දකුණු යුරෝපයේ ඇල්ප්ස් සහ ඇපෙනයින් කඳුකරයේ දිගු අං කුරුමිණියන් සියල්ලම පාහේ කඳුකරයේ ඉහළ උන්නතාංශ වෙත ගමන් කරන අතර, තැඹිලි පැහැති තටු සහිත දුඹුරු සමනලයෙකු හුදකලා වී වඳ වී යාම කරා තල්ලු කරයි. මෙය ගෝලීය ප්‍රවණතාවයක නවතම ප්‍රකාශනයකි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ ජෛව විවිධත්වය මත පීඩනය වර්ධනය වීමත් සමඟ අපගේ පරිසර පද්ධති සඳහා වැදගත් වන කෘමීන් උතුරට සහ දකුණට පමණක් නොව ඉහළ කඳුකරයට පවා ගමන් කරයි.

පර්යේෂණවලින් පෙනී යන්නේ බොහෝ සතුන් සමාන චලනයන් සිදු කරන නමුත් කෘමීන්ගේ ඉහළ සංචලතාව සහ කෙටි ජනන කාලය වෙනස් කිරීම ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ඉඩ සලසන බවයි. එනම් ඉහළ උන්නතාංශ කරා යන ගම්‍යතාවය වේගවත් විය හැකි බවයි. පිරනීස් හි Bumblebees (මී මැසි වර්ගයකි) සාමාන්‍යයෙන් වසරකට මීටරයකට වඩා ඉහළට ගමන් කර ඇති අතර සමහර විශේෂයන් සැලකිය යුතු ලෙස විශාල දුරක් ගමන් කරයි. බෝර්නියෝ හි කිනබාලු කන්දේ සලබයන් ද එය අනුගමනය කර ඇත.

මේ සියල්ල ගෝලීය උණුසුම සහ ඉහළ උන්නතාංශවල පාරිසරික බලපෑම් පිළිබඳ ප්‍රයෝජනවත් දර්ශකයක් ඉදිරි පත් කරයි.

“ඔබට කන්දක් මත දේශගුණික විපර්යාස නිරීක්ෂණය කිරීමට අවශ්‍ය නම් මීටර් කිහිපයක් ඉහළට යන්න. එය අක්ෂාංශ හරහා කිරීමට අවශ්‍ය නම් ඔබ කිලෝමීටර් ගණනාවක් ගමන් කළ යුතුයි” එක්සත් රාජධානියේ සහ නිවර්තන කලාපයේ ඉහළ උන්නතාංශවල කෘමීන් පිළිබඳ වසර ගණනාවක් අධ්‍යයනය කර ඇති යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේන් හිල් පවසයි.

ඉහළට සහ ඉවතට – Plutodes flavescens සලබයන් බෝර්නියෝ හි කිනබාලු කන්දේ ඉහළට යමින් සිටී

පුළුල් උන්නතාංශ මාරුව තුළ කෘමීන් නොසන්සුන් වන අතර, ඔවුන් ඉහළට ගමන් කරන විට ප්‍රජනනයට සහ වර්ධනයට බලපෑම් ඇති විය හැකි බව අධ්‍යයනයන් පෙන්වා දී ඇත. නමුත් වෙනත් විය හැකි බලපෑම් මේ දක්වා හරිහැටි අධ්‍යයනය කර නැත. නිසැක වශයෙන්ම සත්‍ය වන්නේ ඒවා ඒකාකාරව බෙදා නොහැරීම සහ සාමාන්‍යයෙන් විශාලතම පැවැත්මේ තර්ජනයට පහත්බිම් වලින් ආරම්භ කරන කෘමීන් මුහුණ නොදෙන බවයි.

දිගු කලක් තිස්සේ ඉහළ බෑවුම්වල සිසිල් වාතයට අනුවර්තනය වූ විශේෂ සඳහා, පැවැත්මට හිතකර තත්වයන් සොයා ගැනීමට ඔවුන්ට කොපමණ දුරක් ගමන් කළ හැකිද යන්නට ස්ථාවර සීමාවන් තිබේ. එහෙත් අධ්‍යයනය කර ඇති කඳුකරයේ වාසය කරන කෘමීන්ගෙන් අඩකට වඩා ඉහළට මාරු වෙමින් පවතී.

