කෘෂිකාර්මික කටයුතුවල නිරත වන කාන්තාවන් අතිශයින් අවාසිදායක දේශගුණික – කාලගුණික කම්පන සහ ගැටුම් තත්ත්වයන් හමුවේ කටයුතු කිරීමට නැඹුරු වන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization – FAO) විසින් පසුගිය දා නිකුත් කළ The status of women in agrifood systems නම් නවතම වාර්තාව කියයි.

(මෙම වාර්තාව මෙම දිගුව ඔස්සේ පරිශීලනය කළ හැකිය. https://www.fao.org/3/cc5343en/online/cc5343en.html)

නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා දාමයේ සෑම පියවරකදීම කෘෂි ආහාර පද්ධති සඳහා කාන්තා සහභාගීත්වය පිළිබඳ අවබෝධයක් මෙම වාර්තාව මගින් සපයයි.  FAO විසින් මෙම වාර්තාව ප්‍රකාශයට පත්කරන්නේ මෙවැනි ආකාරයේ අවසන් වාර්තාවක් ප්‍රකාශයට පත්කර දශකයකට පසුව වීම විශේෂත්වයකි.

කෘෂිකර්මය සහ ආහාර පද්ධති ගෝලීය වශයෙන් කාන්තාවන් සඳහා සැලකිය යුතු සේවා යෝජකයෙකු වන අතර එය පිරිමින්ට වඩා කාන්තාවන්ගේ ජීවනෝපාය සඳහා තීරණාත්මක මූලාශ්‍රයක් වන බව මෙම වාර්තාව පවසයි.

කෙසේ වෙතත්, මෙම අංශයේ ඔවුන්ගේ පූර්ණ සහභාගීත්වය සීමා කරන අසමානතාවයන්ට කාන්තාවන් මුහුණ දෙන බව වාර්තාව අනතුරු අඟවයි. කාන්තාවන්ට පිරිමින්ට වඩා නරක තත්වයන් යටතේ වැඩ කිරීමට සිදුව  ඇති අතර, අවිධිමත්, අර්ධ කාලීන, අධික ශ්‍රමයක් වැයවන සහ අඩු නිපුණතා සහිත රැකියාවල අඩු වැටුපකට නිරත වීමට සිදුව ඇත.  කෘෂිකර්මය සහ ආහාර පද්ධති අංශයේ පිරිමන්ට වඩා සැලකිය යුතු අඩු වැටුපකට කාන්තාවන් හිමිකම් කියන අතර එකම සේවයේ නිරත වන පිරිමියෙක් ඩොලරයක ගෙවීමක් ලබන විට ඒ හා සමාන සේවයක් කරන කාන්තාවක් උපයන්නේ ඩොලර් ශත 82කි.

දේශගුණික විපර්යාස සහ Covid-19 වසංගතය කෘෂි ආහාර පද්ධතිවල කාන්තා ඵලදායිතාවයට ද බලපා ඇති බව FAO වාර්තාව සඳහන් කරයි. නිදසුනක් වශයෙන් අධික උෂ්ණාධික කාලවලදී පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ට වැඩ අවස්ථා හිමිවන නමුත් එය කිසිසේත් ධනාත්මක තත්ත්වයක් වශයෙන් සැලකිය නොහැකිය.

අසමානතාවයන් ආමන්ත්‍රණය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම වැඩිදියුණු කරනු ඇති බව වාර්තාව පවසයි. එසේ කිරීමෙන් කුසගින්න අඩු කිරීමටත්, ආදායම් වැඩි කිරීමටත්, ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමටත් හැකි වේ.

එසේ තිබියදීත්, කෘෂිකාර්මික ආහාර පද්ධතිවල කාන්තා අසමානතාවයන් ආමන්ත්‍රණය කිරීමට ජාතික ප්‍රතිපත්ති කිහිපයකට නිශ්චිත ඉලක්ක ඇති බව කතුවරුන් අනතුරු අඟවයි. පැරිස් ගිවිසුම යටතේ ජාතික දේශගුණික ප්‍රතිඥා පසුගිය දශකය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ “ප්‍රමාණවත් දියුණුවක් / modest improvement” දැක ඇති අතර, මෙම ගැටලු ඇතුළත් කිරීම “බොහෝ විට මතුපිටින් පෙනෙන” සුළුය.

The status of women in agrifood systems වාර්තාවේ ප්‍රධාන නිරීක්ෂණ මෙසේ සාරාංශ කළ හැකිය.

