නව IPCC වාර්තාවට ප්‍රතිචාර දක්වමින් දේශගුණ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් දේශගුණ අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බලයේ සිටින අය අසමත් වීම “පෙර නොවූ විරූ පාවාදීමක් / unprecedented betraya” ලෙස හැඳින් වූවාය. ‘කනගාටුවට කරුණක් නම් විමෝචනය නැවැත්වීමට වඩා දුෂ්කර හා අවදානම් සහිත ක්‍රම භාවිතා කරමින් හානිය ඉවත් කිරීමට ලෝකය දැන් ප්‍රවේශ වීමය‘

IPCC ට අනුව, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා වායුගෝලයෙන් කාබන් නැවත උරා ගැනීම අවශ්‍ය විය හැකිය. මෙම ලිපිය මගින් මෙම ‘සෘණ විමෝචන’ ක්‍රියා කරන්නේ කෙසේදැයි සොයා බලයි.

මිනිසාගේ හෙට දවස තීරණය වන්නේ තුනී අයිස් මතය (Humanity is on thin ice). එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change – IPCC) විසින් ප්‍රකාශයට පත් කරන ලද නව වාර්තාවකට අනුව,

  1. ෆොසිල ඉන්ධන භාවිතය සීඝ්‍රයෙන් අඩු කිරීම / reductions in fossil fuel use
  2. එහි කාර්යක්ෂමතාව වැඩි කිරීම / increased efficiency
  3. සියලු අංශවල හරිතාගාර වායු විමෝචනය ගැඹුරින් අඩු කිරීම / deep reductions in greenhouse gas emissions in all sectors

යන ත්‍රිවිධ ක්‍රියා මගින් පමණක් මිනිසාගේ හෙට දවස යහපත් එකක් කළ හැකිය.

දේශගුණික ක්‍රියාමාර්ග සඳහා ” සියල්ල, සෑම තැනකම, එකවර / everything, everywhere, all at once” ප්‍රවේශයක් නිර්දේශ කළ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන පරිදි, නව වාර්තාව “මනුෂ්‍යත්වය සඳහා පැවැත්මේ මාර්ගෝපදේශයක්  / a survival guide for humanity” ලෙස සේවය කළ යුතුය.

වායුගෝලයට විමෝචනය වන කාබන් ප්‍රමාණය අඩු කිරීමේ මෙම ක්‍රියාමාර්ගවලට අමතරව මෙම ප්‍රවේශයට විද්‍යාඥයින් වැඩි වැඩියෙන් බලාපොරොත්තු වන තවත් ක්‍රියාවක් අවශ්‍ය වනු ඇත. ඒ වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් (CO2) ඉවත් කිරීමය.

වරදක් නොකරන්න, අපි කාබන් ඉවත් කිරීම කළ යුතුයි. නමුත් අපි එය වගකීමෙන් කළ යුතුයි – Rob Bellamy

මෙම යෙදුම CO2 වාතයෙන් පිටතට ඇද දමා එය උගුලට හසු කර ගන්නා විවිධ යාන්ත්‍රණ සහ තාක්‍ෂණවලට යොමු කරයි. එවිට එයට අපේ පෘථිවිය උණුසුම් කරන හරිතාගාර ආචරණයට දායක විය නොහැක. මිනිසා විසින් වායුගෝලයට පොම්ප කර ඇති කාබන් ක්‍රියාකාරීව ආපසු හැරවීම මෙහි අදහසයි. මේසය මත ඇති තාක්ෂණික ක්‍රමවලට සෘජු වායු ග්‍රහණය හෝ කාබන් ග්‍රහණය සහ ගබඩා සමඟ ජෛව බලශක්තියේ සිට ජෛව කාබන් හෝ වැඩිදියුණු කළ පාෂාණ දක්වා සියල්ල ඇතුළත් වේ.

