දේශගුණික හදිසි බලපෑම්වලට මුහුණ දීම සඳහා අපගේ සාගරය භාවිතා කිරීමට සැලසුම් කර ඇත. නමුත් අවබෝධයෙන් හා ගෞරවයෙන් තොරව එය සිදු වුවහොත් කුමක් සිදුවිය හැකිද ?

ඔහුට ඇපලෝ මෙහෙයුම්වලින් ලැබුණු සැබෑ ත්‍යාග අතර සඳ සමඟ කිසිම සම්බන්ධයක් නොතිබුණි. ඔහු ලද අගනාම ත්‍යාගය පෘථිවිය දෙස නිසි ලෙස ආපසු හැරී බැලීම සඳහා අභ්‍යවකාශයට සෑහෙන දුරක් ගමන් කිරීම විය. ඔව්, එම අමතක නොවන ඡායාරූප දෙක ඔහු තම කැමරා කාචයේ සටහන් කර ගත්තේ එවිටය. Earthrise සහ Blue Marble ලෝකයට එයට දුන් අගනා නම් දෙක විය. එම ඡායාරූප දෙක මගින් නිල් පැහැයෙන් දිදුලන අපගේ බිඳෙනසුළු සහ වටිනා ලෝකය අපට පෙන්වීය.

එතැන් පටන් අපි අපේ “නිල් ග්‍රහලෝක  / Blue planetය” ගැන ආඩම්බරයෙන් කතා කළ නමුත් ඇත්ත වශයෙන්ම එම නිල් යනු කුමක්ද යන්න ගැන වැඩිදුර සිතුවේ නැත. අපි මාළු සහ තල්මසුන්, ප්ලාස්ටික් සහ දූෂණය ගැන කතා කරමු.  නමුත් එය ජලයම නොවේ. මහා සාගර එන්ජිම අපි එහි මතුපිට අසලින් ගැවසෙන අතර තුර හැරෙමින් තිබේ. එහි කැළඹීම අපට දැකිය හැකි නාටකාකාර දෙයක් ඇති කරන විට පමණක් අප ඒ ගැන සැලකිලිමත් වේ.

ඇපලෝ මෙහෙයුම් ආරම්භ වී වසර 50කට වැඩි කාලයකට පසු සාගරය වැඩි අවධානයක් දිනා ගැනීමට පටන් ගෙන ඇත. නමුත් සාකච්ඡාවේ මූලය පදනම් වී ඇත්තේ එය අපට භාවිතා කිරීමට, සූරාකෑමට හැකි සම්පතක් යන උපකල්පනය මත ය. එයට ඊට එහා ගිය වටිනාකමක් හෝ අගය කිරීමක් ඇත්තේ ද නැත. මානව නව නිපැයුම් “යමක්” බවට පත් වනු ඇත. තවද මෙය ඇදහිය නොහැකි තරම් භයානක ය. අපගේ ජීව ආධාරක පද්ධතියේ තීරණාත්මක කොටසක් වන සාගරය යනු කුමක්දැයි වටහා ගැනීමට අපි සමත් නොවන්නේ නම් අපි නින්දේදීම විනාශ වී යාමේ අවදානමක් ඇත.

දේවල් වෙනස් වීම ඇරඹී ඇත. 2015 පැරිස් දේශගුණ ගිවිසුමේ සාගරය විධිමත් ලෙස සඳහන් කර ඇත. නමුත් 2019 දී පමණ “සාගර සහ දේශගුණික විපර්යාස සංවාදයක් / “Ocean and climate change dialogue” එක්සත් ජාතීන්ගේ දේශගුණික COP ක්‍රියාවලීන්හි කොටසක් බවට පත් විය. පෘථිවි කාබන් චක්‍රය සඳහා සාගරයේ ඇති වැදගත්කම සහ ධ්‍රැවීය අයිස් දියවීම හේතුවෙන් සාගර සංසරණයේ ඇති විය හැකි වෙනස්කම් පිළිබඳව දැන් අපට අසන්නට ලැබේ. නමුත් ඒ සියල්ලට අමතරව සාගරය ප්‍රසාරණය වීමට ඉඩ ඇති බවට හඳුනාගත හැකි සාධක ද තිබේ. අපි අපේ ගොඩනැඟිලි, යටිතල පහසුකම් සහ කෘෂිකර්මාන්තයෙන් ගොඩබිම පුරවා ගෙන දැන් තවත් කෑදර සිතින් සාගරය දෙස බලා සිටිමු!

