එය අවසාන පළිගැනීමක් සේ පෙනේ. කුරුල්ලන් ගොඩනැගිලි මත රැඳී සිටීම වැළැක්වීම සඳහා සවිකරන ලද කුරුළු කරල් වලින් (anti-bird spikes1) කූඩු ඉදිකරන බව විශේෂඥයින් විසින් සොයාගෙන ඇත. නමුත් අනවශ්‍ය පක්ෂීන්ට එරෙහිව ක්‍රියා කිරීමේ උපක්‍රමවල අඩුවක් නැතත් ප්‍රවීණයන් පවසන්නේ මේ යුද්ධය අත්හැරීමට කාලය එළඹ ඇති බවයි.

  • Anti-bird spikes – කුරුළු කරල්, ප්‍රති -රෝස්ටිං කරල් හෝ පරෙවි කරල් ලෙසද හැඳින්වේ. වැටවල්, වහලවල්, … වැනි විවිධ පෘෂ්ඨ මත කුරුල්ලන් රැඳී සිටීම නැවැත්වීමට මේවා නිර්මාණය කර ඇත.

නාගරික නිවාසවල වහලවල්, දුම්රිය ස්ථාන සහ වෙනත් ගොඩනැගිලි වල කුරුල්ලන් ගැවසීම වැළැක්වීමට හෝ ඉවත් කිරීමට විවිධ ක්‍රම තිබුණ ද (Anti-bird spikes වල සිට ෆයර් ජෙල් / fire gel, වෘත්තීමය උකුස්සන් සහ ප්ලාස්ටික් බකමූණන් දක්වා) එය තාවකාලික සහනයක් පමණක් බව පෙනේ.

“මෙවැනි පක්ෂි වළක්වන ද්‍රව්‍ය වන ජීවීන් සඳහා භාවිතය ඉතාම භයානක යි. අපි ඒ වෙනුවට කටයුතු කළ යුත්තේ පාක්ෂීන් හා සුහද සහජීවනයක් මතයි. අපි ස්වභාවික හා දේශගුණික හදිසි අවස්ථාවකට මුහුණ දී සිටිනවා. එම සන්දර්භය තුළ අප ජීවත් වන ඕනෑම තැනක වනජීවීන් අපගේ එදිනෙදා ජීවිතයට පිළිගැනීමට තවත් ක්‍රම සොයා ගැනීමට අවශ්‍යයි” කුරුල්ලන් ආරක්ෂා කිරීම සඳහා වූ රාජකීය සංගමයේ ප්‍රතිපත්ති සහ උපදේශන අධ්‍යක්ෂ ජෙෆ් නොට් / Jeff Knott පැවසීය.

Exeter විශ්ව විද්‍යාලයේ කුරුල්ලන් පිළිබඳ විශේෂඥවරියක් වන Dr Madeleine Goumas සඳහන් කළේ විලෝපික විශේෂ භාවිතය ඇතුළු පක්ෂි පාලන ක්‍රම අපේක්ෂිත තරම් ඵලදායී නොවන බවයි.

“විලෝපික ශබ්ද භාවිතය සිදුවන විට ඉතා කෙටි කාලයකදී කුරුල්ලන් ඊට බියක් නොදක්වන බවට සාක්ෂි තිබෙනවා. එසේම කුරුල්ලන් ප්ලාස්ටික් බකමූණන්ගෙන් ගැන එතරම් තැකීමක් නොකරන බව දැකිය හැකියි. එසේම මෙම වැළකී සිටීම දිගු කල් පවතින්නේ නැහැ. යමක් සැබෑ තර්ජනයක් නොවේ නම් කුරුල්ලන් ඉක්මනින් එයට පුරුදු වන අතර එය බිය නොවිය යුතු බව ඔවුන් ඉගෙන ගන්නවා’’ Madeleine Goumas සඳහන් කළාය.

එසේම වෘත්තීමය උකුස්සන් භාවිතයේ අවාසි ද ඇති බව ගූමාස් පැවසීය. “සැබෑ විලෝපිකයන් දකින කුරුල්ලන් ස්වභාවයෙන්ම ඉවතට පියාසර කර පළා යාමට තැත් කරනවා. නමුත් මෙම වෘත්තීමය උකුස්සන් පියාසර කරන්නේ ඉතා කෙටි කාලයක් නිසා පළවා හරින ලද හෝ බිය වී පළා ගිය කුරුල්ලන් සාමාන්‍යයෙන් ආපසු පැමිණෙනවා”

එය අවසාන පළිගැනීමක් සේ පෙනේ. කුරුල්ලන් ගොඩනැගිලි මත රැඳී සිටීම වැළැක්වීම සඳහා සවිකරන ලද කුරුළු කරල් වලින් (anti-bird spikes1) කූඩු ඉදිකරන බව විශේෂඥයින් විසින් සොයාගෙන ඇත

