුහුදේ පතල් කැණීමට එක් විශාල පියවරක් තැබූ අතර, මුහුදු පත්ල වාණිජමය වශයෙන් සූරාකෑම ආරම්භ කිරීමේ අභිප්‍රාය එමගින් නිවේදනය කළේය. එය ISA හට පාරිසරික නියාමනය සඳහා වන නීති පොත අවසන් කිරීමට නියමිත කාල සීමාවක් ලබා දුන් නොපැහැදිලි “දෙවසරක රීතියක්” ඇති කළේය.

එම අවසාන දිනය 2023 ජූලි වේ. මෙම අවස්ථාවෙන් පසු න්‍යායාත්මකව පාරිසරික නියාමනයකින් තොරව ගැඹුරු මුහුදේ කැණීම් කළ හැකිය (කෙසේ වෙතත් මෙය සැබවින්ම “අමාරු” කාල සීමාවක් ද යන්න පිළිබඳ විවාද පවතී )

නව අධි සාගර ගිවිසුම අවසානයේ මුහුදු පත්ල ආරක්ෂා කිරීම සඳහා වැදගත් බලපෑමක් ඇති කළ හැකි නමුත් එය අනුමත කර ක්‍රියාත්මක කිරීමට මාස ගණනාවක් ගතවනු ඇත. ගැඹුරු මුහුදේ පතල් කැණීම සඳහා වඩාත්ම වැදගත් වන්නේ එළඹෙන ජූලි කාලසීමාව බව සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (International Union for Conservation of Nature – IUCN) සාගර කණ්ඩායමේ ප්‍රධානී මිනා එප්ස් පවසයි.

“ඒ අපේ ජනේලය. නමුත් ඒක වැහෙනවා.” ඇය පවසයි.

ISA හි ප්‍රකාශකයෙකු පවසන්නේ අධිකාරිය අධි සාගර ගිවිසුමේ අරමුණු බෙදා ගන්නා බවත්, ගැඹුරු මුහුදේ පතල් කැණීමට ගිවිසුම බලපාන්නේ කෙසේදැයි කීමට ඉක්මන් වුවද, සහයෝගීව කටයුතු කිරීමට සහ එහි අභිලාෂකාමී අරමුණු ක්‍රියාත්මක කිරීමට “සූදානම්” බවත්ය.

ගැඹුරු මුහුදේ පතල් කැණීමට පරිසරවේදීන්, විද්‍යාඥයන්, ප්‍රතිපත්ති කණ්ඩායම් සහ තාක්ෂණික සහ මෝටර් රථ කර්මාන්තවල කොටස් විරුද්ධ වී ඇත

ගැඹුරු මුහුදේ පතල් කැණීමේ උනන්දුව බොහෝමයක් අවධානය යොමු කර ඇත්තේ බහු ලෝහමය ගැටිති කෙරෙහි ය. (ගැඹුරු සාගර පත්ලේ මතුපිට ඇති ලෝහ සංයෝගයකින් පොහොසත් අර්තාපල් ප්‍රමාණයේ ගැටිති) ඒවා ලබා ගැනීමේ තාක්ෂණය වෙනස් වේ. සමහරක් “විශාල ඒකාබද්ධ අස්වනු නෙළන යන්ත්‍ර” වලට සමාන යන්ත්‍ර භාවිතා කරයි. ගැටිති එකතු කිරීම සාගර පත්ලේ ඇති අවසාදිත තට්ටුවට හානි කරයි. IUCN ට අනුව, මෙම ක්‍රියාකාරකම මගින් මුදා හරින අවසාදිත කිලෝමීටර් සිය ගණනක් දක්වා විහිදෙන අතර සාගර ජීවීන්ට අතිෂය හානිකරය.

විශේෂයෙන්ම බෙන්තික් පරිසර පද්ධතිය (benthic ecosystem) ලෙස හඳුන්වනු ලබන සාගර පත්ලේ ජීවත් වන විශේෂ සඳහා ශක්තිමත් පාරිසරික නියාමනය ඉතා වැදගත් බව එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය කර්ස්ටන් තොම්සන් පවසයි.

