පසුගිය වසර කිහිපය තුළ තාප තරංග ක්‍රියාත්මක වන දින ගණන තුන් ගුණයකින් වැඩි වී ඇත. 1925-54 හා සසඳන විට 2016 වසර 30 තුළ තාප තරංග දින ගණන 50% කට වඩා වැඩි විය. විද්‍යාඥයන් කියා සිටියේ ලැව්ගිනි හේතුවෙන් විශාල වනාන්තර ප්‍රදේශ විනාශ වන ආකාරයට තාපය නිසා මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් විනාශ වූ බවයි.

ලෝකයේ සාගරවල මතුපිට උෂ්ණත්වය මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණ තිබෙන බව සාගර විද්‍යාඥයින් විසින් හෙළිකර ගෙන ඇත.

කොපර්නිකස් දේශගුණ ආකෘති නිර්මාණ සේවාවට අනුව ගෝලීය සාමාන්‍ය දෛනික මුහුදු මතුපිට උෂ්ණත්වය (sea surface temperatures – SST) මේ සතියේ සෙල්සියස් අංශක 20.96C ට ළඟා වූ අතර එය 2016 දී වාර්තා වූ සෙල්සියස් අංශක 20.95C හි වාර්තාව බිඳ දැමීමකි.

දේශගුණික විද්‍යාඥයින් පවසන්නේ සාගර සාමාන්‍යයෙන් ගෝලීය වශයෙන් උණුසුම්ම අගය වාර්තා කරන්නේ මාර්තු මාසයේදී මිස අගෝස්තු මාසයේ නොවන බැවින් එම වාර්තාව දිගටම බිඳ වැටෙනු ඇති බවයි.

කොපර්නිකස් හි ආචාර්ය සමන්තා බර්ගස් පැවසුවේ, “අපි දැන් දැක ඇති වාර්තාව හේතුවෙන් මා කණස්සල්ලට පත්ව තිබෙනවා. අගෝස්තු සහ ලබන මාර්තු අතර කාලය තුළ සාගරය කෙතරම් උණුසුම් වේද යන්න ගැන මා තුළ තිගැස්මක් තිබෙනවා”

එල් නිනෝ කාලගුණ සංසිද්ධිය මගින් උෂ්ණත්වය අර්ධ වශයෙන් මෙහෙයවනු ලැබේ. (2016 ද එල් නිනෝ වසරක් විය) කෙසේ වෙතත්, දේශගුණික බිඳවැටීම් සහ උණුසුම් වායුගෝලය හේතුවෙන් මෙම කාලගුණ රටාවන් සමහර විට උග්‍ර විය හැකි

“අපි වැඩි වැඩියෙන් පොසිල ඉන්ධන දහනය කරන තරමට අතිරික්ත තාපය සාගර මගින් පිටතට ගෙන යාම සිදුවෙනවා. එයින් අදහස් කරන්නේ ඒවා ස්ථාවර කිරීමට සහ ඒවා නැවත තිබූ ස්ථානයට ගෙන ඒමට වැඩි කාලයක් ගතවනු ඇති  බවයි” සමන්තා බර්ගස් පැවසුවාය.

සාගර දේශගුණය නියාමනය කරයි, තාපය පොඟවා ගැනීම, කාලගුණ රටා ක්‍රියාත්මක කිරීම, කාබන් සින්ක් ලෙස ක්‍රියා කිරීම සහ සාගරය මතින් හමා එන සිසිල් වාතය හේතුවෙන් ගොඩබිම සිසිල් වීම සිදුවේ. කෙසේ වෙතත්, සාගර උණුසුම් වන විට මෙම ප්‍රයෝජනවත් බලපෑම් අඩු වන අතර උණුසුම් ජලයට කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමේ හැකියාව අඩු වේ. එයින් අදහස් කරන්නේ වායුගෝලයේ හරිතාගාර වායුව වැඩි ප්‍රමාණයක් පවතිනු ඇති බවයි. සාගර උණුසුම් වීම ද අයිස් දියවීමට දායක වන අතර එය මුහුදු මට්ටම ඉහළ යාමට හේතු වේ.

නැව් වලින් ලබා ගන්නා ලද මුහුදු මතුපිට උෂ්ණත්ව මිනුම් වසර 150කට වඩා ඈතට දිව යන අතර දේශගුණය අවබෝධ කර ගැනීම සඳහා පවතින දීර්ඝතම වාර්තා ඒවා වේ. පසුගිය වසර 40 පුරාවට චන්ද්‍රිකා සහ බෝයාවන්ගෙන් ද මිනුම් ලබාගෙන ඇත. මෙම දත්ත අනුව වාර්තාවල සම්පූර්ණ කාලය තුළ ගෝලීය මධ්‍යන්‍ය මුහුදු මතුපිට උෂ්ණත්වය  සෙල්සියස් අංශක 0.9C ට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත්, එයින් සෙල්සියස් අංශක 0.6ක උෂ්ණත්ව ඉහළ යාමක් සිදු වූයේ පසුගිය දශක හතර තුළ බවත් සොයා ගෙන ඇත. නවතම පස් අවුරුදු සාමාන්‍යය 1991 සහ 2020 අතර සාමාන්‍යයට වඩා 0.2C පමණ වැඩිය.

වේගයෙන්ම උණුසුම් වන ප්‍රදේශ කිහිපයක් වන්නේ ආක්ටික් සාගරයේ කොටස්, බෝල්ටික් මුහුද, කළු මුහුද සහ නිවර්තන පැසිෆික් කලාපයේ ඇතැම් කොටස් ය. මෙම ගිම්හානයේ මුල් භාගයේ එක්සත් රාජධානිය සහ අයර්ලන්තය ඇතුළුව මේ වසරේ ලොව පුරා සමුද්‍ර තාප තරංග කිහිපයක් ඇති විය. පසුගිය සතියේ ෆ්ලොරිඩාවට ඔබ්බෙන් වූ සාගර ජලයේ පෙර නොවූ විරූ පරිදි සෙල්සියස් අංශක 38ක උෂ්ණත්වයක් වාර්තා විය.

සාගර තාප තරංග වැඩි වෙමින් පවතින බව 2019 අධ්‍යයනයකින් හෙළි වී ඇති අතර, අධ්‍යයනය කළ පසුගිය වසර කිහිපය තුළ තාප තරංග ක්‍රියාත්මක වන දින ගණන තුන් ගුණයකින් වැඩි වී ඇත. 1925-54 හා සසඳන විට 2016 වසර 30 තුළ තාප තරංග දින ගණන 50% කට වඩා වැඩි විය. විද්‍යාඥයන් කියා සිටියේ ලැව්ගිනි හේතුවෙන් විශාල වනාන්තර ප්‍රදේශ විනාශ වන ආකාරයට තාපය නිසා මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් විනාශ වූ බවයි.

ඔක්සිජන්, ආහාර, කුණාටු වලින් ආරක්ෂාව සහ වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම සඳහා සාගර දායක වන බැවින් සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මානව වර්ගයාට ද අතිෂය හානිකර බව සාගර විද්‍යාඥයින්ගේ අදහසයි.