අපි සිතන්නේ 2030 වන විට සූර්ය පැනල ටොන් මිලියන හතරක් භාවිතයෙන් ඉවත් වනු ඇති බවයි. එය තවමත් කළමනාකරණය කළ හැකි ප්‍රමාණයක්. නමුත් 2050 වන විට එහි ගෝලීය ධාරිතාවය ටොන් මිලියන 200කට වඩා වැඩි ප්‍රමාණයක් විය හැකියි. ඒ ගැන අපි මේ දක්වා කල්පනා කර නැහැ

කාබන් විමෝචනය අවම කිරීමේ තීරණාත්මක ආයුධයක් ලෙස ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අතර සූර්ය පැනල වල (Solar panels) ආයු කාලය ඇත්තේ වසර 25 දක්වා පමණි. ප්‍රවීණයන් පවසන්නේ අවසානයේදී ඒවා සියල්ල ඉවත් කර අලුතින් ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවනු ඇති බවයි.

“ලෝකය සූර්ය බලයෙන් ටෙරාවොට් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ජනනය කරනවා. සාමාන්‍ය සූර්ය පැනලවල ධාරිතාව වොට් 400ක් පමණ වෙනවා. ඒ අනුව නිවාස සහ සූර් බලාගාර යන දෙකම ගණන් කළහොත් සූර්ය පැනල බිලියන 2.5ක් පමණ ලෝකය පුරා තිබිය හැකියි” ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ සූර්ය පැනල ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ විශේෂඥයෙක් වන ආචාර්ය රොං ඩෙන්ග් / Rong Dengපවසයි.

බ්‍රිතාන්‍ය රජයට අනුව, එක්සත් රාජධානියේ සූර්ය පැනල කෝටි ගණනක් තිබේ. නමුත් ඒවා ඉවත් කර ප්‍රතිචක්‍රීකරණය කිරීමට විශේෂඥ යටිතල පහසුකම් හිඟය. ගෝලීය පාරිසරික ව්‍යසනයක් වැළැක්වීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස බලශක්ති විශේෂඥයෝ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටිති.

ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති ඒජන්සියේ (International Renewable Energy Agency- IREA) නියෝජ්‍ය අධ්‍යක්ෂ Ute Collier පවසන්නේ, “අපි දැන්ම සූර්ය පැනල් ප්‍රතිචක්‍රීකරණ කිරීමේ ක්‍රමවේදයන් සොයා නොගන්නේ නම්, 2050 වන විට ඒවා කසළ කන්දක් වීම වැළැක්විය නොහැකියි. අපි වැඩි වැඩියෙන් සූර්ය පැනල නිෂ්පාදනය කරනවා. සැබවින්ම එය විශිෂ්ටයි. නමුත් අපි අපද්‍රව්‍ය සමඟ කටයුතු කරන්නේ කෙසේද කියා සොයා බලා තිබෙනවාද ?” ඇය ප්‍රශ්න කරයි.

සූර්ය පැනල සම්පූර්ණයෙන් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා කැප වූ ලොව ප්‍රථම කර්මාන්ත ශාලාව වන ROSI ජුනි මස අගදී ප්‍රංශයේ විවෘත කිරීමට නියමිතය. එය මෙම ක්ෂේත්‍රයේ වර්ධනය වන අභියෝග ජය ගැනීමට ප්‍රධාන පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ROSI බලාපොරොත්තු වන්නේ සූර්ය පැනල වලින් 99%ක් ප්‍රතිචක්‍රීකරණය කර නැවත භාවිතා කිරීමට හැකි වනු ඇති බවයි.

සූර්ය පැනල වල අඩංගු වීදුරු සහ ඇලුමිනියම් රාමු ප්‍රතිචක්‍රීකරණය කිරීම මෙන්ම, නව කර්මාන්ත ශාලාවට සාමාන්‍යයෙන් නිස්සාරණය කිරීමට අපහසුම ද්‍රව්‍ය වන රිදී සහ තඹ වැනි පැනල තුළ අඩංගු වටිනා ද්‍රව්‍ය සියල්ලම පාහේ නැවත ලබා ගත හැකි අතර මෙම දුර්ලභ ද්‍රව්‍ය පසුව ප්‍රතිචක්‍රීකරණය කර නව (වඩා බලවත්) සූර්ය පැනල සෑදීමට නැවත භාවිතා කළ හැකිය.

සූර්ය පැනල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රම මගින් ඇලුමිනියම් සහ වීදුරු ප්‍රතිසාධනය කරයි. නමුත් ROSI පවසන්නේ මෙම ක්‍රම මගින් නිෂ්පාදනය කරන වීදුරුවල ගුණාත්මකභාවය අඩු බවයි.