එක්සත් රාජධානියේ ජෛව විවිධත්ව ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රමුඛතා විශේෂයක් වන Erebia epiphron හිල්ගේ හදවතට සමීප කෘමියෙකි. පසුගිය අයිස් යුගයෙන් පසුව එක්සත් රාජධානිය සිය වාස භූමියකර ගත් පසු මෙම තද දුඹුරු සමනලයා උතුරු දෙසට සහ ඉහළට පසු බැස ඇති අතර එය දැන් ස්කොට්ලන්තයේ සහ ලේක් දිස්ත්‍රික්කයේ ඉහළ උන්නතාංශවල ජීවත් වෙති. මෙම හුදකලාව ජනගහනය ජානමය වශයෙන් වෙනස් කර ඇත.

“ඔබ කඳු තරණය කිරීමට අකමැති නම් ඔබ වැඩ කරන සමනලයෙක් නොවේ. නමුත් ප්‍රතිඵලය අතිවිශිෂ්ටයි. මන්ද ඔබ මෙම කඳු මුදුන්වල සිටින නිසා සුන්දර පැහැදිලි දර්ශන සහිතයි. මන්ද සමනලුන් පියාසර කරන්නේ කාලගුණය යහපත් වූ විට පමණි. පවතින ප්‍රවණතා ආපසු හැරවීමකින් හෝ යම් නිර්මාණාත්මක මැදිහත් වීමක් නොමැතිව, එවැනි දර්ශන කවදා හෝ දුර්ලභ වීමට ඉඩ ඇත. “අපි කර ඇති කාර්යය පැමිණෙන්නේ ඔවුන්ගේ අද්විතීය ජාන විවිධත්වය සංරක්ෂණය කිරීමේ ඉදිරිදර්ශනයෙනි. දේශගුණික විපර්යාස සඳහා වන ප්‍රක්ෂේපණයන් යෝජනා කරන්නේ ඉදිරි දශක කිහිපය අවසානයේදී ජනගහනය අතුරුදහන් වනු ඇති අතර ඔවුන් අපට අහිමි විය හැකි බවයි, ” මහාචාර්ය ජේන් හීල් පවසයි.

Erebia epiphron යනු තර්ජනයට ලක් වූ එකම Erebia සමනල විශේෂය නොවේ. බ්‍රිතාන්‍යයේ Scotch argus, ඉතාලියේ Erebia athiops සහ වෙනත් තැන්වල Erebia වැනි සමනළ විශේෂවලට ද තාප සහ ජානමය මිරිකීම දැනේ. මෙම විශේෂවල දේශීය වඳ වී යාම දිගු කලක් තිස්සේ සිදුවෙමින් පවතින අතර ගෝලීය උණුසුම ඉහළ යාම ඊට සැලකිය යුතු හේතුවක් වේ. මෙය වඩාත් පොදු අතුරුදහන් වීමකට මග පාදයි ද යන්න රඳා පවතින්නේ දැන් සිදුවන දෙය මතය.

පරිසර විද්‍යාව, ඕනෑම සංසිද්ධියක් මනාව පැහැදිලි කිරීම සඳහා “දුම් තුවක්කුව / smoking gun” සොයා ගැනීම සාමාන්‍යයෙන් නොපැහැදිලි වන අතර එය මෙහි ද සිදු වේ. ඉහළට යන චලනයන් දේශගුණයෙන් ඔබ්බට සාධක සමඟ සම්බන්ධ වේ. “ආතති / stressors” පැකේජය ඊනියා “කෘමි එළිදරව්ව / insect apocalypse” සමග සමාන වේ. මහා බ්‍රිතාන්‍යයේ පරිසර විද්‍යාව සහ ජල විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානයේ ආචාර්ය ඩේවිඩ් රෝයි මෙය හොඳින් විදහා දක්වයි.

“ඔබ එංගලන්තයේ කඳුකර කෘමි විශේෂ ගැන සිතන්නේ නම්, ඔවුන් සාමාන්‍යයෙන් හීත්ලන්ඩ් හෝ තෙත්බිම් වැනි වාසස්ථානවල ජීවත්ව සිටිනු දැක ඇත. වර්තමානය වන විට මෙම ස්ථානවල නිවාස ගොඩනගා ඇත. නැතහොත් ඒවාහි ගොවිතැන් කරනු ලැබේ. නැතහොත් ඒවා සංවර්ධනය කරනු ලැබේ. එබැවින් දේශගුණය කුමක් වුවත් එවැනි විශේෂ බොහොමයක් කෙසේ හෝ නැති වී යයි. නමුත් මම හිතන්නේ දේශගුණය එම පීඩනය වැඩි කරන බවට සාක්ෂි පවතින බවයි’’

longhorn beetles වැනි දිගු අං කුරුමිණියන් දිරාපත් වන දැව පෝෂණය කරයි. ගෝලීය උණුසුම නිසා ඔවුන්ගේ ආහාර ප්‍රභවය අතුරුදහන් වුවහොත්, ඔවුන්ට චලනය වීමට සිදුවනු ඇත

