Cop28 සත්කාරක UAE හි ප්‍රවේශය ‘භයානක’ බව UN හි හිටපු දේශගුණික ප්‍රධානියා පවසයි

2023 නොවැම්බරයේ දී පැවැත්වීමට නියමිත Cop28 දේශගුණ සමුළුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රවේශය “ඉතා භයානක” සහ එක්සත් ජාතීන්ගේ පැවැත්මට සෘජු තර්ජනයක් බව UN හි හිටපු දේශගුණික ප්‍රධානියා වන ක්‍රිස්ටියානා ෆිගර්ස් (Christiana Figueres) අවධාරණය කළාය. 

මම පුදුමයට පත් කරන්නේ තෙල් හා ගෑස් කර්මාන්තය ඉතිහාසයේ දකුණු පැත්තට යාමට කිසිදු උත්සාහයක් නොගැනීමයි. ඔවුන් එහි බලපෑම ගැන කිසිදු සංවේදී භාවයකින් තොරව සියල්ලන් ඉදිරියේ තම ලාභය පෙන්වමින් සිටිති. මෙම පෙර නොවූ විරූ ලාභ මනුෂ්‍යත්වයේ ප්‍රයෝජනයට යොදවන්නේ නැත. ඒවා කර්මාන්තයේ සහ එහි කොටස් හිමියන්ගේ භාවිතය සඳහා යොදා ගැනේ. ඔවුන් විසින් සිදු කර ඇති තේරීම එයයි. මම ඒ ගැන ඇත්තටම කෝපයට පත් වෙනවා

2015 දී පැරිස් දේශගුණික ගිවිසුම ඉදිරිපත් කිරීමට ප්‍රධාන භූමිකාවක් ඉටු කළ ක්‍රිස්ටියානා ෆිගියුරස් පැවසුවේ Cop28 දේශගුණ සමුළුවේ සභාපතිත්වය දරන රටට තමන්ගේම ස්ථාවරය ඉදිරිපත් කළ නොහැකි අතර ඔවුන් මධ්‍යස්ථ විය යුතු බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් හා ගෑස් නිෂ්පාදකයෙක් වන අතර, 2023 නොවැම්බර් මස පැවැත්වීමට නියමිත Cop28 සමුළුවේ නම් කරන ලද සභාපති වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික තෙල් හා ගෑස් සමාගම වන ඇඩ්නොක් හි ප්‍රධානියා ද වන සුල්තාන් අල් ජබර් ය. (Sultan Al Jaber)

සුල්තාන් අල් ජබර් විසින් කරන ලද කතාවකට ප්‍රතිචාර දක්වමින් ක්‍රිස්ටියානා මෙසේ පැවසුවාය. “අපි ශක්‍ය, දැරිය හැකි ශුන්‍ය කාබන් විකල්ප ක්‍රමක්‍රමයෙන් දිරිමත් කරන අතරම, පොසිල ඉන්ධන විමෝචනයෙන් ඉවත් කිරීම කෙරෙහි වඩාත් වැඩි අවධානය යොමු කළ යුතුයි”

CO2 විමෝචනය ග්‍රහණය කර ගැනීම සඳහා කාබන් ග්‍රහණය සහ ගබඩා කිරීමේ (carbon capture and storage – CCS) තාක්‍ෂණය භාවිතා කිරීම සහ පොසිල ඉන්ධන සම්පූර්ණයෙන්ම ඉවත් නොකිරීම ලෙස එය පුළුල් ලෙස අර්ථකථනය කරන ලදී. “එම වාක්‍යයේ ‘විමෝචන’ තිබීම ඉතා කනස්සල්ලට කරුණක්” ක්‍රිස්ටියානා වැඩි දුරටත් පැවසුවාය.