මෙයට වඩාත්ම පැහැදිලි උදාහරණ දෙක වන්නේ වායුගෝලයෙන් වැඩි කාබන් ලබා ගැනීම සඳහා සාගරය භාවිතා කිරීමේ යෝජනා ක්‍රම සහ ගැඹුරු මුහුදෙන් තීරණාත්මක ඛනිජ කැනීම් කිරීමයි. කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ යෝජනා ක්‍රම අපට ෆොසිල ඉන්ධන දහනය කිරීමට ඉඩ නොදේ. (අවධානය වේගවත් ඩෙකාබනීකරණය / Decarburization කෙරෙහි විය යුතුය) නමුත් ඒවා දශක කිහිපයකින් අපගේ වර්තමාන දේශගුණික ඉලක්ක කරා ළඟා වීමට සහ සමහර විට හානිය ආපසු හැරවීමට අවශ්‍ය වනු ඇත. සමහර යෝජිත තාක්‍ෂණයන්ට සාගරය කාබන් සින්ක් එකක් ලෙස භාවිතා කිරීම ඇතුළත් වන අතර ඒවා විශාලනය කිරීම සඳහා පෙනී සිටින අය බොහෝ විට සාගරය සූරාකෑමට සුදුසු යෝධ පොකුණක්ය යන හැඟීමක් ලබා දෙයි. ඔවුන් එවැනි යෝජනා කරනුයේ සාගර එන්ජිම සංකීර්ණ ලෙස ව්‍යුහගත වී ඇති බව නොසලකා හරිමිනි. නමුත් එහි සජීවී සංරචක දැනටමත් සැලකිය යුතු ආතතියකට ලක්ව ඇත.

පවතින සාගර භෞතික විද්‍යාවට, රසායන විද්‍යාවට සහ ජීව විද්‍යාවට බල නොපාමින් ඔබට සාගරයට පොහොර යෙදීමට හෝ එහි ක්ෂාරීය බව වෙනස් කිරීමට හෝ එහි විශාල නව ගොවිපළවල් තැනීමට හෝ ජෛව ස්කන්ධ ටොන් බිලියන ගණනින් ගැඹුරු මුහුදට හෙළීමට නොහැකිය. ඉංජිනේරුවන් සහ ව්‍යාපාරිකයින් ඔවුන්ට අරමුණු දෙකක් ඇති බව ප්‍රකාශ කරන බව මම නිතර අසා ඇත්තෙමි. ඒ පෞරාණික සාගරයක් යථා තත්ත්වයට පත් කිරීම සහ කාබන් ලබා ගැනීම, ද්‍රව්‍යමය සම්පතක් ලෙස විශාල මුහුදු පැලෑටි නිෂ්පාදනය කිරීම හෝ  අප වෙනුවෙන් සාගරය පිරිසිදු කිරීම සිදු කිරීමය. එය සාගර පද්ධති කෙතරම් සංකීර්ණ ලෙස එකට බැඳී තිබේද සහ සමස්ත දෙයම කෙතරම් අන්තර් සම්බන්ධිතද යන්න පිළිබඳ නොදැනුවත්කම පාවා දෙයි. එය අන් සියල්ලන්ගේම සුභසාධනය සඳහා සැලකිල්ලක් දක්වන පාලන භාෂාව ද වේ. ඇත්ත වශයෙන්ම, සාගර පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම බොහෝ හේතු නිසා ප්‍රයෝජනවත් වන අතර එයට දේශගුණික ප්‍රතිලාභ ලැබෙනු ඇත. නමුත් එය දැන් ක්‍රියාත්මක වන ආකාරය සම්පූර්ණයෙන් වටහා ගැනීමට පෙර අප වෙනුවෙන් දේවල් කිරීමට සාගර පරිසරය හැසිරවීම නොව ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