අයිස් සහ හිම අහිමි වීම ගෝලීය උණුසුම සමඟ සමාන වන අතර එහි බලපෑම ගොඩබිම සහ ජලය තුළ වර්ධනය වන කඳුකර කෘමීන්ට දැනිය හැකිය. ගංගා සහ ඇළ දොළවල උෂ්ණත්වයට හා ප්‍රවාහයට බලපාන ග්ලැසියර දියවීම නිසා උන්නතාංශයේදී ජලජ කෘමීන් සඳහා වාසස්ථාන අහිමි වීමේ ඉහළ අවධානමක් තිබේ. මෙම විශේෂයන් තම ජීවිතයේ වැඩි කාලයක් ජලයේ ගත කිරීමට නැඹුරු වීමත් සමඟ, ඉහළ උන්නතාංශවල මිරිදිය විශේෂවලින් 51%ක් දැන් “ඉතා අවදානමට ලක්විය හැකි” ලෙස වර්ග කර තිබීම පුදුමයක් නොවේ.

භූමිෂ්ඨ කඳු විශේෂ සඳහා, හිම ආවරණය අන්තයට එරෙහිව බෆරයක් ලෙස ක්‍රියා කළ හැකිය. එය දිය වී ගියහොත්, ඔවුන්ගේ වඩාත්ම බිඳෙනසුලු ලෙස ආරක්ෂා කිරීම සඳහා පරිවාරක “බ්ලැන්කට්ටුවක්” ලෙස හිම මත රඳා පවතින අයට දේවල් වඩාත් දුෂ්කර වීමට අවස්ථාවක් තිබේ.

කොලරාඩෝ විශ්ව විද්‍යාලය මහාචාර්ය ක්‍රිස්ටි මැකේන් පවසන්නේ “මිනිසුන් එතරම් නොසිතන දෙයක් සන්දර්භයයි. පරිසරය හෝ දේශගුණය බිත්තර අවධියේදී හෝ කෘමීන්ගේ කීට අවධීන්හිදී විවිධ බලපෑම් ඇති කරන්නේ කෙසේද යන්න ගැන ඔවුන් සිතන්නේ නැහැ. අපි සෑම විටම ගිම්හානයේදී වැඩිණු කෘමීන් මැනීමට නැඹුරු වෙමු. නමුත් එය දේශගුණික විපර්යාසවල බලපෑම් සඳහා වඩාත්ම තීරණාත්මක කාලය නොවිය හැකිය. විශේෂයෙන් කඳුකරයේ ඇදහිය නොහැකි තරම් සීතල හා වියළි තත්ත්වය තුළ මෙය සලකා බැලිය යුතුය”

McCain විශ්වාස කරන්නේ ඓතිහාසික වශයෙන් දත්ත රැස්කර ඇති ආකාරය ඔවුන්ගේ අවබෝධයට බාධාවක් වන බවයි. බොහෝ අධ්‍යයනයන් සමනලුන් සහ සලබයන් පිළිබඳව සොයා බලා ඇති අතර තවත් බොහෝ කණ්ඩායම් නොසලකා හැර ඇත.

“ඇතැම් ආකර්ශනීය විශේෂ කෙරෙහි නියත වශයෙන්ම පක්ෂග්‍රාහීත්වයක් දැකිය හැකියි. ඉතිරි කෘමීන්, (ඔවුන්) ඉතා විවිධාකාර වන අතර අපි ඔවුන් ගැන දන්නේ අල්ප වශයෙනි” ඇය පවසයි.

ඇයගේ අදහස සනාථ කිරීම සඳහා ඇය තම විද්‍යාගාරයේ සිසුවෙකු විසින් කැරියන් කුරුමිණියන් පිළිබඳ කළ පර්යේෂණයකට අවධානය යොමු කරයි. ක්ෂුද්‍ර වාසස්ථානවල ජීවත් වන කෘමීන්ට දේශගුණයට ඔරොත්තු දීම ප්‍රවේණිගත ලක්‍ෂණයක් ඇති බව පෙන්වා දී ඇත. ක්‍රිටේසියස් යුගයේ සිටම මෙවැනි කෘමීන් පැවතීම අනුවර්තනය වීමට ඔවුන් දක්වන දක්ෂතාවයට අනුග්‍රහයක් විය හැකිය.

“සම්මත කෘමීන් / standard insect ” හෝ පාරිසරික වෙනස්කම් වලට ප්‍රතිචාර දැක්වීම වැනි දෙයක් නොමැත. සමහර කණ්ඩායම් සඳහා, එය ඔවුන් විශාල හා වඩා ජංගම, ඔවුන්ගේ අවස්ථා වඩා හොඳ අවස්ථාවක් විය හැකිය.

