අපගේ ඉලක්කය වන්නේ නව ප්‍රදේශ කරා ව්‍යාප්ත වීමට නගර දිරිමත් කිරීම නොව වනාන්තර එළි පෙහෙළි කිරීම නොවැළැක්විය හැකි විට කාබන් ගබඩා කිරීම මත සංවර්ධනයේ බලපෑම අවම කිරීම සඳහා සැලසුම්කරුවන්ට මෙවලම් සැපයීමයි

ඇල්ටෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් නාගරික සැලසුම්කරුවන්ට දේශගුණික ඉලක්කවලට අනුකූලව නාගරික සංවර්ධන කටයුතු පවත්වාගෙන යාමට නව මෙවලමක් නිපදවා ඇත. කාබන් විමෝචන ඉලක්ක සපුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන නාගරික වර්ධනයේ කාබන්-උදාසීන සැලසුම් වැඩිදියුණු කිරීම සඳහා සැලසුම්කරුවන්ට භාවිතා කළ හැකි මිනුම් ඒකකයක් මෙම මෙවලම මගින් සපයයි.

නාගරික  ප්‍රදේශ වල වර්ධනය සාමාන්‍යයෙන් වනාන්තර ප්‍රදේශ සහ කෘෂිකාර්මික ඉඩම් ආක්‍රමණය කරයි. මෙයින් අදහස් කරන්නේ නගර වර්ධනය වන විට කාබන් බේසම් carbon sinks අහිමිවන අතර එමඟින් දේශගුණික ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ශුද්ධ-ශුන්‍ය විමෝචන ඉලක්ක කරා ළඟා වීමට නගර සභා සහ රටවලට අපහසු වන බවයි.

carbon sinks – යනු වායුගෝලයෙන් මුදාහරිනවාට වඩා වැඩි ප්‍රමාණයක් කාබන් අවශෝෂණය කරන ඕනෑම දෙයකි. ප්‍රධාන ස්වාභාවික කාබන් සින්ක් වන්නේ ශාක, සාගරය සහ පසයි. ශාක ප්‍රභාසංශ්ලේෂණයේදී භාවිතා කිරීමට වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් උදුරා ගනී. මෙම කාබන් වලින් සමහරක් ශාක මිය ගොස් දිරාපත් වන විට පසට මාරු වේ.

කාබන් ගබඩා කිරීම (carbon storage – CS) ලෙස හැඳින්වෙන නව ක්‍රමවේදය සැලසුම් කළ නාගරික සංවර්ධන කටයුතු වලදී කාබන් කොපමණ ප්‍රමාණයක් අල්ලා ගත හැකිද යන්න පිළිබිඹු කරයි.

carbon storage යනු වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ග්‍රහණය කර ගබඩා කිරීමේ ක්‍රියාවලියයි. ගෝලීය දේශගුණික විපර්යාස අවම කිරීමේ අරමුණින් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කිරීමේ එක් ක්‍රමයක් ලෙස මෙය සැලකේ.

කාබන් ගබඩා කිරීම නාගරික සැලසුම්කරුවන්ට නගරයේ කාබන් සමතුලිතතාවයට බලපාන ආකාරය ඇගයීමට ලක් කරයි. විවිධ ප්‍රවේශයන් සහ තාක්ෂණයන් භාවිතා කරන සංවර්ධන සැලසුම්වල කාබන් ගබඩා කිරීම සමඟ අහිමි වූ ගබඩා ධාරිතාව ප්‍රමාණය (උදාහරණයක් ලෙස වනාන්තර විනාශයෙන්) සංසන්දනය කිරීමෙන්, නාගරික සංවර්ධනය කලාපයේ ස්වභාවික කාබන් ගබඩා ධාරිතාවය පවත්වා ගෙන යාම හෝ ප්‍රතිෂ්ඨාපනය කිරීම පවා සැලසුම්කරුවන්ට සහතික කළ හැකිය.

“කාබන් ගබඩා කිරීම වැඩි කිරීමට බොහෝ මෙවලම් තිබේ. දැවමය ඉදිකිරීම් වැඩි කිරීම සමහර කලාපවල හොඳ විකල්පයකි. නමුත් ජෛව කාබන් සහ අනෙකුත් මෙවලම් භාවිතයෙන් පසෙහි කාබන් ගබඩා කිරීම හෝ භූ දර්ශනය තුළ වේගයෙන් වර්ධනය වන නව ශාක ඇතුළත් කිරීම ද කළ හැකිය. සෘජු කාබන් ග්‍රහණය සහ ගබඩා කිරීමේ තාක්ෂණයන් හරහා වුවද එය කළ හැකිය. නාගරික සංවර්ධන ව්‍යාපෘති සැලසුම්කරුවන් තිරසාර නාගරික වර්ධනයක් සැලසුම් කිරීම කිරීම සඳහා කාබන් ආචයනය භාවිතා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” අධ්‍යයනයට නායකත්වය දුන් මහාචාර්ය Seppo Junnila පවසයි.

පර්යේෂකයන් විසින් ෆින්ලන්තයේ අගනුවර ප්‍රදේශයේ දැවමය ඉදිකිරීම් නාගරික වර්ධනයෙන් වන විනාශයට වන්දි ගෙවිය හැකි ආකාරය ඇගයීමට කාබන් ගබඩා කිරීම භාවිතා කරන ලදී. නිවැරදි ආකාරයේ දැවමය ඉදිකිරීම් තාක්ෂණයන් භාවිතා කිරීමෙන් අනාගත ඉදිකිරීම් වලින් 70% ක් පමණ අහිමි වන වනාන්තරයේ කාබන් ගබඩා කිරීමේ ධාරිතාව ආරක්ෂා කර ගත හැකි බව ඔවුන් සොයා ගත්හ. මේ සඳහා log හෝ cross-laminated දැව වැනි සැලකිය යුතු කාබන් ප්‍රමාණයක් ගබඩා කරන ක්‍රම භාවිතා කිරීම අවශ්‍ය වේ.

යුරෝපයේ, ආසියාවේ සහ ඕෂනියාවේ වෙනත් තැන්වල දැවමය ඉදි කිරීම් භාවිතයෙන් සමාන ප්‍රතිඵල ලබා ගත හැකි බව අධ්‍යයනය පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, පර්යේෂකයන් අවධාරණය කරන්නේ වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය කරන්නේ නම් පමණක් දැව ඉදි කිරීම් වැඩි කිරීම තිරසාර තේරීමක් බවය

“අපගේ ඉලක්කය වන්නේ නව ප්‍රදේශ කරා ව්‍යාප්ත වීමට නගර දිරිමත් කිරීම නොව වනාන්තර එළි පෙහෙළි කිරීම නොවැළැක්විය හැකි විට කාබන් ගබඩා කිරීම මත සංවර්ධනයේ බලපෑම අවම කිරීම සඳහා සැලසුම්කරුවන්ට මෙවලම් සැපයීමයි”  පර්යේෂකයින් පවසයි.

https://phys.org/news/2023-05-city-carbon-forest.html