මෙම සාගර කාබන් උකහා ගැනීමේ යෝජනා ක්‍රමවල දිගුකාලීන ශුද්ධ බලපෑම හඹා යෑම ඇදහිය නොහැකි තරම් දුෂ්කර ය. මන්ද ඒවා වායුගෝලයේ සිට සාගරයට කොපමණ කාබන් ප්‍රමාණයක් ගමන් කරය ද සහ එය එහි රැඳී තිබේ ද යන්න ගැන අනාවැකි කීම දුෂ්කර බැවිනි. සාගරයේ මෙම මැදිහත්වීම් කිසිවක් ක්‍රියාත්මක වන බවට සහතික වීමට අපට තවමත් දැනුම (“මිනුම්, වාර්තා කිරීම සහ සත්‍යාපනය”, හෝ MRV ලෙස හැඳින්වේ) නොමැත. සාගරය දැනටමත් අප වෙනුවෙන් කරන දේ එය නොසලකා හරියි. කාර්මික යුගයට පෙර එය වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් කුඩා ප්‍රභවයක් වූ නමුත් දැන් එය අපගේ සියලුම කාබන් විමෝචනයෙන් 25%ක් පමණ උරා ගනී. එය අප විසින් වාර්ෂිකව විමෝචනය කරන CO2 ටොන් බිලියන 40 න් බිලියන 10කි. වායුගෝලයෙන් කාබන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සාගරය දැනටමත් අපට යෝධ අනුග්‍රහයක් ලබා දෙමින් සිටින අතර එම අනුග්‍රහයෙන් අපට දිගටම ප්‍රතිලාභ ලැබේද යන්න පිළිබඳව අපි තවමත් අධ්‍යයනය කරමින් සිටිමු.

+       +       +       +       +       +

1858 දී, ලන්ඩනයේ මහා දුර්ගන්ධය අවසානයේ ජෝසප් බසල්ගෙට්ගේ මලාපවහන පද්ධතියට ගෙවීමට ක්‍රමයක් සොයා ගැනීමට එවකට සිටි දේශපාලඥයින්ට ඒත්තු ගැන්වූයේ තේම්ස් ගංගාව මිනිස් අපද්‍රව්‍යවලින්, ගව ඝාතකාගාර සහ සම් පදම් කිරීමේ කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය වලින් යටවී ඇති බව ඔවුන් පිළිගත් නිසා ය. එහෙත් මෙම උදම් මෝය සියවස් ගණනාවක් තිස්සේ ලන්ඩනයේ පිළිකුල් සහගත අවුල නිශ්ශබ්දව බැහැර කළ බව හඳුනා ගන්නවාට වඩා, තේම්ස් ගඟම ගැටලුවක් බව එකල භාෂාව කතා කළේය.

අපි සෑම විටම සාගරය සමඟ කටයුතු කළේ අත්තනෝමතික සහ අමනෝඥ ආකාරයෙනි. එය සියලු ආකාරයේ මානව දූෂණයන් ගබඩා කළ හැකි ස්ථානයක් බව අපගේ අදහස සහ පිළිගැනීම විය. අපි සාගරයට සියලු ආකාරයේ කසළ බැහැර කිරීම් සැලසුවේ ස්වභාවික අයිතියක් ලෙසය.  එසේම අපි වසර ගණනාවක් තිස්සේ සාගරය කුණු කන්දක් ලෙස භාවිතා කර ඇත්තෙමු. අපද්‍රව්‍ය සඳහා පමණක් නොව, විෂ ද්‍රව්‍ය, අභ්‍යවකාශ කුණු, අනවශ්‍ය බෝම්බ සහ තවත් බොහෝ දේ සඳහා අපි සාගරය අසීමිතව භාවිත කරමු. නමුත් දැන් පැමිණ ඇත්තේ එම ක්‍රියාවලිය නැවැත්වීමට කාලයයි.

ගැඹුරු මුහුදේ පතල් කැණීම් සමඟ සාගරය වැදගත් ය යන අදහස බැහැර කිරීම වෙනස් ආකාරයකින් පෙනේ. මැංගනීස්, නිකල්, තඹ සහ කොබෝල්ට් වලින් පොහොසත් “Polymetallic nodules” වලින් වැසී ඇති ගැඹුරු මුහුදු පත්ලේ විශාල ප්‍රදේශ තිබේ. මෙම ඇදහිය නොහැකි තරම් සන්සුන් පරිසරයක Polymetallic nodules සෑදීමට වසර මිලියන ගණනක් ගත වේ. මෙම තැනිතලාව අමුතු ජීවීන් සමූහයකට නිවහන වේ.

