මානව ක්‍රියාකාරකම් ලෝකය අනතුරුදායක කලාපයට තල්ලු කර ඇති බව පෘථිවි කොමිසම / Earth Commission විසින් සිදුකළ නවතම අධ්‍යයනකින් හෙළිකර ගෙන ඇත.

දේශගුණික විපර්යාසවලින් ඔබ්බට යමින්, පෘථිවි කොමිසමේ විද්‍යාඥයන් විසින් සම්පාදිත වාර්තාව මගින් ජලය ලබා ගැනීමේ හැකියාව, පොහොර භාවිතය, පරිසර පද්ධති නඩත්තුව සහ වායු දූෂණය යන අර්බුදවලට ලෝකය මුහුණ දෙන බවට සාක්ෂි ඉදිරිපත් කරයි. මේවා ජීවන ආධාරක පද්ධතිවල ස්ථාවරත්වයට තර්ජනයක් වන අතර සමාජ සමානාත්මතාවය නරක අතට හැරවීමට ද හේතු වේ.

පසුගිය මැයි මස 31 වැනි දා Nature සඟරාවේ මෙම අධ්‍යයනය ප්‍රකාශයට පත් කර ඇත.

අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයෙකු වන මහාචාර්ය ජොහාන් රොක්ස්ට්‍රෝම් මෙසේ පැවසීය: “එය සමස්ත පුද්ගල-ලෝක පද්ධතිය පිළිබඳ අන්තර් විනය විද්‍යාත්මක තක්සේරුවක් කිරීමට උත්සාහ කිරීමක් ලෙස සැලකිය හැකියි. එය අප මුහුණ දෙන අවදානම් සැලකිල්ලට ගෙන අප විසින් කළ යුතු දෙයක්. පෘථිවි පද්ධතියේ ජෛව භෞතික ධාරිතාවයේ ස්ථායී තත්වයේ පැවතීම සඳහා සිවිලිමට පහර දෙන සන්තෘප්ත ලක්ෂ්‍යයක් ලෙස මා හඳුන්වන දෙයට අප ළඟා වී සිටිනවා. අපි තීරණාත්මක ලක්ෂය වෙත ළඟා වෙමින් සිටිනවා. ගෝලීය පරිමාණයෙන් ජීවන ආධාරක පද්ධතිවල ස්ථිර හානිය වැඩි වැඩියෙන් අපි දකිනවා’’

ලෝකයේ ප්‍රමුඛ පෙළේ පර්යේෂණ ආයතන  දුසිම් ගණනක ඒකාබද්ධ ප්‍රයත්නයක් ලෙස පෘථිවි කොමිසම /Earth Commission පිහිටුවන ලදි.

මෙම අධ්‍යයනයෙන් මිනිස් සිරුර සඳහා අත්‍යවශ්‍ය සංඥා සමඟ සැසඳිය හැකි ලෝකය සඳහා “ආරක්ෂිත සහ සාධාරණ / safe and just” මිණුම් සලකුණු මාලාවක් එළි දක්වා ඇත. ස්පන්දනය, උෂ්ණත්වය සහ රුධිර පීඩනය වෙනුවට, එය ජල ප්‍රවාහය, පොස්පරස් භාවිතය සහ ඉඩම් පරිවර්තනය වැනි දර්ශක දෙස බලයි.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය සහ ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති සේවා පිළිබඳ අන්තර් රාජ්‍ය විද්‍යා-ප්‍රතිපත්ති වේදිකාව වැනි විශ්ව විද්‍යාල සහ එක්සත් ජාතීන්ගේ විද්‍යා කණ්ඩායම් විසින් සිදු කරන ලද පෙර අධ්‍යයනවල සංශ්ලේෂණයක් මත සීමාවන් පදනම් වී ඇත.

