ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට අඩුවෙන් තබා ගැනීමට ඕනෑම ජනාධිපතිවරයෙකුට ඇති අවසාන අවස්ථාව බිඩෙන්ට ලැබුණි. එම අවස්ථාව ප්‍රයෝජනයට නොගෙන ඔහු නාස්ති කරන්නේ අපට නැති කාලයයි

  • මෙම ලිපියේ කතුවරයා වන Peter Kalmus යනු දේශගුණ විද්‍යාඥයෙක් සහ Being the Change: Live Well and Spark a Climate Revolution හි කතුවරයාය.

අපේ පෘථිවියට කරන දේ ගැන මම බියට පත්ව සිටිනවා. ඒක නවත්වන්න මමත් සටන් කරනවා. ඒ වෙනුවෙන් ඔබත් ඔබට ගත හැකි ශක්තිමත්ම ක්‍රියාමාර්ගය ගන්නා අතරම ඔබත් බිය විය යුතුයි. වාර්තාගත ඉතිහාසයේ මෙවැනි ග්‍රීෂ්ම සෘතුවක් කිසිදා තිබී නැහැ. කම්පන සහගත සාගර උණුසුම, මාරාන්තික ගොඩබිම් තාපය, පෙර නොවූ විරූ ලැව්ගිනි සහ දුම, අප මෙතෙක් දැක ඇති හෝ සිතුවාට වඩා වේගයෙන් මුහුදු අයිස් දියවීම  සිදුවෙමින් තිබෙනවා. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පෘථිවි බිඳවැටීමේ මෙම ගැඹුරට මම බිය වූ අතර, මගේ බොහෝ සගයන් මෙන් මම ඔබට අනතුරු ඇඟවීමට උත්සාහ කළා. දැන් ඒ බිහිසුණු මොහොත උදා වී තිබෙනවා.

මගේ වචන සලකුණු කරන්න, ඒ සියල්ල තවමත් ආරම්භ වෙමින් තිබෙනවා. අපි ෆොසිල ඉන්ධන දහනය කරන තාක් කල් එය බොහෝ දුරට වඩාත් නරක අතට හැරෙනවා. ෆොසිල ඉන්ධන සහිත ගෝලීය උණුසුම පිටුපස ඇති භෞතික විද්‍යාව සේම, සාකච්ඡා කළ නොහැකි සහ අනුකම්පා විරහිත බව නිසැකවම ඔප්පු වනු ඇති බව දැන ගැනීමෙන් මම ශුන්‍ය තෘප්තියක් ලබනවා. ඒ වෙනුවට මට දැනෙන්නේ බලයේ සිටින අය කෙරෙහි කෝපයක් සහ මා ආදරය කරන සියල්ල ගැන අසීමිත ශෝකය පමණයි. කාලයත් සමග අපට අපේ පෘථිවිය අහිමි වෙමින් තිබෙනවා. ඇමසන් වැසි වනාන්තරය දැනටමත් එහි සන්ධිස්ථානය පසු කර තිබිය හැකියි. අප දන්නා පරිදි කොරල්පර මෙම ශතවර්ෂයේ මැද භාගය වන විට අපගේ ලෝකයෙන් තුරන් වනු ඇති අතර සමහර විට මුහුදු මතුපිට උෂ්ණත්වයේ මෙම වැඩිවීමට බොහෝ කලකට පෙර විය හැකියි. මේවා භෞතික පාඩුයි. ඒ වගේම තාත්තා කෙනෙක් විදියට මම මගේ දරුවන් ගැන දුක් වෙනවා.

මෙම හානියට හේතුව ෆොසිල ඉන්ධනයි. එමනිසා මෙම උණුසුම් බියකරු සිහිනයෙන් මිදීමට ඇති එකම මාර්ගය ඒවා අවසන් කිරීමයි. ගස් සිටුවීම, ප්‍රතිචක්‍රීකරණය, කාබන් ඉවත් කිරීම හෝ ප්‍රාර්ථනා කරන කාබන් ග්‍රහණය කිරීමේ චින්තනය කිසිදා මෙය වෙනස්  කරන්නේ නැහැ. ෆොසිල ඉන්ධන කර්මාන්තය පැවතීමට අප ඉඩ දෙන තරමට, පෘථිවියට ආපසු හැරවිය නොහැකි හානිය එයින් ලාභ ලබන මිනිසුන් දැනුවත්ව සිදු කරනවා. අපි ෆොසිල ඉන්ධන සහිත තාප තරංග කෙරෙහි අවධානය යොමු කරමින් සිටින අතර එය තනි සිදුවීම්වලදී මිලියනයකට වඩා මිනිසුන් මරා දමනවා. වැඩි වැඩියෙන් පොසිල ඉන්ධන භාවිතය ඉහළ උණුසුමකට හේතු සපයන අතර එමගින් වැඩියෙන් මරණ සිදුවෙනවා. මේවා අවසන් කිරීමට යා හැකි එකම මාර්ගය පොසිල ඉන්ධන අවසන් කිරීමයි.