පරපගුරුස් ආරාම කකුළුවෙක් (Parapagurus hermit crab) උතුරු අත්ලාන්තික් සාගරයේ Gosnold Seamount හි ferromanganese nodules සහිත භූමියක් හරහා ගමන් කරයි. මෙවැනි ප්‍රදේශ පිළිබඳ සමීක්ෂණ මගින් ජීවයේ බහුලත්වය හෙළි කරයි. එයින් බොහෝමයක් විද්‍යාවට අලුත් ය.

Polymetallic nodules කැණීම සඳහා පෙනී සිටින්නන් එහි වැදගත් කිසිවක් නොමැති බැවින් පතල් කැණීම ප්‍රතිවිපාකවලින් තොර බවට ඔවුන්ගේ ආයෝජකයින්ට හැඟීමක් ලබා දෙයි. නමුත් ඇත්ත වශයෙන්ම එය සත්‍ය නොවේ. මේවා අධ්‍යයනය කිරීමට අපහසු සියුම් පරිසර පද්ධති වන අතර, අපි තවමත් මූලික කරුණු තෝරා ගනිමින් සිටිමු. කරුණු දෙකක් පැහැදිලිය: ඕනෑම පතල් කැණීමකින් පහළට විශාල බලපෑමක් ඇති කරන විශාල අවසාදිත ප්‍රමාණයක් ජනනය වන අතර, සම්පූර්ණ පාරිසරික ප්‍රතිවිපාක සහ රෙගුලාසිවලට අනුකූලද යන්න පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් තරම් සහ දිගු කාලයක් පතල් කැණීම ප්‍රවේශමෙන් අධීක්ෂණය කිරීම අතිශයින් දුෂ්කර වනු ඇත. සමාජයට මෙහි ඇති වාසි සහ අවාසි ගැන විවාදයක් තිබිය යුතුය. සමහර විට අවසාන තීරණය එය අත්‍යවශ්‍ය වෙළඳාමක් බව විය හැකිය.

සාගර යටිතල පහසුකම් අපට නොතිබිය යුතු යැයි මම නොකියමි. අක්වෙරළ සුළඟ විවේචනාත්මකව වැදගත් බලශක්ති සම්පතක් වනු ඇති අතර, උදම් සහ තරංග බලශක්ති උත්පාදනය හොඳම විකල්පය වන ස්ථාන තිබිය හැකිය. නමුත් මේ ව්‍යාපෘති පවා ආරම්භ විය යුත්තේ දැනටමත් එහි භෞතික ද්‍රව එන්ජිමක් සහ පරිසර පද්ධතියක් ඇති බව පිළිගැනීමෙන් වන අතර අප එය තේරුම් ගෙන මුහුදේ අපගේ සලකුණ තබන විට එයට අපගේ බලපෑම අවම කළ යුතුය.

අපේ පෘථිවි ග්‍රහයා වටා ඇති ලුණු සහිත ජලයේ ස්ථර, ධාරා, සංකීර්ණ ව්‍යුහයක් සහ ඉතා ගතික පැවැත්මක් ඇත. සූර්ය ශක්තියෙන් පෝෂණය වන භ්‍රමණය වන ග්‍රහලෝකයක් මත ද්‍රව එන්ජිමක් මගින් ජනනය වන කැරකෙන, ගලා යන රටා මගින් නිපදවන ජලයේ ස්වභාවය මගින් නියම කරනු ලබන භෞතික එන්ජිම, එහි පිහිටීම සහ බහුලත්වය හරහා ජීවිතය වියන ලද