කාන්තා භූමිකාවන් / Women’s roles

වාර්තාව, කෘෂි ආහාර පද්ධතිවල කාන්තාවන්ගේ තත්ත්වය, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ FAO හි පෙර කටයුතුවලට වඩා “බොහෝ පුළුල්” බව FAO හි ග්‍රාමීය පරිවර්තනය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ලෝරන් ෆිලිප්ස් (Dr Lauren Phillips) පවසයි. 2011 දී නිකුත් කළ THE STATE OF FOOD AND AGRICULTURE 2010-2011 / WOMEN IN AGRICULTURE – Closing the gender gap for development නම් වාර්තාව කෘෂිකර්මාන්තයේ නිරත කාන්තාවන් කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇත.

නව වාර්තාවේ ප්‍රධාන කතුවරයකු වන ආචාර්ය ලෝරන් ෆිලිප්ස් පවසන්නේ, 2011 වාර්තාවට ප්‍රතිවිරුද්ධව, නව වාර්තාව මගින් ස්ත්‍රී පුරුෂ භාවය අනුව දත්ත වෙන් කර ඇති සියලුම කෘෂි ආහාර පද්ධති සහ නිෂ්පාදනයේ සියලුම අදියර ආවරණය කරන බවයි. මෙම ක්ෂේත්‍රවල කාන්තා සවිබල ගැන්වීමේ වැදගත්කම පිළිබඳවද නව වාර්තාවෙන් කරුණු අනාවරණය වී තිබේ.

FAO විසින් නිර්වචනය කර ඇති පරිදි, “කෘෂි ආහාර පද්ධති / Agrifood systems” යනු ආහාර සහ ආහාර නොවන කෘෂිකාර්මික නිෂ්පාදන යන දෙකෙහිම නිෂ්පාදනය හා පරිභෝජනයට සම්බන්ධ සමස්ත ක්‍රියාකාරීන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වේ. කෘෂිකර්මාන්තය, පශු සම්පත්, වන වගාව, ධීවර හා ජලජීවී වගාවෙන් ලබාගත් නිෂ්පාදන මෙයට ඇතුළත් වේ.

සමස්තයක් වශයෙන්, ලෝකය වාර්ෂිකව ආහාර ටොන් බිලියන 11ක් පමණ නිෂ්පාදනය කරන අතර බිලියන 4 ක පමණ ජනතාවක් තම ජීවනෝපාය සඳහා මෙම අංශය මත යැපෙන කුටුම්භවල ජීවත් වෙති. එවැනි පද්ධති නිරන්තරයෙන් වෙනස් වන අතර (වැඩි වැඩියෙන්) දේශගුණික විපර්යාස ඇතුළුව ආර්ථික, සමාජීය සහ පාරිසරික සාධක ඊට බලපායි.

කෙන්යාවේ, Makueni ප්‍රාන්තයේ කාන්තා සමුපකාර ගොවිපළක හරිතාගාර එළවළු වගාවේ නිරත කාන්තාවන් පිරිසක්. Credit – Alamy Stock Photo

සමස්තයක් වශයෙන්, ලෝකය වාර්ෂිකව ආහාර ටොන් බිලියන 11ක් පමණ නිෂ්පාදනය කරන අතර බිලියන 4 ක පමණ ජනතාවක් තම ජීවනෝපාය සඳහා මෙම අංශය මත යැපෙන කුටුම්භවල ජීවත් වෙති. එවැනි පද්ධති නිරන්තරයෙන් වෙනස් වන අතර (වැඩි වැඩියෙන්) දේශගුණික විපර්යාස ඇතුළුව ආර්ථික, සමාජීය සහ පාරිසරික සාධක ඊට බලපායි.

ගොවීන්ගේ සිට වැටුප් කම්කරුවන් සහ ව්‍යවසායකයින් දක්වා කෘෂි ආහාර පද්ධතිවල කාන්තාවන් විවිධ භූමිකාවන් ඉටු කරන බව නව වාර්තාව පවසයි. කාන්තාවන් බොහෝ විට තම පවුල් පෝෂණය කිරීම සඳහා යැපුම් ගොවිතැන (Subsistence farming) වැනි වැටුප් නොලබන ක්‍රියාකාරකම් ද සිදු කරයි.

