ආරක්ෂිත ප්‍රදේශ අසල මිනිසුන් ජීවත් වන අප්‍රිකානු රටවල බලධාරීන්ට මිනිස්-වනජීවී ගැටුම් අභියෝගයකි. වනජීවී සංචාරක ව්‍යාපාරයට ප්‍රජාවන් සහභාගී වී එහි ප්‍රතිලාභ බෙදා හදා ගැනීමේ වැඩසටහන් එක් විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇත. එම ප්‍රතිලාභ ටැන්සානියාවේ සැලකිය යුතු තරම් ඉහළය. වනජීවී සංචාරක ව්‍යාපාරය එරටට විදේශ ආදායම් උපයන ප්‍රධාන මාර්ගයකි. 2021 දී සංචාරක අංශය ඇමරිකානු ඩොලර් බිලියන 2.6ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 5.7%ක් උපයා ඇත.

ටැන්සානියාව විසින් සම්මත කළ 2022 වනජීවී සංරක්ෂණ පනත Wildlife Conservation Act 2022 මගින් මානව-වනජීවී ගැටුම් සිදුවීම්වලින් සෘණාත්මකව පීඩාවට පත් ඕනෑම සුදුසුකම් ලත් පුද්ගලයෙකුට මූල්‍ය හා ද්‍රව්‍යමය වන්දි ලබා දේ. 2012 සහ 2019 අතර ටැන්සානියාව පුරා මානව-වනජීවී මරණ සිද්ධීන් 1,000කට වඩා වාර්තා වී ඇති අතර, ගොදුරු වූවන්ගෙන් විශාල බහුතරයක් ග්‍රාමීය පදිංචිකරුවන් වේ.

ගොවිතැන සහ පරිසරය පිළිබඳ පර්යේෂණ උනන්දුවක් ඇති තිරසාර විශාරදයෙකු ලෙස මම ටැන්සානියාවේ මිනිස්-වනජීවී ගැටුමට ගොදුරු වූ පුද්ගලයින්ගේ අත්දැකීම් තේරුම් ගැනීමට පටන් ගතිමි. මගේ අධ්‍යයනයේදී මම කිදුහි / Kiduhi  සහ ම්බම්බා / Mbamba යන ගම්වල මිනිසුන් සමඟ කතා කළෙමි. මෙම ගම්මාන දෙක ටැන්සානියාවේ සිව්වන විශාලතම ජාතික වනෝද්‍යානය වන මිකුමි ජාතික වනෝද්‍යානය / Mikumi National Park සමඟ මායිම් බෙදා ගනී.

මිනිස් – වනජීවී ගැටුමට හේතුව කුමක්ද ? ඔවුන්ගේ මතය අනුව ඔවුන් එය අත්විඳින ලද්දේ කවදාද සහ කෙසේද ? එය ඔවුන්ගේ ජීවනෝපායට හෝ යහපැවැත්මට බලපෑවේ කෙසේද ? සහ අනාගතයේදී එය වළක්වා ගැනීමට කුමක් කළ යුතුද ? යන්න පිළිබඳව මම ඔවුන්ගෙන් විමසුවෙමි.

ගම්මාන දෙකෙහි මිනිස් හා වනජීවී ගැටුමේ සිදුවීම් සුලභ වී ඇත. නමුත් විපතට පත් වූවන්ගේ අත්දැකීම් අඩුවෙන් වාර්තා වී ඇති බව මට පෙනී ගියේය. වාසස්ථාන අහිමි වීම නිසා වන සතුන් උද්‍යානයෙන් පිටතට ආහාර සහ ජලය සෙවීමට තල්ලු කිරීම නිසා ගැටුමට හේතු වූ බව ද මට පෙනී ගියේය. උද්‍යානයේ සිටින වන සතුන් සහ කිදුහි සහ ම්බම්බා හි පදිංචිකරුවන් අතර ඇති වන ආතතීන් සඳහා කාලගුණ රටා වෙනස් වීම ද මෙහිදී සැලකිය යුතු භූමිකාවක් ඉටු කළේය. වෙනත් පර්යේෂණ මගින් මෙවැනි වෙනස්වීම් රටා දේශගුණික විපර්යාස හා සම්බන්ධ කර ඇත.

