මෝචා සුළි කුණාටුව (Cyclone Mocha) ඊයේ (14) ඉරිදා බංග්ලාදේශයේ සහ මියන්මාරයේ සමහර ප්‍රදේශවලට තද සුළං සහ ධාරානිපාත වර්ෂාවක් ගෙනා අතර අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ලක්ෂ පහක ජනතාව ඉවත් කිරීමට හේතු විය.

පැයට සැතපුම් 160කට වඩා වැඩි වේගයකින් හමා ගිය සුළි කුණාටුවෙන් ලොව විශාලතම සරණාගත කඳවුර වන Cox’s Bazar වෙත දැඩි අලාභ හානනි සිදුවිය.  එහි කූඩාරම් 1,300කට වැඩි ප්‍රමාණයක් විනාශ විය. අධික වර්ෂාව සමග නායයෑම් සහ ගංවතුර ඇති වූ අතර එයින් තත්ත්වය තව දුරටත් දරුණු විය.

කුණාටුව රට අභ්‍යන්තරයට ගමන් කරන විට එහි වේගය සැලකිය යුතු ලෙස අඩාල විය. කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ගලවා ගැනීමේ උත්සාහයන්ට බාධාවක් විය හැකි බව බලධාරීහූ පවසති.