ගෝලීය වශයෙන් කෘෂි ආහාර පද්ධතිවල පිරිමින්ගේ සහභාගීත්වය 38%ක් වන අතර කාන්තාවන්ගේ සහභාගීත්වය 36%කි. නමුත් උප සහරා අප්‍රිකාවේ සහ කාම්බෝජය, වියට්නාමය සහ ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය වැනි බොහෝ අග්නිදිග ආසියානු රටවල කෘෂිකාර්මික ශ්‍රම බලකායෙන් 50%ක් කාන්තාවන් වේ.

පහත වගුවේ දක්වා ඇති පරිදි, ගෝලීය වශයෙන්, කාන්තාවන් (දම් පාට) කෘෂි ආහාර පද්ධති සේවකයින්ගෙන් 38% ක් වන අතර පිරිමින් (තැඹිලි)  62% වේ.

කෘෂිකාර්මික ආහාර පද්ධතියේ රැකියා වල කාන්තාවන් (දම් පාට) සහ පිරිමි (තැඹිලි) නියෝජනය කලාප සහ ක්‍රියාකාරකම් වර්ග අනුව බෙදා ඇත. කෘෂිකාර්මික (ඉහළ තීරු) හෝ ගොවිපලෙන් පිටත (පහළ තීරු). සමස්තයක් වශයෙන්, කෘෂි ආහාර පද්ධතිවල සියලුම කම්කරුවන්ගෙන් 40%ක් පමණ කාන්තාවන් වේ, නමුත් මෙම ප්‍රතිශතය කලාප හරහා පුළුල් ලෙස වෙනස් වේ. මූලාශ්‍රය: FAO ( 2023 )

තනි කලාපයක් තුළ වුවද, කෘෂි ආහාර පද්ධති අංශයේ ශ්‍රම බලකායේ කාන්තාවන්ගේ කොටසෙහි වෙනස්කම් දැකිය හැකි වේ. ලතින් ඇමරිකාවේ සහ සමස්තයක් ලෙස කැරිබියන් කලාපයේ කෘෂිකාර්මික සේවකයින්ගෙන් කාන්තාවන් 36%ක් පමණක් වුවද, බොලිවියාවේ කාන්තාවන්ගේ ප්‍රතිශතය 54%කි.

කෘෂි ආහාර පද්ධති කාන්තාවන්ට සහ පිරිමින්ට එකසේ බොහෝ රැකියා සපයන නමුත්, 2005 වසරේ සිට කෘෂි ආහාර පද්ධති අංශයේ ස්ත්‍රී – පුරුෂ සේවා නියුක්තියේ 10%කට ආසන්න ප්‍රමාණයක අඩුවීමක් නිරීක්ෂණය කර ඇත. මෙම අඩුවීම ප්‍රාථමික කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තිය අඩුවීම නිසාත්, ගොවිපළෙන් පිටත රැකියාවල නියුක්ත වීමත් හේතු වී ඇත. ආහාර ගබඩා කිරීම, ප්‍රවාහනය, බෙදා හැරීම, අලෙවිකරණය හෝ පරිභෝජනය වැනි ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් ස්ථාවරව පවතී.

කෘෂිකාර්මික කටයුතු සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි වී ඇති විට, මෙය සමහර විට සිදු වන්නේ “දේශගුණික විපර්යාස සහ වෙනත් ආතති තත්වයන් නිසා කෘෂිකර්මාන්තයේ ආර්ථික ශක්‍යතාව අඩුවෙමින් පවතින විට” බව වාර්තාව සටහන් කරයි.

වාර්තාවේ ප්‍රධාන සොයාගැනීම්වලින් එකක් වන්නේ බොහෝ රටවල පිරිමින්ට වඩා කාන්තාවන්ගේ ජීවනෝපාය සඳහා කෘෂි ආහාර පද්ධති වඩාත් වැදගත් මූලාශ්‍රයක් වන බවයි. නිදසුනක් වශයෙන් දකුණු ආසියාවේ කාන්තාවන්ගෙන් 71%ක් කෘෂි ආහාර අංශයේ සේවය කරන අතර එහිදී පිරිමින්ගේ සහභාගීත්වය 47%කි. කෙසේ වෙතත් එම කලාපයේ පොදුවේ ශ්‍රම බලකායේ කාන්තාවන් සිටින්නේ ඉතා අඩුවෙනි.

කාන්තාවන් සම්බන්ධ වන කෘෂිකාර්මික ක්‍රියාකාරකම් පරාසය ද වාර්තාවෙන් විස්තර කර ඇත.

