දේශගුණික මූල්‍ය, හරිත වර්ධනය, ණය සහ පෞද්ගලික ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීමට ලෝක නායකයින් ලබන සතියේ රැස්වේ

දේශගුණික අර්බුදය විසඳීම සඳහා දුප්පත් රටවලට අරමුදල් සැපයීම කෙරෙහි අවධානය යොමු කිරීමට සාකච්ඡා ආරම්භ වී තිබෙන අතර දේශගුණික මූල්‍ය, හරිත වර්ධනය, ණය සහ පෞද්ගලික ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීමට ලෝක නායකයින් ලබන සතියේ ප්‍රංශයේ පැරිස් නුවරට රැස් වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ නායකත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන අතර ලෝක නායකයින් විශාල පිරිසක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතව තිබේ. යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen සහ ජර්මානු චාන්සලර් Olaf Scholz ඇතුළු යුරෝපා සංගම් නායකයින් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත නමුත් බ්‍රිතාන්‍ය අගමැති Rishi Sunak සහභාගී වන්නේද යන්න තහවුරු කර නොමැත.

දුප්පත් රටවලට හරිතාගාර වායු විමෝචනය කපා හැරීමට සහ ආන්තික කාලගුණයේ බලපෑම්වලට අනුවර්තනය වීමට උපකාර කිරීම සඳහා පොහොසත් රටවලින් ලැබෙන විදේශ ආධාර සහ දේශගුණික මූල්‍ය ඇතුළු වත්මන් සංවර්ධන මූල්‍ය පද්ධති ප්‍රතිඵල ලබා නොදෙන බව ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් විශ්වාස කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කියයි.

“දරිද්‍රතාවයට එරෙහි සටන, 2050 වන විට කාබන් මධ්‍යස්ථභාවය සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ ආර්ථිකය නිර්කාබන්ඩයොක්සයිඩ් (Decarbonisation) කිරීම සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සමීපව බැඳී තිබෙනවා. එබැවින්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි යටිතල පහසුකම්වල පුළුල් ප්‍රතිසංස්කරණයක් සඳහා ආයෝජන ප්‍රමාණය සම්බන්ධයෙන් මෙන්ම, සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ දුප්පත් සහ නැගී එන රටවල මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා හොඳම ක්‍රම පිළිබඳව අපි එකඟත්වයකට පැමිණිය යුතුයි. එසේම රාජ්‍ය සහ පෞද්ගලික අරමුදල් සහ නව ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ගැනත් අපි අවධානය යොමු කළ යුතුව තිබෙනවා’’ ප්‍රංශ ජනපතිවරයා සමුළුව සඳහා කොන්දේසි සකස් කරමින් පැවසීය.

  • Decarbonisation – අඩු කාබන් ආර්ථිකයක් යනු වායුගෝලයට මුදා හරින කාබන්, ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය අඩු කිරීමේ ක්‍රියාවලියයි. බලශක්ති සංක්‍රාන්තිය හරහා දේශගුණ මධ්‍යස්ථභාවය ලබා ගැනීම සඳහා අඩු විමෝචන ගෝලීය ආර්ථිකයක් සාක්ෂාත් කර ගැනීම එහි අරමුණයි. 20 වන සියවසේ මැද භාගයේ සිට නිරීක්ෂණය කරන ලද දේශගුණික විපර්යාසවල ප්‍රධානතම හේතුව මානව ක්‍රියාකාරකම් හේතුවෙන් හරිතාගාර වායු විමෝචනයයි.

බාබඩෝස්හි අගමැති මීආ මොට්ලි / Mia Mottley මෙම සමුළුවේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ‘බ්‍රිජ්ටවුන් න්‍යාය පත්‍රය‘ Bridgetown agenda ලෙසින් හැඳින්වෙන ඇයගේ යෝජනා, සංවර්ධනය වෙමින් පවතින රටවලට, විශේෂයෙන් දේශගුණික අර්බුදයෙන් පීඩාවට පත් වූ රටවලට ලබා ගත හැකි අරමුදල් විශාල වශයෙන් පුළුල් කිරීම අරමුණු කර ගෙන ඇත.

බාබඩෝස්හි අගමැති මීආ මොට්ලි / Mia Mottley මෙම සමුළුවේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. ‘බ්‍රිජ්ටවුන් න්‍යාය පත්‍රය‘ Bridgetown agenda ලෙසින් හැඳින්වෙන ඇයගේ යෝජනා, සංවර්ධනය වෙමින් පවතින රටවලට, විශේෂයෙන් දේශගුණික අර්බුදයෙන් පීඩාවට පත් වූ රටවලට ලබා ගත හැකි අරමුදල් විශාල වශයෙන් පුළුල් කිරීම අරමුණු කර ගෙන ඇත.

මොට්ලි ලෝක බැංකුව, IMF සහ ඒ හා සමාන ආයතන දැඩි ලෙස විවේචනය කර ඇති අතර, දේශගුණික අර්බුදයට මුහුණ දීම සහ රටවල් ණය බරෙන් මුදවා ගැනීමේ කර්තව්‍යයට ඒවා නුසුදුසු යැයි චෝදනා කළාය. “ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රතිචාර දැනට ඛණ්ඩනය වී තිබෙනවා. ඒවා පාර්ශවීය වන අතර ප්‍රමාණවත් නැහැ.  එබැවින් අපි මූලික ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටිනවා” බාබඩෝස්හි අගමැති මීආ මොට්ලි පැවසුවාය.

