ගෝලීය තාපය අවශෝෂණය කරගනිමින් සාගර බර ඉසිලීමේ වැඩි කොටසක් සිදු කර ඇත. හරිතාගාර වායු විමෝචනය මගින් ජනනය වන අතිරික්ත තාපයෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට මුහුද විසින් ලබා ගනී. (එම තාපය අවශෝෂණය)  එය මතුපිට ජලයට පමණක් නොව සාගරයේ ගැඹුරට පවා බලපායි

නවසීලන්තයේ අරමෝවානා හි නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ශීත හිරු එළිය පරාවර්තනය කරමින් මසුන් ජලය හරහා පීනමින් සිටියේය. එහෙත් කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් සිදුවෙමින් පවතින බව විද්‍යාඥයින්ට පෙනී ගියේය. මසුන්ගේ අසාමාන්‍ය හැසිරීසක් ඔවුන් දුටු අතර සමහර මසුන් මිය ගොස් හෝ මිය යාමට ආසන්න වෙමින් ජලය මත පාවෙමින් සිටියේය. මේ අතර මසුන් රංචු මංමුලා වූවන් සේ ජලය මත කැරකෙමින් සිටියේය. මුහුදු බොක්ක වටා වූ ඉවුරු වල දැකගත හැකි වූයේ සිත් කම්පාකරන දසුනකි. දහස් ගණන් මියගිය මසුන් වෙරළට ගොඩ ගසා තිබුණේය. ඉඳහිට මාළුවෙක් තනි වරලක් ඔසවමින් ජල අද්දර කනස්සල්ලෙන් පීනා යමින් සිටියේය.

පීටර් ලැන්ග්ලන්ඩ්ස් ඒ වන විට පණ පිටින් සිටි මාළු එකින් එකා අල්ලා ගනිමින් ඇවිද ගියේය. ඔහු දිගු කලක් තිස්සේ නවසීලන්තයේ දකුණු දූපතේ වෙරළ තීරයේ ක්‍රියාශීලී ධීවරයෙකු ලෙස කටයුතු කර ඇත. අද දින තමාට පහසු ආහාර වේලයක් හිමිවන වන බව පීටර් දැන සිටියේය. පසුව ඔහු මෙම ප්‍රණීත මසුන් කුළුබඩු සමඟ මිශ්‍රකර පිසිනු ඇත. සන්ධ්‍යා භෝජනය ගැන සිතමින් සිටියද පීටර් ලැන්ග්ලන්ඩ්ස්ට කනස්සල්ලක් දැනුනි.

මත්ස්‍යයින් දැන් මාස ගණනාවක් තිස්සේ වෙරළට පැමිණ ඇත. ඔවුන්ගෙන් විශාල පිරිසක් අප්‍රේල්, මැයි, ජුනි, ජූලි දක්වා කාලය තුළ අඛණ්ඩව එය සිදුවිය. මෙම මසුන් ඔටාගෝ බොක්කෙහි දහස් ගණනින් මිය ගිය අතර මසුන්ගේ කොරපොතු අඳුරු වෙරළ තීරයේ විසිරී තිබුණේය. ගැඹුරු, සිසිල් අක්වෙරළ ජලයේ ජීවත් වීමට ප්‍රිය කරන briney silver මසුන් මේ අතර බහුල විය. ප්‍රදේශවාසීන් මෙම මසුන්ගේ අසාමාන්‍ය හැසිරීම ඇතුළත් වීඩියෝ  දර්ශන සිය සමාජමාධ්‍ය ගිනුම් වල පළ කළහ.

නමුත්, වසර 30ක් මසුන් ඇල්ලීමේ යේදී සිටි, දේශීය ධීවර සඟරාවට ලිපි සිය ගණනක් සපයා ඇති පීටර් ලැන්ග්ලන්ඩ්ස් එවැනි දෙයක් ඊට පෙර කිසිම දිනක දැක තිබුණේ නැත.

විලෝපිකයන් විසින් ලුහුබඳිනු ලබන මසුන්, කුණාටු වලට හසු වූ මසුන් බොහෝ විට අරමෝචනා බොක්ක වෙත ගසා ගෙන එනු ලැබේ. එය පීටර් ඇතුළු අරමෝචනා ධීවරයින් බොහෝ විට දැක ඇති සුලභ සිදුවීමකි. එහෙත් මෙය එසේ නොවන බව පීටර් කියයි.