ඉවත ලන ටොන් මිලියන 400ක සූර්ය පැනල සමග ප්‍රතිචක්‍රීකරණ අභියෝග තව දුරටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය නම් දැනට ලෝකය සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 400ක් නිෂ්පාදනය කරන බව ද සිහිපත් කරගත යුතුය.

උත්පාත කාලය/  Boom period

නව ROSI බලාගාරය සූර්ය පැනල ස්ථාපනය සඳහා ඉහළම උනන්දුවක් ඇති කාලයකදී විවෘත වීම විශේෂත්වයකි. ලෝකයේ සූර්ය බලශක්ති උත්පාදන ධාරිතාව 2021 දී 22% කින් වර්ධනය විය. බොහෝ අවස්ථාවන්හිදී සූර්ය පැනල  අපේක්ෂිත ආයු කාලය අවසන් වීමට පෙර සාපේක්ෂ වශයෙන් අකාර්යක්ෂම වේ. එවිට එහි ආර්ථික වටිනාකම හීන වේ. නමුත් නව, වඩා කාර්යක්ෂම සූර්ය පැනල අපේක්ෂිත ආයු කාලය පුරා එහි උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වේ. එයින් අදහස් වන්නේ වසර 10ක් හෝ 15ක් පමණක් පැරණි සූර්ය පැනල යාවත්කාලීන කළ අනුවාද සමඟ ප්‍රතිස්ථාපනය කිරීම ලාභදායී බව ඔප්පු කළ හැකි බවයි. වර්තමාන වර්ධන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත්, ඉවතලන සූර්ය පැනල පරිමාව විශාල විය හැකි බව කොලියර් මහත්මිය පවසයි.

“අපි සිතන්නේ 2030 වන විට සූර්ය පැනල ටොන් මිලියන හතරක් භාවිතයෙන් ඉවත් වනු ඇති බවයි. එය තවමත් කළමනාකරණය කළ හැකි ප්‍රමාණයක්. නමුත් 2050 වන විට එහි ගෝලීය ධාරිතාවය ටොන් මිලියන 200කට වඩා වැඩි ප්‍රමාණයක් විය හැකියි. ඒ ගැන අපි මේ දක්වා කල්පනා කර නැහැ” කොලියර් මහත්මිය කණස්සල්ලට පත්වෙයි.

ඉවත ලන ටොන් මිලියන 400ක සූර්ය පැනල සමග ප්‍රතිචක්‍රීකරණ අභියෝග තව දුරටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය නම් දැනට ලෝකය සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 400ක් නිෂ්පාදනය කරන බව ද සිහිපත් කරගත යුතුය.

ප්‍රතිචක්‍රීකරණය අභියෝග / Recycling challenges

සූර්ය පැනල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කර්මාන්තය සංවර්ධනය නොවීමට ප්‍රධාන හේතුව වූයේ  මෑතක් වන තුරුම ප්‍රතිචක්‍රීකරණය කිරීමට ප්‍රමාණවත් තරම් අපද්‍රව්‍ය සැපයුමක් නොතිබීමය. නමුත් මේ වන විට පළමු පරම්පරාවේ ගෘහස්ථ සූර්ය පැනලවල ආයු කාලය අවසන් වෙමින් පවතී. එම ඒකක දැන් විශ‍්‍රාම යාමට ආසන්න වෙමින් පවතින හෙයින් විශේෂඥයින් පවසන්නේ ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට කඩිනම් පියවරක් අවශ්‍ය බවයි.

“දැන් මේ ගැන සිතීමට කාලයයි,” කොලියර් මහත්මිය පවසයි.

ප්‍රකාශ වෝල්ටීයතා අපද්‍රව්‍ය (processing photovoltaic waste) සැකසීම සම්බන්ධයෙන් ප්‍රංශය දැනටමත් යුරෝපීය ජාතීන් අතර ප්‍රමුඛයා බව නිකොලස් ඩෙෆ්රෙන් පවසයි. ඔහුගේ සංවිධානය වන Soren, ROSI සහ අනෙකුත් සමාගම් සමඟ හවුල් වී ප්‍රංශය පුරා සූර්ය පැනල ඉවත් කිරීම සම්බන්ධීකරණය කරයි.

Soren හි ඔහුගේ කණ්ඩායම ඔවුන් එකතු කරන දේ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ විවිධ ක්‍රම අත්හදා බලමින් සිටී:

“අපි සියල්ල බිත්තියට විසි කර ඇලෙන දේ බලමු.”

