ලෝකයේ විල් සහ ජලාශ වලින් අඩකට වඩා හැකිලිලා – ගෝලීය අධ්‍යයනයකින් හෙළි වෙයි

ගෝලීය උණුසුම ඉහළ යාම ඇතුළු සාධක කිහිපයක් හේතුවෙන් 1992 සිට වසරකට විල් සහ ජලාශ වල ජලය ගිගා ටොන් 22ක් අහිමි වී ඇත 1990 ගණන්වල මුල් භාගයේ සිට ලෝකයේ විශාල විල් සහ ජලාශවලින් අඩකට වඩා හැකිලී ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

මේ සඳහා ප්‍රධාන වශයෙන් දේශගුණික අර්බුදය, කෘෂිකර්මාන්තය, ජල විදුලිය සහ මිනිස් පරිභෝජනය සඳහා ජල සැපයුම ඉහළ යාම හේතු වී තිබේ.

ජාත්‍යන්තර පර්යේෂකයන් කණ්ඩායමක් වාර්තා කළේ, පසුගිය තිස් වසර තුළ කැස්පියන් මුහුදේ සිට දකුණු ඇමරිකාවේ ටිටිකාකා විල දක්වා ලොව වැදගත්ම මිරිදිය ප්‍රභවයන්ගෙන් වසරකට ගිගා ටොන් 22ක පමණ ජලය අහිමි වූ බවයි. එය 2015 මුළු වසර සඳහා එක්සත් ජනපදයේ මුළු ජල භාවිතයට සමාන අගයකි.

පසුගිය 17 වැනිදා journal Science හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයට නායකත්වය දුන් වර්ජිනියා විශ්ව විද්‍යාලයේ ජල විද්‍යඥයෙකු වන Fangfang Yao පැවසුවේ ස්වාභාවික විල් වල පරිහානියෙන් 56% කට ගෝලීය උණුසුම සහ මිනිස් පරිභෝජනය හේතු වන අතර  ගෝලීය උණුසුම ඉහළ යාම “එයින් විශාල කොටස” නියෝජනය කරන බවයි.

දේශගුණ විද්‍යාඥයන් සාමාන්‍යයෙන් සිතන්නේ දේශගුණික විපර්යාස යටතේ ලෝකයේ ශුෂ්ක ප්‍රදේශ තව දුරටත් වියළි වන අතර තෙත් ප්‍රදේශ තව දුරටත් තෙත් වනු ඇති බවයි. නමුත් අධ්‍යයනයෙන් තෙත් කලාපවල පවා සැලකිය යුතු ජල හානියක් නිරීක්ෂණය කර ඇත.

“මෙය නොසලකා හැරිය යුතු නැත” යාඕ පැවසීය.

විද්‍යාඥයන් දේශගුණය සහ ජලවිද්‍යාත්මක ආකෘති සමඟ ඒකාබද්ධව චන්ද්‍රිකා මිනුම් භාවිතා කරමින් විශාල විල් 2,000කට ආසන්න ප්‍රමාණයක් තක්සේරු කර ඇත.

තිරසාර නොවන මිනිස් භාවිතය, වර්ෂාපතනයේ වෙනස්වීම් සහ ගලා යාම, අවසාදිත තැන්පත් වීම සහ උෂ්ණත්වය ඉහළ යාම ගෝලීය වශයෙන් විල් වල ජල මට්ටම් පහත හෙළීමට හේතු වී ඇති බව ඔවුන් සොයා ගත් අතර, 1992 සිට 2020 දක්වා කාලය තුළ විල් සහ ජලාශ වලින් 53%ක ජල මට්ටම පහත වැටීමක් පෙන්නුම් කරයි.

ජල හිඟය ලොව පුරා බිලියන 2කට ආසන්න ජනතාවකට සෘජු බලපෑම් එල්ල කර ඇති අතර මෑත වසරවලදී බොහෝ කලාප ජල හිඟයකට මුහුණ දී තිබේ.

දේශගුණික විපර්යාසවල වඩාත් ව්‍යසනකාරී ප්‍රතිවිපාක වළක්වා ගැනීමට නම් ගෝලීය උණුසුම ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 නොඉක්මවිය යුතු බව විද්‍යාඥයන් සහ ප්‍රචාරකයින් දිගු කලක් තිස්සේ පවසා ඇත. ලෝකය දැනට වාර්ෂිකව සෙල්සියස් අංශත 1.1ක පමණ වේගයකින් උණුසුම් වෙමින් පවතී.

 

මෙම අධ්‍යයනයෙන් හෙළි වූයේ මධ්‍යම ආසියාවේ අරල් මුහුද සහ මැද පෙරදිග මළ මුහුද තිරසාර නොවන මිනිස් භාවිතය හේතුවෙන් සිඳී ගිය විල් වන අතර ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව සහ මොංගෝලියාවේ විල් උෂ්ණත්වය ඉහළ යාමෙන් පීඩා විඳින බවයි.

බොහෝ විට ටිබෙට් සානුව වැනි දුරස්ථ ප්‍රදේශවල වේලි ඉදිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස විල්වලින් හතරෙන් එකක ජල මට්ටම ඉහළ ගොස් ඇත.

https://www.theguardian.com