ඇමරිකානුවන් මිලියන 170 කට වැඩි පිරිසක් තාප අනතුරු ඇඟවීම් යටතේ

දිගු කාලීන තාප තරංග හේතුවෙන් මෙම වසරේ මරණ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳ භීතිය නිසා පිටත වැඩ කරන පුද්ගලයින්ගේ රෝහල් ගතවීම් ඉහළ යමින් පවතී

එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසකට බලපා ඇති තාප තරංග හේතුවෙන් මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට බව විශේෂඥයින් අනතුරු අඟවා ඇති අතර කම්කරුවන්ගේ රෝහල් ගතවීම් සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ යමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග කියයි.

රෝහල් ප්‍රතිකාර අවශ්‍ය අය අතර තාපයෙන් වෙහෙසට පත් කඳු නගින්නන් කොන්ක්‍රීට් සහ ඇස්ෆල්ට් ස්පර්ශ කිරීමෙන් දරුණු පිළිස්සුම්වලට ලක් වූ අය පවා සිටින බවයි රෝහල් වාර්තා ප්‍රකාශ කර ඇත්තේ.

උණුසුම යනු එක්සත් ජනපදයේ මරණ සඳහා ප්‍රමුඛතම කාලගුණය හා සම්බන්ධ හේතුව වන අතර, සුළි කුණාටු වලින් සිදුවන මරණ සංඛ්‍යාව ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. මෙම ග්‍රීෂ්මයේ වාර්තාගත උෂ්ණත්වකට එක්සත් ජනපදය මුහුණ දෙමින් සිටින අතර මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික අර්බුදය හේතුවෙන් වාර්ෂික තාප තරංග වඩාත් බිහිසුණු වී ඇත. මේ තත්ත්වය තුළ මෙම වසරේ වාර්තාගත මරණ සංඛ්‍යාවක් සිදුවනු ඇතැයි ප්‍රක්ෂේපණය කර ඇත.

තාප මරණ සංඛ්‍යාව මෙම වසරේ වාර්තා බිඳ දැමිය හැකි වේගයක් ගනු ඇතැයි විශ්වාස කරන බව පාරිසරික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥයෙකු වන ග්‍රෙගරි වෙලේනියස් පැවසීය.

“උණුසුම් කාලගුණය තුළ බැක්ටීරියා වේගයෙන් ප්‍රතිවර්තනය කළ හැකි බැවින් විඩාපත් වීමේ සිට විජලනය වීම දක්වාත්, නව ආහාර හෝ ජලයෙන් බෝවන රෝග දක්වාත්  අවදානම් වල සම්පූර්ණ වර්ණාවලිය අපි දකිනවා. මගේ අනුමානය නම් 2023 අධික තාපය හා සම්බන්ධ ඉහළම මරණ සංඛ්‍යාවක් සහිත වසරවලින් එකක් වනු ඇති බවයි’’

රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) දත්ත වලට අනුව, මෙම ග්‍රීෂ්ම ඍතුවේ වඩාත් දරුණු තාප තරංගවලට මුහුණ දුන් රාජ්‍යයන් දැනටමත් තාපය ආශ්‍රිත රෝහල්ගතවීම්වල වැඩිවීමක් අත්විඳිමින් සිටී. ජුලි 22 න් අවසන් සතිය තුළ, ඇරිසෝනා, කැලිෆෝනියා සහ නෙවාඩා ඇතුළු බටහිර ප්‍රාන්ත සමූහයක් 2018 සිට සාමාන්‍යයට වඩා 51% ට වඩා තාපය ආශ්‍රිත රෝහල්ගතවීම් අනුපාතයක් ඇති අතර ටෙක්සාස් සහ ලුසියානා ඇතුළු දකුණු ප්‍රාන්තවල 37% ක වැඩිවීමක් තිබුණි.

බොහෝ නගර සහ ප්‍රාන්ත තාප ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කර ඇති අතර, සිසිලන මධ්‍යස්ථාන පිහිටුවීමෙන් සහ වැඩිහිටියන් වැනි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට අනතුරු ඇඟවීම් ලබා දීමෙන් මෙම පියවර ගෙන ඇත. අනතුරට ඍජුව ලක්විය හැකි බොහෝ අය තවමත් අධික උණුසුම නිසා ඇති වන අන්තරායන් අවතක්සේරු කරමින් සිටිති.

“උණුසුම නිහඬ ඝාතකයෙකු ලෙස ලේබල් කිරීමට හේතුවක් තිබෙනවා. බොහෝ විපත් අවදානම් අවධියට පිවිසෙන තුරු මිනිසුන් බොහෝ විට තමන් කරදරයක සිටින බව වටහා ගන්නේ නැහැ. මේ වසරේ මරණවල වැඩිවීමක් දැකීමට මම බලාපොරොත්තු වෙනවා. සෑම තැනකම දැඩි උණුසුම සමඟ අරගල කිරීමට නියමිත අතර අපට අවශ්‍ය මට්ටමේ සූදානමක් නොවීම ගැටලුවක්” යැයි දේශගුණික බලපෑම් පිළිබඳ විශේෂඥ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ ක්‍රිස්ටී එබි පැවසීය.

