විශේෂයෙන්ම දේශගුණික විපර්යාස එම දේවල් වලට සෘජුවම බලපාන බැවින්, කෘමීන් ශාක සමඟ ඔවුන්ගේ අන්තර්ක්‍රියා වලදී එම සියලු තොරතුරු භාවිතා කරන්නේ කෙසේදැයි තේරුම් ගැනීම අපට ඉතා වැදගත්

ශාකයකට පරාග වාහකයන් (pollinators) ආකර්ෂණය කර ගැනීමේදී ආර්ද්‍රතාවය (Humidity) සුවඳ (scent) තරම්ම වැදගත් වන බව නවතම පර්යේෂණයක් මගින් අනාවරණය කරගෙන ඇත. (Humidity is as important as scent in attracting pollinators to a plant)  එය කෘෂිකර්මාන්තය තුළ විප්ලවීය පරිවර්තනයක් සිදුකරනු ඇති බවයි අධ්‍යයනයට එක් වූ  පර්යේෂකයින් කියන්නේ.

Harvard විශ්වවිද්‍යාලයේ සහ Montgomery උද්භිද මධ්‍යස්ථානයේ Cornell පර්යේෂකයන් විසින් සිදුකළ මෙම අධ්‍යයනය සම්බන්ධ වාර්තාවක් Current Biology හි ප්‍රකාශයට පත් කර ඇත.

Zamia furfuracea ශාකය පරාගණය කිරීමට වගකිව යුතු කුරුමිණියා සුවඳට මෙන්ම ආර්ද්‍රතාවයටද සංවේදී බව පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත.

  • Zamia furfuracea යනු නැගෙනහිර මෙක්සිකෝවේ ගිනිකොනදිග Veracruz ප්‍රාන්තයට ආවේණික cycad වර්ගයකි. වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

“දෘෂ්‍ය සහ සුවඳ ඉඟි මත සිදු කරන ලද කාර්යය මගින් ශාක-කෘමි අන්තර්ක්‍රියා වල ලෝකය විශාල ලෙස වෙනස් විය. දැන් අපි ශාක ප්‍රජනනය සඳහා සහ කෘමීන් තීරණ ගැනීම, පරාගණය සහ එහි සාර්ථකත්වය කෙරෙහි බලපාන තවත් සාධක කීයක් කුමන භූමිකාවක් ඉටු කරනවාද යන්න තේරුම් ගැනීමට පටන් ගෙන තිබේ.” අධ්‍යයනයේ පළමු කතුවරිය වන ආචාර්ය ෂයිලා සල්ස්මන් / Shayla Salzman පැවසුවාය.

“අපගේ පර්යේෂණයට පෙර ආර්ද්‍රතාවය මල් පැණි වාෂ්ප වීමේ ප්‍රතිඵලයක් ලෙසයි අපි සැලකුවේ. අප සොයා ගත් දෙය නම්, මෙය විශේෂිත සෛල හරහා පැමිණෙන මලෙහි සක්‍රීය ක්‍රියාවලියක් බවයි. මෙය පරිණාමීය ක්‍රියාවලියේ සුවිශේෂ ප්‍රතිලාභයක් ලෙස සැලකිය හැකියි” මෙම අධ්‍යයනයේ සම කතුවරයෙකු වන  ශාක ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය අජින්ක්‍යා දහකේ / Ajinkya Dahake පැවසීය.

මෙතෙක්, පරාගණය සහ ශාක-කෘමි අන්තර්ක්‍රියා පිළිබඳ අධ්‍යයනයේදී අවධානය යොමු කර ඇත්තේ දෘශ්‍ය සහ සුවඳ කෙරෙහි පමණය.  (මිනිසුන්ට ද අර්ථ දැක්විය හැකි සංවේදනයන්) කෙසේ වෙතත්, කෘමීන් ආර්ද්‍රතාවය සහ උෂ්ණත්වයේ වෙනස්වීම් දැනීමේ දී මිනිසුන්ට වඩා බොහෝ සංවේදීය.

“විශේෂයෙන්ම දේශගුණික විපර්යාස එම දේවල් වලට සෘජුවම බලපාන බැවින්, කෘමීන් ශාක සමඟ ඔවුන්ගේ අන්තර්ක්‍රියා වලදී එම සියලු තොරතුරු භාවිතා කරන්නේ කෙසේදැයි තේරුම් ගැනීම අපට ඉතා වැදගත්. නිදසුනක් වශයෙන්, ගොවීන්ට ආහාර බෝග පරාගණය දිරිගැන්වීමට හෝ උගුල් දෙසට කෘමීන් යොමු කිරීමට එවැනි තොරතුරු භාවිතා කළ හැකියි. අපට වෙනසක් දැනීමට ආර්ද්‍රතාවයේ සාපේක්ෂව විශාල වෙනස්කම් අවශ්‍ය වුවද, කෘමීන්ට සුළු වෙනස්කම් දැනිය හැකියි’’

“කෘමීන් සතුව ආර්ද්‍රතාවයේ ඉතා කුඩා වෙනස්කම් වලට ප්‍රතිචාර දක්වන විශේෂිත ප්‍රතිග්‍රාහක තිබෙනවා. 0.2% සිට 0.3% දක්වා වෙනස් වීම පවා ඔවුන්ගේ නියුරෝන ගිනි ගැනීමට හේතු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ මිලියනයකින් එක කොටසක (1,000,000/1) වෙනසකට වුවද කෘමි නියුරෝන ප්‍රතිචාරයක් ඇති කරනවා. චර්යාත්මකව එයින් අදහස් කරන්නේ කුමක්ද ? දැන් අපි මේ ගැන ගැඹුරින් සොයා බැලීමට පටන් ගනිමු.” ආචාර්ය ෂයිලා සල්ස්මන් පැවසුවාය.

https://phys.org/news/2023-05-pollinators-humidity-scent.html