පුනර්ජනනීය බලශක්තියෙන් Glenbrook වානේ කම්හල බල ගැන්වීම විමෝචනය 1% කින් අඩු කරනු ඇත. එය 300,000ක් පාරෙන් ඉවතට කිරීමට සමාන වේ.

නවසීලන්තය ඉතිහාසයේ විශාලතම විමෝචන අඩු කිරීමේ ව්‍යාපෘතිය නිවේදනය කර ඇත. ඒ අනුව එරට ප්‍රධාන වානේ කම්හල ගල් අඟුරුවල සිට පුනර්ජනනීය බලශක්තිය දක්වා සංක්‍රමණය වන අතර එය මෝටර් රථ 300,000 ක් පාරෙන් ඉවත් කිරීමට සමාන බව නවසීලන්ත රජය කියයි.

Glenbrook වානේ කම්හලේ භාවිතා කරන ගල් අඟුරු ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා රජය ඩොලර් මිලියන 140ක් වැය කරනු ඇති අතර, එම උත්පාදන ශක්තිය විදුලියෙන් ක්‍රියාත්මක වන උදුනක් මගින් ප්‍රතිස්ථාපනය කරයි. මෙම බලාගාරය ව්‍යාපෘතියේ පිරිවැයට ඩොලර් මිලියන 160ක දායකත්වයක් සපයනු ඇත.

දැනට Glenbrook වානේ සමාගම නවසීලන්තයේ සමස්ත විමෝචනයෙන් 2%කට හිමිකම් කියයි. නව ව්‍යාපෘතිය මගින් යකඩ යකඩ උණු කිරීම සඳහා ඩොලර් මිලියන 300ක විදුලි බලයෙන් ක්‍රියාත්මක වන චාප උදුනක් (electric-powered arc furnace) ස්ථාපනය කරනු ඇත. එම විදුලිය නවසීලන්තයේ ජාතික විදුලිබල පද්ධතිය හරහා පුනර්ජනනීය බලශක්තිය මගින් සපයනු ලබන අතර එය මූලික වශයෙන් සුළං, ජලජ සහ භූ තාප ශක්තියෙන් (geothermal energy) බල ගැන්වේ. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උදුන 2026-7 වන විට ක්‍රියාත්මක වීමට නියමිතය.

අගමැති ක්‍රිස් හිප්කින්ස් මෙම ව්‍යාපෘතිය ගැන මෙසේ පැවසුවේය. “මෙම ව්‍යාපෘතියෙන් පෙන්නුම් කරන්නේ නවසීලන්තයේ විමෝචනය හැකිතාක් ඉක්මනින් අඩු කිරීම සම්බන්ධයෙන් රජය කෙතරම් බැරෑරුම්ව සිතා බලන්නේද යන්නයි. එය රටේ සමස්ත වාර්ෂික විමෝචනයෙන් 1% ක් ඉවත් කරනු ඇත”

මෙම සැලැස්ම මගින් නවසීලන්තයේ වාර්ෂික වායු විමෝචනය ටොන් 800,000කින් අඩු කරන බව රජය පවසයි. එය නවසීලන්තයේ විශාලතම නගරවලින් එකක් වන ක්‍රයිස්ට්චර්ච්හි මුළු මෝටර් රථ ඇණියම මාර්ගයෙන් ඉවත් කිරීමට සමාන වේ.

“මෙම ව්‍යාපෘතියේ පරිමාණය අවබෝධ කර ගැනීම සඳහා, අප විසින් අද දක්වා අනුමත කර ඇති අනෙකුත් සියලුම [රජයේ අරමුදල් සහිත විමෝචන-අඩු කිරීමේ] ව්‍යාපෘති 66ට වඩා එය තනිවම කාබන් විමෝචනය අඩු කරයි,” බලශක්ති සහ සම්පත් අමාත්‍ය මේගන් වුඩ්ස් පැවසීය.

වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ දේශගුණික විපර්යාස විශේෂඥ මහාචාර්ය ජේම්ස් රෙන්වික් පැවසුවේ මෙම ව්‍යාපෘතිය රටේ විමෝචන ඉලක්ක සඳහා “ඉතා වැදගත්” සහ “විශාල ප්‍රවෘත්තියක්” බවයි. “එය ක්‍රියාත්මක වන විට ජාතික විමෝචනයේ විශාලතම තනි අඩුවීම වනු ඇත,” ඔහු පැවසීය. නමුත් “තවත් වැඩ කිරීමට” ඇති බව රෙන්වික් පැවසීය.

“1% ජාතික විමෝචනය විශිෂ්ටයි, නමුත් අපි 100% අඩු කළ යුතුයි,” ඔහු පැවසීය. “අපි තව ගොඩක් වැඩ කරන්න ඕනේ.”

මෙම සැලැස්ම “2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් දේශගුණික ඉලක්කය සපුරාලීමට නවසීලන්තය වඩා හොඳ තත්වයකට පත් කරනු ඇත” යනුවෙන් දේශගුණ අමාත්‍ය ජේම්ස් ෂෝ පැවසීය.

මෙම සැලැස්ම නවසීලන්තයේ සැලකිය යුතු පියවරක් සනිටුහන් කරයි. (ඇත්ත වශයෙන්ම එහි හරිතාගාර වායු විමෝචනය අඩු කරයි) ශුද්ධ ශුන්‍යයට ළඟා වීම සඳහා ගස් සිටුවීමේ හෝ හිලව් මිලදී ගැනීමට ප්‍රතිවිරුද්ධව එය සිදුවීම විශේෂය.

අපේ‍්‍රල් මාසයේ දී නවසීලන්ත දේශගුණ කොමිසම අනතුරු ඇඟවූයේ කාබන් දූෂණය සමනය කිරීම සඳහා ගස් සිටුවීම මත දැඩි ලෙස රඳා පැවතීම 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වීමේ එහි අභිලාෂකාමී සැලසුම් සාර්ථක කර ගැනීමට තර්ජනය කරන බවයි. මූලික වශයෙන් ගස් සිටුවීමෙන් විමෝචනයේ ශුද්ධ අඩුවීමක් සාක්ෂාත් කර ගැනීම දිගු කාලීනව පැවතිය නොහැකිය. ලැව්ගිනි හෝ ආන්තික කාලගුණික තත්ත්වයන් යටතේ වනාන්තර විනාශ විය හැකි බැවින් සහ සදහටම කාබන් ගබඩා නොකරන බැවින් ගස් සිටුවීම මත දැඩි සෙස් එල්බ ගෙන සිටීම අනතුරුදායක හා ප්‍රතිඵල අවම බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

ගෝලීය විමෝචනය සඳහා නවසීලන්තයේ සම්පූර්ණ දායකත්වය කුඩා වන අතර, ඒක පුද්ගල දළ විමෝචනය ඉහළ මට්ටමක පවතී. 2018 දත්ත වලට අනුව, නවසීලන්ත ජාතිකයන් කාබන් ඩයොක්සයිඩ් ටොන් 16.9ක තාපන බලයට සමාන හරිතාගාර වායු නිපදවයි. එය එක්සත් රාජධානියේ ඒක පුද්ගල අනුපාතය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

“දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවෙන් මිදීමට අපට මාර්ගයක් රෝපණය කළ නොහැකිය. ශුද්ධ විමෝචනයට වඩා දළ විමෝචනය අඩු කිරීම කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි” මහාචාර්ය ජේම්ස් රෙන්වික් පැවසීය.

2026-2030 කාලපරිච්ඡේදය ආවරණය වන නවසීලන්තයේ දෙවන විමෝචන අයවැය යටතේ අවශ්‍ය විමෝචන අඩු කිරීම්වලින් 5.3%ක් සහ 2031-2035 තුන්වන විමෝචන අයවැය තුළ 3.4%ක් මෙම ගනුදෙනුව දායක වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව ෂෝ පැවසීය.

https://www.theguardian.com