දේශගුණික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීම බයිඩෙන් විසින් ප්‍රතික්ෂේප කිරීම සහ නව නළ මාර්ග සහ නව කැණීම් කිරීමට ඔහුගේ ඉහළ උනන්දුව  (ට්‍රම්ප්ට වඩා වේගවත් වේගයකින්) විද්‍යාවට, සාමාන්‍ය බුද්ධියට සහ පෘථිවියේ ජීවයට එරෙහිව සිදුවන ඒවා බව අමතක නොකළ යුතුයි. දේශපාලන ලෝකයේ – සුපුරුදු පරිදි, එහි කෙටි කාලීන අරමුණු සහ “නායකත්වයට වඩා අනුගමනය කිරීම ආරක්ෂිත” යන ගණනය සමඟ, මෙම ලෝකය විනාශ කරන තේරීම සඳහා හේතු සහ තාර්කිකකරණයන් ඇතැයි මම සිතනවා. නමුත් විද්‍යාඥයෙකු ලෙස කතා කරන විට එය නූගත් හා අදූරදර්ශී බව කිව යුතුයි. එය නිසැකවම දේශගුණික ප්‍රතික්ෂේප කිරීමේ ආකාරයක්. ෆොසිල ඉන්ධන සමාගම්වල විධායකයින් සහ ලොබිකරුවන් (සහ ඔවුන් සමඟ සිටීමට තෝරා ගත් අය) අනාගතයේදී අපරාධකරුවන් ලෙස සලකනු ඇති බවට මට සැකයක් නැහැ.

විකුණනු ලබන සහ දහනය කරන ලද සෑම ෆෙසිල ඉන්ධනයක්ම කාබන් ඩයොක්සයිඩ් බවට පත් වන අතර එමඟින් පෘථිවිය රත් වීමට බල කෙරෙනවා. කාබන් ඩයොක්සයිඩ් ඉතා දිගු කාලයක් වායුගෝලයේ පවතින අතර, අතිරික්ත තාපය සහ අනෙකුත් දේශගුණික බලපෑම් වලට හේතු වෙනවා වශයෙන්. මේවා ආපසු හැරවිය නොහැකියි. සෑම අමතර තාපයක්ම නිතර නිතර දේශගුණික විපත් ඇති කරන අතර ඒවායේ තීව්‍රරත්වය වැඩි කරනවා.

ෆොසිල ඉන්ධන කර්මාන්තය පවතින සෑම මිනිත්තුවක්ම, සෑම විදුම් බලපත්‍රයක්ම, ගුවන් යානා පියාසර කිරීම, ගෑස් ගැලුම්, පොසිල ඉන්ධන දැන්වීම, ලොබිකරුවන්ගේ විද්‍යුත් තැපෑල, සමාජීය හා භෞතික වශයෙන් ආපසු හැරවිය නොහැකි තාප ව්‍යසනයකට අපව ගෙන යනවා. මෙම ගංවතුර, ලැව්ගිනි, තාප තරංග සහ බෝග අසාර්ථකවීම් අපගේ සමාජය තුළ අනාරක්ෂිතභාවය සහ අසරණකම ඇති කරනවා. රක්ෂණය, දේපළ, යටිතල පහසුකම්, ආහාර, ජලය, බලශක්තිය, භූ දේශපාලනය යන සෑම දෙයක්ම මෙහිදී අර්බුදයට ලක් වෙනවා. යම් අවස්ථාවක දී අනිවාර්යයෙන්ම පද්ධති බිඳ වැටෙනු ඇති අතර මුළු ලෝකයම අනාරක්ෂිත ස්ථානයක් බවට පත් වෙනවා.