ජල හිඟය සහ තණබිම් අහිමි වීම

කිදුහි සහ ම්බම්බා හි ගැමියන් විශ්වාස කළේ වර්ෂාපතනයේ අඩුවීම සහ දිගු නියඟය අලි, හයිනා සහ සිංහයන් උද්‍යානයෙන් පිටත ආහාර සෙවීමට පොළඹවන බවයි. නිවැසියන්ගේ මෙම ප්‍රකාශය මිකුමි ජාතික වනෝද්‍යානයේ වනජීවී විශේෂඥයින් විසින් ප්‍රතිරාවය කරන ලදී.

වර්ෂාපතනය නොමැතිකම නිසා මිකුමි තුළ ඇති වෘක්ෂලතාදිය නැති වී ගොස් අලි ඇතුන් වැනි විශාල සතුන්ට තවදුරටත් ආහාර සොයා ගැනීමට සිදු වූ බව ඔවුහු පැවසූහ. මුවන් සහ වල් මී මුන් වැනි සිංහයන් සඳහා ගොදුරු විය හැකි සතුන් ද ආහාර හා ජලය සොයා බොහෝ දුර ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස උද්‍යානයේ සිට සිංහයන් සහ හයිනාවන් අසල්වැසි ගම්මානවල සිටින ගවයින් සහ එළුවන් ඉලක්ක කර ගත්හ.

කිදුහි, ප්‍රධාන වශයෙන් මසායි ප්‍රජාවක් වන පශු සම්පත් ඇති කිරීම, හයිනා ප්‍රහාර සහ එළුවන් ඝාතනය කිරීම නිවැසියන්ගේ ජීවිත අනතුරේ හෙළීම නිතර සිදු විය. ඇතැමුන් තම ජීවිත පරදුවට තබා රාත්‍රී කාලයේ මුර සංචාරයේ යෙදෙමින් තම ගවයින් ආරක්ෂා කර ගැනීමටත්, ප්‍රදේශයේ නිතර ගැවසෙන හයිනාවුන් එළවා දැමීමටත් කටයුතු කරන බව වාර්තා විය.

සිංහයෙකුගේ ප්‍රහාරයකට මුහුණ දුන් කිදුහි හි එක් ගොවියෙක් මට මෙසේ පැවසුවේය: “2021 පෙබරවාරි මාසයේදී සිංහයෙක් මගේ බෝමාට පහර දී එළුවන් 11 දෙනෙකු මරා දැමූ නමුත් අවසානයේ එක් එළුවෙකු පමණක් අනුභව කළා. ප්‍රහාරය මධ්‍යම රාත්‍රියේ සිදු වුවද, සිංහයා වහාම පිටව ගියේ නැහැ. ඌ උදේ වන තුරුම එහි රැදී සිටියා. මම මේ සිද්ධිය වනජීවී බලධාරීන්ට දැනුම් දුන්නා, ඔවුන් ඇවිත් සිංහයා නිදහස් කළා, නමුත් අද වනතුරුත් මගේ පාඩුවට මට වන්දියක් ලැබුණේ නැහැ.”

වගා පාඩු / Crop losses

වනෝද්‍යානය අවට ඇති අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව අසල්වැසි ගම්මානවල ගොවිපළවලට අලින් කඩා වැදීම බව ද පර්යේෂණයෙන් හෙළි වී තිබේ. අස්වැන්න නෙළීමේ උපරිම කාලය වන මැයි සිට අගෝස්තු දක්වා සෑම දිනකම පාහේ ඔවුන් සහ අලි ඇතුන් අතර ගැටුම් ඇති වූ බව Mbamba හි වින්දිතයන් වාර්තා කළේය.

බොහෝ Mbamba පදිංචිකරුවන් යැපුම් ගොවීන් / subsistence farmers වන බැවින්, අලි ඇතුන් ඔවුන්ගේ ගොවිපළවලට කරන හානිය ජීවනෝපායන් කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කරයි. ගෘහස්ථ ආහාර හිඟය පිළිබඳව කාන්තාවන් කනස්සල්ල පළ කළේ ඔවුන් නිෂ්පාදනය කරන බොහෝ ආහාර වනෝද්‍යානවල සිට කඩාවදින අලින් විසින් කා දැමූ බැවිනි.