“සාමාන්‍යයෙන් එවැනි දෙයක් සිදු වූ විට ඔබ කතා කරන්නේ තනි මසුන් ගැන. ඒත් මාස හයක් පුරා දස දහස් ගණනින් එය සිදුවන විට ඔබ කියන්නේ කුමක්ද ? මීට පෙර නවසීලන්තයේ මෙවැනි පරිමාණයෙන් කිසිවක් සිදු වූ බවක් මා අසා නැහැ” පීටර් පවසයි.

මෙවැනි අනතුරු ඇඟවීමක් කළේ පීටර් පමණක් නොවේ. නවසීලන්තයේ ජලය වෙනස් වෙමින් පවතින අතර ඒවා සමීපව නිරීක්ෂණය කරන අය (ධීවරයින් සහ කිමිදුම්කරුවන්, මත්ස්‍ය ගොවීන් සහ විද්‍යාඥයන්) අසාමාන්‍ය සලකුණු වාර්තා කර ඇත. සමූහ මරණ, විශේෂ අතුරුදහන් වීම, සත්ව හැසිරීම් වෙනස් කිරීම. සැමන්, පෙන්ගුවින්, කෙල්ප් සහ මුහුදු ස්පොන්ජ් විශාල වශයෙන් මිය යාම ඔවුන් සුලභව නිරීක්ෂණය කර තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට සමගාමීව නවසීලන්තය අවට සමහර වෙරළ තීරයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක හතරකට වඩා වැඩි වී තිබේ.

නවසීලන්තයේ සාගර තාප තරංග / Marine heatwaves in New Zealand

සාගර උෂ්ණත්ව මාරුවීම් අධ්‍යයනය කරන විද්‍යාඥයින් විසින් සපයන ලද නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ 2023 අප්‍රේල් දක්වා, සාමාන්‍යයෙන් නවසීලන්තයේ වෙරළබඩ ජලය දින 208ක් සාගර තාප තරංග තත්වයන් තුළ සිටි බවයි. සමහර දකුණු ප්‍රදේශ මෙම කාල පරිච්ඡේදය තුළ දින 27කට වඩා වැඩි කාලයක් සමුද්‍ර තාප තරංග තත්වයන් අත්විඳ තිබේ. උතුරු දිවයිනේ ප්ලෙන්ටි බොක්කෙහි ජලය මුළු අවුරුද්දම තාප තරංගයේ පැවතුනි.

තාප තරංග අතර ප්‍රකෘතිමත් වීම සඳහා විශේෂවලට සුළු විවේකයක් ලබා දීමත් සමඟ විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ සමහර පරිසර පද්ධති මතුපිටට යටින් තුඩක් කරා ළඟා වන බවත්, එහි බලපෑම් වසර ගණනාවකට පසුව දැනෙනු ඇති බවත්ය. මාළු, මුහුදු පක්ෂීන්, තල්මසුන්, ඩොල්ෆින් සහ නවසීලන්තයේ ඩොලර් බිලියන ගණනක ධීවර කර්මාන්තය සඳහා මෙමගින් සිදුවිය හැකි බලපෑම කුමක්දැයි කිසිවෙකු තවමත් දන්නේ නැත.

විද්‍යාඥයින් සහ ප්‍රජාවන් බලපෑම ගණනය කිරීමට පටන් ගන්නා විට, Aotearoa හි ඇති වන තත්වයන් දේශගුණික විපර්යාස යටතේ ලෝකයේ සාගරවල අනාගතය පිළිබඳ පෙරදසුනක් සපයයි: 2100 වන විට ලොව පුරා සාගර ජලය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 4කින් පමණ ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. නවසීලන්තය වටා ඇති තාප තරංග දැනටමත් සාගර ජීවී විශේෂවලට කළ හැකි දේ පිළිබඳ දර්ශනයක් ලබා දෙයි.

අනතුරු ඇඟවීමේ සංඥා / Warning signs

වෛද්‍ය ඩැනියෙල් තෝමස් little kororā (කුඩා පෙන්ගුයින් විශේෂයකි) උගේ කඳෙන් ඔසවා සමීපව බැලීමට නැඹුරු විය. ලෝකයේ කුඩාම පෙන්ගුයින් විශේෂය වන සුරංගනා පෙන්ගුයින් (fairy penguin) බොහෝ ලස්සනය. ඔවුන්ගේ නිල් පිහාටු බැබළෙයි. ටබී කුරුල්ලන් (tubby birds) බොහෝ විට නවසීලන්තයේ වෙරළ තීරයේ කඳු වැටි මත එකට ඇවිදිමින් සිටිනු දක්නට ලැබේ.

