One Earth විසින් සිදු කරන ලද මූලික විශ්ලේෂණයේදී එක් එක් සමාගම් විසින් ඇති කරන ආර්ථික බර ගණනය කිරීම  ප්‍රථමයෙන් සිදු කෙරේ

ලොව ප්‍රමුඛ පෙළේ පොසිල ඉන්ධන සමාගම් ඔවුන්ගේ දූෂිත ව්‍යාපාර සහ දශක ගණනාවක් තිස්සේ බොරු කීම නිසා වඩාත්ම හානියට පත් ප්‍රජාවන්ට වන්දි ගෙවීම සඳහා වාර්ෂික දේශගුණික වන්දි (annual climate reparations) සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 281ක් ගෙවිය යුතු බව නව අධ්‍යයනයක් මගින් ගණනය කර ඇත. One Earth සඟරාවේ මෙම පෙරළිකාර විශ්ලේෂණය ප්‍රකාශයට පත්කර ඇත.

ලෝකයේ ප්‍රධාන ඉන්ධන සමාගම් වන BP, Shell, ExxonMobil, Total, සෞදි අරාබියේ රාජ්‍ය තෙල් සමාගම සහ Chevron, නියඟය, ලැව්ගිනි, මුහුදු මට්ටම ඉහළ යාම, ග්ලැසියර දියවීම සහ 2025 – 2050 අතර අපේක්ෂා කරන අනෙකුත් දේශගුණික ව්‍යසන (climate catastrophes) සඳහා ඩොලර් ට්‍රිලියන 5.4ක් වගකිව යුතු බව එම වාර්තාව පෙන්වා දෙයි.

ලෝකයේ ෆොසිල ඉන්ධන වලින් ධනය උපයන ඉන්ධන සමාගම් විසින් ඇති කරන ආර්ථික බර පර්යේෂකයන් විසින් ගණනය කරන ලද පළමු අවස්ථාව මෙයයි.

දේශගුණික අර්බුදයේ ආර්ථික පිරිවැය දරාගත යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ වැඩෙන විවාදය මධ්‍යයේ, The Time to Pay the Piper යන මාතෘකාව යටතේ, දේශගුණික බිඳවැටීමට වඩාත්ම වගකිව යුතු ඉන්ධන සමාගම්වලට වින්දිතයින්ට වන්දි ගෙවීම සඳහා ඔවුන්ගේ (සමාගම්වල) “කිලිටි ධනය / tainted wealth” භාවිතා කිරීමට සදාචාරාත්මක කාරණයක් ඉදිරිපත් කරයි.

මෙම ක්‍රමවේදය මගින් අහිමි වූ ජීවිත සහ ජීවනෝපාය, ජීව විශේෂ වඳ වී යාම සහ අනෙකුත් ජෛව විවිධත්ව හානිය මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ ග්‍රහණය කර නොගත් අනෙකුත් යහපැවැත්ම සංරචකවල ආර්ථික වටිනාකම බැහැර කරන බැවින් අධ්‍යයනය මෙය සැලකිය යුතු නමුත් ගතානුගතික මිලක් ලෙස සලකයි.

“මෙය දිගුකාලීන දේශගුණික හානි, අවම කිරීම සහ අනුවර්තනය වීමේ පිරිවැය පිළිබඳ අයිස් කුට්ටියේ කෙළවර පමණි” යනුවෙන් දේශගුණික වගවීමේ ආයතනයේ සම-නිර්මාතෘ සහ අධ්‍යක්ෂ (අධ්‍යයනයේ සම-කර්තෘ) රිචඩ් හීඩ් පැවසීය.

1988 සිට එක් එක් තෙල්, ගෑස් සහ ගල් අඟුරු සමාගම්වල විමෝචනය වාර්තා කරන කාබන් මේජර් දත්ත ගබඩාව (carbon major’s database) මත අධ්‍යයනය ගොඩනගා ඇත.  දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change- IPCC) පිහිටුවන ලද වර්ෂය සහ දේශගුණික අර්බුදය පිළිබඳ විද්‍යාත්මක අවිනිශ්චිතභාවය පිළිබඳ කර්මාන්ත ප්‍රකාශයන් පිළිගත නොහැකි විය.