Microclimates වලට ඉහළ උන්නතාංශවල අසමානුපාතික බලපෑමක් ඇති කළ හැකි අතර, භූ දර්ශන ලක්ෂණ නිසා සිසිල් සහ උණුසුම් ලප ඇතිවේ. සමහර ස්ථානවල, වඩාත් නිරාවරණය වූ විශේෂවලට එල්ලී සිටීමට ඉඩ සලසමින්, දේශගුණික බලපෑම් තරමක් සමහන් විය හැකිය.

  • Microclimates යනු සාපේක්ෂව කුඩා ප්‍රදේශයක, පෘථිවි පෘෂ්ඨයට ඉහළින් සහ පහළින් මීටර් කිහිපයක් හෝ ඊට අඩු ප්‍රදේශයක සහ වියන් තුළ ඕනෑම දේශගුණික තත්වයකි -.britannica.com

“පිරනීස් වැනි ප්‍රදේශවල, කඳුකර වාසස්ථානවල සාම්ප්‍රදායික ගොවිතැන පුළුල් ලෙස අත්හැර දමා ඇත. යෞවනයන් නගරවලට යමින් සිටින අතර, මෙම ස්ථානවල ගොවිතැන් කළ වැඩිහිටි පරම්පරාව තවදුරටත් මෙහි නැත. එම සමහර වාසස්ථාන ඇත්ත වශයෙන්ම වනාන්තර බවට පත්වෙමින් පවතින අතර, මෙය දේශගුණය උණුසුම් වන විට එම පරිසරය සිසිල් කිරීමේ බලපෑමක් ඇති කළ හැකි අතර, මෙම විශේෂ සමහරක් අහිමි වීමට එරෙහිව එය බාධාවක් විය හැකිය.” රෝයි පවසයි.

Necrophila americana වැනි කැරියන් කුරුමිණියන්ට දේශගුණික අර්බුදයට ඔරොත්තු දීමේ හැකියාව පෙන්විය හැකිය.

පරිසර පද්ධති සඳහා ඔවුන්ගේ අතිවිශාල ජෛව ස්කන්ධ දායකත්වය නිසා, කුහුඹුවන්, වේයන් සහ මී මැස්සන් වැනි සමාජ කෘමීන්ගේ පරාසයේ සහ හැසිරීම් වල වෙනස්කම් අධ්‍යයනය ඉතා වැදගත් බව කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ටොම් රයිස් බිෂොප් පවසයි.

කුහුඹුවන් උණුසුම් හා සීතල යන දෙකටම අනුවර්තනය වීමේ හැකියාව පෙන්නුම් කර ඇත. පරිසර පද්ධති මත කුහුඹු ජනපදවල දැවැන්ත බලපෑම තවත් වැදගත් සලකා බැලීමක් සඳහා ආලෝකය විහිදුවීමට මනාව සේවය කළ හැකිය.

පින්තූරය පැහැදිලි නැත. ඇපලාවියන් කඳුකරයේ, සම්ප්‍රදායිකව පහත් උන්නතාංශ කුහුඹු විශේෂයක් වන Aphaenogaster rudis සමීපව සම්බන්ධ නමුත් සීතලට අනුවර්තනය වූ විශේෂ Aphaenogaster picea ඉහළට මාරු වන විට විස්ථාපනය කරයි. බිෂොප්ගේ අවධානයට ලක්වන ප්‍රදේශයක් වන දකුණු අප්‍රිකාවේ, සමාන සංසිද්ධි තවමත් දැකගත නොහැක. එවැනි අන්තර්ක්‍රියා පිළිබඳ විශාල නොදන්නා කරුණු මෙන්ම තවත් බොහෝ මූලික කරුණු පවතී.