වෛද්‍ය තෝමස් මියගිය කුරුල්ලා කපා, නිකටෙන් පහළට පිහාටු ලිහා දැමීය. “අපි සොයන පළමු දෙය නම් – ඔවුන්ට මාංශ පේශි තිබේද?” ඔහු කියයි. “මෙම කුරුල්ලන්ගේ ශරීරයේ විශාලතම මාංශ පේශි විය යුත්තේ ඔවුන්ගේ පපුව මත ඇති පියාසර කරන මාංශ පේශි විය යුතුය. සෑම විටම අපට එය නොපෙනේ”

මෙම පක්ෂීන් තෝමස්ගේ විච්ඡේදක මේසය මතට පැමිණියේ 2018 දී ය. තවත් දැඩි තාප තරංග කාල පරිච්ඡේදයක් වන නවසීලන්තයේ “උණුසුම් බ්ලොබ් වසර / hot blob year” පැසිෆික් සාගරය හරහා විශාල උණුසුම් ජල ප්‍රමාණයක් ගමන් කරමින් ජල උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් පමණ ඉහළ නංවයි. . පසුගිය දශකය තුළ සිදු කරන ලද අධ්‍යයනවලින් හෙළි වූයේ විශාල උෂ්ණාධික සිදුවීම් හේතුවෙන් වසරකට මුහුදු පක්ෂීන් මිලියනයකට වඩා මිය ගොස් ඇති බවයි.

මෙම පක්ෂීයාගේ කුඩා රාමු ප්‍රවේශමෙන් පරීක්‍ෂා කළ වෛද්‍ය තෝමස්ට ඔවුන් මිය යන විට කුසගින්නෙන් පෙළෙමින් සිටි බව සනාථ වන සියලු සලකුණු දුටුවේය: මේදය, මාංශ පේශි නොමැතිකම සහ අන්ත්‍රයේ ඝන අඳුරු රුධිරය.

2022 දී සාගර තාප තරංග නැවතත් නවසීලන්තයට පහර දීමට පටන් ගත් විට, මියගිය කොරෝරා සිය ගණනින් වෙරළ තීරයේ ගොඩ ගැසීමට පටන් ගත්තේය. ඔවුන්ගේ කුඩා සිරුරු ප්ලෙන්ටි බොක්කෙහි වැලිවල වළලනු ඇත. සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිගමනය කළේ කුරුල්ලන් කුසගින්නෙන් මිය ගිය බවයි. උණුසුම් ජලය හේතුවෙන් මසුන් නැවත හැරීම යාම නිසා කොරෝරා පෙන්ගුවින්ට ඔවුන් වෙත ළඟා වීමට නොහැකි විය.

සාගර ධාරා (Marine heatwaves), අඩු පීඩන කාලගුණය සහ ලා නිනා කාලගුණ පද්ධති ඇතුළු සාධක ගණනාවක් නිසා සමුද්‍ර තාප තරංග ඇති විය හැකිය. නමුත් හරිතාගාර වායූන් සමස්ත දේශගුණය රත් කරන විට සාගර ද සාගරය උණුසුම් වේ.

“මේ සියල්ලේ පසුබිම තුළ ඔබට මානව දේශගුණික විපර්යාස (anthropogenic climate change) තිබේ. සාගර උණුසුම් වෙමින් පවතින බැවින් සාගරය, සාගර තාප තරංගයක් බවට පත් කිරීම වඩාත් පහසු වේ.

සාගරය බර ඉසිලීමක් කරමින් සිටී

පළමු අධ්‍යයනයන් පදනම් වන්නේ නවසීලන්තයේ පසුගිය වසර දෙකේ තාප තරංග මත පමණි. Weather and Climate සඟරාවේ අලුතින් ප්‍රකාශයට පත් කරන ලද ඒකාබද්ධ පත්‍රිකාවක 2021/22 ගිම්හානයේ උෂ්ණත්වය “අසමසම / unparalleled” ලෙස හැඳින්වේ. කෙසේ වෙතත් එතැන් සිට මාස කිහිපය තුළ තත්වයන් වඩාත් උණුසුම් වී ඇත. “පසුගිය ගිම්හානයේදී සහ සරත් සෘතුවේ දී එය ඇත්තෙන්ම විශාල සමුද්‍ර තාප තරංගයක් විය. නමුත් මේ වසරේ එය වඩාත් නරක අතට හැරී ඇත” අධ්‍යයනයේ සම කර්තෘ ස්මිත් පවසයි.