මුහුදේ ජීවිතය ගොඩබිම ජීවිතයට වඩා වෙනස් ය. ගොඩබිම, දැවැන්ත ගසක් යනු ස්වභාවික ලෝකයේ හොඳම දේ සඳහා අපගේ ආදර්ශයයි. එය දශක හෝ ශතවර්ෂ ගණනාවක් පැරණි, ස්ථාවර භූ දර්ශනයක විශ්වාසදායක ලක්ෂණයකි. මුහුදේ ජෛව ස්කන්ධයෙන් 60%ක් පමණ අපට පියවි ඇසින් දැකීමට නොහැකි තරම් කුඩා වන අතර, එය දිගුකාලීන සම්පත් ගබඩා කිරීමකින් තොරව වේගවත්, ක්ෂණික ජීවිත ඇත. මෙම ජීවීන් මගීන් සාගර ආහාර දාමයේ අත්තිවාරම සාදයි. ගොඩබිම තරම් ප්‍රභාසංශ්ලේෂණයක් මුහුදේ සිදු වේ (නමුත් සාගර අප ආශ්වාස කරන ඔක්සිජන් වලින් අඩක් නිපදවන බව සත්‍යයක් නොවේ, මන්ද ඔක්සිජන් සියල්ලම පාහේ සාගරය විසින් නිපදවයි). ඩොල්ෆින් සුන්දරය. නමුත් මුහුදු ජීවිතය යනු එවැනි චමත්කාරජනක ජීවීන් ගැන සිතීම නොවේ. එය කාරණය මග හැරීමකි.

ස්කොට්ලන්තයේ අභ්‍යන්තර හෙබ්‍රයිඩස් හි කැනා දූපතේ ලණු සහ අනෙකුත් කසළ ගොඩගැසී ඇති අයුරු.

මේ මෙම භාෂාවෙන් සහ මෙම මානසිකත්වයෙන් ඉදිරියට යාමට කාලයයි. පෘථිවියේ අවසාන මහා කාන්තාරයේ නටබුන් දෙස බලා අප එයට ළඟා වන ආකාරය ගැන නිහතමානීව සිටියහොත් කුමක් කළ යුතුද? පළමු ගැඹුරු මුහුදේ ගවේෂකයා වන විලියම් බීබේ, කුඩා ජනේල සහිත කුඩා ලෝහ ගෝලයක ගැඹුරට ගමන් කළ අතර, ඔහු එය විස්තර කළේ “මැද පෙරළෙන නැවක තට්ටුවට සැතපුම් හතරෙන් පංගුවක් පහළින් පැද්දෙන මකුළු දැලක කුහර ඇටයක එල්ලී සිටියෙමි”. ඔහු තම ස්ථානය දැන සිටියේය. පිටසක්වල ලෝකයකට යන ආගන්තුකයෙකු, එහි බැලීමට සහ අගය කිරීමට ඇති දේ මිස කොල්ලකෑමට හෝ ජය ගැනීමට හෝ වෙනස් කිරීමට ඇති දේ ගැන නොසිතයි. සිතියම් ඇඳීමේ සිට අවබෝධතා ක්‍රියාවලීන් වෙත ගවේෂණ පිළිබඳ අපගේ දැක්ම මාරු කළ යුතුය. තවද සාගරයේ අපගේ ක්‍රියාකාරකම් සඳහා අපගේ අපේක්ෂාවන් අපගේම ක්‍රියාවලීන් නිර්මාණය කිරීමේ සිට දැනටමත් පවතින ඒවා සමඟ ගැලපීම දක්වා වෙනස් කළ යුතුය.ෙ

අපගේ ග්‍රහලෝකය එහි සාගරයෙන් නිර්වචනය කර ඇත. සාගරය සරල හෝ හිස් හෝ වැදගැම්මකට නැති දෙයක් ලෙස කතා කිරීමට අපට හැකියාවක් නැත. මෙම ගතික එන්ජිම අපගේ පවතින ග්‍රහලෝක ජීව ආධාරක පද්ධතියේ තීරණාත්මක කොටසක් ලෙස දැකිය යුතු අතර, එහි සෙවනැල්ලේ ජීවත් වීමට අපට වරප්‍රසාද ලැබී තිබේ. දේශගුණික විපර්යාස සඳහා “විසඳුමක්” ලෙස සාගරය දැකීම වෙනුවට, එය විශ්වීය කුණු බක්කියක් හෝ සූරාකෑමට ලක්විය හැකි සම්පතක එකතුවක් ලෙස නොසලකන, අපගේ ග්‍රහලෝකය කෙරෙහි නව ආකල්පයක පරීක්ෂණයක් ලෙස අප එය දැකිය යුතුය. සාගරයට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි අසන්න, නමුත් සාගරය සඳහා ඔබට කළ හැක්කේ කුමක්දැයි විමසන්න.

https://www.theguardian.com