නමුත් දේශගුණයට අර්ථවත් වෙනසක් ඇති කරන මට්ටම්වලට CO2 ඉවත් කිරීම සඳහා විවිධ යෝජිත ක්‍රම පරිමාණය කිරීම කෙතරම් ශක්‍යද ? සමහර විකල්ප අනෙක් ඒවාට වඩා හොඳද ? කිසිදා අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි තරම් මේ අවදානම ක්‍රියාත්මක කරන්නේ කුමන යෝජනා ක්‍රමද ?

 Loblolly pines වැනි ජෛව ශක්ති බෝග මගින් මුදා හරින ලද CO2 ග්‍රහණය කර ගබඩා කිරීම මගින් සෘණ විමෝචනයකට දායක විය හැකිය (ඡායාරූපය – Craig Lovell/Alamy)

හරිතාගාර වායු විමෝචනය ඉහළ යාම මැඩපැවැත්වීමට ලෝකය දැන් දශක ගනනාවක් තිස්සේ අසමත් වී ඇති බැවින් භයානක දේශගුණික විපර්යාස සීමා කිරීම සඳහා CO2 ඉවත් කිරීමේ යම් ආකාරයක් දැන් බොහෝ විද්‍යාඥයින් විසින් අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකයි.

කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම යනු කුමක්ද? WHAT IS CARBON DIOXIDE REMOVAL?

කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම (CARBON DIOXIDE REMOVALCDR) – “සෘණ විමෝචන /negative emissions” ලෙසද හැඳින්වේ. මිනිසාට තාක්‍ෂණය භාවිතයෙන් වායුගෝලයෙන් CO2 සෘජුවම ඉවත් කිරීමට හෝ වනාන්තර වැනි ස්වාභාවික පද්ධති හරහා එය ඉවත් කිරීමට බලපෑම් කළ හැකි ක්‍රම රාශියක් සඳහා එය භාවිතා කෙරේෙ

මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ දේශගුණය සහ සමාජය පිළිබඳ කථිකාචාර්ය රොබ් බෙලමි පවසන්නේ IPCC වාර්තාවෙන් පැහැදිලි වන්නේ CO2 වාතයෙන් පිටතට ගැනීම “විකල්පයක් පමණක් නොව අවශ්‍යතාවයක්” බවයි. කෙසේ වෙතත් කාබන් ඉවත් කිරීමේ ක්‍රම මිනිසුන්ට සහ පරිසරයට සැලකිය යුතු අවදානමක් ගෙන දෙන බවට ඔහු අනතුරු ඇඟවීය.

“ඉදිරියට ගත යුතු ක්‍රම මොනවාද, ඒවා දිරිමත් කරන්නේ කෙසේද සහ අවසානයේ ඒවා පාලනය කරන්නේ කෙසේද ? යන්න පිළිබඳව අපට දැන් පුළුල් සමාජ සංවාදයක් අවශ්‍යයි. අපි කාබන් ඉවත් කිරීම කළ යුතුයි, නමුත් අපි එය වගකීමෙන් කළ යුතුයි” ය රොබ් බෙලමි කියයි.

විශේෂයෙන්ම, ශුද්ධ-ශුන්‍ය CO2 හෝ හරිතාගාර වායු විමෝචනය කරා ළඟා වීම සඳහා “අවශ්‍ය-අවම හරිතාගාර වායු විමෝචනය” ප්‍රති තුලනය කිරීමට CO2 ඉවත් කිරීම අවශ්‍ය වන බව නව IPCC වාර්තාව සටහන් කරයි. මෙම දුෂ්කර විමෝචනය සහිත අංශ අතර කෘෂිකර්මය, ගුවන් සේවා, නාවික සහ කාර්මික ක්‍රියාවලීන් ඇතුළත් වේ‘ IPPC නව වාර්තා සටහන් කරයි (තාක්‍ෂණයේ ඌනතාවය හෝ කාබනීකෘතකරණයෙහි (decarbonisation)  අධික වියදම හේතුවෙන් මෙම අංශ විමෝචනය අඩු කිරීම දුෂ්කර යැයි සලකනු ලැබේ).

ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 20 සහ 1.50 වලට සීමා කිරීමට අනුකූලව ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති සහ අවස්ථා සඳහා ප්‍රක්ෂේපිත විමෝචනය (මූලාශ්‍රය: IPCC AR6 සංශ්ලේෂණ වාර්තාව SfP 2023/BBC අනාගතය)

නමුත් සියලුම විද්‍යාඥයින් එයට එකඟ නොවේ. ඇතැමුන් මහා පරිමාණයෙන් CO2 ඉවත් කිරීමේ ශක්‍යතාව ගැන සැලකිලිමත් වන අතර එය මත අධික ලෙස රඳා පැවතීම වරදක් බව පවසති. දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා අවශ්‍ය ගැඹුරු විමෝචන කප්පාදුව වැළැක්වීම සඳහා රජයන්ට අනවශ්‍ය සහ නිදහසට කරුණක් මෙමගින් සැපයිය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවයි.

“IPCC වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විට පවතින, ඔප්පු කරන ලද විසඳුම් ක්‍රියාත්මක කළහොත් ආපසු හැරවිය නොහැකි හානිය වළක්වා ගත හැකි බවයි. පොසිල ඉන්ධන වෙනුවට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ බලශක්ති හා සම්පත් භාවිතය අඩු කිරීම ගෝලීය උණුසුම සීමා කිරීමේ ස්ථිර මාර්ගයයි. ඒ වෙනුවට අසමාන වර්ධනයක් අගුලු දමා කාබන් ග්‍රහණය කිරීම, ගබඩා කිරීම සහ CO2 ඉවත් කිරීම වැනි තාක්‍ෂණික උපාංගවල අවදානම පහසුවෙන් උපකල්පනය කරන ආකෘති මත අපගේ අවම කිරීමේ උපාය මාර්ග ගොඩනැගීම එම පැහැදිලි කිරීමේ පණිවිඩය නොසලකා හරියි,” ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලාභ නොලබන පාරිසරික නීති සමාගමක් වන ජාත්‍යන්තර පාරිසරික නීති මධ්‍යස්ථානයේ (Ciel) දේශගුණික හා බලශක්ති වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Lili Fuhr පවසයි.

අපට කොපමණ අවශ්‍යද ?

මෙම වසර මුලදී, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් මෙහෙයවන ලද වාර්තාවක් ගෝලීය වශයෙන් මිනිසුන් විසින් CO2 ඉවත් කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳ පළමු පූර්ණ තක්සේරුව ලබා දුන්නේය. එය මෙම සංඛ්‍යාව වසරකට CO2 ටොන් බිලියන දෙකක් (GT) ලෙස ගණනය කර ඇති අතර අති බහුතරය ගොඩබිමෙන් සිදුවේ වේ. මෙය 2022 දී පොසිල ඉන්ධන සහ සිමෙන්ති භාවිතයෙන් වායුගෝලයට විමෝචනය වන CO2 ටොන් බිලියන 36.6න් දළ වශයෙන් 5% කට සමාන වේ. නමුත් දැනට පවතින මට්ටමට වඩා CO2 ඉවත් කිරීම ඉහළ නැංවීමට රටවල් විසින් සැලසුම් කර ඇත්තේ ස්වල්පයක් බව වාර්තාව සොයා ගත්තේය.

තමන්ගේම තක්සේරු කිරීම්වලදී, IPCC විවිධ මට්ටමේ අභිලාෂයන්ට අනුකූලව විමෝචන කප්පාදුව සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ මාර්ග දෙස බලයි. මෙම මාර්ග බොහොමයකට දැන් යම් මට්ටමක CO2 ඉවත් කිරීමේ ශිල්පීය ක්‍රම අවශ්‍ය වන අතර සෙල්සියස් අංශක 1.50 ට හෝ 20 ට වඩා අඩු උෂ්ණත්වයකට සීමා කිරීම සඳහා පැරිස් ගිවිසුමේ ඉලක්කවලට අනුකූල වන සියලුම අවස්ථා අවම වශයෙන් CO2 ඉවත් කිරීම ඇතුළත් වේ. සියලුම එක්සත් ජාතීන්ගේ දේශගුණික ප්‍රතිඥා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළහොත් 2100 වන විට සෙල්සියස් අංශක 2.4 දක්වා හෝ දැනටමත් ක්‍රියාත්මක වන දේශගුණික ප්‍රතිපත්ති පමණක් සලකා බැලුවහොත් 2100 වන විට සෙල්සියස් අංශක 2.80 දක්වා උෂ්ණත්වය ඉහළ යාමක් වෙත ලෝකය දැනට ගමන් කරමින් සිටී.

