නවතම අධ්‍යයනයකට අනුව ගෝලීය ධාන්‍ය වර්ග කිහිපයක අස්වැන්න අසාර්ථක වීමේ අවදානම අවතක්සේරු කර ඇත. පර්යේෂකයන් පැවසුවේ දේශගුණික විපර්යාස අපගේ ආහාර පද්ධතිවලට එල්ල කරන තර්ජනය “අවදි කිරීමේ ඇමතුමක් / wake up call” විය යුතු බවයි.

ආහාර නිෂ්පාදනය ගෝලීය හරිතාගාර වායු විමෝචනයේ ප්‍රධාන මූලාශ්‍රයක් වන අතර එය දේශගුණික විපර්යාසවල බලපෑමට බෙහෙවින් නිරාවරණය වේ.

Nature Communications හි ප්‍රකාශයට පත් කරන ලද නව පර්යේෂණයේ දී, එක්සත් ජනපදයේ සහ ජර්මනියේ පර්යේෂකයන් ප්‍රධාන ආහාර නිපදවන ප්‍රදේශ කිහිපයක එකවර අඩු අස්වැන්නක් ලැබීමේ සම්භාවිතාව දෙස බැලූහ.

මෙම සිදුවීම් මිල ඉහළ යාම, ආහාර අනාරක්ෂිතභාවය සහ සිවිල් නොසන්සුන්තාවයට පවා හේතු විය හැකි බව අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන Kai Kornhuber පැවසීය.

මෙම අධ්‍යයනය 1960 සහ 2014 අතර නිරීක්ෂණ සහ දේශගුණික ආකෘති දත්ත දෙස බැලූ අතර, පසුව 2045 සිට 2099 දක්වා ප්‍රක්ෂේපණය කරන ලදී.

පර්යේෂකයන් මුලින්ම බැලුවේ ජෙට් ප්‍රවාහයේ (jet stream) බලපෑම ගැනය. (ලෝකයේ වඩාත් වැදගත් බෝග නිපදවන ප්‍රදේශ බොහොමයක කාලගුණික රටා මෙහෙයවන වායු ධාරා) .

ජෙට් ප්‍රවාහය මගින් උතුරු ඇමරිකාව, නැගෙනහිර යුරෝපය සහ නැගෙනහිර ආසියාවේ ප්‍රධාන කෘෂිකාර්මික කලාපවලට විශේෂයෙන් සැලකිය යුතු බලපෑමක් ඇති කරන අතර අස්වැන්න 7%ක් දක්වා අඩු වී ඇති බව ඔවුහූ සොයා ගත්හ.

පර්යේෂකයන් සොයා ගත් පරිදි මෙය අතීතයේ දී එකවර වගා අසාර්ථකත්වයට සම්බන්ධ වී ඇත. එක් උදාහරණයක් නම්, 2010 දී, ජෙට් ප්‍රවාහයේ උච්චාවචනයන් රුසියාවේ සමහර ප්‍රදේශවල අධික උණුසුම සහ පාකිස්තානයේ විනාශකාරී ගංවතුර යන දෙකටම සම්බන්ධ වූ විට බෝගවලට හානි කළ බව Kai Kornhuber පැවසීය.

අවදානම් තක්සේරුව

පරිගණක ආකෘති මෙම අවදානම් කෙතරම් හොඳින් තක්සේරු කරන්නේද යන්න අධ්‍යයනයෙන් සොයා බැලූ අතර ඒවා ජෙට් ප්‍රවාහයේ වායුගෝලීය චලනය පෙන්වීමට දක්ෂ වන අතර, එය භූමියේ නිපදවන අන්තවල විශාලත්වය අවතක්සේරු කරන බව සොයා ගන්නා ලදී.

Kai Kornhuber පැවසුවේ මෙම අධ්‍යයනය වඩාත් නිරන්තර හා තීව්‍ර කාලගුණික අන්තයන් සහ වඩ වඩාත් සංකීර්ණ වූ අන්තයන්ගේ සංයෝජන සමඟින් ආහාර අංශයට දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳ “අපගේ අවිනිශ්චිතතා අනුව අවදි කිරීමේ ඇමතුමක්” විය යුතු බවයි.

“අනාගතයේ මෙවැනි සංකීර්ණ දේශගුණික අවදානම් සඳහා අප සූදානම් විය යුතු අතර මේ මොහොතේ ඇති ආකෘති මෙය අල්ලා නොගන්නා බව පෙනේ,” ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් අනතුරු අඟවමින් කියා සිටියේ දේශගුණික විපර්යාස මත පදනම් වූ ආන්තික කාලගුණ සිදුවීම්, පශු සම්පත් සහ තීරණාත්මක පරිසර පද්ධතිවලට බලපා ඇති බැවින් කුසගින්න සහ දුක් විඳීමේ “සැබවින්ම බිහිසුණු” ඩිස්ටෝපියන් අනාගතයක් උදාවිය හැකි බවය.

2021 දී මිලියන 828 කට වැඩි ජනතාවක් කුසගින්නෙන් පෙළුණු බවත් දේශගුණික විපර්යාස මැද මෙම සියවස වන විට එය මිලියන 80කින් වැඩි විය හැකි බවත් ආහාර සඳහා ඇති අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විවාදයක දී Kai Kornhuber ප්‍රකාශ කළ අතර අභියෝග ජය ගැනීම සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම ගැන ලෝක නායකයින්ට දොස් පැවරීය.

https://phys.org/news/2023-07-underestimating-climate-crops.html