• 2040 වන විට ප්ලාස්ටික් දූෂණය 80% පහළට

  • ඩොලර් ට්‍රිලියන ගණනක ආර්ථික සහ පාරිසරික ප්‍රතිලාභ

එක්සත් ජාතීන්ගේ වාර්තාව ඇස්තමේන්තු කර ඇත්තේ ඉදිරි වසර 20 තුළ ප්ලාස්ටික් දූෂණය 80% කින් අඩු කිරීමෙන් සෞඛ්‍යයට, දේශගුණයට, වායු දූෂණයට, සාගර පරිසරයට සහ ප්ලාස්ටික් සමාගම්වලට එරෙහිව ගෙන එන නඩු සඳහා වන නීතිමය වියදම් ඇතුළුව ඩොලර් ට්‍රිලියන තුනකට වඩා වැඩි හානියක් වළක්වා ගත හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UN Environment Programme – Unep) වාර්තාවකට අනුව 2040 වන විට ගෝලීය ප්ලාස්ටික් දූෂණය (Global plastic pollution) 80% කින් අඩු කළ හැකිය. අවශ්‍ය ප්‍රධාන වෙනස්කම් ප්‍රායෝගික සහ දැරිය හැකි මිලකට ඒවා කළ හැකි බව ද අදාළ වාර්තාව වැඩි දුරටත් පවසයි.

මෙහි පළමු පියවර වන්නේ අධික ලෙස ඇසුරුම් කිරීම වැනි අනවශ්‍ය ප්ලාස්ටික් ඉවත් කිරීමයි. ඊළඟ පියවර වන්නේ නැවත පිරවිය හැකි බෝතල් භාවිතය, ප්‍රතිචක්‍රීකරණය ඉහළ නැංවීම සහ ප්ලාස්ටික් වෙනුවට හරිත විකල්ප වැනි ප්ලාස්ටික් නැවත භාවිතය වැඩි කිරීමයි.

ලෝකය දැනට වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 430ක් නිෂ්පාදනය කරන අතර ඉන් තුනෙන් දෙකක් කෙටිකාලීන නිෂ්පාදන වන අතර ඒවා ඉක්මනින් අපද්‍රව්‍ය බවට පත්වේ. වර්තමාන ප්‍රවණතා අනුව 2060 වන විට නිෂ්පාදනය තුන් ගුණයකින් වැඩි කිරීමට නියමිතය.

රාජ්‍ය ප්‍රතිපත්ති සහ ප්ලාස්ටික් කර්මාන්තයේ වෙනස්කම් මගින් මෙහෙයවනු ලබන මෘදු ක්‍රියාමාර්ග තුළින් ප්ලාස්ටික් දූෂණය 2040 දී ටොන් මිලියන 227ක සිට ටොන් මිලියන 40 පමණ දක්වා පහත දැමිය හැකිය.

මෙම වෙනස්කම් මගින් සෞඛ්‍යයට, දේශගුණයට සහ පරිසරයට ප්ලාස්ටික් නිසා සිදුවන හානිය අවම කිරීම හේතුවෙන ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා ප්‍රතිලාභ හිමිවනු ඇති බව ද එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

ප්ලාස්ටික් දැන් එවරස්ට් කඳු මුදුනේ සිට ගැඹුරුම සාගර දක්වා මුළු පෘථිවියම දූෂණය කරයි. මිනිසුන් ආහාර, ජලය සහ ආශ්වාසය හරහා ක්ෂුද්‍ර ප්ලාස්ටික් පරිභෝජනය කරයි. එම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මිනිසුන්ගේ රුධිරයේ සහ මව්කිරි වලද දක්නට ලැබේ.

2022 මාර්තු මාසයේදී, රටවල් 193ක් ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීමට එකඟ වූ අතර, 2024 වන විට නීත්‍යානුකූලව බැඳී ඇති ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා දැන් ක්‍රියාත්මක වෙමින් පවතී, එයට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සත්කාරකත්වය දරයි. දෙවන වටයේ සාකච්ඡා මැයි 29 වැනිදා ආරම්භ වේ. එ

“අපි ප්ලාස්ටික් නිෂ්පාදනය කරන, භාවිතා කරන සහ බැහැර කරන ආකාරය අනුව පරිසර පද්ධති දූෂණය කිරීම, මිනිස් සෞඛ්‍ය සඳහා අවදානම් නිර්මාණය කිරීම සහ දේශගුණය අස්ථාවර කිරීම සිදුකරනවා” යනුවෙන් Unep හි විධායක අධ්‍යක්ෂ Inger Andersen පැවසුවාය.

පරිසර පද්ධතිවලින්, අපගේ ශරීරයෙන් හා ආර්ථිකයෙන් ප්ලාස්ටික් ඉවත් කරන චක්‍රීය ප්‍රවේශයක් අනුගමනය කිරීමෙන් මෙම අවදානම් නාටකාකාර ලෙස අඩු කිරීමට මෙම වාර්තාව මාර්ග සිතියමක් සකස් කරයි.

“වාර්තාව පෙන්නුම් කරන්නේ මෙම පරිවර්තනය ආර්ථික හා සමාජීය ජයග්‍රහණ ලබා දෙනු ඇති බවයි. එමගින් රජයට සහ පෞද්ගලික අංශයට මුදල් ඉතිරි වන අතර ලක්ෂ ගණනක් නව රැකියා උත්පාදනය වනු ඇත,” ඇය පැවසුවාය.

ප්ලාස්ටික් නැවත භාවිතය වැඩි කිරීමෙන් 2040 වන විට ප්ලාස්ටික් දූෂණයෙන් 30% ක් අඩු කර ගත හැකි බව වාර්තාව ඇස්තමේන්තු කර ඇත. එවැනි යෝජනා ක්‍රමයක් 2025 දී එංගලන්තයේ ආරම්භ කිරීමට නියමිය.

