ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් පුවර්ටෝ රිකෝහි coquí නම් ගෙම්බන්ගේ (coquí frog) කෑගෑසීම් වල තීව්‍රරතාවය ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත.

ගෝලීය උණුසුම ඉහළ යාමේ මෙම ප්‍රවණතා දිගටම පැවතුනහොත් උෂ්ණත්වයට ඉතා සංවේදී උභයජීවී විශේෂයක් වන ගෙම්බන්ට ජීවත් වීමට නොහැකි වනු ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි.

පිරිමි coquí ගෙම්බන් තම භූමිය සලකුණු කිරීමට සහ ප්‍රතිවාදීන්ට අනතුරු ඇඟවීමට ඔවුන්ගේ සුවිශේෂී කෑගැසීම භාවිතා කරයි.

ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පීටර් නරින්ස් වසර 23ක් තිස්සේ coquí ගැන අධ්‍යයනය කරමින් සිටී. Puerto Rico හි El Yunque කන්දේ බෑවුම් දිගේ ශබ්ද පටිගත කිරීමේදී, ඔහු සහ ඔහුගේ කණ්ඩායම උන්නතාංශය අනුව ගෙම්බන්ගේ කෑගැසීම වෙනස් වන බව සොයා ගත්හ.

උභයජීවීන් උෂ්ණත්ව වෙනස්වීම් වලට ඉතා සංවේදී වේ. කඳු මුදුනේ coquí ගෙම්බන් සිටි අතර එම ප්‍රදේශය පහළ නිම්නයට වඩා සැලකිය යුතු ලෙස සිසිල් විය. එබැවින් කඳු මුදුන්වල සිටින ගෙම්බන් උණුසුම් නිම්නවල ජීවත් වන ගෙම්බන්ට වඩා විශාල බව පර්යේෂකයින් විසින් සොයා ගත් අතර මෙයින් අදහස් කළේ ඔවුන්ගේ කෑගැසීම වෙනස් බවයි.

මේ සම්බන්ධයෙන් Nairns පැවසුවේ, “කෙටි, ඉහළ හඬක් ඇති හඩක් නිපදවන Coquí කඳු පාමුල ජීවත් වෙනවා. නමුත් කඳු මුදුන අසල ජීවත් වන සතුන්ගේ හඬ දිගු, පහත් සහ අඩු වාර ගණනක් පුනරාවර්තනය වනු දැකිය හැකියි” යනුවෙනි.

ඔවුන්ගේ ශබ්දය පළමු වරට පටිගත කිරීමෙන් දශක දෙකකට පසුව, Nairns සගයෙකු වන Sebastian Meenderink සමඟ කඳුකරයට ආපසු පැමිණියේය. කඳු මුදුනේ කොතැනක සිටියත්, සෑම ගෙඹි කෑගැසීමක් ඉහළ ස්වරයක් (higher pitched)  බවට පත්ව ඇති බව ඔවුහු සොයා ගත්හ.

“ඇතැම් ලක්ෂණ සහිත හඩ පටිගත කිරීම සඳහා අපට තරමක් ඉහළ උන්නතාංශයකට යාමට සිදු වුණා. සියලු සතුන් කන්ද උඩට ගියාක් වැනි හැගීමක් අපට ඇති වුණේ.” මීන්ඩරින්ක් පැවසීය

විද්‍යාඥයින් කනස්සල්ලට පත්ව සිටින්නේ  පහළ නිම්නයේ ඇති ඉහළ උෂ්ණත්වයන්ගෙන් බේරීම සඳහා ගෙම්බන් කන්ද දිගේ බඩගාගෙන ඉහළට යන නමුත් අවසානයේ ඔවුන්ට ජීවත් වීමට ඉඩ නැති වනු ඇති බවයි.

“දැනට ප්‍රතිවිපාක භයානක නැහැ. ගෙම්බාගේ සිරුරේ ප්‍රමාණයේ සහ ශබ්දයේ යන්තම් පෙනෙන වෙනසක් පරිසරයට එතරම් බලපෑමක් කරන්නේ නැහැ. කෙසේ වෙතත් ඔවුන් නොනැසී සිටියහොත් උෂ්ණත්වය වැඩිවීම අවසානයේ දී coquí ගහනයේ පහළ යාමක් සිදුවිය හැකියි. එය Puerto Rican පරිසර පද්ධතියට ව්‍යසනකාරී විය හැකියි” මීන්ඩරින්ක් පැවසීය

theguardian