එක් ගොවි කාන්තාවක් පැවසුවේ, “මට නම් එය සෑම වසරකම පාහේ සිදු වන සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. ඔවුන් සියලු බෝග, විශේෂයෙන් බඩ ඉරිඟු සහ වී කා දමනවා. මම බඩඉරිඟු වගා කරන විට අලි සඳහාද වගා කරන බව මම දැන් පිළිගෙන තිබෙනවා. ඒ ඔවුන් සෑම කන්නයකදීම මගේ ගොවිබිම වෙත පැමිණෙන නිසය

දුර්වල ප්‍රතිචාර / Poor response

Kiduhi හි, මෙම අධ්‍යයනයේ සම්මුඛ සාකච්ඡාවට ලක් වූ බොහෝ මසායි පිරිමින් සහ කාන්තාවන් කියා සිටියේ හයිනා සහ සිංහ ප්‍රහාරවලින් තමන්ට සිදුවන පශු සම්පත් හානිය පිළිබඳව පළාත් පාලන සහ උද්‍යාන නිලධාරීන් සැලකිල්ලක් නොදැක්වූ බවයි. වන්දි ලබා ගැනීම සඳහා ඔවුන් උත්සාහ කළද, ඔවුන්ට දෛනිකව විසඳුම් ලබා දෙන පොරොන්දු හැර අන් කිසිවක් ලැබී නොතිබුණි.

Mbamba හි, සමහර ගම්වැසියන් කියා සිටියේ කිසිදු පියවරක් නොගන්නා නිසා පාඩු වාර්තා කිරීමට තමන් වෙහෙස නොගත් බවයි.

ඒකට මොනවද කරන්න ඕන

අප්‍රිකාව පුරා, මිනිස්-වනජීවී ගැටුම්වලට ගොදුරු වූවන් සඳහා මූල්‍ය වන්දි ගෙවීම ජනප්‍රිය කළමනාකරණ ප්‍රතිපත්තියකි. සමහර සංරක්ෂණ විශේෂඥයින් එහි සඵලතාවය ගැන ප්‍රශ්න කර ඇතත්, මූල්‍ය ගෙවීම් යෝජනා කරන්නන් තර්ක කරන්නේ වින්දිතයන්ගේ ආර්ථික පාඩු නොසලකා හැරීම හේතුවෙන් තත්ත්වය තවත් නරක අතට හැරිය හැකි බවයි.

ටැන්සානියාවේ Tarangire සහ Serengeti ජාතික වනෝද්‍යානවල අධ්‍යයනයෙන් හෙළි වූයේ ප්‍රමාණවත් වන්දි යෝජනා ක්‍රම සහ අසල්වැසි ප්‍රජාවන්ගේ සීමිත සහභාගීත්වය උද්‍යාන දෙකෙහිම පළිගැනීමේ ඝාතනවලට / retaliation killings මූලික හේතුව බවයි.

ඒ නිසා පළමුව රජය තම වන්දි යෝජනා ක්‍රමය වැඩිදියුණු කළ යුතුය.

දෙවනුව, ටැන්සානියාවේ දේශීය දේශගුණික තත්ත්වයන් / local climate conditions කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඉදිරි වසරවලදී නියඟය සහ ජල හිඟය දිගු කාලයක් අපේක්ෂා කෙරේ. මිනිස් – වනජීවී ගැටුම් උග්‍ර විය හැකිය. වනජීවී සම්පත් කෙරෙහි දේශගුණික විපර්යාසයේ විනාශකාරී බලපෑම පිළිබඳ දන්නා සාක්ෂි තිබියදීත්, ටැන්සානියා රජය මෙම අවදානම් වලට ප්‍රතිචාර දැක්වීමේදී ඉතා මන්දගාමී විය.

එක් ප්‍රායෝගික මැදිහත්වීමක් වන්නේ උද්‍යානය සහ එහි අසල්වැසි ගම්මාන තුළ විනාශ වූ ඉඩම් සහ ජල මූලාශ්‍ර ප්‍රතිසංස්කරණය කිරීම වැනි ස්වභාවධර්මය පදනම් කරගත් විසඳුම් සඳහා ආයෝජනය කිරීමයි (investing in nature-based solutions) මෙය මෙම සම්පත් මත ආතතිය අඩු කරනු ඇත.

වින්දිතයින්ගේ සුභසාධනය නොසලකා හැරීම සහ රක්ෂිත ප්‍රදේශ වලට යාබද ප්‍රජාවන්ට වනජීවී සංචාරක ව්‍යාපාරයේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ නොමැතිකම වන ජීවීන්ගේ පැවැත්මට බරපතල තර්ජනයක් විය හැකිය. වනජීවී සංචාරක ව්‍යාපාරය ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇති අතර, මෙම සංකීර්ණ සංරක්ෂණ අභියෝගයට මුහුණ දීම සඳහා ස්ථිරසාර පියවර ටැන්සානියාවට ඉතා වැදගත් වේ.

https://phys.org/news/2023-08-conflict-humans-wildlife-tanzania-poorly.html