එය පැරණි ගැටලුවකට අලංකාර ලෙස සරල විසඳුමකි. ඔබට පළිබෝධ උවදුරුවලින් බෝග ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් ඒවා දැල්වලින් ආවරණය කර තබන්න.

එළවළු වගාවේදී, විශේෂයෙන්ම බීජ වැනි ඉහළ වටිනාකමක් ඇති  වගාවලදී පළිබෝධක හානි වැළැක්වීම සඳහා දැල් බහුලව භාවිතා වේ. දශකයකට වැඩි කාලයක් කෘෂිකාර්මික දැල් පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින කැනඩාවේ ක්විබෙක්හි බිෂොප් විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාඥවරියක සහ පර්යේෂකයෙකු වන මහාචාර්ය මිරෙල්ලා අවුන් (Mirella Aoun) පවසන පරිදි පලතුරු වගාවේදී දැල් භාවිතය තවමත් පරීක්‍ෂා කරමින් පවතී.

මහාචාර්ය අවුන් පැහැදිලි කරන්නේ මුලින් පලතුරු නිෂ්පාදකයින් හිම කැට හානිවලින් ආරක්ෂා වීමට ගස් මත දැල් දැමූ බවයි. දැන් ඔවුන් කෘමීන්ගෙන් ආරක්ෂා විය හැකි දැල් අත්හදා බලමින් සිටිති. කෘමි-ප්‍රතිරෝධී  දැල්වල දැල් ප්‍රමාණය තීරණය වන්නේ කෘමීන්ගේ ස්වභාවය ඇතුළු දේශීය තත්ත්වයන් මගිනි.

එළවළු වගාවේදී, විශේෂයෙන්ම බීජ වැනි ඉහළ වටිනාකමක් ඇති  වගාවලදී පළිබෝධක හානි වැළැක්වීම සඳහා දැල් බහුලව භාවිතා වේ. දශකයකට වැඩි කාලයක් කෘෂිකාර්මික දැල් පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින කැනඩාවේ ක්විබෙක්හි බිෂොප් විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාඥවරියක සහ පර්යේෂකයෙකු වන මහාචාර්ය මිරෙල්ලා අවුන් (Mirella Aoun) පවසන පරිදි පලතුරු වගාවේදී දැල් භාවිතය තවමත් පරීක්‍ෂා කරමින් පවතී.

දැල් මඟින් ගොවීන්ට හිතකර හා අහිතකර (පළිබෝධක) කෘමීන් පාලනය කරගත හැකිය. උදාහරණයක් ලෙස පලතුරු මල් පරාගනයට අතවශ්‍ය මී මැස්සන්ට හානිකර නොවන ආකාරයෙන් පහසුවෙන්ම දැල් භාවිත කළ හැකිය.  මෙහිදී ගත හැකි එක් විකල්පයක් වන්නේ පරාගණ කාලයෙන් පසුව දැල් යෙදීමයි. මී මැසි පරාගණය සිදුවන දිවා කාලයේ දැල් ආවරණය යෙදීම තවත් විකල්පයකි.

පලතුරු ගස් ආවරණය වන ආකාරයෙන් දැල් යෙදීම විශේෂයෙන් ප්‍රංශ සහ ඉතාලි ඇපල් වතුවල කාලයක් තිස්සේ හොඳින් ස්ථාපිත වී ඇත. ඇපල් ගස් පේළි මත එළන දැල් කෝඩ්ලින් සලබයන්ගේ (codling moths) චලනයන් සහ බිත්තර දැමීම සීමා කරයි. මෙමගින් ගොවීන්ට වගාවට හානිකර පළිබෝධකයන්ගෙන් මිදීමට සහ අධික වියදම් සහිත සහ පරිසරයට හානි කරන රසායනික පළිබෝධනාශක භාවිතය අවම කර ගැනීමට හැකි වී තිබේ.

මෙහිදී පලතුරු ලෝලීන්ටද වාසි ඇත. “දැල් ආවරණය යටතේ වගා කළ පලතුරුවලට පළිබෝධ නාශක භාවිතා නොකළ බව සහතික නිසා ඔවුන්ට හානිකර රසායනවලින් තොර පලතුරු අනුභව කිරීමට පහසු අවස්ථාවක් උදාවේ” යැයි මහාචාර්ය අවුන් පවසයි.

දේශගුණ විපර්යාස ප්‍රතිවිරෝධය

දේශගුණික විපර්යාසවල බලපෑම්වලට මුහුණ දීමේ මාර්ගයක් ලෙස ද දැල් සැලකේ. උණුසුම් තත්ත්වයන් හේතුවෙන් සමහර වර්ගවල කෘමීන් සහ රෝග නැවත ඇති වී තිබේ. සමහර ප්‍රදේශවල නියඟය සහ අධික වර්ෂාපතනයේ වඩාත් තීව්‍ර කාල පරිච්ඡේද දක්නට ලැබෙන අතර දැල් එවැනි කාලවල උද්ගත කරන අහිතකරතා පාලනය සඳහා උපකාරී වේ.