“ඔහු (ජබාර්) එකවර නැටුම් දෙකක නටන්න උත්සාහ කරනවා. ඔහු මෙසේ කියන්නට උත්සාහ කරනවා: ‘බලන්න, අපගේ විමෝචනයට වගකිව යුත්තේ පොසිල ඉන්ධන නිෂ්පාදකයින් වන අපයි. ඒ වගේම අපි, එහෙමත් නැතිනම් Cop28 සභාපතිත්වය, වැඩි දියුණු කළ කාබන් ග්‍රහණය සහ ගබඩා කිරීම හරහා ශුන්‍ය කාබන් විකල්පයන්ට (zero carbon alternatives) සහාය දෙනවා’’

“අද භාවිතා කරන [ෆොසිල ඉන්ධන] ශක්තිය ‘අපේක්ෂා කළ හැකි අනාගතය’ සඳහා ගෝලීය බලශක්ති මිශ්‍රණයේ කොටසක් ලෙස දිගටම පවතිනු ඇතැයි ඔහු සිතන කාරණය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදිරි දර්ශනයකින් එය මට පෙනෙනවා. නමුත් කොප් සභාපතිගේ දෘෂ්ටිකෝණයෙන් එය ඉතා භයානක යි. බොහෝ රටවල්, නිසැකවම අවදානමට ලක්විය හැකි රටවල් වන බව මම දන්නවා. එය ඔවුන්ගේ පැවැත්මට සෘජු තර්ජනයක් වන බැවින්, කොප් සභාපතිවරයාට මේ සම්බන්ධයෙන් සහාය දීමට කැමැත්තෙන් සිටින බව මම සිතන්නේ නැහැ. ඔබ කොප් එකේ සභාපති වන විට, ඔබ එන රටේ ස්ථාවරය ඔබට ඉදිරිපත් කළ නොහැකයි. ඔබට මධ්‍යස්ථව සිටීමට හැකි විය යුතුයි. ” ක්‍රිස්ටියානා වැඩි දුරටත් පැවසුවාය.

ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමේ අවස්ථාවක් ලබා ගැනීම සඳහා ලෝකය 2030 වන විට CO 2 විමෝචනය 45% කින් කපා හැරිය යුතුය. ක්‍රිස්ටියානා පැවසුවේ: “අපට CCS වාණිජමය වශයෙන් ලබා ගත නොහැකි අතර ඉදිරි වසර පහ හෝ හත තුළ එය ඵලදායී එකක් විය හැකියි. ඒක නිකන් වෙන්නේ නැහැ. සදාචාරාත්මක ප්‍රශ්නයකට අමතරව අපට මෙහි කාලය පිළිබඳ ප්‍රශ්නයක් ද තිබෙනවා ”

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් හා ගෑස් නිෂ්පාදකයෙක් වන අතර, 2023 නොවැම්බර් මස පැවැත්වීමට නියමිත Cop28 සමුළුවේ නම් කරන ලද සභාපති වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික තෙල් හා ගෑස් සමාගම වන ඇඩ්නොක් හි ප්‍රධානියා ද වන සුල්තාන් අල් ජබර් ය.

Sultan Al Jaber

පසුගිය ජනවාරි මාසයේ දී Cop28 සභාපති ලෙස අල් ජබාර් පත් කිරීම සැලකිය යුතු විවේචනයට ලක් විය. සෞදි අරාබිය සහ කටාරය පමණක් අභිබවා යන තෙල් හා ගෑස් ව්‍යාප්තිය සඳහා ලෝකයේ තුන්වන විශාලතම ශුද්ධ ශුන්‍ය බිඳවැටීමේ සැලසුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇති බව ගාඩියන් අප්‍රේල් මාසයේදී හෙළි කළේය.

2021 න් පසු ආරම්භ කරන ලද නව පොසිල ඉන්ධන ව්‍යාපෘති 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වීමට නොගැලපෙන බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පවසයි.

Cop28 ප්‍රකාශකයෙකු පැවසුවේ අග් ජබාර් “සියලු රටවලට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සහ පොදු පදනමක් සොයා ගැනීමට ඉඩ සලසන අපක්ෂපාතී ක්‍රියාවලියකට නායකත්වය දීමට කැපවී සිටින” බවයි.