සෑම කාණ්ඩයකම පාහේ නිගමනය වන්නේ ‘තත්ත්වය බරපතල‘ බවය. ගෝලීය මිණුම් සලකුණු සැකසීම අභියෝගාත්මක ය. පූර්ව කාර්මික මට්ටමට වඩා 1.5C සිට 2C දක්වා ගෝලීය උණුසුම හැකිතාක් අඩු මට්ටමක තබා ගැනීමට ලෝකය දැනටමත් ඉලක්කයක් ලබාදී ඇත. දැනට පවතින සෙල්සියස් අංශක 1.2ක් පමණ වන අධික උෂ්ණත්වය ද පීඩාකාරීය. නියඟය සහ ගංවතුර හේතුවෙන් බොහෝ දෙනෙකු දැනටමත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බැවින් මෙය භයානක මට්ටමක් බව පෘථිවි කොමිෂන් සභාව සඳහන් කරයි. ඔවුන් පවසන්නේ ආරක්ෂිත සහ සාධාරණ දේශගුණික ඉලක්කයක් වන්නේ සෙල්සියස් අංශක 01 වන අතර ඒ සඳහා වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීමට විශාල උත්සාහයක් දැරීමට සිදුවනු ඇති බවයි. පරිසර පද්ධති ආරක්ෂා නොකර දේශගුණය ස්ථාවර කිරීමට නොහැකි බව ඔවුන් සඳහන් කරයි.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, “ආරක්ෂිත සහ සාධාරණ” මායිම වන්නේ ලෝකයේ 50% සිට 60% දක්වා ප්‍රධාන වශයෙන් ස්වභාවික පරිසර පද්ධතිවල ස්ථාවරභාවය තහවුරු වීමයි. කෙසේ වෙතත්, යථාර්ථය නම් පෘථිවියෙන් 45% සිට 50% දක්වා පමණක් නොවෙනස්ව පවතින පරිසර පද්ධතියකි. ගොවිපළවල්, නගර සහ කාර්මික උද්‍යාන වැනි මිනිසුන් විසින් වෙනස් කරන ලද ප්‍රදේශවල පරිසර පද්ධතිය පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් 20% සිට 25% දක්වා භූමි අර්ධ ස්වාභාවික වාසස්ථාන සඳහා කැප කළ යුතු බව කොමිසම පවසයි. පරාගණය, ජල තත්ත්ව නියාමනය, පළිබෝධ සහ රෝග පාලනය, සහ ස්වභාව ධර්මයට ප්‍රවේශ වීමෙන් සපයන සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ වැනි සේවාවන් ඒ හරහා හිමිවේ. කෙසේ වෙතත්, වෙනස් කරන ලද භූ දර්ශනවලින් තුනෙන් දෙකක් පමණ මෙම ඉලක්කය සපුරා ගැනීමට අසමත් වේ.

තවත් ඉලක්කයක් වන්නේ මෝටර් රථ, කර්මාන්තශාලා, ගල් අඟුරු, තෙල් සහ ගෑස් බලාගාර වලින් එකතු වන වායු දූෂණය අවම කිරීමය. වාර්තාව අවධානය යොමු කර ඇත්තේ උතුරු හා දකුණු අර්ධගෝල අතර වායුගෝලීය සාන්ද්‍රණයේ අසමතුලිතතාවය අවම කිරීම සඳහා වන අතර එමඟින් මෝසම් සමය සහ අනෙකුත් කාලගුණික රටා කඩාකප්පල් කළ හැකිය. ප්‍රාදේශීය මට්ටමින්, උදාහරණයක් ලෙස නගරවල, එය ඝන මීටරයකට මයික්‍රොග්‍රෑම් 15ක සීමාවක් ස්ථාපිත කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනුගමනය කරන්නේ පෙනහළුවලට සහ හදවතට හානි කළ හැකි PM2.5 ලෙස හඳුන්වන කුඩා අංශුවලට වාර්ෂිකව නිරාවරණය වීමයි. මෙය සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයකි. මන්ද දුප්පත් ප්‍රජාවන් බොහෝ දෙනෙක් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල සිටින බැවින් නරකම ප්‍රතිඵල විඳීමට නැඹුරු වෙති.