සාක්‍ෂි මත පදනම් වූ “දූෂකයා ගෙවයි” මිල ටැගයක් (polluter pays” price tag) නිර්මාණය කිරීම, දේශගුණය බිඳවැටීම නිසා අවම වශයෙන් දායක වූ නමුත් වැඩිම පාඩු ලබන ප්‍රජාවන් සහ රටවල් සඳහා දේශගුණ සාධාරණත්වය සාක්ෂාත් කර ගැනීමේ වැදගත් පියවරක් ලෙස මෙම අධ්‍යයනය පිළිගෙන ඇත.

Climate Action Network International හි ගෝලීය දේශපාලන මූලෝපාය ප්‍රධානී හර්ජීත් සිං මෙසේ පැවසුවේය. “වැඩි වැඩියෙන් විනාශකාරී කුණාටු, ගංවතුර සහ මුහුදු මට්ටම ඉහළ යාම දිනපතා මිලියන සංඛ්‍යාත ජනතාවකට දුක්ඛිත තත්ත්වයන් ගෙන දෙන බැවින් වන්දි ගෙවීම පිළිබඳ ප්‍රශ්න කරළියට පැමිණ තිබේ. මෙම නව වාර්තාව ඔබේ මේසය මත අංක තබයි.  දූෂකයින්ට මනුෂ්‍යත්වයට සහ සොබාදහමට එරෙහි ඔවුන්ගේ අපරාධවලින් තවදුරටත් සැඟවිය නොහැකිය”

Power Shift Africa හි අධ්‍යක්ෂ මොහොමඩ් ඇඩෝ මෙසේ පැවසීය: “තෙල් සහ ගෑස් සමාගම් වලට ඔවුන්ගේ ෆොසිල ඉන්ධන මගින් සිදු කර ඇති හානිය සඳහා වන්දි ගෙවීමට සිදුවන බව පැහැදිලිය. ඔවුන්ගේ අපිරිසිදු ශක්තිය දේශගුණය විනාශ කළා පමණක් නොව, දේශගුණික ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ඔවුන් [බොහෝ අවස්ථාවලදී] ඩොලර් මිලියන ගණනක් ලොබි කිරීම් සහ වැරදි තොරතුරු සඳහා වියදම් කර ඇත’’

දේශගුණික බලපෑම්වලට මුහුණ දීම සඳහා ගෙවිය යුත්තේ කවුරුන්ද යන ප්‍රශ්නය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ජාතික රාජ්‍යවල කාර්යභාරය සහ වගකීම කෙරෙහි ය. මෙම මතය පුළුල්ව පවතිනුයේ ලෝක ජනගහනයෙන් ධනවත්ම 1% හරිතාගාර වායු විමෝචනය සම්බන්ධයෙන් දක්වන ඉහළම දායකත්වය මතය. මෙතෙක්, ධනවත් රටවල් දුප්පත් රටවල දේශගුණ විපර්යාසවලට අනුවර්තනය වීමේ ප්‍රයත්නයන් සඳහා ඉතා සුළු මුදල් ප්‍රමාණයක් ලබා දී ඇති බව සලකනු ලැබේ.

ගේලීය උෂ්ණත්වය ඉහළ යාම සමග මරණ හා දේපොළ විනාශය වෙන කවරදාටත් වඩා වේගයෙන් ඉහළ යන බැවින් වන්දි ගෙවීමේ ඉල්ලීම් වැඩි වෙමින් පවතී. පසුගිය වසරේ UN හි Cop27 සමුළුවේදී, (දේශගුණ යුක්ති ව්‍යාපාරයේ දශක ගණනාවක පීඩනයෙන් පසුව) “අලාභ හා හානි / loss and damage” මූල්‍ය අරමුදලක් පිහිටුවීමට එකඟ වූ අත,ර එමඟින් දුප්පත් රටවලට ආපසු හැරවිය නොහැකි සහ නොවැළැක්විය හැකි ආර්ථික හා ආර්ථික නොවන වියදම් සඳහා අර්ධ වශයෙන් වන්දි ගෙවිය යුතුය යන මතය පිළිගන්නා ලදි.

