• පරිසරවේදීන්ගේ දැඩි විරෝධතා හේතුවෙන් Shell AGM කඩාකප්පල් වෙයි

  • ආයෝජකයින් නව විමෝචන ඉලක්ක ප්‍රතික්ෂේප කරයි

දේශගුණික විරෝධතාකරුවන්ගේ දැඩි විරෝධතා හේතුවෙන් ලන්ඩනයේ Shell හි වාර්ෂික කොටස් හිමියන්ගේ රැස්වීම අවුල් සහගත විය.

FTSE 100 තෙල් සමාගම 2030 සඳහා කාබන් විමෝචනය අඩු කිරීමේ ඉලක්ක තැබීමට කොටස් හිමියන්ගේ ඡන්දයකට මුහුණ දුන් අතර, මෙම රැස්වීම පැවැති ස්ථානයට කඩා වැදුණ දුසිම් ගණනක් විරෝධතාකරුවන් පොසිල ඉන්ධන නිෂ්පාදනය වහාම නතර කරන ලෙස ඉල්ලා සිටියහ.

දේශගුණික විරෝධතා මෑත වසරවල සමාගම් වල වාර්ෂික රැස්වීම්වල නිත්‍ය අංගයක් බවට පත් වී ඇත. විශේෂයෙන් ෆොසිල ඉන්ධන ව්‍යාපෘති සඳහා ණය දෙන HSBC සහ Barclays වැනි බැංකු මෙන්ම Shell හි ප්‍රතිවාදියා වන BP ඇතුළු තෙල් සමාගම් කෙරෙහි විරෝධතාකරුවන්ගේ දැඩි අවධානය යොමු වේ.

Shell හි ප්‍රධාන විධායක ලෙස Wael Sawan සහ Shell හි සභාපති සහ BHP පතල් සමාගමෙහි හිටපු ප්‍රධාන විධායක ඇන්ඩෲ මැකෙන්සි, ෆොසිල ඉන්ධන වලින් ඉක්මනින් පුනර්ජනනීය බලශක්තියට මාරු නොවන බවට එල්ල වූ චෝදනාවලට එරෙහිව සමාගම නැවත නැවතත් ආරක්ෂා කළහ.

Wael Sawan පැවසුවේ සමාගම 2022 දී ජෛව ඉන්ධන, හයිඩ්‍රජන්, විද්‍යුත් කාර් ආරෝපණය සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළුව අඩු කාබන් බලශක්තිය සඳහා ඩොලර් බිලියන 4.3ක් ආයෝජනය කර ඇති බවයි. කෙසේ වෙතත් එය එහි මුළු ප්‍රාග්ධන වියදම වන ඩොලර් බිලියන 25න් සුළු කොටසක් පමණක් බව ඔහු පිළිගත්තේය.

ප්‍රචාරක කණ්ඩායම විසින් සංවිධානය කරන ලද දේශගුණික යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස සමාගම කොටස් හිමියන්ගෙන් ඉල්ලා සිටියේය. දේශගුණික ප්‍රචාරක කණ්ඩායමක් වන Follow This සමූහය තවමත් සමාගම් බහුතරයක් කළමනාකරණය කර නොමැති නමුත් මෑත වසරවලදී විශාල ආයෝජකයින්ගෙන් වැඩි සහයෝගයක් ක්‍රමයෙන් දිනා ඇත.

සමාගමේ මූලික ගණනය කිරීම්වලට අනුව Shell හි කොටස් හිමියන් 79.8%ක් සමාගමේ ඉල්ලීමට ප්‍රතිචාරීව ඡන්දය ප්‍රකාශ කළ අතර 20.2%  දේශගුණික ප්‍රචාරක කණ්ඩාමේ ඉල්ලීමට පක්ෂව ඡන්දය දුන්හ.

Follow This හි නිර්මාතෘ මාර්ක් වැන් බාල් ආයෝජකයින්ට පැවසුවේ සමාගම් කළමනාකාරිත්වයට අනුකූලව කොටස් හිමියන් ඡන්දය ප්‍රකාශ කිරීම “ෂෙල්ට දේශගුණික බිඳවැටීම් ඇති කිරීමට සහ සමාගමේ දිගුකාලීන අනාගතය අනතුරේ හෙළීමට ඉඩ සලසන බවයි”.

Follow This යෝජනාවට ප්‍රතිචාර වශයෙන් Sawan, තෙල් හා ගෑස් නිෂ්පාදනය කපා හැරීමට Shell තල්ලු කිරීම නොමේරූ අදහසක් වන බවත් අනෙකුත් ෆොසිල ඉන්ධන නිෂ්පාදකයින් එම හිඩැස පිරවීමට වහා ඉදිරිපත් වනු ඇතැයි ද තර්ක කළේය.