ජලජ අංශයේ (ජලජීවී වගාව සහ ධීවර කර්මාන්තයේ) සහ කුඩා ධීවර කර්මාන්තයේ කාන්තා නියෝජනය 40%ක් වේ. පවුලට අවශ්‍ය කුඩා ආහාර ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා සාම්ප්‍රදායික මසුන් ඇල්ලීම මෙම අංශයට ඇතුළත් වන අතර බොහෝ විට පවුලේ සාමාජිකයින් විසින් එය සිදු කරනු ලැබේ. කෙසේ වෙතත්, කාන්තාවන් මෙම ප්‍රාථමික අංශවල (primary sectors) පූර්ණ කාලීන රැකියා වලින් 15% ක් පමණක් සහ සැකසීමේ අර්ධකාලීන රැකියාවලින් 71%කට හිමිකම් කියන අතර, ඔවුන්ගේ රැකියාව “වඩාත් අස්ථිර / more precarious” බවට පත් කරන බව වාර්තාව පවසයි.

එපමණක් නොව, කාන්තාවන් “මධ්‍ය පරිමාණයේ සිට අඩු වටිනාකමින් යුත් විශේෂ සහ කුඩා පරිමාණයෙන් වෙළඳාම් කිරීමට නැඹුරු වන අතර බොහෝ විට වඩාත් ලාභදායී වටිනාකම් දාමයන්ගෙන් ඔවුන් බැහැර කරනු ලබන බව” වාර්තාව පෙන්වා දෙයි.ෙ

පශු සම්පත් නිෂ්පාදනයේ දී ද එවැනිම තත්වයක් පවතී. පශු සම්පත් කර්මාන්තයේ කාන්තාවන්ගේ කොටස පිළිබඳ නිශ්චිත දත්ත නොමැති වුවද, “පශු සම්පත් හිමිකාරිත්වයේ දී කාන්තාවන් දිගින් දිගටම අවාසි සහගත” බව වාර්තාව පවසයි. නිදසුනක් වශයෙන්, ගවයන්, ඔටුවන් සහ මී හරකුන් වැනි වඩාත්ම ලාභදායී පශු සම්පත් සම්ප්‍රදායිකව පිරිමින්ට හිමි වේ. අනෙක් අතට, කාන්තාවන් සාමාන්‍යයෙන් කුකුළන් සහ ඌරන් වැනි අඩු ලාභ ලබන පශු සම්පත් පාලනය කරයි.

“කාන්තාවන් අතර දරිද්‍රතාවය අවම කිරීම සඳහා පශු සම්පත් හිමිකම වැදගත්” බව වාර්තාව සඳහන් කරයි.

දේශගුණික විපර්යාස සහ ඒ ආශ්‍රිත කම්පන සඳහා ගෘහස්ථ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට ද පශු සම්පත් හිමිකාරීත්වය උපකාරී වේ. පශු සම්පත් සඳහා ප්‍රවේශය සහ පාලනය ඇති කාන්තාවන්ට තම නිවෙස්වල සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට ඉහළ හැකියාවක් ඇත.

ඉතිරි බාධක / Remaining barriers

කෘෂි ආහාර පද්ධතිවල ඔවුන්ගේ පූර්ණ සහභාගීත්වය අනතුරේ හෙළන බාධක කිහිපයකට කාන්තාවන් මුහුණ දෙන බව වාර්තාව පැහැදිලි කරයි.

පිරිමින්ට වඩා නරක සේවා තත්වයන්ට අමතරව, කාන්තාවන් බොහෝ විට ආහාර පිසීම, පිරිසිදු කිරීම සහ තම පවුල් රැකබලා ගැනීම මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දී ජලය එකතු කිරීම සඳහා කාලය ගත කරන බැවින්, නොගෙවූ රැකවරණය (unpaid care) සඳහා ඉහළ ඉල්ලීම් සමඟ කටයුතු කරයි. මේ සියල්ල “ශ්‍රම වෙළඳපොළ සහභාගීත්වයේ අසමානතාවයන්ට දායක වන අතර අධ්‍යාපනය සහ රැකියා සඳහා ඔවුන්ගේ අවස්ථා සීමා කරන බව’’ වාර්තාව පවසයි.