Cop28 ඊජිප්තුව සමුළුව පැවැත් වුණේ පෙර නොවූ විරූ ගංවතුරකින් පකිස්ථානයෙන් තුනෙන් එකක් ජලයෙන් යට වූ පසුව, නියඟය හේතුවෙන් නැගෙනහිර අප්‍රිකාවේ මිලියන 37ක ජනතාවක් කුසගින්නෙන් හා සාගින්නෙන් පෙළෙන අතර සහ යුරෝපය පුරා ඇති උෂ්ණ තරංග නිසා මරණ 20,000 කට වඩා සිදු වූ පසු බිමකය.

දේශගුණික හානිය සඳහා පොසිල ඉන්ධන සමාගම්වල මූල්‍ය වගකීම කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර දේශගුණික අරමුදල් පිළිබඳ විවාදය නැවත සකස් කරන නව අධ්‍යයනය ගැන ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාගරේතා වෙවෙරින්කේ-සිං මෙසේ පවසයි. ‘’අලාභ හා හානිය පිළිබඳ සාකච්ඡා සඳහා දිගටම බලපෑම් කරගෙන යා හැකිය. මෙම සාක්ෂි සහ යටින් පවතින ක්‍රමවේදය මගින් ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ සාකච්ඡා කරන්නන්ට දේශගුණය ආශ්‍රිත පිරිවැය සඳහා වගකීම ලොව විශාලතම ඓතිහාසික දූෂකයින් වෙත පැවරීම සඳහා සංයුක්ත රාමුවක් සැපයිය හැකිය”

සමස්තයක් වශයෙන් දේශගුණික අර්බුදයෙන් අපේක්ෂා කළ හැකි ගෝලීය ආර්ථික හානිය 2025 සහ 2050 අතර ඩොලර් ට්‍රිලියන 99ක් ලෙස ගණන් බලා ඇත. දේශගුණික ආර්ථික විද්‍යාඥයින් 700කට වැඩි ගණනකට අනුව, පොසිල ඉන්ධන විමෝචනය මෙම ඩොලර් ට්‍රිලියන 99න් ඩොලර් ට්‍රිලියන 69.6ට වගකිව යුතුය.

අධ්‍යයනය ගතානුගතිකව මෙම අනාගත දේශගුණික පිරිවැයෙන් තුනෙන් එකක් ගෝලීය පොසිල ඉන්ධන කර්මාන්තයට සහ තුනෙන් එකක් රජයට සහ පාරිභෝගිකයින්ට ආරෝපණය කරයි.

මෙයින් අදහස් කරන්නේ ඉදිරි වසර 25 තුළ අපේක්ෂා කරන දේශගුණය ආශ්‍රිත ආර්ථික පාඩුවලින් අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 23.2ක් හෝ වාර්ෂිකව ඩොලර් බිලියන 893ක් සඳහා ගෝලීය පොසිල ඉන්ධන කර්මාන්තය වගකිව යුතු බවයි.

ප්‍රධානතම තෙල්, ගෑස් සහ ගල් අඟුරු නිෂ්පාදකයින් 21 දෙනා විසින් ගෙවිය යුතු දේශගුණික හානි පිළිබඳ මිල ටැගය 1988 සිට එක් එක් සමාගමේ මෙහෙයුම් සහ නිෂ්පාදන ආශ්‍රිත විමෝචනය සහ ඔවුන්ගේ මව් රටවල ආර්ථික තත්ත්වය මත පදනම් වේ. මෙතෙක් අත්විඳින ලද උණුසුම් වීමෙන් අඩක් පමණ සිදුවී ඇත්තේ 1988 සිටය.

සමාගම්වලට වන්දි ගෙවිය හැකිය:

  • විශාලතම විමෝචනය සහිත රජය සතු සමාගම වන Saudi Aramco වාර්ෂිකව ඩොලර් බිලියන 43ක් ගෙවිය යුතුය. එය එහි 2022 ලාභයෙන් හතරෙන් එකකට සමාන වේ.
  • 2022 දී වාර්තාගත ලාභය වූ ඩොලර් බිලියන 56 හා සසඳන විට ExxonMobil වාර්ෂික වන්දි ගෙවීම ඩොලර් බිලියන 18කි.
  • පසුගිය වසරේ කොටස් හිමියන් සඳහා ඩොලර් බිලියන 68ක් උපයා දුන් ෂෙල් සහ බීපී, සාමූහිකව ඩොලර් බිලියන 8ක වගකීමක් දරනු ඇත.

