සවිබල ගැන්වූ දරුවන්ගේ (empowered kids) නොහොබිනා කතා අතර වගකීම ඔවුන්ගේ පමණක් නොවන බව මතක් කර දිය යුතුය. වැඩිහිටියන් දැනටමත් ඔවුනට උදව් කරමින් සිටී. දරුවන් අනාගතයයි… නමුත් අපි මඟ පෙන්විය යුතුය

මම ප්‍රාථමික පාසලේ සිටියදී මගේ ප්‍රියතම Baby-Sitters Club සාමාජිකයා වූයේ පාරිසරික සටන්කාමියෙකු වූ Dawn Schafer ය. එය 1990 දශකය විය. CFC සහ අනෙකුත් හරිතාගාර වායු ගැන අපි සැවොම දැඩි සැලකිල්ලක් දැක්වූ නමුත්, ඒවා නිසා නින්ද නැති කර ගැනීමට අවශ්‍යතාවක් නොවීය. පාසල් ව්‍යාපෘතියක් සඳහා පෝස්ටර් කඩදාසි විශාල අකුරින් ක්ලෝරොෆ්ලූරෝකාබන් ප්‍රවේශමෙන් උච්චාරණය කළ බව මට මතකය. ඩොල්ෆින් ගැන විශේෂ කැමැත්තක් තිබූ නිසා සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු වීමට මට අවශ්‍ය විය. Clean Up Australia දිනය ඒ කාලයේ තිබුණේ ළදරු අවධියේය.

අපේ ලෝකය එවකට කුඩා එකක් වුණේය. තොරතුරු අල්ප විය. අන්තර්ජාලය භාවිතය අතිෂය සීමිත වූ අතර අපි විනෝදය සඳහා චිප් පැකට් වලින් කාඩ්බෝඩ් කව එකතු කළෙමු. අද දරුවන්ට වඩා එම යුගය හොඳ යැයි කියා පුරාජේරු කතා කීමට අවශ්‍ය නැත. ඒත් ලෝකයේ බර අපේ කරේ තියාගෙන යන්න ඕනේ කියලා අපිට දැනුනේ නැත. අපි Captain Planet නැරඹුවෙමු, ප්‍රතිචක්‍රීකරණය කළෙමු, සමහර විට අපට දඬුවම් ලැබුණහොත් හෝ ගුණවත් බවක් හැඟේ නම් අමතර කුණු අහුලා ගත්තෙමු. නමුත් අපි බොහෝ විට විශ්වාස කළේ වැඩිහිටියන් අතේ බොහෝ දේවල් ඇති බවයි. නැව හරවා යැවීමට ප්‍රමාද වැඩි විය හැකි බවට කිසිවිටෙකත් යෝජනාවක් නොවීය.

එය අද දරුවන්ට නැති සුඛෝපභෝගී දෙයකි. ඔවුන් වඩ වඩාත් සංකීර්ණ ලෝකයක සැරිසැරීමට, වැරදී යන්නේ කුමක්ද යන්න පිළිබඳව වෙන කවරදාටත් වඩා වැඩි අවබෝධයක් ඇතිව ජීවත් වීමට සූදානම් වෙයි. නමුත් එය ඔවුන්ට විශාල හානියක් සිදු කරයි. 2021 දී තරුණයින් 10,000ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් 84 %ක් දේශගුණික විපර්යාස ගැන අවම වශයෙන් මධ්‍යස්ථව කනස්සල්ලට පත්ව සිටින අතර 59% ක් අතිශයින් කනස්සල්ලට පත්ව සිටී. මේ අතර 45% ක් කියා සිටියේ එය ඔවුන්ගේ දෛනික ජීවිතයට සහ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ බවයි. දේශගුණික කාංසාව / climate anxietyදරුවන්ගේ මානසික සෞඛ්‍යයට ප්‍රබල බලපෑමක් ඇති කරයි.

2019-2020 ගිම්හානයේදී ඕස්ට්‍රේලියාව පුරා ලැව්ගිනි පැතිරෙමින්, ජීවී විශේෂ වඳවී යාමේ අද්දරට ගෙන යමින් සහ වාතය අනතුරුදායක වන විට අවසානයේ යමක් වෙනස් වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. මෙය අපගේ අවදි කිරීමේ ඇමතුම  / wake-up call විය. එය ලෝකයේ අවධානයට ලක් වූ අතර මෙයින් පසු දේවල් වෙනස් වනු ඇතැයි මගේ විශ්වාසය විය. අපි යථා තත්ත්වයට පත් වී එක්සත් ආකාරයකින් බලමුළු ගන්වන්නෙමු. ඊට පසු කෝවිඩ් වසංගතය පැමිණියේය. වාතය නැවත හුස්ම ගැනීමට තරම් ආරක්ෂිත විය. නමුත් වෙනත් කිසිවෙකු අසල නොසිටි නම් පමණි. ඉවත දැමිය හැකි මුහුණු ආවරණ වීදිවල කාණු පැල්ලේ ගොඩ ගැසී  ඇති අතර KeepCup තහනම් කරන ලදී. ලෝකයේ සෙසු අය සමඟ මම බොහෝ සේ විනෝද වුණෙමි. හැකි තරම් රූපවාහිනිය නැරඹුවෙමි.