2010 සිට 2022 දක්වා එක්සත් ජනපදයේ සාමාන්‍ය වාර්ෂික තාපය ආශ්‍රිත මරණ 95%කින් ඉහළ ගොස් ඇත.

ඔබ තාප තරංග වල ඍජු අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල සිටින්නේ නම්, ඔබට අවදානමක් තිබේ නම්, දැන්ම සූදානම් වීම අරඹන්න. මිනිසුන් තවමත් තාපය මිනීමරුවෙකු ලෙස නොදකින බැවින්, අපගේ සංජානනයන් ඉක්මවා යාමට මිනිසුන්ට උපකාර කළ යුතුයි

ග්‍රීෂ්ම සෘතුවේ මරණ සංඛ්‍යාව දැන ගැනීමට මාස කිහිපයක් ගතවනු ඇතත්, එක්සත් ජනපදය පුරා පැතිරී ඇති තාප තරංග වලින් සිදුවන බලපෑම් වෛද්‍යවරුන් විසින් වාර්තා කර ඇත. මෙම සතියේ ඇමරිකානුවන් මිලියන 170 කට වැඩි පිරිසක් තාප අනතුරු ඇඟවීම් යටතේ තබා ඇත.

මෙම මාසයේ දින 27ක් අඛණ්ඩව සෙල්සියස් අංශක 43ක උෂ්ණත්වයක් වාර්තාගතව ඇති ඇරිසෝනා ප්‍රාන්තයේ හි ෆීනික්ස් හි මේ දක්වා තාපය ආශ්‍රිත මරණ 25ක් වාර්තා වී ඇති අතර රෝහල් ගතවීම් ඉහළ ගොස් තිබේ. උෂ්ණත්වය කෙතරම් දරුණු වී ඇත්ද යත්, ඇරිසෝනා පිළිස්සුම් මධ්‍යස්ථානයේ සෑම ඇඳක්ම පිරී ගොස් ඇති අතර, රෝගීන්ගෙන් තුනෙන් එකක් පිළිස්සුම්වලට ලක්ව ඇත්තේ උණුසුම් පොළව මතට වැටීමෙන් පසුවය. තාර මත ඇවිදීමෙන් පාදවල තුන්වන මට්ටමේ පිළිස්සුම් ඇති පුද්ගලයින් දැක ඇති බව වෛද්‍යවරු වාර්තා කර ඇත.

තාපයෙන් විශේෂ අවදානමක් ඇති නිවාස නොමැති පුද්ගලයින්, එළිමහනේ වැඩ කරන පුද්ගලයින්, විශ්වාසදායක වායුසමීකරණයක් නොමැති අය, වයෝවෘද්ධ පුද්ගලයින් සහ වෛද්‍ය උපදෙස් මත පසුවන අයෙ තාප මරණ වලින් අඩක් පමණ නියෝජන කරන බව පැවසේ.

ගොඩනැගිලි බහුල නගරවල වෙසෙන ජනතාව, විශේෂයෙන් ගස් ආවරණය සහ අනෙකුත් වැඩිදියුණු කරන හරිත අවකාශයන් නොමැති දුප්පත් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ද අවදානමට ලක්ව ඇති අතර, “ නාගරික තාප දූපත” බලපෑම දැනෙන උෂ්ණත්වයට අංශක අටක් පමණ එකතු කළ හැකි බව පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත. නිව් යෝර්ක්, චිකාගෝ, හූස්ටන් සහ ලොස් ඇන්ජලීස් වැනි නගරවල මේ තත්ත්වය දැකගත හැකිය.

“වැඩිහිටියන් වැනි වඩාත් අවදානමට ලක්විය හැකි සමහර පුද්ගලයින්ට සිසිලන මධ්‍යස්ථාන වෙත යාම දුෂ්කර යි. එය අභියෝගයක්. ඔබ වායුසමීකරණය කළ නිවසක ජීවත් වන අතර වායු සමීකරණය කළ මෝටර් රථයකින් වායුසමීකරණය කළ කාර්යාලයකට ගියහොත් ඔබට බොහෝ විට යහපත් විය හැකියි. නමුත් බොහෝ දෙනෙකු පලතුරු නෙළන්නේ නම්, ගොවිබිම්වල හෝ ඉදිකිරීම් කටයුතුවල නිරත වේ නම් ඔබට අවස්ථාවක් නැහැ’’ වෙලේනියස් පැවසීය.

