COP සඳහා සහභාගී වන පොසිල ඉන්ධන නියෝජිතයින්ගේ වාර්ෂික ලැයිස්තුවක් සම්පාදනය කරන Global Witness හි ඇලිස් හැරිසන් පැවසුවේ, මෙම තොරතුරු පොසිල ඉන්ධන සමාගම්වල අවශ්‍යතා නියෝජනය කරන අය ඔවුන්ගේ සැබෑ අභිප්‍රාය ප්‍රකාශ නොකර පිටුපස දොරෙන් රිංගා ගැනීම වැළැක්වීමට උපකාරී වන බවයි

තෙල්, ගෑස් සහ ගල් අඟුරු සමාගම්වල නියෝජිතයින්ට (fossil fuel lobbyists) අනාගත දේශගුණික රැස්වීම්වලදී ඔවුන්ගේ කර්මාන්ත සබඳතා හෙළි කිරීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ නව තීන්දුව පරිසර දූෂකයන්ගේ බලපෑම සීමා කිරීමේ පළමු පියවර බව උද්ඝෝෂකයෝ පවසති.

ෆොසිල ඉන්ධන සමාගම්වල නියෝජිතයින්ට ඔවුන්ගේ සමාගම් සමඟ ඇති සම්බන්ධතාවය පිළිබඳව හෙළි නොකර වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර වශයෙන් පවා පැවැති දේශගුණික රැස්වීම්වලට සහභාගී වීමට හැකි වී තිබේ. මේ අනුව පසුගිය වසරේ ඊජිප්තුවේ COP27 සමුළුවට ඇතුළු වීමට ෆෙසිල ඉන්ධන කර්මාන්තයට සම්බන්ධ නියෝජිතයින් 600කට වැඩි පිරිසකට හැකියාව ලැබී තිබේ.

ලොව ඉහළම තෙල් නිෂ්පාදකයෙකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත COP28 සමුළුව සඳහා නව නීති ක්‍රියාත්මක වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සමාගම් ප්‍රධානී සුල්තාන් අල් ජාබර් සමුළුවේ මුලසුන හොබවන අතර එය පරිසරවේදීන්ගේ කෝපයට හේතු වී තිබේ.

සෑම වසරකම ලොව පුරා සිටින දේශපාලන නායකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් COP සමුළුවට සහභාගී වන අතර ලෝකය දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ ප්‍රධාන තීරණ එහිදී ගනු ලැබේ. දේශපාලකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම, COP ක්‍රියාවලියේ ප්‍රධාන ඉලක්කය ලෙස ගෝලීය පොසිල ඉන්ධන මත යැපීම අවසන් කිරීම සලකන පාරිසරික ප්‍රචාරකයින් ද මෙම සමුළුවට සහභාගී වේ.

Greta Thunberg බොන් හි මෑතකාලීන සාකච්ඡාවලදී පොසිල ඉන්ධන කර්මාන්තවල බලපෑම ගැන අනතුරු ඇඟවීය

මේ අතර දේශගුණි විපර්යාස සම්බන්ධයෙන් සාකච්ඡා කරන සහ තීන්දු තීරණ ගන්නා සමුළු සහ සාකච්ඡාවලට ෆොසිල ඉන්ධන කර්මාන්තවල නියෝජිතයන්ගේ සහභාගීත්වය කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ. නමුත් මෙහිදී උද්ගතව ඇති ගැටලුව වන්නේ බොහෝ විට ගල් අඟුරු, තෙල් සහ ගෑස් සමාගම්වල නියෝජිතයින් ඔවුන්ගේ අනුබද්ධතා ගැන විවෘත නොවීමයි.

ප්‍රචාරක කණ්ඩායම වන Global Witness හි විශ්ලේෂණයට අනුව පසුගිය වසරේ ඊජිප්තුවේ කයිරෝ නුවර දී පැවති COP27 සමුළුවට සහභාගී වූ ෆෙසිල ඉන්ධන සමාගම්වල නියෝජිතයින්ගේ සංඛ්‍යාව 600කට වඩා වැඩි වී අතර එය සෙසු වසරට සාපේක්ෂව 25%ක වර්ධනයකි.

ඩුබායි හි පැවැත්වෙන මෙම වසරේ COP28 සමුළුවට නියෝජිතයින් ලියාපදිංචි කිරීම ළඟදීම ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, එක්සත් ජාතීන් දැන් අනුබද්ධිතභාවය පිළිබඳ අනිවාර්ය ප්‍රශ්නයක් ඉදිරිපත් කරනු ඇත.

“මෙතැන් සිට COP සමුළුවට සහභාගී වන සෑම සහභාගිවන්නෙකුම එම සංවිධානයට ඔවුන්ගේ අනුබද්ධය සහ සබඳතා ලැයිස්තුගත කිරීමට අවශ්‍ය වනු ඇත” UN දේශගුණික ප්‍රධානී සයිමන් ස්ටයිල් පැවසීය.

ප්‍රචාරකයින් පවසන්නේ මෙම පියවර ගැනීමට බොහෝ කාලයක් ගත වී ඇති බවයි.

“එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡා පවතින තාක් කල්, ෆොසිල ඉන්ධන කර්මාන්තයේ ලොබිවාදීන් දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ නීති ලියා ඇති මේසයේ අසුන් ගෙන තිබුණා. ඇත්ත වශයෙන්ම පළමු වතාවට සියලුම සහභාගිවන්නන් තමන් කවුරුන්ද යන්න පිළිබඳව ලෝකයට අවංක වීමට සිදුවීම සුළු දෙයක් නොවෙයි” රේචල් රෝස් ජැක්සන් පැවසීය.

නිරීක්ෂකයින් පවසන්නේ පසුගිය වසරේ කයිරෝ නුවර පැවැති COP27 සමුළුවට දුප්පත් අප්‍රිකානු රටක් වන මොරිටේනියාවේ නියෝජිතයෙකු ලෙස BP (බ්‍රිතාන්‍ය තෙල් සමාගමේ) සභාපති බර්නාඩ් ලූනි සහභාගී වූ විට සිදු වූ දේ නැවත සලකා බැලීමට සිදු වූ බවයි.

ඒ හා සමානව ප්‍රංශ තෙල් සමාගමක් වන ටෝටල් හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හතර දෙනෙක් මූලාශ්‍ර නැති ජර්මානු පාරිසරික ප්‍රචාරක කණ්ඩායමක නියෝජිතයන් ලෙස COP 27 සමුළුවට පැමිණ සිටියේය.

කෙසේ වෙතත් නියෝජිතයින්ගේ අනුබද්ධය පිළිබඳ තොරතුරු දැන් අනිවාර්ය වන අතර, සහභාගිවන්නන්ට එම සංවිධානයට ඔවුන්ගේ සම්බන්ධතාවයේ ස්වභාවයෙන් ඉවත් වීමට ඉඩ දෙනු ලැබේ. නමුත් COP සමුළුවට පැමිණීම සඳහා මුදල් සපයන්නේ කවුරුන්ද යන්න හෙළි කිරීමට අවශ්‍ය නොවේ.

නියෝජිතයින් යම් තොරතුරක් ලබා දීමෙන් ඉවත් වන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම හිස් පිළිතුරු ඔවුන්ගේ ලැයිස්තු වල ප්‍රකාශයට පත් කරනු ඇත.

COP සඳහා සහභාගී වන පොසිල ඉන්ධන නියෝජිතයින්ගේ වාර්ෂික ලැයිස්තුවක් සම්පාදනය කරන Global Witness හි ඇලිස් හැරිසන් පැවසුවේ, මෙම තොරතුරු පොසිල ඉන්ධන සමාගම්වල අවශ්‍යතා නියෝජනය කරන අය ඔවුන්ගේ සැබෑ අභිප්‍රාය ප්‍රකාශ නොකර පිටුපස දොරෙන් රිංගා ගැනීම වැළැක්වීමට උපකාරී වන බවයි.

පසුගිය දේශගුණ සම්මන්ත්‍රණවලට පොසිල ඉන්ධන කර්මාන්ත නියෝජනය කරන නියෝජිතයින් විශාල සංඛ්‍යාවක් සහභාගී වී ඇත

“තම අනන්‍යතාව ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරන අයව ආපයු හරවා යැවීම ගැන අපි සහතික වෙනවා” ඇලිස් අවධාරණය කළාය.

ලොව පුරා දේශගුණික බලපෑම් උග්‍ර වන බැවින් ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන්නේ නැති බවට සංවර්ධනය වෙමින් පවතින රටවල විශාල කලකිරීමක් සමඟින්, ධනවත් සහ දුප්පතුන් අතර ගැඹුරු බෙදීම් යළිත් පෙනෙන්නට තිබුණි.

“මෙම ක්‍රියාවලියේ විශ්වසනීයත්වය තර්ජනයට ලක්ව තිබෙනවා. මෙම ගැටලු විසඳීමට වෙනත් තැනක් නොමැති බව අපි මතක තබා ගත යුතුයි” එක්සත් ජාතීන්ගේ දේශගුණික විධායක ලේකම් සයිමන් ස්ටීල් අනතුරු ඇඟවීය.

COP28 හි තේරී පත් වූ සභාපතිවරයා වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුල්තාන් අල් ජාබර් ය

COP28 හි මුලසුන හොබවන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුල්තාන් අල් ජාබර්ගේ භූමිකාව පිළිබඳව ද දිගින් දිගටම කෝපයක් පැවතුණි. මෙම තීරණාත්මක කාර්යභාරය සඳහා තෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකු සුදුසු දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර ඇත.

නමුත් අල් ජබාර්ගේ ආධාරකරුවන් පවසන්නේ ප්‍රධාන තෙල් නිපදවන ජාතීන්ට ෆොසිල ඉන්ධන වලින් ඉවත් වීමට උපකාර කිරීමට ඔහු හොඳින් ස්ථානගත වී ඇති බවයි.

පසුගිය සතියේ බොන් සාකච්ඡාවලට සහභාගී වීමෙන් පසු සුල්තාන් අල් ජාබර් පැවසුවේ “ෆොසිල ඉන්ධනවල අවපාතය නොවැළැක්විය හැකි” බවයි.

https://www.bbc.com/news/science-environment-65917660