එහි ප්‍රතිඵලයක් ලෙස කෘෂිකර්මාන්තයේ යෙදෙන කාන්තාවන්ට පිරිමින්ට වඩා අඩු වැටුප් හිමිවේ. පිරිමියෙක් ඩොලරයක් උපයන විට එම සේවයම ලබා දෙන කාන්තාවක් උපයන්නේ ඩොලර් ශත 82කි.

තවද, ඉහළ ආදායම් ලබන රටවල කාන්තාවන්ට වඩා ලෝකයේ අඩුම ආදායම් ලබන රටවල කාන්තාවන් කෘෂි ආහාර පද්ධතිවල වැඩ කිරීමට වැඩි ඉඩක් ඇත. ඔවුන් බොහෝ විට පවුල් කෘෂිකර්මාන්තයේ සහ ආන්තික දේශගුණික තත්ත්වයන් යටතේ වැඩ කරන අතර ව්‍යවසායකයින් වීමට ඇති ඉඩකඩ අඩුය. එය FAO වාර්තාවට අනුව එකම ප්‍රමාණයේ ගැහැණු සහ පිරිමි කළමනාකරණය කරන ගොවිපළ අතර 24%ක බෝග අස්වැන්න “පරතරයක්” ඇති කර ඇත.

ඉඩම් අයිතිය, සේවා, මූල්‍ය සහ ඩිජිටල් තාක්‍ෂණය වැනි කෘෂි ආහාර පද්ධති සඳහා අත්‍යවශ්‍ය සම්පත් සඳහා සීමිත ප්‍රවේශය කාන්තාවන් මුහුණ දෙන තවත් බාධකයකි. වැඩිදියුණු කළ බීජ, පොහොර සහ ගොවි උපකරණ සඳහා කාන්තාවන්ට පිරිමින්ට වඩා අඩු ප්‍රවේශයක් ඇති බව වාර්තාව පවසයි.

කෘෂිකාර්මික ඉඩම් හිමි පිරිමින්ගේ සංඛ්‍යාව කාන්තාවන්ට වඩා දෙගුණයකි. කෙසේ වෙතත්, කාන්තාවන් පසුගිය දශකය තුළ රටවල් 10 ක, මූලික වශයෙන් උප සහරා අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ ඔවුන්ගේ ඉඩම් හිමිකම වැඩි කර ගෙන ඇත.

“වෙනස් කොට සැලකීමේ සමාජ සම්මතයන් සහ නීති” ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවයේ සැලකිය යුතු බලවේග බව වාර්තාව සඳහන් කරයි. මේවා “වෙනස් වීමට ප්‍රමාද / Slow to change” බව ද එය වැඩි දුරටත් සඳහන් කරයි. එවැනි සම්මතයන් සඳහා උදාහරණ ලෙස බොහෝ ස්ථානවල කාන්තාවන් සහ ගැහැණු ළමයින් වැටුප් නොලබන ගෘහාශ්‍රිත සේවා සිදු කරනු ඇතැයි අපේක්ෂා කිරීම ඇතුළත් වන අතර එමඟින් ඔවුන්ට නිවසින් පිටත කළ හැකි වැඩ ප්‍රමාණය සීමා වේ.

Covid-19 වසංගතය “කෘෂි ආහාර පද්ධතිවල කාන්තාවන්ගේ ජීවනෝපායන් කෙරෙහි ඔවුන් පිරිමින්ට වඩා විශාල ඍණාත්මක බලපෑමක් ඇති කර ඇති” බව වාර්තාව පවසයි. වසංගතය අතරතුර, කාන්තාවන් ආහාර අනාරක්ෂිත භාවයෙන් වැඩිපුරම පීඩා වින්ද අතර පිරිමින්ට (2%) වඩා රැකියා (22%) අහිමි විය. ඒ හා සමානව, දේශගුණික විපර්යාස සහ ආන්තික කාලගුණික සිදුවීම් (Extreme weather events) කාන්තාවන්ට අසමාන ලෙස බලපායි. දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව (Climate resilience) සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අසමානතා (Gender-based inequalities) සඳහා ආමන්ත්‍රණය කිරීම වැදගත් බව අධ්‍යයනවලින් ද පෙන්වා දී ඇත.