“පතල් කැණීම ආපසු හැරවිය නොහැකි ලෙස බෙන්තික් පරිසර පද්ධති වලට හානි කළ හැකියි” සෙටේෂියන් (cetaceans) වැනි ජල තීරයේ ඉහළ ජීවත් වන විශේෂ සඳහා පතල් කැණීමේ බලපෑම අඩුවෙන් වටහාගෙන ඇත. “නමුත්, පොදුවේ සමුද්‍ර පරිසර පද්ධතිය මුහුණ දෙන අසංඛ්‍යාත තර්ජන සලකා බලන විට ජෛව විවිධත්ව සංරක්ෂණය සහතික කිරීම සහ පරිසර පද්ධතියේ ක්‍රියාකාරිත්වය ආරක්ෂා කිරීම සඳහා මානව ක්‍රියාකාරකම් නියාමනය කිරීම අත්‍යවශ්‍යයි” තොම්සන් පවසයි.

ගැඹුරු මුහුදේ අවසාදිත තුළ සිරවී ඇතැයි සිතන කාබන් විශාල ප්‍රමාණයක් ද තිබේ. මිය ගිය මුහුදු පැලෑටිවල සිට තල්මසුන්ගේ මළ මූත්‍රා දක්වා පුළුල් පරාසයක විහිදේ. කුඩා ජීවීන් සහ කාබනික ද්‍රව්‍ය කොටස් සාගර පතුලට වැටෙන විට, “සාගර හිම marine snow” ලෙස හඳුන්වන කාබන් නිර්මාණය වන අතර එයින් සමහරක් කාබන් චක්‍රයෙන් ඉවත් වී සාගර පතුලේ ඇති අවසාදිතවල රැඳේ. (වසර මිලියන ගණනක්, එනම් එය නොකැළඹී ඇත්නම්)

කැලිෆෝනියාවේ බර්ක්ලි හි බ්‍රේක්‌ත්‍රෝ ආයතනයේ සීවර් වැන්ග් වැනි පර්යේෂකයන් ප්‍රශ්න කරන්නේ අවසාදිතවල කාබන් ඇවිස්සීම ඇත්ත වශයෙන්ම එය වායුගෝලයට මුදා හැරීමට හේතු වේද යන්නයි. ක්ෂේත්‍රයේ අවසාන පර්යේෂණ සිදු කරන තුරු ගැඹුරු සාගර නොදන්නා ලැයිස්තුවට ඒවා එකතු කිරීම තවත් ප්‍රශ්නයකි.

ගැඹුරු මුහුදු පත්ලෙන් හමුවන බහු ලෝහමය ගැටිති වටිනා ලෝහ වලින් පොහොසත්ය

ගැඹුරු මුහුදේ පතල් කැණීමට පක්ෂ පාර්ශ්ව තර්ක කරන්නේ සුළං ටර්බයින සහ සූර්ය පැනල වැනි හරිත තාක්‍ෂණයන් සඳහා මෙන්ම ජංගම දුරකථන වැනි උපාංග සඳහා ද  අවශ්‍ය ලෝහ විශාල ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා අප සාගරයේ සම්පත් භාවිතා කළ යුතු බවයි.

“ඒ ලෝහ කොහෙන්ද එන්න ඕනේ ? අපි නිසැකවම සිතන්නේ නිවැරදි සම්පත බහු ලෝහමය මොඩියුලයන් බවයි ?” වැන්කුවර් හි පිහිටි ගැඹුරු මුහුදේ පතල් කැණීමේ සමාගමක් වන ද Metals Company ප්‍රධාන විධායක ජෙරාඩ් බැරන් පවසයි.

බොහෝ විට වාසස්ථාන විනාශයට තුඩු දෙන සහ විශාල අපද්‍රව්‍ය ජනනය කරන ගොඩබිම පදනම් කරගත් පතල් කැණීම්වලට වඩා පරිසර පද්ධතිවලට අඩු බාධාවකින් ගැඹුරු මුහුදේ පතල් කැණීම් සිදු කළ හැකි බව ඔහු තර්ක කරයි.

බැරන්ගේ සමාගම 2022 නොවැම්බර් මාසයේදී ක්ලැරියන්-ක්ලිපර්ටන් කලාපයෙන් ලෝහ කැබලි ටොන් 3,000ක් ලබා ගත් පරීක්ෂණයක් සිදු කළේය. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ එක් වාර්තාවක් ඇස්තමේන්තු කළේ ගැඹුරු මුහුදේ පතල් කැණීම මුහුදේ පොසිල ඉන්ධන නිස්සාරණය කරන ක්‍රමවේදය ම අනුගමනය කරන්නේ නම්, 2065 වන විට ගැඹුරු සාගර මගින් වටිනා ලෝහ සඳහා අපගේ ඉල්ලුමෙන් 35-45% තරම් ප්‍රමාණයක් සැපයිය හැකි බවයි. කෙසේ වෙතත් පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ දැනටමත් ගොඩබිම ඇති බොහෝ සම්පත් හරිත තාක්ෂණය හරහා උකහා ගැනීම ලෝකයට ප්‍රමාණවත් බවයි. වැන්ග් විසින් බැටරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන නිකල්, කොබෝල්ට්, මැංගනීස් සහ තඹ වැනි ලෝහ විශාල ප්‍රමාණයන් සොයා බලා ඇත.