එක්සත් රාජධානියේ Scotch argus සමනල ගහනය දේශගුණික අර්බුදයෙන් තර්ජනයට ලක්ව ඇත

“දේශගුණික විපර්යාස සමඟ බොහෝ ස්ථාන සාමාන්‍යයෙන් උණුසුම් සහ වියළි වනු ඇත. ඒක ලොකු ආතතියක්. නමුත් බොහෝ ජීවීන් වියළි බවට සහ ශුෂ්කතාවයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව අපට ඇත්තේ ඉතා අල්ප තොරතුරු ප්‍රමාණයක්. එබැවින් භෞතික විද්‍යාත්මක ඉවසීම සහ කාර්ය සාධනය පිළිබඳ වැඩි විස්තර ප්‍රධාන බව මම සිතනවා. උදාහරණයක් ලෙස නව කුහුඹු රැජින කී දෙනෙක් ජනපද ආරම්භ කළාද යන්න සොයා ගැනීම අපහසුයි. කෘගර් ජාතික වනෝද්‍යානයේ මේ වසරේ අලුතින් අලි පැටවුන් කීයක් ඉපදුණාද යන්න පැවසීම තරමක් වෙනස් ප්‍රායෝගික ගැටලුවක්. එහිදී අපට සියලුම අලි දැක ගත හැකි අතර ඔවුන් ටැග් කළ හැකියි. දේශගුණික විපර්යාස ප්‍රතිචාර තේරුම් ගැනීම සඳහා මෙම ජනගහන මට්ටමේ ප්‍රශ්න හසුරුවා ගැනීම සැබවින්ම වැදගත් වෙනවා. නමුත් එම රටා කුමක් විය හැකිද යන්න පිළිබඳව අපි කුහුඹුවන් සහ අනෙකුත් සියලුම සමාජ කෘමීන් තුළ සම්පූර්ණයෙන්ම පාහේ අන්ධයි.” ආචාර්ය ටොම් රයිස් බිෂොප් පවසයි

සැලකිය යුතු දැනුමේ හිඩැස් පිරවීම සඳහා දත්ත රැස් කරන අය මුහුණ දෙන එකම ගැටලුව කුහුඹුවන් ලුහුබැඳීම නොවේ. කඳුකර ප්‍රදේශවලට පැමිණෙන අයගේ “පුරවැසි විද්‍යාව / citizen science” දත්ත සහ ස්වයංක්‍රීය ප්‍රවේශයන් මිශ්‍ර කිරීමෙන් ජයගත හැකි වුවද, කඳු දුරස්ථ හා ප්‍රවේශ වීමට අපහසු වීම මූලික බාධකයකි.

“මිනිසුන් භූ දර්ශන වෙනස් කරන ආකාරය ගැන කෘමීන් සැබවින්ම වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබෙනවා” යැයි හීල් පවසයි.

“හරි, දැන් ඔවුන් මාරු වෙමින් මෙම වෙනස්කම් පෙන්නුම් කරන විට සහ දේශගුණික විපර්යාස බොහෝ විශේෂවලට අහිතකර බැවින්, ඔවුන් සංරක්ෂණය කරන්නේ කෙසේද යන්න ගැන අප සිතන්නේ කෙසේද?'” හිල් ප්‍රශ්න කරයි.

වඩාත් රැඩිකල් යෝජනාවක් වන්නේ වාසයට සුදුසු ස්ථාන සොයා ගැනීමේදී ජානමය වශයෙන් හුදකලා වූ විශේෂයන්ට ඔවුන්ගේ පරාසයේ සීමාවන්ට උපකාර කිරීමයි. මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ DNA ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු දේශගුණයක් සහිත ජනාකීර්ණ නොවන ප්‍රදේශවලට විශේෂ හඳුන්වා දීමය. නැතහොත් ජාන විවිධත්වය මෙන්ම තවදුරටත් වෙනස් වීමට අනුවර්තනය වීමට ඇති හැකියාව වැඩිදියුණු කළ හැකි පවතින ජනගහනය සහිත ප්‍රදේශවලට ගෙන යාමයි.

එවැනි සැලැස්මක යටින් පවතින තර්කය හොඳ බව පෙනුනද (මිනිසුන් විසින් කෘමීන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාමේ අදහස) එවැනි මැදිහත්වීම් පරිසර පද්ධති කෙරෙහි අනපේක්ෂිත බලපෑම් ඇති කරයි ද යන කනස්සල්ලට හේතු වේ.

“ඔබට එය සාර්ථකව කළ හැකි ආකාරය පිළිබඳ දැනුමක් ඇති අය එක් කර ගෙන හොඳ මාර්ගෝපදේශ පද්ධතියක් සකස් කිරීමට අපට හැකි යැයි මම සිතනවා,”  හීල් පවසයි.

පහත් බිම්වල පරාගණය වැනි පැහැදිලි ප්‍රතිලාභ ලබා දෙන, පහසුවෙන් හඳුනාගත හැකි කෘමීන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති සඳහා සහයෝගය ලබා ගැනීම සාපේක්ෂව පහසුය. බොහෝ දෙනෙකුට “නොපෙනෙන, මනසින් බැහැර” වන එම ජෛව විවිධත්වය සඳහා, වඩාත් ශක්තිමත් පදනමක් ඉදිරිපත් කිරීම එවිට පහසු විය හැකිය.

https://www.theguardian.com