දේශගුණික විපර්යාස කාන්තාවන්ගේ අනුවර්තනය වීමේ හැකියාවට ද (women’s capacity to adapt) බලපායි. නිදසුනක් වශයෙන්, වෙනස් කොට සැලකීමේ සම්මතයන් මගින් දේශගුණික තොරතුරු සඳහා කාන්තාවන්ට ඇති ප්‍රවේශය අඩු කළ හැකි අතර, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට අනුවර්තනය වන ආකාරය අවබෝධ කර ගැනීම සඳහා එය ඉතා වැදගත් වේ.

අවම වශයෙන් වයස අවුරුදු 15 හෝ ඊට වැඩි කාන්තාවන් මිලියන 939ක් 2021 දී මධ්‍යස්ථ සහ දරුණු ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දුන් අතර, පිරිමින් මිලියන 813ක් සමඟ සසඳන විට එය සැලකිය යුතු ඉහළ අගයක් බව වාර්තාව පවසයි.

පහත සිතියම කාන්තාවන් (රතු) සහ පිරිමින් (turquoise) අතර ඉහළ ආහාර අනාරක්ෂිත භාවයක් ඇති රටවල් පෙන්වයි. පිරිමින් සහ කාන්තාවන් අතර සැලකිය යුතු ලෙස වෙනස් ආහාර අනාරක්ෂිත අනුපාතයක් නොමැති රටවල් නිල් පැහැයෙන් දක්වයි. කාන්තාවන් සඳහා ආහාර අනාරක්ෂිතභාවය ඉහළ මට්ටමක පවතින රටවල් ලතින් ඇමරිකාව සහ කැරිබියන්, අප්‍රිකාව සහ අග්නිදිග ආසියාවේ සංකේන්ද්‍රණය වී ඇත.

කාන්තාවන් (රතු) සහ පිරිමින් (turquoise/ ලා නිල් ) අතර ඉහළ ආහාර අනාරක්ෂිතභාවයක් ඇති රටවල්. නිල් පැහැයෙන් දැක්වෙන්නේ කාන්තාවන් සහ පිරිමින් අතර ආහාර අනාරක්ෂිත බව සැලකිය යුතු ලෙස වෙනස් නොවන රටවල් ය. මූලාශ්‍රය: FAO ( 2023 )

ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට සීමිත ඔරොත්තු දීමේ හැකියාවක් (limited resilience capacity) ඇති සහ දේශගුණයේ වෙනස්වීම් වලට ප්‍රතිචාර දැක්වීමට විකල්ප සීමා කර ඇති අතර, බොහෝ විට දේශගුණික කම්පන වලට ඔවුන්ගේ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාවේ ශක්තියෙන් කෙටි කාලීන සටන් උපාය මාර්ග වෙත යොමු වීමට සිදු වන බව වාර්තාව සඳහන් කරයි. නිදසුනක් වශයෙන් ඉන්දියාවේ කාන්තාවන් බොහෝ විට නියඟ කාලවලදී පරිභෝජනය කරන ආහාරවල ප්‍රමාණය අඩු කිරීමට යොමු වන අතර එමගින් ඔවුන්ගේ සමස්ත සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරයි”.

කාන්තාවන් සවිබල ගැන්වීම / Empowering women

කාලයත් සමඟ සමාජ සම්මතයන් වෙනස් වන ආකාරය සහ ඒවා කෘෂිකාර්මික ආහාර පද්ධතිවල අසමානතාවයන් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳ විමර්ෂණයක් වාර්තාව මගින් ඉදිරිපත් කරයි. එසේම එය ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ හිඩැස් වැසීමට හෝ කාන්තාවන් සවිබල ගැන්වීමේදී සාර්ථක වූ ප්‍රතිපත්ති පිළිබඳ දළ විශ්ලේෂණයක් ද සපයයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවයන් නිරාකරණය කිරීම සහ කෘෂිකාර්මික ආහාර පද්ධති තුළ කාන්තාවන් සවිබල ගැන්වීම මගින් කුසගින්න සහ දරිද්‍රතාවය අඩු කිරීම, ආර්ථිකයන් නංවාලීම සහ වසංගත සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරන බව වාර්තාව ප්‍රකාශ කරයි.