මෙම ගිම්හානයේ මරණ සංඛ්‍යාව දැනගත් විට එය නිසැකවම අඩු ගණන් කිරීමක් වනු ඇත. CDC හි සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ මෑත වසරවලදී තාපය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 1,500 කට වඩා වැඩි වී ඇති බවයි. පසුගිය වසරේ වැඩි වන ප්‍රාදේශීය බලධාරීන් සහ මරණ පරීක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමඟ තාපය මරණයට හේතුවක් ලෙස නම් කිරීමට සූදානම් විය. නමුත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ සත්‍ය සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි වන අතර, වෙලේනියස් ඇස්තමේන්තු කර ඇති පරිදි අවම වශයෙන් එක්සත් ජනපදයේ වසරකට පුද්ගලයින් 10,000ක් අධික උෂ්ණත්වයෙන් මිය යයි.

ෆ්ලොරිඩා සහ ටෙක්සාස් වැනි ප්‍රාන්තවල දීර්ඝ කාලීන උණුසුම සහ රාත්‍රී කාලයේ අධික උෂ්ණත්වය විඳදරා ගනිමින්, මිනිසුන්ට විවේකයක් ලබා නොදී, ආන්තික තත්වයන්ට ගොදුරු විය හැකි අයට අමතර වෙහෙසක් ගෙන දෙමින්, යථාර්ථයේ දී මෙම වසරේ මෙම අගය ඉහළ යා හැකිය. මෑත අධ්‍යයනයකින් හෙළි වූයේ (දේශගුණික විපර්යාස නොමැතිව සිදු විය නොහැකි වූ) පසුගිය වසරේ යුරෝපයේ ඇති වූ තාප තරංග නිසා 60,000කට වැඩි පිරිසක් මිය ගිය බවයි.

වායුසමීකරණ යුරෝපයට වඩා එක්සත් ජනපදයේ බහුලව දක්නට ලැබේ. නමුත් ඇමරිකාවේ බොහෝ ස්ථාන තවමත් මෙම ග්‍රීෂ්මයේදී සනිටුහන් වූ අධිආරෝපිත තාපය සමඟ කටයුතු කිරීමට සකසා නැත. මහජන සැලකිල්ල ඉහළ ගියද  පසුගිය දා යේල් විශ්ව විද්‍යාලය සොයා ගත්තේ ඇමරිකානුවන් 10 දෙනෙකුගෙන් හත් දෙනෙකුම දැන් අවම වශයෙන් අධික උණුසුම ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි.

“ඔබ තාප තරංග වල ඍජු අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල සිටින්නේ නම්, ඔබට අවදානමක් තිබේ නම්, දැන්ම සූදානම් වීම අරඹන්න. මිනිසුන් තවමත් තාපය මිනීමරුවෙකු ලෙස නොදකින බැවින්, අපගේ සංජානනයන් ඉක්මවා යාමට මිනිසුන්ට උපකාර කළ යුතුයි’’ වෙලේනියස් පැවසීය.

පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජනපද ජනාධිපතියරයා දැඩි උණුසුමට නිරාවරණය වන අයට උපකාර කිරීම අරමුණු කරගත් නව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන ලද අතර, විද්‍යාඥයින් විසින් ජූලි මාසය ගෝලීය වශයෙන් මෙතෙක් වාර්තා වූ උණුසුම්ම මාසය බවට පත්වන බව තහවුරු කරන ලදී. නවීන උපකරණ මගින් මනිනු ලබන උණුසුම්ම දිනය සහ උණුසුම්ම සතිය මෙම මාසය දැනටමත් අත්විඳ ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන පරිදි උතුරු අර්ධගෝලයේ උණුසුම් තරංග “ගෝලීය තාපාංක යුගය පැමිණ ඇත”.

එක්සත් ජනපදයේ සමහර නීති සම්පාදකයින්ට මෙම ප්‍රහාරය සමඟ කටයුතු කිරීමට උපකාර කිරීම සඳහා වඩාත් පුළුල් ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් – දැඩි උණුසුම් පරිසරයක සිටින සියලුම එක්සත් ජනපද සේවකයින්ට අනිවාර්ය වැටුප් සහිත, සෙවන සහිත විවේකයක් සහ ජලය ලබා දීම සඳහා නව පනතක් යෝජනා කර ඇත.

ඇරිසෝනා හි ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභිකයෙකු වන රාවුල් ග්‍රිජල්වා පැවසුවේ “දේශගුණික අර්බුදය දැවෙන උෂ්ණත්වය කම්කරුවන් අතර ඉහළ මරණ අනුපාතයක් සමග සියල්ල සාමාන්‍ය දෙයක් බවට පත් කර තිබෙනවා. අපි වහාම ක්‍රියාත්මක විය යුතු අතර මිනිසුන් ආරක්ෂා කිරීමට තීරණාත්මකව කටයුතු කළ යුතුයි.”

https://www.theguardian.com/us-news/2023/aug/01/heat-related-deaths-us-temperatures-heatwave