මතුපිට ජලය සඳහා වන මිණුම් ලකුණ වන්නේ ගංගා සහ ඇළ දොළ ගලා යාමෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් ජල පෝෂක ප්‍රදේශයක අවහිර නොකළ යුතු බව ය. මන්ද මෙය ජලයේ ගුණාත්මක භාවය අඩුවීමට සහ මිරිදිය විශේෂ සඳහා පුරුදු ස්ථාන නැති වීමට හේතු වන බැවිනි. ජලවිදුලි වේලි, ජලාපවහන පද්ධති සහ ඉදිකිරීම් මගින් ලෝකයේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක මෙම “ආරක්ෂිත සීමාව” දැනටමත් ඉක්මවා ඇත. භූගත ජල පද්ධති සඳහා ද කතාව ඒ හා සමානව දුර්වල ය. ආරක්ෂිත මායිම වන්නේ ජලධර නැවත පිරවිය හැකි ප්‍රමාණයට වඩා වේගයෙන් ක්ෂය නොවීමයි. කෙසේ වෙතත්, ලෝකයේ ගංගා ද්‍රෝණිවලින් 47%ක් භයානක වේගයකින් දූෂණය වෙමින් පවතී. මෙක්සිකෝ නගරය, උතුරු චීන තැන්න වැනි දැඩි කෘෂිකාර්මික ප්‍රදේශවල මෙය විශාල ගැටලුවකි.

ධනවත් රටවල ගොවීන් ශාකවලට සහ භූමියට අවශෝෂණය කර ගැනීමට වඩා වැඩි නයිට්‍රජන් සහ පොස්පරස් ඉසීම නිසා පෝෂ්‍ය පදාර්ථ තවත් සැලකිලිමත් විය යුතු අංශයකි. මෙය තාවකාලිකව අස්වැන්න වැඩි කරයි. නමුත් ඇල්ගී වර්ධනය නිසා මිනිසුන්ට පානය කිරීමට නුසුදුසු ජලය වාරිමාර්ග පද්ධතිවලට ගලා යාමට ඉන් මග පාදයි. ගෝලීය සාධාරණත්වය මෙහි ප්‍රධාන බව වාර්තාව පවසයි. දුප්පත් ජාතීන්ට වැඩිපුර පොහොර අවශ්‍ය වන අතර පොහොසත් ජාතීන් සිය අතිරික්තය කපා හැරිය යුතුය. මෙහි “ආරක්ෂිත සහ සාධාරණ සීමාව” යනු නයිට්‍රජන් ටොන් මිලියන 61ක සහ පොස්පරස් ටොන් මිලියන 6ක පමණ ගෝලීය අතිරික්තයකි.

කතුවරුන් පවසන්නේ පෘථිවි රෝග විනිශ්චය භයානක නමුත් තවමත් බලාපොරොත්තුවෙන් ඔබ්බට ගොස් නොමැති බවයි. එහෙත් පිළියමක් සඳහා කාලය අවසන් වෙමින් පවතින බව ද ඔවුහු අවධාරණය කරති.

ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ පෘථිවි කොමිසමේ සම සභාපති සහ ගෝලීය දකුණේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ මහාචාර්ය ජොයිටා ගුප්තා මෙසේ පැවසුවාය: “අපගේ වෛද්‍යවරයා පවසන්නේ පෘථිවිය මේ වන විට බොහෝ ප්‍රදේශවල සැබවින්ම අසනීප වී ඇති බවයි. තවද මෙය පෘථිවියේ ජීවත්වන මිනිසුන්ට බලපායි. අපි රෝග ලක්ෂණ පමණක් නොව, හේතු ද සලකා බැලිය යුතුය’’

කොමිසමේ තවත් සාමාජිකයෙකු සහ ඉන්දියන් සාගරයේ වෙරළබඩ සාගර පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ ඩේවිඩ් ඔබුරා පැවසුවේ දැනට පවතින එක්සත් ජාතීන්ගේ දේශගුණය සහ ජෛව විවිධත්ව ගිවිසුම්වල අරමුණු හරහා ආරක්ෂිත සීමාවන් තුළට ආපසු යාමට ප්‍රතිපත්ති රාමුව දැනටමත් ක්‍රියාත්මක බවයි. එහෙත් පරිභෝජන තේරීම් ද වැදගත් කාර්යභාරයක් ඉටු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

“අපට ගත හැකි ඖෂධ ගණනාවක් තිබෙනවා. නමුත් අපට ජීවන රටාවේ වෙනස්කම් ද සිදුකිරීම අවශ්‍යයි. මස් අඩුවෙන් ආහාරයට ගැනීම සහ වඩා සමබර ආහාර වේලක් වෙත අප යොමුවිය යුතුයි. එය කළ හැකි යි. ස්වභාවධර්මයේ පුනර්ජනනීය බලය ශක්තිමත්… නමුත් අපට තවත් බොහෝ කැපවීමක් අවශ්‍යයි’’ ඩේවිඩ් ඔබුරා පැවසීය.

www.theguardian.com