නව තීන්දුව අනුව ප්‍රකාශිත භූමිය ඇමසන් වැසි වනාන්තරයේ විශාල ප්‍රදේශයක් ඇතුළුව හෙක්ටයාර 620,000ක් පමණ ආවරණය කරයි. ආදිවාසී නායකයින් මෙම පියවර පිළිගත් නමුත් තවත් ප්‍රදේශවලට ආරක්ෂාව අවශ්‍ය බව පැවසීය.

බ්‍රසීල ජනාධිපති ලූලා ඩි සිල්වා (Lula da Silva) විසින් ඇමේසන් වනයේ ආරක්ෂාව වෙනුවෙන් තීරණාත්ම නියෝගයකට අත්සන් තබා ඇත. ඒ අනුව නව ආරක්ෂිත භූමි ප්‍රදේශ හයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි පතල් කැණීම තහනම් කර වාණිජ ගොවිතැන සීමා කර ඇත.

ජනපතිවරයා පසුගිය 27 වැනිදා බ්‍රසීලියා හි දී පැවැති ආදිවාසීන්ගේ රැස්වීමක්  අවසානයේ සීමා නිර්ණය කිරීමේ නියෝගයට අත්සන් කළේය.

ජනාධිපති නියෝගය ආදිවාසීන්ට ඉඩම්වල ස්වභාවික සම්පත් පමණක් භාවිතා කිරීමට අවසර දෙයි. සියලුම පතල් කැණීම් තහනම් කර ඇති අතර වාණිජ ගොවිතැන සහ දැව කැපීම සඳහා දැඩි නීති පනවා තිබේ.

නව තීන්දුව අනුව ප්‍රකාශිත භූමිය ඇමසන් වැසි වනාන්තරයේ විශාල ප්‍රදේශයක් ඇතුළුව හෙක්ටයාර 620,000ක් පමණ ආවරණය කරයි. ආදිවාසී නායකයින් මෙම පියවර පිළිගත් නමුත් තවත් ප්‍රදේශවලට ආරක්ෂාව අවශ්‍ය බව පැවසීය.

නියෝගයට අත්සන් තැබීමෙන් පසු ජනපතිවරයා මෙසේ පැවසීය, “අපි ආදිවාසී ඉඩම් නීත්‍යානුකූල කිරීමට යනවා. එය සැලකිය යුතු කාලයක් ගතවන ක්‍රියාවලියක් බව කිව යුතුයි. ඊට හේතුව මේවැනි තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට සැලකිය යුතු ආයතන ගණනක් සම්බන්ධ විය යුතුයි.  එය බොහෝ අත් හරහා යා යුතු සැලකිය යුතු කාලයක් ගත වේවි ” ජනපතිවරයා ජනතාව අමතමින් පැවසීය.

“මගේ ආණ්‌ඩු කාලයේ කිසිම ආදිවාසී ප්‍රදේශයක්‌ සීමා නිර්ණය නොකර ඉතුරු කරනවාට මම කැමති නැහැ. ඒක තමයි මම ඔබ වෙනුවෙන් කළ කැපවීම” ජනපති ලූලා පැවසුවේය.

ට්විටර් පණිවුඩයක් මගින් ලූලා මෙම තීරණය විස්තර කළේ “වැදගත් පියවරක්” ලෙසයි.

දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක ස්වාරක්ෂකයක් වන ඇමසන් වැසි වනාන්තරයේ වන විනාශය මෑත වසරවලදී භයානක ලෙස ඉහළ ගොස් තිබේ.

ලූලාගේ තීරණයට ප්‍රශංසා කරන අතරම, සමහර ආදිවාසී නායකයින් පෙන්වා දුන්නේ ඔහුගේ රජය නව ප්‍රදේශ 14ක් පිළිගැනීමට ප්‍රතිඥා දී ඇති බවයි.

හිටපු ජනපති බොල්සොනාරෝ ඇමේසන් වැසි වනාන්තරය ආර්ථික සූරා කෑමට කොන්දේසි විරහිතව විවෘත කළේය. එයට එරෙහිව දේශීය හා විශේෂයෙන් ජාත්‍යන්තරව දැඩි විරෝධයක් එල්ල විය. එහෙත් ඒ ගැන නොතකා හිටපු ජනපතිවරයා කටයුතු කළේය.

ආනයනික පොහොර මත දැඩි ලෙස රඳා පවතින බ්‍රසීලයට ස්වදේශික භූමි ප්‍රදේශවල පතල් කැණීමෙන් තමන්ගේම පොටෑසියම් සංචිත වැඩි ප්‍රමාණයක් ගොඩනගා ගත හැකි බවට ඔහු නැවත නැවතත් තර්ක කළේය. එම තර්කය සමහර විද්වතුන් විසින් ප්‍රශ්න කර ඇත.

බී.බී.සී ඇසුරිනි