කෙසේ වෙතත් මෙම මට්ටමට ළඟා වීමට අවශ්‍ය නිශ්චිත ඉවත් කිරීමේ ප්‍රමාණය විමෝචනය සඳහා කරන ලද කප්පාදුව මත දැඩි ලෙස රඳා පවතී. එය නිශ්චිත අගයක් තැබීම දුෂ්කර කරයි. දැඩි හා වේගවත් විමෝචන කප්පාදුවක් පෙන්නුම් කරන අවස්ථා සඳහා අවම CO2 ඉවත් කිරීම අවශ්‍ය වේ.

සමහර IPCC අවස්ථා “දේශගුණික විපර්යාසය” සඳහා ද ඉඩ සලසයි. ඉලක්කගත අගය වෙත ආපසු යාමට පෙර ගෝලීය උෂ්ණත්ව ඉලක්ක තාවකාලිකව ඉක්මවා යන කාල පරිච්ඡේදයකි. මෙලෙස උෂ්ණත්වය පහත හෙළීමට යම් ආකාරයක CO2 ඉවත් කිරීමක් අවශ්‍ය වනු ඇති බව IPCC පවසයි.

විකල්ප මොනවාද?

අපට වාතයෙන් CO2 ඉවත් කළ හැකි විවිධ ක්‍රම විශාල ප්‍රමාණයක් ඇත. කෙසේ වෙත් මහා පරිමාණයෙන් මෙම තාක්ෂණික ක්‍රම කිසිවක් ඔප්පු කර නොමැති බව සඳහන් කිරීම වටී.

පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ CO2 ඉවත් කිරීමේ තක්සේරුවෙන් විවිධ තාක්ෂණික ක්‍රම කිහිපයක ඇස්තමේන්තුගත විමෝචනය අඩු කිරීමේ හැකියාවයි.

ඇස්තමේන්තුගත CO2 ඉවත් කිරීමේ ශිල්පීය ක්‍රමවල ඇස්තමේන්තුගත වාර්ෂික අවශෝෂණ හැකියාව, ඉහළ සහ පහළ ඇස්තමේන්තු පරාසය පෙන්වයි (ඒවා ඉතා අවිනිශ්චිතයි) (මූලාශ්‍රය: CO2 ඉවත් කිරීමේ තත්ත්වය (2023)

කාබන් අල්ලා ගැනීම සහ ගබඩා කිරීම  (carbon capture and storage – CCS) සහිත ජෛව බලශක්තිය IPCC වාර්තාවේ වඩාත්ම කැපී පෙනෙන තාක්ෂණික ක්‍රමයයි. මෙහි බලශක්තිය සඳහා ශාකයක පුළුස්සා දැමීමට පෙර CO2 ග්‍රහණය කර ගැනීම සඳහා ගස් වගා කෙරේ. බලාගාරයෙන් නිකුත් වන විමෝචනය ග්‍රහණය කර ස්ථිරව භූගතව ගබඩා කරනු ලබන අතර එය ‘කාබන් අල්ලා ගැනීම සහ ගබඩා කිරීම  (carbon capture and storage – CCS) ලෙස හැඳින්වේ.

