ඌරන්, ගවයන් සහ කුකුළන්ගේ මේදය හරිත ජෙට් ඉන්ධන සෑදීම සඳහා භාවිතා කරන නමුත් එය පරිසරයට හානිකර තත්ත්වයකට හැරෙනු ඇතැයි නව අධ්‍යයනයක් අනතුරු අඟවයි.

සත්ව මේද අපද්‍රව්‍ය ලෙස සලකනු ලබන බැවින් එමගින් නිෂ්පාදනය කරන ගුවන් යානා ඉන්ධනවල කාබන් පියසටහන් ඉතා අඩුය. 2030 වන විට සත්ව අතුරු නිෂ්පාදන වලින් නිෂ්පාදනය කරන ඉන්ධන සඳහා ඇති ඉල්ලුම තුන් ගුණයකින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන අතර ගුවන් සමාගම් එහිදී ප්‍රමුඛ වේ. නමුත් ප්‍රවීණයන් බිය වන්නේ මෙම ඉල්ලුම හේතුවෙන් ඇති විය හැකි සත්ව මේද හිඟය නිසා එම නිෂ්පාදන භාවිතා කරන අනෙකුත් කර්මාන්තවලට වැඩිපුර පාම් තෙල් (කාබන් විමෝචනය කිරීමේ විශාල උත්පාදකයක්) භාවිතා කිරීමට බල කෙරෙනු ඇති බවයි.

ප්‍රධාන වශයෙන් ගුවන් යානා එන්ජින්වල ෆොසිල මත පදනම් වූ භූමිතෙල් දහනය කිරීමෙන් ලැබෙන විශාල කාබන් විමෝචනය පාලනය කරන ලෙස ගුවන් සමාගම් වෙත විශාල පීඩනයක් එල්ල වී ඇත. නමුත් පිරිසිදු ප්‍රවාහන ප්‍රචාරක කණ්ඩායමක් (Clean transport campaign group) වන බ්‍රසල්ස් පදනම් කරගත් Transport & Environment විසින් කරන ලද අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ සත්ව මේද සඳහා ගුවන් සමාගම්වල වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා සෑම වසරකම ප්‍රමාණවත් තරම් සතුන් ඝාතනය නොවන බවයි.

Transport & Environment හි මැට් ෆින්ච් මෙසේ පැවසුවේය “සතුන්ගේ හෝ සත්ව මේදයේ අසීමිත සැපයුමක් නැහැ. එනිසා ගුවන් සේවා සමාගම්වලින් දැවැන්ත අමතර ඉල්ලුමක් ලැබුණොත් දැනටමත් සත්ව මේදය භාවිත කරමින් සිටින කර්මාන්ත ඒ සඳහා විකල්ප සෙවීමට යොමුවිය යුතුයි. එම පහසු සහ ලාභ විකල්පය පාම් ඔයිල් බව අප අමතක නොකළ යුතුයි. යුරෝපීය පද්ධති හරහා ඇද ගන්නා පාම් තෙල් ප්‍රමාණය වැඩි කිරීම සඳහා මෙම ගුවන් සේවා සමාගම් වගකිව යුතුයි”

Palm oil

විශාල කාබන් ප්‍රමාණයක් ගබඩා කරන පැරණි වනාන්තර නව වගාවන් සඳහා එළි පෙහෙළි කිරීම නිසා ෆාම් ඔයිල් භාවිතය වැඩි වීම විමෝචනය වැඩිවීමට සම්බන්ධ වේ.

විශාල කාබන් ප්‍රමාණයක් ගබඩා කරන පැරණි වනාන්තර නව වගාවන් සඳහා එළි පෙහෙළි කිරීම නිසා ෆාම් ඔයිල් භාවිතය වැඩි වීම විමෝචනය වැඩිවීමට සම්බන්ධ වේ.

සත්ව මේද ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම බොහෝ දෙනා තුළ පුදුමයක් ඇති කරනු ඇති බව නිසැකය. එහෙත් ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉටිපන්දම්, සබන් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය සෑදීම සඳහා සත්ව මේදය භාවිතා කර ඇත. කෙසේ වෙතත් පසුගිය වසර 20ක පමණ කාලය තුළ මෙම සත්ව අපද්‍රව්‍යවලින් හෝ භාවිත කරන ලද පිසින තෙල්වලින් සාදන ලද ජෛව ඩීසල් භාවිතය ක්‍රමයෙන් වර්ධනය වී ඇත. විශේෂයෙන් එක්සත් රාජධානිය තුළ එහි කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකිය.