නිදසුනක් ලෙස, ස්ථානය, දැල් වර්ගය සහ එය භාවිතා කරන ආකාරය අනුව දැල් පද්ධතියකට තාප ආතතියට තුඩු දෙන සහ ගස්වල ප්‍රභාසංශ්ලේෂණය වළක්වන සූර්ය විකිරණවලට එරෙහිව ආරක්ෂිත පළිහක් ලෙස කළ හැකිය.

නමුත් දැලක් හඳුන්වා දීමෙන් ගස වටා වඩාත් තෙතමනය සහිත පරිසරයක් නිර්මාණය විය හැකිය. ඊසානදිග එක්සත් ජනපදය සහ කැනඩාව වැනි තෙත් දේශගුණික ප්‍රදේශවල දිලීර රෝග වලට ගොදුරු වන බෝග සඳහා දැල් භාවිතය ප්‍රයෝජනවත් නොවේ. නමුත් සමහර පර්යේෂකයන් ජල ප්‍රතිරෝධී (hydrophobic nets) දැල් නිර්මාණය ගැන පර්යේෂණ කරමින් සිටී. එහිදී උද්භිද පළිබෝධනාශක (botanical pesticide) භාවිතා කරන ප්‍රතිකාරයක් අත්‍යවශ්‍යයෙන්ම දැල් ජල විකර්ෂක කරයි.

Photoselective (coloured) net ආලෝකය විනිවිද යාමට ද බලපෑ හැකිය. අඳුරු, පාරාන්ධ දැල් ආලෝකයේ තීව්‍රතාවය අඩු කරන නමුත් ආලෝකයේ ගුණාත්මක බව වැඩි කරයි. (Photoselective (coloured) nets නිර්මාණය කර ඇත්තේ සූර්ය විකිරණවල විවිධ වර්ණාවලි තෝරාගෙන පෙරීමට සහ/හෝ සෘජු ආලෝකය විසිරුණු ආලෝකය බවට පරිවර්තනය කිරීමට ය. එය නව්‍ය කෘෂි තාක්‍ෂණික සංකල්පයක් නියෝජනය කරයි. එය සාම්ප්‍රදායික දැල් ආවරණය වඩාත් සංකීර්ණ මට්ටමට වැඩිදියුණු කරයි)

දැල් භාවිතය යනු පළිබෝධනාශක අඩුවෙන් භාවිතා කිරීම බව මහාචාර්ය මිරෙල්ලා අවුන් පවසයි

මුතු පැහැති දැල් (Pearl-coloured nets) මගින් වෘක්ෂලතාදියේ වැඩි කොටස් වෙත ළඟා වන පරිදි ආලෝකය වඩා හොඳින් විසුරුවා හැරිය හැකිය. මේ අතර, නිල්, රතු සහ කහ දැල් ඇතැම් සූර්ය තරංග ආයාමයන් පෙරහන් කරන අතර එමඟින් පලතුරු වල ගුණාත්මක භාවයට අදාළ ශාකවල නිශ්චිත ප්‍රතිචාර උත්තේජනය කළ හැකිය.

මහාචාර්ය අවුන්ට අනුව සූර්යා ලෝකයේ ශුද්ධ භාවිතය සියුම්ව සුසර කිරීම බොහෝ විට පලතුරු වැඩි වීමට හේතු වේ. මධ්‍යධරණී මුහුදේ ඇය කළ පර්යේෂණයකින් පෙන්නුම් කර ඇති පරිදි වර්ණ සෙවන දැල්වලින් ආවරණය වූ ගස් විශාල වන අතර ඒවාට වඩා දීප්තිමත් වර්ණ සහිත පලතුරු නිපදවිය හැකිය.

දැල් හැමවිටම පිළිතුර නොවේ. කුඩා, විවිධ පලතුරු වතු සඳහා ඒවා සුදුසු නොවිය හැකිය. සියලුම දේශගුණික තත්ත්වයන් සඳහා ද ඒවා අවශ්‍ය නොවේ. එසේම, පලතුරු ගස් සඳහා භාවිතා කරන දැල් සාමාන්‍යයෙන් පොලිඑතිලීන් වලින් සාදා ඇති අතර එය ප්ලාස්ටික් යැපීම ඉවත් කිරීමට උත්සාහ කරන ලෝකයකට සුදුසු නොවේ.