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම 2040 දී පරිසර දූෂණය තවත් 20% කින් අඩු කරනු ඇති බව වාර්තාව පවසයි. වර්ජින් ප්ලාස්ටික්, බදු පැනවීම සහ පොසිල ඉන්ධන සහනාධාර ඉවත් කිරීම නව ප්ලාස්ටික් නිෂ්පාදනය හා සසඳන විට ප්‍රතිචක්‍රීකරණය වඩාත් ආර්ථිකමය වශයෙන් ආකර්ශනීය කිරීම සිදුවේ. මේවා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය දිරිමත් කරන ප්‍රතිපත්ති වේ. නිෂ්පාදනවල ප්‍රතිචක්‍රීකරණය වැඩි කිරීම සඳහා ඇසුරුම්කරණ මාර්ගෝපදේශ බලාත්මක කිරීම ද වැදගත් වනු ඇත.

ආහාර බහාලුම් වැනි ප්ලාස්ටික් නිෂ්පාදන, කඩදාසි හෝ කොම්පෝස්ට් කළ හැකි ද්‍රව්‍ය වැනි විකල්ප ද්‍රව්‍ය සමඟ ප්‍රවේශමෙන් ප්‍රතිස්ථාපනය කිරීමෙන් 2040 දී දූෂණයෙන් තවත් 17%ක් අඩු කළ හැකි බව වාර්තාව පවසයි.

අධ්‍යයනයකට අනුව, රැගෙන යන ආහාර සහ බීම වලින් බැහැර කෙරෙන ප්ලාස්ටික් ද්‍රව්‍ය ලෝකයේ සාගර කසළවල ආධිපත්‍යය දරයි. 2040 දී ආරක්ෂිතව බැහැර කළ යුතු ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තවමත් පවතිනු ඇති අතර මේ සඳහා නිෂ්පාදකයින් වගකිව යුතු බව Unep වාර්තාව පවසයි.

අඩු ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් පිරිවැය ඉතුරුම් සහ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් අලෙවියෙන් ලැබෙන ආදායම වැඩි වීම නිසා කර්මාන්ත පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වන බව වාර්තාව පෙන්වා දෙයි. සමස්ත මාරුව සඳහා අවශ්‍ය ආයෝජනය වසරකට ඩොලර් බිලියන 65ක් වනු ඇත. නමුත් එය ප්ලාස්ටික් කර්මාන්තය විසින් දැනටමත් ආයෝජනය කර ඇති ප්‍රමාණයෙන් අඩක් පමණ වේ.

එක්සත් ජාතීන්ගේ වාර්තාව ඇස්තමේන්තු කර ඇත්තේ ඉදිරි වසර 20 තුළ ප්ලාස්ටික් දූෂණය 80% කින් අඩු කිරීමෙන් සෞඛ්‍යයට, දේශගුණයට, වායු දූෂණයට, සාගර පරිසරයට සහ ප්ලාස්ටික් සමාගම්වලට එරෙහිව ගෙන එන නඩු සඳහා වන නීතිමය වියදම් ඇතුළුව ඩොලර් ට්‍රිලියන තුනකට වඩා වැඩි හානියක් වළක්වා ගත හැකි බවයි.

 

විශේෂයෙන් 80%ක කප්පාදුව මගින් වසරකට CO 2 විමෝචනය ටොන් මිලියන 500ක් වළක්වනු ඇත. වාර්තාව ඇස්තමේන්තු කර ඇති පරිදි  එය කැනඩාවේ විමෝචනයට සමාන වේ. මෙම මාරුව 2040 වන විට නව රැකියා 700,000ක ශුද්ධ වැඩිවීමකට තුඩු දිය හැකි අතර, බොහෝ දුරට අඩු ආදායම්ලාභී රටවල එම රැකියාව බිහිවිය හැකි බව වාර්තාව පවසයි.

Inger Andersen පැවසුවේ මෙම වාර්තාව ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් සඳහා සාකච්ඡා කරන රටවලට පවතින විකල්ප පිළිබඳව දැනුම් දීමට අදහස් කරන බවයි. 2024 දී ගෝලීය එකඟතාවකට එළඹිය හැකි බවට තමා සුබවාදීව සිටින බව ඇය පැවසුවාය:

“උතුර, බටහිර, නැගෙනහිර සහ දකුණ යන බොහෝ පැතිවලින් ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීමට දැඩි අධිෂ්ඨානයන් තිබෙනවා. ඔබ කොතැනක සිටියත් එය පොදු ගැටලුවක් වන බැවින් එය මිනිසුන්ට අවශ්‍ය දෙයක්. නමුත් මිනිසුන්ට තවමත් ප්ලාස්ටික් අවශ්‍ය විය හැකියි. නමුත් අප එය භාවිතා කරන්නේ කොතැනද සහ අප එය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන නැවත සිතා බැලිය යුතුයි. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිතය පුළුල් කිරීම සහ තනි භාවිතය හැකිතාක් සීමා කිරීමට ගෝලීය වශයෙන් කඩිනම් පියවරකට යා යුතුයි. එසේම එය පුද්ගල බද්ධව ද සිදුවිය යුතුයි. වෙනස හැකි සෑම ආකාරකයින් සිදුකළ යුතුයි. අපේ ඉලක්කය වෙත යා හැකි වන්නේ එවිට පමණයි.” Unep හි විධායක අධ්‍යක්ෂ Inger Andersen පැවසුවාය.

https://www.theguardian.com/