වායුගෝලයෙන් CO2 ඉවත් කිරීම සඳහා බොහෝ සාකච්ඡා කරන ලද තවත් තාක්ෂණික ක්‍රමයක් වන්නේ සෘජු වායු ග්‍රහණය (direct air capture -DAC) ය. මෙම තාක්ෂණය CO2 සෘජුවම වාතයෙන් පිටතට ඇද ගැනීමට යන්ත්‍ර භාවිතා කරයි. මෙම CO2 ස්ථිරවම CCS භාවිතයෙන් භූගතව ගබඩා කර ඇත්නම්, සමස්ත විමෝචනය සෘණ වේ. 2020 සහ 2022 අතර ආයෝජනයේ අතිමහත් බහුතරය මෙම CO2 ඉවත් කිරීමේ ආකාරය කෙරෙහි අවධානය යොමු කර ඇත.

මේ අතර CO2 ඉවත් කිරීම සඳහා ජීවඅුරු (biochar) භාවිතා කිරීම  වර්ධනය වන විට කාබන් ග්‍රහණය කරගත් ගස් හෝ ශාක ද්‍රව්‍ය වැනි ජෛව ස්කන්ධයක් භාවිතා කිරීම, ප්‍රධාන වශයෙන් මූලද්‍රව්‍ය වලින් සමන්විත කළු ගල්අඟුරු වැනි ද්‍රව්‍යයක් නිපදවීමට පයිරොලයිස් කිරීම / pyrolysed (ඔක්සිජන් නොමැති විට රත් කිරීම) ඇතුළත් වේ. න්‍යායාත්මකව කාබන් ඉවතට අගුලු දැමීම සඳහා මෙම ජෛව අචාර පසට එකතු කළ හැකිය.

වායුගෝලයෙන් CO2 ඉවත් කිරීමට ක්‍රමයක් ලෙස වැඩිදියුණු කරන ලද පාෂාණ කාලගුණය (Enhanced rock weathering) ද යෝජනා කර ඇත . මෙය ස්වාභාවික පාෂාණ කාලගුණය අනුකරණය කිරීමේ උත්සාහයක් ලෙස බැසෝල්ට් වැනි සිහින්ව අඹරන ලද සිලිකේට් පාෂාණ විශාල ප්‍රමාණයක් ගොඩබිමට පැතිරීමෙන් සමන්විත වන අතර, අවසානයේදී CO2 බයිකාබනේට් ලෙස සාගරයේ සිරවී හෝ මුහුදු පත්ලේ සිරවීමට හේතු වේ.

අවසාන වශයෙන්, සාගර ක්ෂාරීයකරණය / ocean alkalinisation යනු සාගරයට ගන්නා CO2 ප්‍රමාණය වැඩි කිරීම සඳහා සිලිකේට් හෝ කාබනේට් පාෂාණ වැනි ක්ෂාරීය ද්‍රව්‍ය සාගරයට එකතු කිරීම ඇතුළත් වන තවත් යෝජිත ක්‍රියාවලියකි. ඒ හා සමානව, සාගර සංසේචනය කාබන් අනුක්‍රමණය වැඩි දියුණු කිරීම සඳහා සාගරයේ ෆයිටොප්ලාන්ක්ටන් / phytoplanktonවර්ධනය උත්තේජනය කිරීම ඇතුළත් වේ.

බොහෝ ප්‍රචලිත වුවද, CO2 හි මෙම “නව” ක්‍රම ද යථාර්ථයේ දී තවමත් ළදරු අවධියේ පවතී. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ Oxford Net Zero සහ CO2RE හි විධායක අධ්‍යක්ෂ සහ CO2 removal assessment හිප්‍රධාන කතුවරයා වන Steve Smith සඳහන් කරන්නේ ඉහත ක්‍රම සියල්ල එකතු කිරීමෙන් වසරකට CO2 ටොන් මිලියන දෙකක් පමණක් ඉවත් කරන බවයි. එය 2022 දී ගෝලීය පොසිල ඉන්ධන සහ සිමෙන්ති විමෝචනයෙන් 0.005%ට සමාන අගයකි.

CO2 ඉවත් කිරීමේ තක්සේරුවට අනුව, පැරිස් ගිවිසුමේ උෂ්ණත්ව ඉලක්ක සපුරාලීම සඳහා මෙම ක්‍රම හරහා ග්‍රහණය කිරීම සියවසේ මැද භාගය වන විට 400%ක් හෝ 600%ක් දක්වා වර්ධනය විය යුතුය.