නවතම පර්යේෂණ මගින් උණුසුම් ජලයේ ජීවත් වන සමහර විශේෂවල මියයාමට එරෙහිව උෂ්ණත්වය ඉහළ යාම වඩාත් නිශ්චිත ලෙස සිතියම්ගත කළ හැකිය. ෆියර්ඩ්ලන්ඩ් වෙරළට ඔබ්බෙන්, උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ මුහුදු ස්පොන්ජ් විශාල වශයෙන් සුදු විය. බටහිර වෙරළ තීරයේ, සාමාන්‍යයෙන් වෙරළ තීරයේ ඇති යෝධ  bull kelp ශාකයේ ඝන රන් පැහැති අතු හදිසියේම මිය ගියේය. එම වසරේ දේශීය සමුද්‍ර රක්ෂිතයේ විශේෂවලින් 90%ක් අතුරුදහන් විය. ඔවුන් ලුහුබැඳ ගිය එක් විශේෂයක් වූයේ කොරෝරා පෙන්ගුයින් මරණ සහ කුසගින්නෙන් පෙළෙන පැටවුන් තාප තරංග සමඟ සමපාත වන ආකාරය සිතියම් ගත කිරීමයි.

වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු වන මහාචාර්ය ජේම්ස් බෙල් පවසන්නේ, “2021/22 තාප තරංගයේ සාගර සත්ත්ව විශේෂ කෙරෙහි ඇති වූ බලපෑම් පෙර තාප තරංග වලදී වාර්තා වූ සියල්ලට වඩා විශාල ය. අපගේ ජලයේ සිටින බොහෝ සාගර විශේෂ සඳහා, ඔවුන්ට ඔරොත්තු දිය හැකි උෂ්ණත්වයන් අපි නොදනිමු. එබැවින් අනාගතයේ වඩාත් තීව්‍ර සාගර තාප තරංග අප අද දක්වා දැක ඇති ප්‍රමාණයට වඩා විශාල බලපෑම් ඇති කිරීමට ඉඩ ඇත

නවසීලන්තයේ ඉහළම සමුද්‍ර විද්‍යාඥවරියක වන ආචාර්ය රොෂෙල් කොන්ස්ටන්ටයින් Dr (Rochelle Constantine) නවසීලන්තයේ විශාල සාගර ක්ෂීරපායීන්ගේ සංචාර සහ සංක්‍රමණ සොයා ගැනීමට වැඩි කාලයක් ගත කරයි. ටොහෝරා (Tohorā) හෝ දකුණු තල්මසුන් (southern right whale) වැනි සමහරක් “දේශගුණික මුරකරුවන් / climate sentinels” ලෙස සලකනු ලබන්නේ ඔවුන්ගේ හැසිරීම් වල වෙනස්කම් මතුපිටට යටින් මාරුවීම් සංඥා කළ හැකි බැවිනි.

කොන්ස්ටන්ටයින් පවසන්නේ “ගෝලීය තාපය අවශෝෂණය කරගනිමින් සාගර බර ඉසිලීමේ වැඩි කොටසක් සිදු කර ඇත. හරිතාගාර වායු විමෝචනය මගින් ජනනය වන අතිරික්ත තාපයෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට මුහුද විසින් ලබා ගනී. (එම තාපය අවශෝෂණය)  එය මතුපිට ජලයට පමණක් නොව සාගරයේ ගැඹුරට පවා බලපායි.

ඇගේ පරීක්ෂණ ඉදිරියෙන් ඇති බොක්ක හවුරාකි බොක්කෙහි (Hauraki Gulf / Tīkapa Moana) වපසරිය දක්වා විහිදේ. එය සාගර ජීවීන් සඳහා ගෝලීය උණුසුම් ස්ථානයකි. මෝරුන් සහ ඕර්කා, තල්මසුන් සහ ඩොල්ෆින්, බෙල්ලන් සහ මඩුවන් සඳහා නිවහනකි. ලොව දන්නා මුහුදු පක්ෂි විශේෂවලින් 25%ක් පමණ ද දන්නා තල්මසුන් සහ ඩොල්ෆින් විශේෂවලින් 20%ක් ද ගල්ෆ් කලාපයේ යම් අවස්ථාවක දී දැක ඇත. සාගර ජලය රත් වන විට බොහෝ සාගර විශේෂ (බෲඩර් තල්මසුන් සහ ඩොල්ෆින්) සිය ගමනාන්ත වෙනස් කරමින් සිටී.