අනුවර්තනය පිළිබඳ ගෝලීය මධ්‍යස්ථානයේ (Global Center on Adaptation) ප්‍රධාන විධායක පැට්‍රික් වර්කොයිජන් පැවසුවේ, දැනට පවතින විදේශීය ආධාර සහ සංවර්ධන මූල්‍ය පද්ධති ලෝකය මුහුණ දෙන දරිද්‍රතාවය, දේශගුණය, ආහාර සැපයුම සහ ජෛව විවිධත්වය වැනි අර්බුද සමඟ සාර්ථකව කටයුතු නොකරන බැවින් මූලික වෙනසක් අවශ්‍ය බවයි.

ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණයක් සඳහා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවලින් ඉල්ලීම් වැඩි වෙමින් පවතී. එවක එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2019 දී පත් කරන ලද ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස්, ඔහුගේ දේශගුණික සංශයවාදී අදහස් පිළිබඳ මතභේදයන් ගැඹුරු කිරීමෙන් පසු මේ වසර මුලදී ඉල්ලා අස්විය.

මෙම සමුළුව ඔහුගේ අනුප්‍රාප්තිකයා වන අජේ බංගාගේ / Ajay Banga පළමු ප්‍රධාන ජාත්‍යන්තර සංචාරය වනු ඇත. හිටපු සිටිගේට් බැංකුකරුවෙකු සහ Mastercard හි හිටපු ප්‍රධාන විධායකයෙකු වන බංගා, පුද්ගලික ආයෝජකයින් සමඟ හවුල්කාරිත්වය පුළුල් කිරීම සඳහා ලෝක බැංකුව විවෘත කිරීමට ඉඩ ඇති අතර, දේශගුණය සහ ඒ ආශ්‍රිත අර්බුද සම්බන්ධයෙන් බැංකුවේ ආකල්පය ලිහිල් කරනු ඇත.

එහෙත් දුප්පත් රටවල ඩෝලර් ට්‍රිලියනක් වන නව ආයෝජන, ගෝලීය වශයෙන් දේශගුණික මූල්‍යකරණය සඳහා ඩොලර් ට්‍රිලියන තුනක් සැපයීම , ණය සහන සඳහා ඉලක්ක කිරීම ඇතුළුව සම්පූර්ණ ප්‍රතිසංස්කරණය සඳහා Mottley ගේ ඉල්ලීම් සමඟ ඔහු කෙතරම් දුරට එකඟ වේද යන්න තවමත් නිශ්චිතතාවයක් නැත.

අනුවර්තනය පිළිබඳ ගෝලීය මධ්‍යස්ථානයේ (Global Center on Adaptation) ප්‍රධාන විධායක පැට්‍රික් වර්කොයිජන් පැවසුවේ, දැනට පවතින විදේශීය ආධාර සහ සංවර්ධන මූල්‍ය පද්ධති ලෝකය මුහුණ දෙන දරිද්‍රතාවය, දේශගුණය, ආහාර සැපයුම සහ ජෛව විවිධත්වය වැනි අර්බුද සමඟ සාර්ථකව කටයුතු නොකරන බැවින් මූලික වෙනසක් අවශ්‍ය බවයි.

“අපි දැනට පවතින තත්ත්වය වෙනස් කර, සංවර්ධන මූල්‍ය අතීතයේ ක්‍රියා කළ ආකාරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතුයි. මෙම ප්‍රතිනිර්මාණය කරන ලද සහ ප්‍රතිසංස්කරණය කරන ලද ගෝලීය මූල්‍ය ක්‍රමය  (global financial system) ස්වභාවික ව්‍යසන ඇති වූ විට ණය සේවා ආපසු ගෙවීම අත්හිටුවනු ඇති අතර දේශගුණික බිඳවැටීමට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා පුද්ගලික අංශයේ මූල්‍යකරණය සඳහා බහුපාර්ශ්වික බැංකු වල ශේෂ පත්‍රය භාවිතා කරනවා ”ඔහු පැවසීය.

ලෝකය දරුණු ආහාර හිඟයක් සමඟ පොරබදමින් සිටින අතර, මිලියන 250කට අධික ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටී. දේශගුණික අර්බුදයෙන් ඉහත තත්ත්වයන් තව දුරටත් උග්‍ර වී ඇති හෙයින් සාගින්න ද සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් විය යුතුය.

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ (International Fund for Agricultural Development) සභාපති අල්වාරෝ ලැරියෝ මෙසේ පැවසීය: “ලෝකයේ දුප්පතුන්ට එරෙහිව ගොඩගැසී ඇති සහ ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට, ගෝලීයකරණයට ඔවුන් දක්වන දැවැන්ත දායකත්වය නොසලකා හරින ජාත්‍යන්තර මූල්‍ය නීති නැවත බැලීමට මෙම සමුළුව නව (කල් ඉකුත් වූ) අවස්ථාවක් ලබා දෙනවා. එය මහා පරිමාණයෙන් පුද්ගලික අංශයේ ආයෝජන උත්ප්‍රේරණය කිරීමට මගක් සෙවිය යුතුයි. 2030 වන විට කුසගින්න තුරන් කිරීම සඳහා මහජන අරමුදල්වලින් පමණක් ඩොලර් බිලියන 330ක් සැපයිය නොහැකියි’’

https://www.theguardian.com/environment/2023/jun/17/paris-talks-focus-funding-poor-countries-tackle-climate-crisis