නමුත් දැනටමත් වඩා පුළුල් භාවිතයේ පවතින කාබන් ග්‍රහණය කර ගබඩා කිරීමට වෙනත් ක්‍රම ඇති බව තක්සේරුව සඳහන් කරයි. ඇත්ත වශයෙන්ම සෑම වසරකම සිදු වන මානව CO2 ඉවත් කිරීමේ ටොන් බිලියන දෙකෙන් (2Gt) 99.9% ක් සිදු වන්නේ අප ඉඩම් කළමනාකරණය කරන ක්‍රම හරහා ය. විශේෂයෙන් වන කළමනාකරණය, වන වගාව සහ නැවත වන වගාව ඒ අතර වේ. Peat lands සහ කඩොලාන වැනි කාබන් විශාල ප්‍රමාණයක් ගබඩා කරන අනෙකුත් පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ද වැදගත් මූලාශ්‍ර වේ.

දේශගුණික විපර්යාස බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට සහ ජෛව විවිධත්ව අර්බුදයට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය වන බැවින් මෙම පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම ද විශාල සම ප්‍රතිලාභ ලබා දෙයි.

සෘණ විමෝචන සීමාවන් / The limits of negative emissions

කෙසේ වෙතත්, මෙම ස්වාභාවික පද්ධතිවලට කාබන් ග්‍රහණය කර ගත හැකි ප්‍රමාණයට සීමාවන් තිබේ. විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ අපව බේරා ගැනීමට ගස් කෙරෙහි ඕනෑවට වඩා විශ්වාසය නොතැබිය යුතු බවත්, දේශගුණික විපර්යාසයන් තනිවම ආපසු හැරවිය නොහැකි බවත්ය. විශේෂයෙන්ම උෂ්ණත්වය ඉහළ යන විට මෙම පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය ස්ථීර නොවන බව ඔප්පු වීමේ අවදානමක් ද ඇත. එබැවින් ගස් ගබඩා කර ඇති CO2 නැවත වායුගෝලයට මුදා හැරීම අවසන් විය හැකිය.

විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ නව තාක්ෂණයන් බොහොමයක් විශාල කර ගැනීමේදී ද සැලකිය යුතු ගැටලු ඇති විය හැකි බවයි. නිදසුනක් වශයෙන් බොහෝ විශේෂඥයන් සාගර ක්ෂාරීකරණය සහ පොහොර යෙදීම සාගර පරිසරයට ඉතා අවදානම් සහගත බව සලකන අතර ඒවා කෙසේ හෝ ක්‍රියා නොකරනු ඇතැයි සිතති.

මේ අතර, CCS සමඟ ජෛව බලශක්තිය විශාල පරිමාණයෙන් ව්‍යාප්ත කිරීම සඳහා විශාල භූමි ප්‍රදේශයක් ජෛව බලශක්ති බෝග වෙත හැරවීමට අවශ්‍ය වනු ඇත. එමඟින් ආහාර පද්ධති සහ පරිසර පද්ධති සංරක්ෂණය අඩාල විය හැකිය.

ජෛව අඟුරු නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන විශාල භූමි ප්‍රමාණයක් සම්බන්ධයෙන් ද එවැනිම සැලකිල්ලක් පවතී ( පුළුල් පරිමාණ ජෛව අඟුරු භාවිතයේ දිගු කාලීන බලපෑම් ද නොදනී), එසේම ජෛව අඟුරු නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අධික උෂ්ණත්වයට විශාල බලශක්තියක් අවශ්‍ය වේ. ඒ හා සමානව වැඩිදියුණු කරන ලද පාෂාණ කාලගුණය සඳහා පාෂාණ කුඩු කිරීම ද විශාල ශක්තියක් භාවිතා කරන අතර ඉතා මිල අධික විය හැකිය.