“තදින් කිවහොත් ජංගම දුරකථන බැටරි නිෂ්පාදනය ඇතුළු හරිත තාක්ෂණික නිෂ්පාදනවලට අවශ්‍ය කරන ඛනිජ ඉල්ලුම සපුරාලීමට මුහුදු පතුලේ සම්පත් සූරාකෑම අවශ්‍ය නැහැ. අනාගත අවශ්‍යතා න්‍යායාත්මකව සම්පුර්ණයෙන්ම ගොඩබිම තුළ සිදුකරන කැණීම් මගින් සපුරාගත හැකියි.”වැන්ග් අවධාරණය කරයි.

කෙසේ වෙතත් ගැඹුරු මුහුදේ පතල් කැණීම ගොඩබිම් කැණීම්වලට වඩා ප්‍රජාවන්ට සහ පරිසරයට අඩු හානියක් සිදුවේද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීම වැදගත් බව වැන්ග් විශ්වාස කරයි.

“සාගර පතුලේ පතල් කැණීම තුළින් සිදුවිය හැකි බලපෑම ගැන තවමත් නිශ්චිත දැනුමක් අප සතුව නැහැ. එහි ඛණිජ කැණීමේ බලපෑම කුමක්ද යන්න තහවුරු කර ගැනීමට තව දුරටත් පර්යේෂණ සිදුවිය යුතු බව මම විශ්වාස කරනවා‘ වැන්ග් පෙන්වා දෙයි.

ඇත්ත වශයෙන්ම විද්‍යාඥයින් නැවත පැමිණෙන ප්‍රධාන අභියෝගයක් නම් ගැඹුරු සාගරවල ජීවය සහ රසායන විද්‍යාව පිළිබඳ බොහෝ මූලික ප්‍රශ්නවලට අපට තවමත් පිළිතුරු නොමැති වීමයි. එහි ජීවත් වන්නේ කවුද ? එහි කොපමණ කාබන් ප්‍රමාණයක් තැන්පත් වී තිබේද, පතල් කැණීමෙන් එය මුදා හැරීමේ අවදානමක් තිබේද? පරිසර පද්ධතියට කොපමණ බාධාවක් දරාගත හැකිද? යන ගැටලු වලට අප කඩිනමින් පැහැදිලි පිළිතුරු සොයා ගත යුතුය.

“සාගර පතුලේ පතල් කැණීම් මගින් සිදුවිය හැකි සෘජු හා වක්‍ර යන දෙඅංශයේම බලපෑම් සහ ඇත්ත වශයෙන්ම අපි නොදන්නා අනෙකුත් සියලුම ප්‍රතිවිපාක ගැන සලකා බැලීමේදී (අපට ප්‍රමාණවත් දැනුමක් නොමැති නිසා) අප තව දුරටත් ඉදිරියට නොයා යුතු බව අප විශ්වාස කරනවා‘ IUCNහි පර්යේෂකයින් පෙන්වා දෙයි.

2021 දී, IUCN හි සාමාජික රටවල් 160 න් බහුතරයක් ගැඹුරු මුහුදේ පතල් කැණීම් තහනම් කිරීමට පක්ෂව ඡන්දය දුන්හ (එවැනි තහනමක් ක්‍රියාත්මක කිරීමට IUCN ට ම අධිකරණ බලයක් නැතත්). රටවල් 44ක විද්‍යා සහ ප්‍රතිපත්ති විශේෂඥයින් 700කට වැඩි පිරිසක් ගැඹුරු මුහුදේ පතල් කැණීම නතර කරන ලෙස ඉල්ලා ප්‍රකාශයකට අත්සන් තැබූහ. 2022 දී ජාත්‍යන්තර තහනමක් ඉල්ලා සිටි පළමු රට බවට ප්‍රංශය පත්විය. මේ අතර තාක්ෂණික හා මෝටර් රථ නිෂ්පාදකයින් ගණනාවක් ද ගැඹුරු මුහුදේ පතල් කැණීම අත්හිටුවීමක් ඉල්ලා ඇත.