එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සහ චාල්ස් රජු දේශගුණික හදිසි අවස්ථාවට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ රැස්වීමක් පවත්වා තිබේ.

ලිතුවේනියාවේ විල්නියස් හි පැවැත්වෙන නේටෝ සමුළුවට සහභාගී වීමට පෙර එක්සත් රාජධානියට පැමිණි ජනපති බිඩෙන්  එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර දැඩි මිත්‍රත්වය පැසසුමට ලක් කළේය.

ජනපති බිඩෙන් තේ පානය සඳහා වින්ඩ්සර් මාලිගයට පැමිණීම චාල්ස් රජු දේශගුණික අර්බුදය සම්බන්ධයෙන් ගත් දැඩි පියවර පිළිබඳ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ පිළිගැනීම පිළිබිඹු කිරීමක් බව කියනු ලැබේ.

එක්සත් ජනපද ජනපතිවරයාගේ දේශගුණ නියෝජිත ජෝන් කෙරී සහ එක්සත් රාජධානියේ බලශක්ති ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් සමඟ ජනපති බිඩෙන් ලෝකයේ දුප්පත්ම රටවල් සඳහා දේශගුණික මූල්‍ය පිළිබඳ පුද්ගලික සාකච්ඡාවක් සඳහා ව්‍යාපාරිකයින් සහ දානපතියන් මුණගැසුණේය.

පරිසරවේදියෙකු වන චාල්ස් රජු දේශගුණික මූල්‍ය ඉහළ නැංවීම සඳහා ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන් එක් කරමින් 2020 දී තිරසාර  මුලපිරීම දියත් කළේය.

චාල්ස් රජු සහ බිඩෙන් මීට පෙර හරිත ව්‍යාපාර සඳහා එකතු වී ඇත.