ආරක්ෂක නිලධාරීන් Shell’s AGM එකෙන් පිටත ෆොසිල් ෆ්‍රී විරෝධතාකරුවෙකු ඉවත් කරයි.

ඔහු පැවසුවේ “ලෙබනනයේ හිතෝපදේශයක් තිබෙනවා. ‘සමහර මිනිසුන් එක් මිදි ගෙඩියක් පමණක් සොයාගත් විට වයින් බඳුනක් ගොඩනඟයි.’ මට නම් පේන්නේ මේක තමයි Follow This කරන්නේ’’

ඡන්ද විමසීමේ නිල ප්‍රතිඵල අඟහරුවාදා පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

ලන්ඩනයේ ExCeL සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැවැති මෙම රැස්වීමට බාධා කිරීම් සඳහා දේශගුණික විරෝධතාකරුවන් සූදානම්ව සිටි අතර, රැස්වීමට ඇති විය හැකි “තර්ජන” පිළිබඳව තමන්ට කලින් “බුද්ධි තොරතුරු ” ලැබී තිබූ බව ෂෙල් ප්‍රධානියා පැවසීය.

ෆොසිල් ෆ්‍රී විරෝධතාකරුවෙකු ExCeL හි Shell’s AGM ට පිටතින්  විරෝධතා බැනරයක් ප්‍රදර්ශනය කරයි.

අවුල් සහගත තත්ත්වය පළමු මිනිත්තුවේදී ආරම්භ විය. රැස්වීම ආරම්භ වීමත් සමඟම එක් විරෝධතාකරුවෙක් නැඟිට කෑ ගැසීමට පටන් ගත්තේය. ඔහු පැවසුවේ “මේ රටේ ජනප්‍රියම පුද්ගලයා වන ඩේවිඩ් ඇටෙන්බරෝට ඔබ කැමතිද? බැංකු සහ විශ්‍රාම වැටුප් අරමුදල් පොසිල ඉන්ධන සඳහා ආයෝජනය කිරීම පිස්සුවක්’’ ඔහු පැවසීය.

සමාගමට අන් අයගෙන් අදහස් විමසීමට අවශ්‍ය බව පවසමින් මැකෙන්සි ඔහුට වාඩි වන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටියේය. ඊට පිළිතුරු වශයෙන්, පර්සි මේෆීල්ඩ් විසින් රචිත Hit the Road Jack ගීතයට “Go to hell, Shell” යනුවෙන් පිරිසක් ගායනා කිරීමට පටන් ගත්හ . “Shutdown Shell” සහ “අපි Jackdaw ට වෛර කරනවා’’

“අපි ඔබව ශබ්ද නඟා පැහැදිලිව අසා ඇත්තෙමු,” මැකෙන්සි පැවසීය.

විරෝධතා පැයකට වැඩි කාලයක් පැවතුනි. එක් අවස්ථාවක, විරෝධතාකරුවන් වේදිකාවට ළඟා වීමට උත්සාහ කරන විට, පුවරුව ආවරණය කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් රැස්වීම ඉදිරිපිටට දිව ගියහ. ආරක්ෂකයින් විරෝධතාකරුවන් ඉවත් කිරීමත් සමඟ ගැටුමක් ඇති විය. ආරක්‍ෂකයින් විරෝධතාකරුවන් දුසිම් ගණනක් ඉවත් කරද්දී “අපට විවාදය අවශ්‍යයි,” මැකෙන්සි පැවසීය.

ෆොසිල ඉන්ධන සූරාකෑමට සහය දීම නතර කරන ලෙස ඉල්ලා Shell’s AGM දිනයේ BlackRock පිටත Extinction Rebellion විරෝධතාවයක්.

ෂෙල් ප්‍රකාශකයෙක් මෙසේ පැවසීය: “අපි මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ගරු කරන අතර අපගේ උපායමාර්ගය සහ බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ ඕනෑම නිර්මාණාත්මක මැදිහත්වීමක් සාදරයෙන් පිළිගනිමු. කෙසේ වෙතත්, නැවත වරක් විරෝධතාකරුවන් පෙන්නුම් කර ඇත්තේ ඔවුන් ඵලදායී මැදිහත්වීමක් සඳහා උනන්දුවක් නොදක්වන බවයි. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් සමාජය පියවර ගත යුතු බව අපි එකඟ වෙමු.”

පසුගිය වසරේ, ෂෙල් සමාගමට එහි AGM නවතා දැමීමට බලකිරීමෙන් පසු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර පාරිසරික විරෝධතාකරුවන් “අපි ඔබව නවත්වන්නෙමු” යනුවෙන් කෑගැසූහ.

https://www.theguardian.com