විධායක නියෝග සහ ෆෙඩරල් නියෝජිතායතන නීති භාවිතා කරමින් Biden හට ෆෙඩරල් ඉඩම් සහ ජලය මත නව කැණීම් කල්බදු ගිවිසුම් අවසන් කිරීමට, නව නළ මාර්ග ඉදිකිරීම අවහිර කිරීම කළ හැකියි. ෆොසිල ඉන්ධන කර්මාන්තයේ සාවද්‍ය තොරතුරු මැඩපැවැත්වීම සඳහා ඔහුට ඓතිහාසික අධ්‍යාපන වැඩසටහනක් දියත් කළ හැකියි. එතෙර ෆොසිල ඉන්ධන යටිතල පහසුකම් සඳහා රජයෙන් මුදල් සැපයීම තහනම් කිරීම, බලශක්ති දෙපාර්තමේන්තුවේ ෆොසිල ඉන්ධන මූල්‍යකරණ වැඩසටහන් අවසන් කිරීම, 2030 වන විට නව ෆොසිල ඉන්ධන වාහන අලෙවිය තහනම් කිරීම, ෆොසිල ඉන්ධන දූෂකයින් විසින් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීම වැනි තවත් බොහෝ දේ ඔහුට කළ හැකියි.

දේශගුණික හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීම, තෙල් අපනයන තහනම් කිරීම සහ දෙවන ලෝක යුද්ධය සඳහා බලමුළු ගැන්වීමෙන් පසු නොදුටු පරිමාණයෙන් පුනර්ජනනීය බලශක්තිය ගොඩනැගීම තවදුරටත් වේගවත් කිරීම වැනි අමතර බලතල ඔහුට ක්‍රියාත්මක කළ හැකියි. එය අතීතයේ තවමත් ජීවත් වන ආයෝජකයින්ට, අපකීර්තිමත් ලෙස ප්‍රමාද වූ විශ්ව විද්‍යාලවලට, අසමත් වූ මාධ්‍ය ආයතනවලට සහ අප සමාජයේ භයානක ලෙස පසුගාමී සියලු ආයතනවලට නොවරදින සංඥාවක් බවට පත් කළ හැකියි. එසේම එය දේශගුණ ක්‍රියාකාරීන්ට අත්‍යවශ්‍ය ජයග්‍රහණයක් විය හැකියි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 ට අඩුවෙන් තබා ගැනීමට ඕනෑම ජනාධිපතිවරයෙකුට ඇති අවසාන අවස්ථාව බිඩෙන්ට ලැබී තිබෙනවා. නමුත් ඛේදජනක ලෙස මෙම අවස්ථාව දැන් නිසැකවම නාස්ති වී තිබෙනවා. කෙසේ වෙතත් බීඩෙන්ට තවමත් මේ ව්‍යසනය ආපසු හැරවීමට සහ වඩා විශාල හානියක් වැළැක්වීමට හැකියාව තිබෙනවා. නමුත් ඔහු එසේ කිරීමට තීරණය කරයිද? එසේත් නැතිනම් ඛනිජ තෙල් විධායකයින් සහ ඔවුන්ගේ නළ මාර්ග තවදුරටත් ජය ගනීවිද ?

දේශගුණික අර්බුදය හමුවේ පෘථිවිය දූරදර්ශී නායකත්වය සඳහා මංමුලා සහගතව සිටිනවා. පොසිල ඉන්ධන වලින් ඈත් වී සමාජයක් ලෙස දේශගුණික හදිසි තත්ත්වයට මුහුණ දීමට සාධාරණ සංක්‍රමණයක් නිර්මාණය කරන ප්‍රතිපත්තියක් සඳහා ගමන් කරනු වෙනුවට ලෝකය මංමුලා සහගත තත්ත්වයක පසුවෙනවා.

මම අත්හැරීමට සූදානම් නැහැ. මම කිසි විටෙකත් එය අත් හරින්නේ නැහැ. මම එයට ණයගැතියි. අපිට කෙපමණ අභියෝග පැමිණියත් ලෝකය වෙනුවෙන් සටන් කරන්න ප්‍රමාද වෙන්නේ නැහැ. නමුත් අපි ප්‍රමාදයි. අප හැකි පමණින් නිර්මාණශීලීව සහ නිර්භීතව කටයුතු කළ යුතුයි. තවමත් අපට කළ හැකි සියල්ල ඉතිරි කර ගැනීමට මතභේද පසෙක තබා එකට සටන් කිරීමට කාලය පැමිණ ඇති බව අප වටහා ගත යුතුයි. වැඩි කල් යන්නට මත්තෙන් අප අතර සිටින ලොකුම මෝඩයන් හැර අන් සියල්ලන්ට පෘථිවියට වඩා වැදගත් කිසිවක් නොමැති බව වැටහෙනු ඇති බව නිසැකයි.

මෙම ලිපියේ කතුවරයා වන Peter Kalmus යනු දේශගුණ විද්‍යාඥයෙක් සහ Being the Change: Live Well and Spark a Climate Revolution හි කතුවරයාය.

https://www.theguardian.com/commentisfree/2023/jul/27/joe-biden-climate-emergency-peter-kalmus