මහා බාධක පරයේ (Great Barrier Reef) සහ අනෙකුත් සාගර ජීවීන්ගේ පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල කරමින් ක්වීන්ස්ලන්ත වෙරළ තීරයේ කිලෝමීටර් 2,000කට වඩා වැඩි ප්‍රදේශයක සමුද්‍ර තාප තරංගයක් (Marine heatwave) හටගෙන ඇත.

එක්සත් ජනපද ජාතික වායුගෝලීය හා සාගර පරිපාලනය (National Atmospheric and Oceanic Administration – NOAA) විසින් කළමනාකරණය කරන ලද චන්ද්‍රිකා දත්ත පෙන්නුම් කරන්නේ ජුනි මස අගදී උණුසුම් තරංග මතුවීමට පටන් ගත් බවයි.

මහාද්වීපයේ ඊසාන දෙසින් සාගරයේ වර්ග කිලෝමීටර් මිලියනයක් පමණ දැන් තාප තරංග තත්වයන් යටතේ පවතින බව දත්ත පෙන්වා දෙයි. විශේෂඥයන් පැවසුවේ තාප තරංගය කොරල් රෝග අවදානම වැඩි කළ හැකි අතර මත්ස්‍ය ගහනයට ද එය දැඩිව බලපානු ඇති බවයි.

කාලගුණ විද්‍යා කාර්යාංශය පසුගිය සිකුරාදා (ජූලි 21) සාගර උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳව මහා බාධක කොරල්පර සමුද්‍ර උද්‍යාන අධිකාරිය (Great Barrier Reef Marine Park Authority – GBRMPA) දැනුවත් කළේය.

සමුද්‍ර තාප තරංගයක් බිහිවන්නේ වර්ෂයේ එම කාලය සඳහා ප්‍රදේශයක උෂ්ණත්වය මෙතෙක් වාර්තා වූ උණුසුම්ම 10% වන විට සහ අවම වශයෙන් දින පහක් එහි රැඳී සිටින විටය. විශේෂඥයන් පැවසුවේ ශීත ඍතුවේ දී සමුද්‍ර තාප තරංගවල බලපෑම ගිම්හාන කාලයට වඩා අඩු වන අතර, ඒවා කොරල්පර, කෙල්ප් සහ මුහුදු තණකොළ සහිත දිය යට වනාන්තරවලට හානි කිරීමට හෝ විනාශ කිරීමට හැකි බවයි.

නිවු සවුත් වේල්ස් දේශගුණික විපර්යාස පර්යේෂණ මධ්‍යස්ථානයේ සහකාර මහාචාර්යවරයෙකු සහ සමුද්‍ර තාප තරංග විශේෂඥයෙකු වන ආචාර්ය ඇලෙක්ස් සෙන් ගුප්තා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය. “ඔබ ගෝලීය වශයෙන් බැලුවහොත්, අප පෙර කවරදාටත් වඩා සාගර තාප තරංග දැන් අපට දැකගත හැකියි. මේ මොහොතේ එය සුවිශේෂීයි. ඊසානදිග ඕස්ට්‍රේලියාවේ  එය නියත වශයෙන්ම උණුසුම්. මෙම උණුසුම් උෂ්ණත්වය නිසා සතුන්ට සහ ශාකවලට බලපෑම් ඇති වීමට නියමිතයි’’

GBRMPA හි කොරල්පර සෞඛ්‍යය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය ජෙසිකා ස්ටෙලා පැවසුවේ සමස්ත උෂ්ණත්වය ගිම්හානයට වඩා සිසිල් වන ශීත ඍතුවේ දී තාප තරංගයක බලපෑම් පිළිබඳ නොදන්නා අංගයක් තවමත් පවතින බවයි.

මෙම තාප තරංගයේදී කොරල්පර සුදුවීමේ අවදානමක් නොතිබුණද, ඉදිරි මාසවලදී කොරල්පර රෝග පැතිරීම වැඩි විය හැකි බවට කනස්සල්ලක් පවතී.

“සාමාන්‍යයෙන් උණුසුම් උෂ්ණත්වය කොරල්පරවල රෝග වැඩි වීමක් පෙන්නුම් කරනවා. ශීත ඍතුවේ දී ව්‍යාධිජනක සාමාන්‍යයෙන් වඩාත් නිද්‍රාශීලී වෙනවා. උෂ්ණත්වය ප්‍රමාණවත් ලෙස සිසිල් නොවන්නේ නම්, රෝග කාරක වෛරස් ලෙස පැවතිය හැකි අතර කොරල් රෝගයේ වැඩිවීමක් අපට දැකගත හැකියි.’’

ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයේ සමුද්‍ර ජීව විද්‍යාඥ සහ මත්ස්‍ය විශේෂඥ මහාචාර්ය ජෝඩි රම්මර් පැවසුවේ සාගර තාප තරංග මාළුන්ගේ පරිවෘත්තීය වේගය ඉහළ නංවන බවයි.

“එබැවින් සෑම කෙනෙකුටම වැඩියෙන් ආහාර අවශ්‍ය නම්, එය සමස්ත පරිසර පද්ධතියටම පීඩනයක් ඇති කරනවා” ඇය පැවසුවාය.

කාලගුණ විද්‍යා කාර්යාංශයේ සාගර විද්‍යාඥයෙකු සහ පර්යේෂකයෙකු වන ආචාර්ය ග්‍රාන්ට් ස්මිත් පැවසුවේ මහා බාධක පරයේ සහ කොරල් මුහුදේ විශාල ප්‍රදේශවල මෙම කාලය සඳහා උෂ්ණත්වය සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශකයක් වැඩි බවයි.

කොරල් පර මත ජුනි මාසයේ උෂ්ණත්වය එම මාසය සඳහා වාර්තා වූ 12 වැනි ඉහළම අගය විය. ඉදිරි මාසවල සඳහා වන පුරෝකථනයක සඳහන් වූයේ වත්මන් පුරෝකථන කාල සීමාව අවසන් වන තෙක් කොරල්පර මත මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ මට්ටමක පැවතීමයි.

ප්‍රවීණයන් පැවසුවේ, ග්‍රීෂ්ම ඍතුවට ඇතුළු වන විට කොරල්පරවල ජලය සාමාන්‍ය ප්‍රමාණයට වඩා උණුසුම් නම්, මෙයින් අදහස් කරන්නේ කොරල්පර සුදු කිරීමට ප්‍රමාණවත් ආතතියක් ඇති කිරීමට අඩු අමතර උණුසුමක් අවශ්‍ය වනු ඇති බවයි. මෙය සතුන් දුර්වල කරන ආතති ප්‍රතික්‍රියාවක් වන අතර උෂ්ණත්වය ඉහළ ගියහොත් මාරාන්තික විය හැකිය.

උතුරු අර්ධගෝලයේ ගොඩබිම සහ සාගරයේ විශාල ප්‍රදේශයක් ග්‍රීෂ්ම සෘණ තරංගවල ග්‍රහණය ලක්වී ඇත. එය සිදුව ඇත්තේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ NOAA විසින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යා හැකි එල් නිනෝ දේශගුණික රටාවක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟය.

කාලගුණ විද්‍යා කාර්යාංශය එල්නිනෝවක් ප්‍රකාශ කිරීම නතර කර ඇත. ඊට හේතුව වශයෙන් දක්වන්නේ සමක පැසිෆික් සාගරයේ ඉහළ යන මුහුදු මතුපිට උෂ්ණත්වයට වායුගෝලය තවමත් ප්‍රතික්‍රියා කර නොමැති බවය.

එල් නිනෝස් කොරල්පර විරංජනය වීමේ අවදානම වැඩි කරන අතර ස්ටෙලා පැවසුවේ පද්ධතිය මතුවීමේ අපේක්ෂාව කනස්සල්ලට කරුණක් බවයි.

“අපි ඉතා කනස්සල්ලට පත්ව සිටින අතර නරකම දේ සඳහා සැලසුම් කරමින් හොඳම දේ බලාපොරොත්තුව සිටිනවා ” ඇය පැවසුවාය.

ටස්මේනියා විශ්ව විද්‍යාලයේ සමුද්‍ර හා ඇන්ටාක්ටික් අධ්‍යයන ආයතනයේ සාගර විද්‍යාඥ ආචාර්ය ස්ටුවර්ට් කෝර්නි පැවසුවේ සමුද්‍ර තාප තරංග වසරේ ඕනෑම වේලාවක මතුවිය හැකි නමුත් සාමාන්‍යයෙන් ශීත ඍතුවේ දී එහි බලපෑම අඩු බවයි.

පර්යේෂණ මගින් පෙන්නුම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාව අවට සමුද්‍ර තාප තරංග නිතර සිදුවන අතර දේශගුණික විපර්යාස හේතුවෙන් දිගු කාලයක් පවතින බවයි.

WWF Australia හි සාගර ප්‍රධානී Richard Leck පැවසුවේ ඕස්ට්‍රේලියානුවන් “මේ ග්‍රීෂ්ම ඍතුවේ දී අපට පැමිණෙන්නේ කුමක් ද” යන්න ගැන සැලකිලිමත් වීම නිවැරදි බවයි.

https://www.theguardian.com