කතුවරුන් අඩු ආදායම්ලාභී රටවල (ඉන්දියාව, ඉරානය, ඇල්ජීරියාව සහ වෙනිසියුලාව) සමාගම් හතරක් නිදහස් කර ඇති අතර, සදාචාරාත්මක තර්කයක් භාවිතා කරමින් මධ්‍යම ආදායම් ලබන රටවල (රුසියාව, චීනය, මෙක්සිකෝව, බ්‍රසීලය සහ ඉරාකය) නිෂ්පාදකයින් හය දෙනෙකුගේ වගකීම අඩකින් අඩු කරයි. ඔවුන්ට වැඩිපුර බදු ගෙවීමට සහ වෙනත් ප්‍රගතිශීලී දායකත්වයක් ලබා දීමට අවසර දී ඇත.

අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු වන මහාචාර්ය මාර්කෝ ග්‍රාසෝ මෙසේ පැවසීය: “ ප්‍රධාන කාබන් ඉන්ධන නිෂ්පාදකයින් සඳහා වන්දි ප්‍රමාණ කිරීම සහ ආරෝපණය කිරීම සඳහා යෝජිත රාමුව සදාචාරාත්මක න්‍යාය මත පදනම් වන අතර ඔවුන් විසින් ගෙවිය යුතු මූල්‍ය පිරිවැය පිළිබඳ සාකච්ඡාව සඳහා මෙම අධ්‍යයනය මගින් ආරම්භක ලක්ෂ්‍යයක් සපයයි’’

ජ්‍යෙෂ්ඨ නීතිඥ එරිකා ලෙනන් පවසන පරිදි, සාක්ෂි මත පදනම් වූ ක්‍රමවේදය හානි ගණනය කිරීමට සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“එය ප්‍රතිපත්ති අවකාශයන්හි සාකච්ඡා කෙරෙන දේශගුණික මූල්‍ය සඳහා ආදේශකයක් නොව අනුපූරකයකි. නමුත් දේශගුණික හානිවල පරිමාණය සහ පිරිවැය ආවරණය කිරීමේදී රාජ්‍යයන් විසින් [වමේ] දැවැන්ත පරතරය පිරවීමට උපකාරී වනු ඇත. මෙය ඩොලර් ට්‍රිලියන ගණනක දේශගුණික බලපෑම් සඳහා පොසිල ඉන්ධන සමාගම් වගවීමේ මීළඟ පියවරයි” එරිකා ලෙනන් පැවසීය.

අදහස් දැක්වීම සඳහා අධ්‍යයනයේ නම් කරන ලද ෆොසිල ඉන්ධන සමාගම් සම්බන්ධ කර ගන්නා ලදී. ෂෙල් සමාගම මෙසේ පැවසීය: “බලශක්ති පද්ධතිය දශක ගණනාවක් පුරා ප්‍රවාහනයේ සිට ඉඩම් පරිහරණය දක්වා සෑම දෙයක් ගැනම සමාජයේ තෝරා ගැනීමේ ප්‍රතිඵලයකි. දේශගුණික විපර්යාස තරම් විශාල අභියෝගයක් ආමන්ත්‍රණය කිරීම සඳහා පෙර නොවූ විරූ සහයෝගීතාවයක් අවශ්‍ය වන අතර එහිදී සෑම කෙනෙකුටම ඉටු කිරීමට කාර්යභාරයක් ඇත. අපගේ පැත්තෙන්, අපි අපගේම විමෝචනය අඩු කරන අතර අපගේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විමෝචනය අඩු කිරීමට උපකාර කිරීම සඳහා ඔවුන් සමඟ සමීපව කටයුතු කරන්නෙමු.

Saudi Aramco අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ අතර අනෙක් අය ප්‍රතිචාර දැක්වූයේ නැත.

https://www.theguardian.com