“ෆොසිල ඉන්ධන විමෝචනය ඉවත් කිරීම” යන වාක්‍ය ඛණ්ඩය CCS වෙත පමණක් යොමු වී ඇතැයි සිතීම “වැරදි අවබෝධයක්” බව ඔහු පැවසුවේය.

2030 වන විට මීතේන් විමෝචනය ශුන්‍ය කිරීමටත්, 2050 වන විට ශුද්ධ ශූන්‍ය වටා පෙළගස්වන ලෙසත් අල් ජබාර් ඉල්ලා ඇත.

ජාත්‍යන්තර බලශක්ති නියෝජිතයායතනයේ ප්‍රධානියා වන Fatih Birol මෙසේ පැවසීය: “2022 දී බලශක්ති මිල ඉහළ යාමෙන් බොහෝ දෙනෙකුට දැඩි ලෙස පහර වැදී ඇත. නමුත් තෙල් හා ගෑස් කර්මාන්තය සඳහා එය වාර්තාගත ලාභ ලැබූ වසරකි. එය පුළුල් ප්‍රයෝජනයක් සඳහා භාවිතා කිරීමට දැන් කාලයයි’’

තෙල් හා ගෑස් කර්මාන්තයේ මෙහෙයුම් වලින් විමෝචනය ගෝලීය විමෝචනයෙන් 15%ක් වන නමුත් ඩොලර් බිලියන 600ක ආයෝජනයකින් 2030 වන විට මේවා 60% කින් කපා හැරිය හැකි බව ඔහු පැවසීය. “[එය] පසුගිය වසරේ කර්මාන්තය උපයාගත් ඩොලර් ට්‍රිලියන ගණනට වඩා බෙහෙවින් අඩු යි”.

මෙය සත්‍යයේ මොහොතක. දේශගුණික සාකච්ඡාවලදී තෙල් හා ගෑස් කර්මාන්තය බැරෑරුම් ලෙස සැලකීමට අවශ්‍ය නම් එය එහි ක්‍රියාව පිරිසිදු කළ යුතුය. ප්‍රධාන තෙල් සහ ගෑස් නිෂ්පාදකයෙකු විසින් සත්කාරකත්වය සපයනු ලබන, UAE හි Cop28 සමුළුව යනු විමෝචනය කපා හැරීම සඳහා සැබෑ කැපවීමක් ප්‍රදර්ශනය කිරීමට [කර්මාන්තයට]ඇති  සුවිශේෂී අවස්ථාවකි.

ක්‍රිස්ටියානා ද ගෝලීය පොසිල ඉන්ධන කර්මාන්තය සහ එහි “කම්පන සහගත” ලාභය මෑත දී දැඩි ලෙස විවේචනය කළාය.

ඇය මෙසේ පැවසුවාය: “මම පුදුමයට පත් කරන්නේ තෙල් හා ගෑස් කර්මාන්තය ඉතිහාසයේ දකුණු පැත්තට යාමට කිසිදු උත්සාහයක් නොගැනීමයි. ඔවුන් එහි බලපෑම ගැන කිසිදු සංවේදී භාවයකින් තොරව සියල්ලන් ඉදිරියේ තම ලාභය පෙන්වමින් සිටිති. මෙම පෙර නොවූ විරූ ලාභ මනුෂ්‍යත්වයේ ප්‍රයෝජනයට යොදවන්නේ නැත. ඒවා කර්මාන්තයේ සහ එහි කොටස් හිමියන්ගේ භාවිතය සඳහා යොදා ගැනේ. ඔවුන් විසින් සිදු කර ඇති තේරීම එයයි. මම ඒ ගැන ඇත්තටම කෝපයට පත් වෙනවා ”

පසුගිය වසර 50 තුළ තෙල් හා ගෑස් කර්මාන්තය වසරකට ඩොලර් ට්‍රිලියනයක ශුද්ධ ලාභයක් උපයා ඇත.

theguardian.com