එහි මෙසේ සඳහන් වේ. “ඔවුන්ගේ සහභාගීත්වයට ඇති බාධක අඩු කිරීම සහ එය සීමා කරන සම්මතයන් සහ නීති වෙනස් කිරීම කාන්තාවන්ගේ යහපැවැත්මට සහ සමස්තයක් වශයෙන් පුළුල් සමාජයකට විශාල ප්‍රතිලාභ ලබා දෙයි. උදාහරණයක් ලෙස ගොවිපළ ඵලදායිතාවයේ ස්ත්‍රී පුරුෂ පරතරය සහ කෘෂි ආහාර පද්ධතිවල වැටුප් පරතරය අහෝසි කර දැමීම මගින් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය 1%කින් වැඩි කරන අතර මිලියන 45ක ජනතාව සඳහා ආහාර අනාරක්ෂිතභාවය සමනය කරයි’’

කෙසේ වෙතත් ලෝකය තවමත් එම මාවතේ නැත. “කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික මූල්‍යකරණයෙන් අඩකට වඩා දැනටමත් ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ධාරාවේ පවතින අතර, 6%ක් පමණක් ස්ත්‍රී පුරුෂ භාවය මූලික වශයෙන් සලකන” බව වාර්තාව සඳහන් කරයි.

පේරු හි කුඩා නගරයක වීදියක ඌරන් දක්කාගෙන යන කාන්තාවන් දෙදෙනෙක්. ඡායාරූපය – Florian Kopp / Alamy Stock Photo

කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘති ප්‍රධාන ධාරාවේ ලිංගභේදයට වඩා ඉහළ ප්‍රතිලාභ ගෙන දෙන බව ද වාර්තාව අවධාරණය කරයි.

ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ප්‍රවාහය යනු ව්‍යාපෘතියක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කාන්තා සහ පිරිමි යන දෙඅංශයේම උත්සුකයන් ඒකාබද්ධ කිරීමයි. එවිට සෑම කෙනෙකුටම එක හා සමාන ප්‍රතිලාභ ලැබිය හැකිය.

අනෙක් අතට, කාන්තා සවිබල ගැන්වීම යන්නෙන් අදහස් වන්නේ කාන්තාවන්ට තමන්ගේම තීරණ ගැනීමේ හැකියාව, අයිතිවාසිකම් සහ සම්පත් ලබා දීම, එමගින් අසමානතාවයන් පවත්වාගෙන යන වෙනස් කොට සැලකීමේ සමාජ සම්මතයන් වෙනස් කිරීමයි. නිදසුනක් වශයෙන් ව්‍යාපෘතියක් මඟින් කාන්තාවන්ට සුදුසු සංචලතාවක් ඇති බව සහතික කළ හැකි අතර එමඟින් ඔවුන්ට ඔවුන්ගේ නිවෙස්වල සිට ඔවුන්ගේ රැකියාවට පහසුවෙන් ගමන් කළ හැකිය.

කුඩා පරිමාණ නිෂ්පාදකයින්ගෙන් අඩක් කාන්තාවන් සවිබල ගැන්වීමට සහාය වන ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ ලබා ගන්නේ නම් එය මිලියන 58ක ජනතාවගේ ආදායම සහ ලොව පුරා මිලියන 235ක ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරනු ඇතැයි කතුවරුන් ගණන් බලා ඇත.

කෙසේ වෙතත් ලෝකය තවමත් එම මාවතේ නැත. “කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධනය සඳහා ද්විපාර්ශ්වික මූල්‍යකරණයෙන් අඩකට වඩා දැනටමත් ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ධාරාවේ පවතින අතර, 6%ක් පමණක් ස්ත්‍රී පුරුෂ භාවය මූලික වශයෙන් සලකන” බව වාර්තාව සඳහන් කරයි.

2030 වන විට සියලුම කාන්තාවන් සඳහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සවිබල ගැන්වීම ඉල්ලා සිටින තිරසාර සංවර්ධන ඉලක්ක වැනි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආමන්ත්‍රණය කරන ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයක් වාර්තාව විසින් උපුටා දක්වයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පරිවර්තන ක්‍රියාවන්, කෘෂි ආහාර පද්ධතිවල කාන්තාවන්ට බලපාන වෙනස්කම් කිරීමේ සම්මතයන් වෙනස් කිරීමට විසඳුමක් ලෙස සැලකේ. “එවැනි ප්‍රවේශයන් ලාභදායී වන අතර ඉහළ ප්‍රතිලාභ ඇති” බව වාර්තාව නිරීක්ෂණය කරයි. නිදසුනක් වශයෙන්, ළමා රැකවරණය සඳහා ප්‍රවේශය ලබා දීම වැනි කාන්තාවන්ගේ වැටුප් රහිත රැකියා ඉල්ලීම් සමනය කරන විට කාන්තා ඵලදායිතාව වැඩිදියුණු කරන මැදිහත්වීම් වඩාත් සාර්ථක වේ.