2006 සිට යුරෝපය පුරා මියගිය සතුන්ගෙන් සාදන ලද ඉන්ධන භාවිතය හතළිස් ගුණයකින් වැඩි වී ඇති බව නව පර්යේෂණයක් හෙළි කළේය. මෙම ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ජෛව ඩීසල් (Biodiesel) ලෙස මෝටර් රථ සහ ට්‍රක් රථවල භාවිතා කරනු ලබන අතර, එය තිරසාර ඉන්ධන ලෙස වර්ග කර ඇත. එනිසා එයට වඩා අඩු කාබන් පියසටහනක් ඇත. නමුත් එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමයේ ආණ්ඩු ගුවන් සේවා හරිතකරණය  (Aviation greener) කිරීම සඳහා මෙවැනි අපද්‍රව්‍ය භාවිතය වැඩි කිරීමට දැන් ඉතා උනන්දුවෙන් කටයුතු කරයි. ඒ සඳහා ඔවුන් අභියෝගාත්මක විධානයන් ක්‍රියාත්මක කරමින් සිටින අතර එමඟින් ගුවන් සමාගම් ඔවුන්ගේ ටැංකිවල තිරසාර ගුවන් ඉන්ධන (Sustainable aviation fuel – SAF) විශාල ප්‍රමාණයක් භාවිතා කිරීමට අවශ්‍ය වේ.

එක්සත් රාජධානිය සඳහා එය 2030 වන විට 10%ක් සහ යුරෝපා සංගමය සඳහා 6%කි. නමුත් නිරීක්ෂකයින්ට අනුව මෙම සැලසුම් සත්ව අපද්‍රව්‍ය සඳහා වර්තමාන වෙළඳපොළට පීඩනයක් ඇති කළ හැකිය.

එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර ප්‍රවේශයේ සැලකිය යුතු වෙනස්කම් ද තිබේ. එක්සත් රාජධානිය ඉන්ධන සඳහා වඩා හොඳ තත්ත්වයේ සත්ව මේදය භාවිතය සීමා කිරීමට ඉඩ ඇත. යුරෝපයේ මෙම මේදය සමඟ ලබා ගන්නා හරිතාගාර වායු විමෝචනය අඩු බැවින් මෙම වර්ගයේ ද්‍රව්‍ය භාවිතය දිරිමත් කරනු ඇත. ඉහළ යන ඉල්ලුමත් සමඟ මිල ඉහළ යනු ඇති අතර මෙය එක්සත් රාජධානියේ අපනයන දිරිමත් කරනු ඇත.

Airline

ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් සිදුවන විමෝචනය අඩු කිරීමට ගුවන් සමාගම් පීඩනයට ලක්ව ඇත

ගුවන් යානයකට ඉන්ධන සැපයීමට මිය ගිය ඌරන් කී දෙනෙක් අවශ්‍යද? මෙය බොහෝ දෙනකු තුළ කුතුහලය දනවන ප්‍රශ්නයකි. Transport & Environment ට අනුව, පැරිසියේ සිට නිව්යෝර්ක් දක්වා ගුවන් යානයකට සියලුම ඉන්ධන සත්ව ප්‍රභවයන්ගෙන් ලැබෙන්නේ නම් ඊට මිය ගිය ඌරන් 8,800කගේ මේදය අවශ්‍ය වේ.

එක්සත් රාජධානිය සත්ව නිෂ්පාදන සහ භාවිතා කරන ලද පිසින තෙල් භාවිතය සීමා කිරීමට ඉඩ ඇති හෙයින්, බ්‍රිතාන්‍යය හරහා ඉන්ධන ලබා ගන්නා ගුවන් ගමන් වල කුඩා ප්‍රමාණයේ සත්ව-ව්‍යුත්පන්න ද්‍රව්‍ය ඔවුන්ගේ එන්ජින්වල තිබීමට ඉඩ ඇත.