ප්ලාස්ටික් නොවන දැල් නිෂ්පාදනය කරන එක් සමාගමක් වන්නේ ප්‍රංශ තාක්ෂණික රෙදිපිළි සමාගමක් වන Texinov ය. ටෙක්සිනොව් හණ වලින් සාදන ලද විවිධ වර්ගයේ දිරාපත් වන දැල් ගැන පර්යේෂණ කරමින් සිටී. පැසුණු බඩ ඉරිඟු වලින් නිපදවන පොලිලැක්ටික් අම්ලය (polylactic acid (PLA) වලින් සාදන ලද ජෛව හායනයට ලක්විය හැකි දැලක් (biodegradable nets) ඔවුන් දැනටමත් හඳුන්වා දී ඇත. මෙම වර්ගයේ දැලක් බිඳ දැමීම සඳහා කාර්මික කොම්පෝස්ට් කිරීම අවශ්‍ය වන අතර එය සාමාන්‍ය දැලකට වඩා 10%ක් පමණ මිල අධික බව විකුණුම් කළමණාකරු Adrien Etienne පවසයි.

Etienne මහතා පවසන්නේ ජෛව හායනයට ලක්විය හැකි දැල් දැනට උතුරු ඇමරිකාවට වඩා යුරෝපයේ ජනප්‍රිය බවයි. මෙය කෘමිනාශක භාවිතය අවම කිරීමට අදහස් කරන යුරෝපීය ප්‍රතිපත්තිවලට සම්බන්ධ විය හැකිය. උදාහරණයක් ලෙස ප්‍රංශ චෙරි ගොවීන් අතර කෘමිනාශක භාවිතය ජනප්‍රිය නොවන නිසා දැල් වඩ වඩාත් ජනප්‍රිය විය හැකිය.

මෙම දැල් භාවිතයට යන මූලික වියදම් සමහර ගොවීන්ට බාධාවක් වී ඇත. “කෘමිනාශක වලට සාපේක්ෂව දැල් ඇත්තෙන්ම ටිකක් මිල අධිකයි”, Etienne මහතා පිළිගනී.

දැල දේශීය කෘමීන් සඳහා ප්‍රවේශමෙන් ක්‍රමාංකනය කළ යුතුය. අධික දේශගුණ ආරක්ෂණ දැල් බොහෝ කාලයක් පැවතිය හැකි වුවද මෙම දැල් වර්ගය පවතින්නේ කන්නයක් හෝ දෙකක් පමණි. කල්පැවැත්ම සූර්ය නිරාවරණය වැනි සාධක මත රඳා පවතී.

“හිරු නිසා දැල් වඩ වඩාත් බිඳෙනසුළුයි,” Etienne මහතා පවසයි.

සමස්තයක් වශයෙන් මහාචාර්ය අවුන් පවසන්නේ නිෂ්පාදන වඩාත් විවිධාකාර සහ ප්‍රවේශ විය හැකි බැවින් ඉදිරියේදී දැල් වල මිල පහත වැටෙන බවයි.

Jean-Marc Rochon ක්විබෙක්හි ඇපල් වගා ගොවිපොළක් වන Pépinière Rochon හි ප්‍රධානියා වන අතර දැල් දැමීමේ දියුණුව පිළිබඳව විමසිල්ලෙන් බලයි

“මගේ මතයට අනුව මෙම තාක්ෂණය විශාල පරිමාණයේ යෙදීම්වලට වඩා සංවර්ධන හා වැඩිදියුණු කිරීමේ අදියරේ පවතිනවා ” ඔහු පවසයි.

රොචොන් මහතා තම ඇපල් ගස් මත දැල් භාවිතා කිරීමට දැල් දැමීමේ පිරිවැය එකම සාධකය ලෙස නොසලකයි. “මම එය වඩාත් දකින්නේ අපගේ දේවල් කරන ආකාරය නැවත සිතා බැලීමේ මාර්ගයක් ලෙසයි” ඔහු පැහැදිලි කරයි.

දැල ඔහුගේ තවාන සඳහා ශක්‍ය වීමට නම් දැල විශ්වාසදායක විය යුතු අතර එය අධික බරක් නිර්මාණය නොකළ යුතුය. එය විශාල පලතුරු වතු වල ද භාවිතා කිරීමට අවශ්‍ය වනු ඇත.

පැහැදිලිවම, දැල් දැමීම ප්‍රයෝජනවත් බව විශාල පලතුරු වගාකරුවන්ට ඒත්තු ගැන්වීමට තාක්ෂණික වැඩි දියුණු කිරීම් සහ සන්නිවේදනය අවශ්‍ය වනු ඇත.

නමුත් මහාචාර්ය අවුන් විශ්වාස කරන්නේ, “අපි වඩාත් දේශගුණික අභියෝග සහ අනපේක්ෂිත කාලගුණය කරා ගමන් කරන විට දැල් භාවිතය වඩාත්ම ආරක්ෂිත මාවතයි‘

බී.බී.සී ඇසුරිණි. පරිවර්තනය – නිෂානී බලසූරිය