  • Hauraki Gulf / Tīkapa Moana යනු නවසීලන්තයේ උතුරු දූපතේ වෙරළබඩ ලක්ෂණයකි. එය 4000 km² ක වපසරියකින් යුක්ත වන අතර, එය අනුපිළිවෙලින්, ඕක්ලන්ඩ් කලාපය, හවුරාකි තැනිතලාව, කොරමැන්ඩල් අර්ධද්වීපය සහ මහා බාධක දූපත අතර පිහිටා ඇත.

“පද්ධති නරඹමින් සිටින පුද්ගලයන් එය අවශ්‍ය තරම් වේගයෙන් විස්තර කිරීමට අරගල කරති. නමුත් එය වෙනස් වන බව අපි දනිමු.  එය වඩාත් කනස්සල්ලට කරුණක් වන වෙනස් වීමේ වේගයයි. මේවා වසර සිය දහස් ගණනක් හෝ මිලියන ගණනක් තිස්සේ සාපේක්ෂ වශයෙන් සාමාන්‍ය අවකාශයන් වන අතර දැන් සත්‍ය වශයෙන්ම සතුන්ට සහ පරිසර පද්ධති වලට සාර්ථකව මුහුණ දිය නොහැකි තරම් වේගයෙන් වෙනස් වෙමින් පවතී.” කොන්ස්ටන්ටයින් පවසයි.

අපි හිතුවා අපිට තව කල් තියෙනවා කියලා

සාගරයේ සිදුවන වෙනස්කම් විද්‍යාත්මක කවයෙන් පිටත දක්නට ලැබෙන තරමට කැපී පෙනේ.

බ්ලෙන්හයිම් (Blenheim) වලට ඉහළින් පිහිටි කඳුකරයේ, වයින් කර්මාන්තශාලා සහ පයින් වගාවන් අතර, පටු මාර්ගය ඔස්සේ ට්‍රක් රථ ජනවාරි මාසය පුරා ධාවනය විය. ඒවා මුහුදු වෙරළේ සිට කඳුකරය දක්වා වංගු පසුකරමින්, උණුසුම් ගිම්හාන මාස හරහා, 160 වාරයක් ගමන් කරනු ඇත. එම ට්‍රක්වල ටොන් ගණනින් මාළු පටවා ඇත. සැමන් පවුලේ මිල අධිකම ප්‍රභේදය වන කිං හෝ “චිනූක්” සැමන්, (king or “chinook”) එක් විශාල මාළුවෙකු ඩොලර් 1,700 දක්වා විකිණිය හැකි තරම් වටින්නේය.

පසුගිය වසරේ Marlborough හි මත්ස්‍ය ගොවිපළවල අවට උෂ්ණත්වය ඉහළ යාමෙන් බේරීමට නොහැකිව මත්ස්‍යයන් දහස් ගණනින් මිය ගොස් තිබුණි. උණුසුම් ප්‍රදේශ වල සමස්ත මත්ස්‍ය සම්පතෙන් 42% ක් පමණ මිය ගියේය. රටේ විශාලතම සැමන් නිෂ්පාදකයා වන NZ King Salmon නිවේදනය කළේ ගොවිපොළ අවට ජලය රත් වූ බැවින් එහි සමහර ගොවිපළ වසා දැමීමට සිදුවන බවයි.

“මම මෙම සමාගමට සම්බන්ධ වන විට, ‘සාමුද්‍රීය තාප තරංග (marine heatwave) ‘ යන යෙදුම මම කිසි දිනෙක අසා තිබුණේ නැහැ” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ග්‍රාන්ට් රෝස්වර්න් පැවසුවේ සමාගම පාඩු ගණනය කළ බැවිනි.

“මෑතකදී ඒවා තුනක් තිබුණා. අපි හිතුවා අපිට තව කල් තියෙනවා කියලා. දේශගුණික විපර්යාස මන්දගාමී ක්‍රියාවලියක්. නමුත් බොහෝ අය සිතනවාට වඩා වේගවත්.” ග්‍රාන්ට් රෝස්වර්න් පැවසුවේය.