කුරුල්ලන් ඉවත් කිරීමට හෝ මරා දැමීමට අවසර දී ඇති අවස්ථා වලදී පවා (බලපත්‍ර යටතේ ඉතා විශේෂිත අවස්ථාවන්හිදී හැර එසේ කිරීම නීති විරෝධී බව Madeleine Goumas අවධාරණය කළාය) එවැනි මැදිහත්වීම් ස්ථිර විසඳුමක් නොවිය හැකිය. මන්ද ඔවුන් දැල් දමන අතරතුර වෙනත් පක්ෂීන් එම ප්‍රදේශයට යාම වැළැක්විය නොහැකිය. එය ගැටලුකාරී විය හැකිය.

“හොඳ තත්ත්වයේ ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නම් සහ දැල් හොඳින් සවි කර නිතිපතා පරීක්ෂා කර ඇත්නම් එය එතරම් ගැටලුවක් නොවිය යුතුයි. නමුත් කුරුල්ලන් ඒවා තුළ සිරවී තුවාල වී හෝ මිය ගිය බවට වාර්තා රාශියක් තිබෙනවා” ඇය පැවසුවාය.

ගුවන් තොටුපළ ධාවන පථ වැනි කුරුල්ලන් ගැවසීම වැළැක්වීම ඉතා වැදගත් වන ඇතැම් අවස්ථා ඇති බව Knott සහ Goumas පිළිගනී. එහෙත් කුරුල්ලන් නිසා සිදුවන අපහසුතා තවත් පැති ගණනකට ගමන් කරනු දැකගත හැකිය.

“යම් ප්‍රදේශයක කුරුල්ලන් මළපහ කිරීම සෞඛ්‍යයට සහ ආරක්ෂාවට සැබෑ අවදානමක් නම් ඇත්ත වශයෙන්ම කුරුල්ලන් එහි ගොඩබෑම වළක්වන්න. නමුත් මිනිසුන් අමතක කරන්නේ අප අපගේ ලෝකය කුරුල්ලන් වැනි වන සතුන් සමඟ බෙදා ගත යුතු බවයි. එය අපගේ මෙන්ම ඔවුන්ගේ වාසස්ථානය බවත් අපි පිළිගත යුතුයි.” Madeleine Goumas අවධාරණය කළාය.

Knott තව දුරටත් මෙසේ පැවසුවේය, “බොහෝ විට සිදුවන්නේ මෙම පක්ෂීන් නාගරික ප්‍රදේශවලට ගමන් කිරීමයි. ඔවුන් එසේ කරන්නේ අපි ඔවුන්ගේ සැබෑ නිවාස සහ ගම්බද ප්‍රදේශවලට හානි කරන නිසයි”

පසුගිය වසර 50 තුළ එක්සත් රාජධානියට කුරුල්ලන් මිලියන 45ක් පමණ අහිමි වීමත් සමඟ වන සතුන් යථා තත්ත්වයට පත් කිරීමට සදාචාරාත්මක සහ නීතිමය වගකීමක් ඇති බව නොට් පැවසීය. ” නගර හෝ ඇත්ත වශයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වේවා අපගේ එදිනෙදා ජීවිතයට වන ජීවීන් පිළිගැනීමට සහ ඔවුන්ට උපකාර කිරීමට අපි ක්‍රම සොයා ගත යුතුයි”

පක්ෂි විද්‍යාව සඳහා වූ බ්‍රිතාන්‍ය භාරයේ ටොම් ස්ටුවර්ට් නොට් හා එකඟ විය. “අපි කුරුල්ලන්ව සතුරෙකු ලෙස නොසිතිය යුතුයි. අපි ඔවුන්ව ආරක්ෂා කිරීමට අපට වගකීමක් ඇති විශේෂයන් ලෙස සැලකිය යුතුයි” ටොම් ස්ටුවර්ට් පැවසීය.

Knott පැවසුවේ මෙම ආකල්පය මිනිසුන්ට ද ප්‍රතිලාභ ගෙන දිය හැකි බවයි. “සොබාදහමට ගොස් කාලය ගත කරන, සොබාදහමට ප්‍රවේශය ඇති [හෝ] පොහොසත් හරිත අවකාශයක් ඇති පුද්ගලයින් සෞඛ්‍ය සම්පන්න, ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට නැඹුරු වන බව අපි දන්නවා” ඔහු පැවසුවේය.

https://www.theguardian.com/environment/2023/jul/14/time-to-end-war-on-birds-and-find-a-way-to-coexist-say-experts