එක් රාත්‍රියක රූපවාහිනී තිරය මාව ඉන්ද්‍රජාලික ස්ථානයකට ගෙන ගියේය. එය නෝර්වේ සහ උත්තර ධ්‍රැවය අතර අඩක් දුරින් පිහිටි අයිස් දූපතක්  විය. එය පිණිමුවන්, හිම වලසුන් සහ උතුරු ආලෝකයේ නිවහන විය. දූපතේ කන්දක් විය. එහි දොරටුව දිලිසෙන හරිත කලා මෝස්තරයකින් සලකුණු කර තිබුණේය. එම කන්ද තුළ බීජ මිලියන ගණනින් පිරුණු සුරක්ෂිතාගාරයක් තිබුණේය. නමුත් මෙය මනඃකල්පිත චිත්‍රපටයක් නොවේ. එය සැබෑ ස්ථානයකි. එහි නම Global Seed Vault in Svalbard  (ස්වල්බාර්ඩ් හි ගෝලීය බීජ සුරක්ෂිතාගාරය) නම් විය. මානව වර්ගයාගේ යහපත සඳහා නෝර්වේ රජය විසින් එය ගොඩනගා ඇත. යුද්ධය හෝ දේශගුණික ව්‍යසනය වැනි ගෝලීය ව්‍යසනයකදී යළි භාවිතයට ගැනීමේ අරමුණින් ලෝකයේ සෑම රටකම පාහේ බීජ සාම්පල මිලියනයකට වඩා එහි ගබඩා කර ඇත.

The Garden at the End of the World මගේ පළමු පින්තූර පොත බවට පත්වන්නේ මේ අතරය. තම නිවස අසලින් දුර්ලභ ශාකයක් සොයා ගෙන එය සුරක්ෂිතව තබා ගැනීම සඳහා ගෝලීය බීජ සුරක්ෂිතාගාරයට භාර දීමට තම උද්භිද විද්‍යාඥ මව සමඟ ත්‍රාසජනක ගමනක් යන ගැහැණු ළමයෙකු ගැන කතාවක් මෙහි තිබුණේය. එය මා හට අගුළු දැමීම සඳහා අවශ්‍ය වූ ගායනයයි. එය බොහෝ වෙහෙසට පත් දරුවන් සහ දෙමාපියන් සමඟ ද අනුනාද වන බව මම නොදැන සිටියෙමි.

පාරිසරික ප්‍රතිකාරය / Ecotherapy  අවධානය යොමු කරන්නේ ස්වභාවධර්මයට ඇති විස්මය සහ සම්බන්ධතාවය කෙරෙහි වන අතර, සමහර චිකිත්සකයින් යෝජනා කරන්නේ පරිසරය රැකබලා ගැනීමට ඔවුන් දිරිමත් කරනවාට වඩා ඔවුන්ට වඩාත් ප්‍රයෝජනවත් විය හැකි බවයි. (එය වැඩිහිටියන් වශයෙන් අපට අයත් විය යුතු වගකීමකි) හරිත අවකාශයන්හි කඳු නැගීම, ස්වභාවධර්මයේ හෝ ස්වභාවධර්මය සමඟ චිත්‍ර නිර්මාණය කිරීම, සතුන් සමඟ සෙල්ලම් කිරීම, ප්‍රජා ගෙවතු වගාව වැනි දේවල් දරුවන්ට දේශගුණික කාංසාව වළක්වා ගැනීමට උපකාරී වේ. මෙය අනෙක් අතට ඔවුන් වැඩෙන විට වෙනසට බලපෑම් කිරීමට වඩා හොඳ ස්ථානයක සිටින බව සහතික කළ හැකිය.

ළමයින් සඳහා ලිවීම සහ වැඩිහිටියන් සඳහා ලිවීම අතර ඇති ප්‍රධාන වෙනස නම්, යෞවනයන් සඳහා ලියන කතන්දර තුළ බලාපොරොත්තුවක් තිබිය යුතුය, ක්ෂිතිජයේ යම් දෙයක දිලිසීමක්: ඉදිරියට යන්න. සැබෑ ජීවිතයේ ඩෝන්ස්, ග්‍රේටා තුන්බර්ග් සහ ඇගේ අනුගාමිකයින් වීම…. තරුණයින්ට වෙනස් කිරීමේ ප්‍රබල නියෝජිතයන් විය හැකි බව ඔප්පු කර ඇති අතර, ඔවුන්ගේ කටහඬට ඉඩ සැලසීමට සහ සැමරීමට ආඛ්‍යානය මාරු වී ඇත.  නමුත් සවිබල ගැන්වූ දරුවන්ගේ (empowered kids) නොහොබිනා කතා අතර වගකීම ඔවුන්ගේ පමණක් නොවන බව මතක් කර දිය යුතුය. වැඩිහිටියන් දැනටමත් ඔවුනට උදව් කරමින් සිටී. දරුවන් අනාගතයයි… නමුත් අපි මඟ පෙන්විය යුතුය. (අවම වශයෙන් දැනට අපි ඔවුන්ට ණයගැතිය)

https://www.theguardian.com/commentisfree/2023/jun/14/its-not-the-job-of-children-to-fix-the-climate-crisis-we-must-show-them-grown-ups-are-leading-the-way