නවසීලන්තයේ මුහුදු ආහාර කර්මාන්තය ආර්ථිකයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ඩොලර් බිලියන දෙකක පමණ අපනයන ආදායමක් එමගින් උපයන අතර  13,000 කට වැඩි පිරිසක් එහි සේවය කරයි. සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යන විට මුහුදු ආහාර කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වෙයි.

“සාගර ධීවර කර්මාන්තයේ නියත වශයෙන්ම වෙනස්කම් සිදුවී තිබෙනවා. නවසීලන්තයේ මුහුදු ආහාරවල මිල ගණන් ගැන ඇත්තෙන්ම මට බයක් දැනෙනා ”ග්‍රාන්ට් පවසයි.

නවසීලන්තයේ සාගර සහ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන Rachel Brooking පවසන්නේ “සාගර තාප තරංග දිගටම සිදුවෙනවා නම් එය භයානක දෙයක්. අපි එය ඉතා බැරෑරුම් ලෙස ගත යුතුයි.”

දේශගුණය දිගටම උණුසුම් වන බැවින් නිවා ව්‍යාපෘති (Niwa projects) පවසන්නේ වසරකට සාගර තාප තරංග සාමාන්‍ය දින ගණන සියවස අවසන් වන විට දෙගුණයක් විය හැකි බවයි.

නවසීලන්තයට ඉදිරියේ ඇති වෙනස්කම් මොනවාද යන්න පිළිබඳ යම් හැඟීමක් එහි මෑත අතීතයෙන් සොයාගත හැකිය. වසර පහකට පෙර විද්‍යාඥයන් පිරිසක් South Taranaki bight වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක වාඩි වී සිටි බව කොන්ස්ටන්ටයින්ට මතකය. ඔවුන් එහි පැමිණ සිටියේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ මෙම ජලයට පැමිණෙන පිග්මි නිල් තල්මසුන් කණ්ඩායමක් දැකීමටය. ග්‍රීෂ්ම මාසවලදී, ගැඹුරේ සිට සිසිල් ජලය මතුපිටට ආසන්න උණුසුම් ජලය සමඟ මිශ්‍ර වී zooplankton පොහොසත් කලාපයක් නිර්මාණය කිරීම සඳහා ඉහළට ගලා යන උස්බිම් වල රැඳී සිටීමට ඔවුන් කැමතිය. පර්යේෂකයන් ක්ෂිතිජය නිරීක්ෂණය කළේ පිග්මි තල්මසුන් හුස්ම ගන්නා විට එන ජලධාරා නිරීක්ෂණය මගින් ඔවුන් සොයා ගැනීමටය. එහෙත් ඒ අවුරුද්දේ කිසිවක් වැරදි තිබුණේය. පුළුල් හිස් සාගරය දෙස බැලූ විද්‍යාඥයන්ට තල්මසුන් නැති වී ඇති බව වැටහුණි.

“ඒත් හරියට ඔවුන් කොහෙද?” කොන්ස්ටන්ටයින් පවසයි.

නමුත් 2018 වසරේ උණුසුම් ජල තලය නවසීලන්ත වෙරළට පහළට ගමන් කිරීම සමග සිදු වූ වෙනස්කම් මගින් ආහාර සහ සිසිල් ජලය සෙවීම සඳහා තල්මසුන් කිලෝමීටර් සිය ගණනක් දකුණට යවා ඇත. (එහිදී) විද්‍යාඥයින් අවසානයේ ඔවුන් සොයා ගත්හ.

තාපය සතුන් හැසිරෙන ආකාරය සහ ආහාර සඳහා ජීවත් වන සහ දඩයම් කරන ආකාරය වෙනස් කරයි. තල්මසුන් මෙන් ගමන් කළ හැකි අය එසේ කළහ. නමුත් එසේ කළ නොහැකි සතුන් පහසුවෙන් අමාරුවේ වැටෙන්න පුළුවන.

“මෙය මිනිසුන් මෙහි පැමිණීමට බොහෝ කලකට පෙර නිල් තල්මසුන් පෝෂණය කළ ස්ථානයක් වුණා” කොන්ස්ටන්ටයින් පවසයි.

  • සැකසුම – නදීෂා විජේරත්න
  • මූලාශ්‍රය – The Gardian