යුරෝපා සංගමය තුළ ගුවන් සමාගම්වලට 2030 සඳහා 6% තිරසාර ගුවන් ඉන්ධන ඉලක්කයක් ඇති අතර එයින් 1.2% e-භූමිතෙල් වලින් පැමිණිය යුතුය. ඉතිරි 4.8% සම්පූර්ණයෙන්ම සත්ව මේදයෙන් ලබා ගන්නා බව උපකල්පනය කළහොත් අත්ලාන්තික් සාගරය හරහා එක්වරක් පියාසර කිරීමකට ඌරන් 400ක් පමණ අවශ්‍ය වේ.

ගුවන් සේවා සමාගම් සත්ව මේදයෙන් වැඩි කොටසක් පරිභෝජනය කරන්නේ නම් විකල්ප වෙත යොමු වීමට සිදුවන කර්මාන්ත අතර සුරතල් සතුන්ගේ ආහාර නිෂ්පාදකයින් ද වේ.

ඔවුන් දැනට එක්සත් රාජධානියේ මිලියන 38ක් පමණ වන සුරතල් සතුන් පෝෂණය කිරීම සඳහා වඩා හොඳ තත්ත්වයේ සත්ව අතුරු නිෂ්පාදන සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතා කරයි.

pet foodpet foodසුරතල් සතුන් සදහා වන ආහාර නිෂ්පාදකයින් සත්ව අතුරු නිෂ්පාදන මත දැඩි ලෙස රඳා පවතී

නිෂ්පාදකයින්ගේ වෙළඳ සංගමය වන UK Pet Food හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිකොල් පේලි පැවසුවේ “මේවා ඇත්තෙන්ම අපට වටිනා අමුද්‍රව්‍ය වන අතර ඒවා ප්‍රතිස්ථාපනය කිරීමට අපහසුයි. ඒවා දැනටමත් ඉතා තිරසාර ආකාරයකින් හොඳින් භාවිතා කර තිබෙනවා. මෙම අමුද්‍රව්‍ය ජෛව ඉන්ධන වෙත හැරවීම ඇත්ත වශයෙන්ම තවත් ගැටලුවක් නිර්මාණය කරනවා. ඒ හරහා ගුවන් සේවා කර්මාන්තය සමඟ අපට තරඟ වැදීමට සිදුවෙනවා. ගුවන් සේවා අංශයේ  මූල්‍ය ශක්තිය සමග ගත් විට සුරතල් සතුන් සදහා වන ආහාර කර්මාන්තයට තරඟ කිරීම ඇත්තෙන්ම දුෂ්කරයි ”

යුරෝපා සංගමය මෙම මාර්ගයේ තව දුරටත් ගමන් කරන අතර, එක්සත් රාජධානිය දැනට ජෙට් ඉන්ධන වලට යන සත්ව මේද වර්ග සීමා කිරීම පිළිබඳව උපදේශනය කරමින් සිටී. අනපේක්ෂිත ප්‍රතිවිපාක ගැන කනස්සල්ලට පත්ව සිටින රජය ගුවන් සේවා ක්ෂේත්‍රයේ සත්ව මේද සහ භාවිතා කරන පිසින තෙල් යන දෙකටම තහනමක් හෝ දැඩි සීමාවක් පැනවීමට උත්සාහ කරයි.

ජෛව ඉන්ධන කර්මාන්තයේ බොහෝ දෙනෙක් කනස්සල්ලට පත්ව සිටින්නේ යෝජිත වෙනස්කම් මඟින් සත්ව මේද එක් ආකාරයක ප්‍රවාහනයකින් තවත් ආකාරයකට හරවා යැවිය හැකි බව ය.

“ගුවන් ගමනාගමනයේදී සත්ව මේද සහ භාවිතා කරන ලද පිසින තෙල් භාවිතා කිරීම සඳහා විශාල දිරිගැන්වීමක් ලබා දෙන්නේ නම්, එය අනිවාර්යයෙන්ම වෙනත් කර්මාන්තවලට තර්ජනයක් වීම නොවැළැක්විය හැකියි. එබැවින් ඔබට ගුවන් සේවා වල තිරසාරභාවය වැඩි කිරීමට අවශ්‍ය නම්, ට්‍රක් රථ මෙම ක්‍රියාවලියෙන් වහාම ඉවත් කරන්න. නමුත් එය රජය විසින් ගත යුතු තීරණයක්.” යනුවෙන් අපද්‍රව්‍ය මත පදනම් වූ ජෛව ඩීසල් නිෂ්පාදකයෙකු වන Argent Energy හි විධායක ඩිකන් පොස්නෙට් පැවසීය.

https://www.bbc.co.uk