CCS සමඟින් Dac බලශක්තිය ද අධික වන අතර මහා පරිමාණයෙන් යෙදවීමට අතිශයින් මිල අධික විය හැකිය. නමුත්, සමහර විද්‍යාඥයන් නව ක්‍රම පිළිබඳව ක්‍රියා කරමින් සිටියද ඔවුන් බලාපොරොත්තු වන්නේ එය ලාභදායී විය හැකි බවයි.

+       +       +       +       +

කාබන් ග්‍රහණය සෑම විටම CO2 ඉවත් නොකරන්නේ ඇයි?

මෙම තාක්ෂණයන් භාවිතා කිරීමේ සමහර ක්‍රම සෘණාත්මක විමෝචනයක් ඇති නොකරයි. Dacs හෝ bioenergy භාවිතයෙන් CO2 වායුගෝලයෙන් ග්‍රහණය කර, පසුව ඉන්ධනයක් බවට පත් කළහොත් හෝ වෙනත් නිෂ්පාදන සඳහා භාවිතා කළහොත් අවසානයේ එය නැවත වායුගෝලයට මුදා හරිනු ලැබුවහොත්, වායුගෝලයේ ඇති සමස්ත කාබන් ප්‍රමාණය එලෙසම පවතින අතර එය “කාබන් උදාසීන” තත්ත්වයක් වේ. එය ඍණාත්මක විමෝචනයකට දායක වන්නේ CCS වැනි දිගු කාලීනව ගබඩා කළහොත් පමණි. ඒ හා සමානව, ශාකයක දහනය වන ෆොසිල ඉන්ධන වලින් නිකුත් වන විමෝචනය CCS භාවිතයෙන් ග්‍රහණය කර ගබඩා කරන්නේ නම්, මෙය වායුගෝලයෙන් CO2 ඉවත් නොකරයි.

+       +       +       +       +

ලොව පුරා CCS පහසුකම් වැඩි වෙමින් පවතින නමුත් කාබන් ගබඩා කිරීම තවමත් මහා පරිමාණයෙන් සාක්ෂාත් කර ගෙන නොමැති අතර IPCC සටහන් අනුව එය දැනට අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ය. කෙසේ වෙතත් IPCC පවසන්නේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.50 දක්වා සීමා කිරීමට 2100 හරහා අවශ්‍ය සියලුම CO2 ගබඩා සඳහා ප්‍රමාණවත් තාක්ෂණික භූ විද්‍යාත්මක ගබඩා ධාරිතාවක් ගෝලීයව පවතින බවයි.

විද්‍යාඥයන් අනාගතයේ යම් අවස්ථාවක දී සෘණ විමෝචන අවශ්‍යතාවය පිළිබඳ ගැටලු නිරාකරණය කරමින් සිටියද 2030 දක්වා විමෝචන පරතරයේ ඉහළම කොටස තවමත් විමෝචනය කපා හැරීමෙන් වසා දැමිය යුතු බව ස්මිත් පවසයි.

කෙසේ වෙතත් දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා නව ප්‍රතිපත්ති නොමැති විට අපට දළ වශයෙන් ලැබෙන්නේ 2020-2030 කාලය තුළ ගෝලීය විමෝචනය සමතලා කිරීමක් පමණි. ඒ අනුව CO2 ඉවත් කිරීම විශේෂයෙන් දිගු කාලීනව තීරණාත්මක වනු ඇතැයි ස්මිත් පවසයි.

නව IPCC වාර්තාවට ප්‍රතිචාර දක්වමින් දේශගුණ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් දේශගුණ අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බලයේ සිටින අය අසමත් වීම “පෙර නොවූ විරූ පාවාදීමක් / unprecedented betraya ලෙස හැඳින් වූවාය. ‘කනගාටුවට කරුණක් නම් විමෝචනය නැවැත්වීමට වඩා දුෂ්කර හා අවදානම් සහිත ක්‍රම භාවිතා කරමින් හානිය ඉවත් කිරීමට ලෝකය දැන් ප්‍රවේශ වීමය‘

https://www.bbc.com/future/article/20230321-ipcc-the-rising-need-for-negative-emissions