ROSI හි අධි තාක්‍ෂණික කම්හලේදී, තඹ, සිලිකන් සහ රිදී වැනි වටිනා ද්‍රව්‍ය නැවත ලබා ගැනීම සඳහා සූර්ය පැනල ඉතා වෙහෙස මහන්සි වී වෙන් කරනු ලැබේ. සෑම සූර්ය පැනලයකම මෙම වටිනා ද්‍රව්‍යවල කුඩා කොටස් පමණක් අඩංගු වන අතර එම කොටස් වෙනත් සංරචක සමඟ කෙතරම් බද්ධ වී ඇත්ද යත්, මේ දක්වා ඒවා වෙන් කිරීම ආර්ථික වශයෙන් වාසිදායක නොවේ. නමුත් ඒවා ඉතා වටිනා බැවින්, එම වටිනා ද්‍රව්‍ය කාර්යක්ෂමව නිස්සාරණය කිරීම ක්‍රීඩාව වෙනස් කරන්නක් විය හැකි බව ඩෙෆ්රෙන් මහතා පවසයි.

“වටිනාකමෙන් 60% කට වඩා අඩංගු වන්නේ සූර්ය පැනලවල බරෙන් 3%ක ප්‍රමාණයක යි,” ඔහු පවසයි.

අනාගතයේදී නව සූර්ය පැනල සෑදීමට අවශ්‍ය ද්‍රව්‍යවලින් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් (රිදී ඇතුළු) ප්‍රතිචක්‍රීකරණය කරන ලද සූර්ය පැනල වලින් ලබා ගත හැකි වනු ඇතැයි Soren අපේක්ෂා කරයි.

දැනට ෆොසිල ඉන්ධන වලින් සංක්‍රමණය වීමේදී අවශ්‍ය වන මිලියන ගණනක සූර්ය පැනල තැනීමට ප්‍රමාණවත් තරම් රිදී නොමැත.

ඩෙෆ්රෙන් මහතා මෙසේ පවසයි: “ඔබට සූර්ය පැනල වල ගෝලීය අවශ්‍යතාව නිෂ්පාදනය කිරීමට ප්‍රධාන බාධාවක් වනු ඇත්තේ ඒවා නිෂ්පාදනය කිරීමට තරම් රිදී තොග අප සතුව නොමැති වීමයි ”

මේ අතර බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් ROSI තාක්ෂණයට සමාන තාක්ෂණයක් දියුණු කිරීමට උත්සාහ කරමින් සිටී. පසුගිය වසරේ, Leicester විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ප්‍රකාශ කළේ සේලයින් වර්ගයක් භාවිතා කරමින් සූර්ය පැනලවලින් රිදී නිස්සාරණය කරන්නේ කෙසේදැයි සොයා බැලූ බවයි.

නමුත් මේ වන විට, සිය ක්‍ෂේත්‍රය තුළ කාර්මික මට්ටම් දක්වා සිය ක්‍රියාකාරිත්වය විශාල කර ඇති එකම සමාගම ROSI වේ. එපමණක්ද නොව, තාක්ෂණය මිල අධිකය. යුරෝපයේ සූර්ය පැනල ආනයනකරුවන් හෝ නිෂ්පාදකයින් ඒවා බැහැර කිරීමේ වගකීම ද දරයි. බොහෝ අය අපද්‍රව්‍ය පොඩි කිරීමට හෝ ඉරා දැමීමට කැමැත්තක් දක්වයි. එය බෙහෙවින් ලාභදායී ය.

සූර්ය පැනල පූර්ණ ලෙස ප්‍රතිචක්‍රීකරණය කිරීම තවමත් ආරම්භක අවධියේ පවතින බව Defrenne මහතා පිළිගනී. Soren සහ එහි හවුල්කරුවන් පසුගිය වසරේ ප්‍රතිචක්‍රීකරණය කර ඇත්තේ සූර්ය පැනල ටොන් 4,000කට අඩු ප්‍රමාණයකි. නමුත් තවත් බොහෝ දේ කිරීමට හැකියාව ඇත.

“පසුගිය වසරේ ප්‍රංශයේ අලෙවි කරන ලද සියලුම නව සූර්ය පැනලවල බර ටොන් 232,000ක්. තවත් වසර 20කින් ඒවා ගෙවී යන විට මට සෑම වසරකම විශ්‍රාම යන සූර්ය පැනල ටොන් 232,000ක් එකතු කිරීමට සිදුවේවි. මගේ පෞද්ගලික ඉලක්කය වන්නේ මෙම කටයුත්තතේදී ප්‍රංශය ලෝකයේ තාක්ෂණික නායකයා බවට පත් කිරීම සහතික කිරීමයි.” Defrenne මහතා කියයි.

https://www.bbc.co.uk