එවැනි ස්ත්‍රී පුරුෂ සමාජභාවය-පරිවර්තන ප්‍රවේශයන් ප්‍රාදේශීය මට්ටමින් වෙනසක් සිදු කළ හැකි නමුත් සමාජ සම්මතයන් වඩාත් පුළුල් ලෙස වෙනස් කිරීම සඳහා ඒවා වඩා විශාල පරිමාණයෙන් යෙදවිය යුතු බව ආචාර්ය ලෝරන් ෆිලිප්ස් පවසයි.

ආචාර්ය ෆිලිප්ස් සඳහන් කරන්නේ උප සහරා අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ සමහර රටවල් ස්ත්‍රී පුරුෂ භාවය සහ අසමානතාවය ආමන්ත්‍රණය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ අයවැය වැඩි කර ඇති බවයි. උප සහරා අප්‍රිකාව එවැනි ප්‍රතිපත්ති වැඩිම ප්‍රමාණයක් ඇති කලාපයයි.

ය තව දුරටත් මෙසේ පවසයි. “මෙතෙක් රටවල් වැඩි වැඩියෙන් කෘෂිකර්මාන්තය සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ කාන්තාවන් පිළිගන්නා තරමට ධනාත්මක වෙනසක් සිදුවී ඇත. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නිශ්චිත සහ නිශ්චිත ක්‍රියාමාර්ග යෝජනා කරන්නේ නැත.”

මෙය දේශගුණික ප්‍රතිපත්තිවලින් පිළිබිඹු වන අතර පසුගිය දශකය තුළ “දේශගුණය සම්බන්ධ ප්‍රතිපත්ති තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ගැටලු හඳුන්වා දෙන මට්ටම සහ ආකාරයෙහි “සැලකිය යුතු දියුණුවක්” ඇති බව වාර්තාව පවසයි.

උදාහරණයක් ලෙස, වාර්තාව පැරිස් ගිවිසුම යටතේ ජාතික දේශගුණික පොරොන්දු පිළිබඳ 2021 සමාලෝචනයක් උපුටා දක්වයි, එහිදී කාන්තාවන් සහ/හෝ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සඳහනක් සහිත සමාලෝචනය කරන ලද පොරොන්දු ප්‍රතිශතය 2016 දී 40% සිට 2021 දී 78% දක්වා වර්ධනය විය. වාර්තාව පවසන්නේ “කෘෂිකර්මාන්තය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඉහළම මට්ටමේ ඒකාග්‍රතාවය ඇති අංශය’’ බවයි.

කෙසේ වෙතත්, සමහර ධනාත්මක වෙනස්කම් තිබියදීත්, “දේශගුණික විපර්යාස සඳහා ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධ අවදානම් සඳහන් කරන ජාතික කෘෂිකාර්මික හා පාරිසරික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී තවමත් ඒවා විසඳීමට ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය පියවර හෝ උපාය මාර්ග ඇතුළත් නොවන බව ද” වාර්තාව පවසයි.

ආචාර්ය ෆිලිප්ස් සඳහන් කරන්නේ උප සහරා අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ සමහර රටවල් ස්ත්‍රී පුරුෂ භාවය සහ අසමානතාවය ආමන්ත්‍රණය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ අයවැය වැඩි කර ඇති බවයි. උප සහරා අප්‍රිකාව එවැනි ප්‍රතිපත්ති වැඩිම ප්‍රමාණයක් ඇති කලාපයයි.

කෙසේ වෙතත් වාර්තාව අනතුරු අඟවන්නේ “මධ්‍යම ඇමරිකාව, නැඟෙනහිර අප්‍රිකාව සහ නේපාලයේ සාක්ෂිවලින් පෙනී යන්නේ ජාතික දේශගුණය සහ කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අයිතිවාසිකම් ප්‍රශ්න ඒකාබද්ධ කිරීම බොහෝ විට මතුපිටින් පෙනෙන බවත්, ‘ස්ත්‍රී පුරුෂ භාවය’ ගැන සඳහන් කිරීමත් සමඟ බොහෝ විට එහි සම්බන්ධය පිළිගන්නා බවත්ය”.

https://www.carbonbrief.org/climate-change-compounding-inequalities-faced-by-women-in-agriculture-fao-says/