බිහිරි දරුවන්, ගුරුවරුන් සහ විද්‍යාඥයන් සඳහා, “හරිතාගාර වායු / greenhouse gases” හෝ “කාබන් පියසටහන / carbon footprint” වැනි දේ ගැන කතා කිරීම සඳහා දිගු, සංකීර්ණ විද්‍යාත්මක පද අකුරෙන් අකුර උච්චාරණය කිරීම සිදු වෙනවා. නමුත් දැන් ඒවා බ්‍රිතාන්‍ය සංඥා භාෂාවෙන් (British Sign Language – BSL) ඔවුන්ගේම නව නිල සලකුණු ඇති පාරිසරික විද්‍යා පද 200 අතර තිබෙනවා.

රාජකීය සංගමය විසින් අර්ධ වශයෙන් අරමුදල් සපයන ලද විද්‍යා පාරිභාෂික ව්‍යාපෘතිය 2007 සිට ක්‍රියාත්මක වන අතර BSL වෙත නව සලකුණු 7,000ක් පමණ එක් කර තිබෙනවා.

නව වචන මාලාව මඟින් බිහිරි අයට, එය විද්‍යාගාරයේ හෝ පන්ති කාමරයේ වේවා දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡාවලට සම්පූර්ණයෙන්ම සහභාගී වීමට හැකි වනු ඇති බව මෙම නව යාවත්කාලීන කිරීම පිටුපස සිටින බිහිරි විද්‍යාඥයින් සහ සංඥා භාෂා විශේෂඥයින් බලාපොරොත්තු වෙනවා.

“අපි උත්සාහ කරන්නේ විද්‍යාත්මක සංකල්ප දෘශ්‍යමාන කරන පරිපූර්ණ සංඥා නිර්මාණය කිරීමටයි” ආචාර්ය ඕඩ්‍රි කැමරන් පැහැදිලි කරනවා.

දැඩි ලෙස බිහිරි (profoundly deaf) පුද්ගලයෙකු වන ආචාර්ය කැමරන්, එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ සංඥා භාෂා ව්‍යාපෘතියට නායකත්වය ලබා දෙයි. එය දැන් BSL ශබ්දකෝෂයට නව යෙදුම් එකතු කර තිබෙනවා.

ඇයගේම විද්‍යාත්මක වෘත්තියේදී, වචන මාලාවේ ඌනතාවය නිසා වැදගත් රැස්වීම් සහ සංවාදවලින් ඇයව බැහැර කළ ආකාරය ඇය විස්තර කළා.

“මම වසර 11ක් පර්යේෂණවල නිරත වුණා. ඒ අතර රැස්වීම් ගණනාවකට ගිය නමුත් මිනිසුන් පවසන දේ මට තේරුම් ගැනීමට නොහැකි වූ නිසා එම රැස්වීම් වලට කිසි විටෙකත් සත්‍ය වශයෙන්ම සම්බන්ධ වීමට මට නොහැකි වුණා. මට රසායන විද්‍යාව ගැන මිනිසුන් සමඟ කතා කිරීමට අවශ්‍ය වුණත් මට එය කළ නොහැකි වුණා” ඕඩ්‍රි කැමරන් තමා පුද්ගලිකව මුහුණ දුන් අසීරු තත්ත්වය පැහැදිලි කරමින් සඳහන් කළා.

ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා ආචාර්ය වරයෙකු  වන ලියම් මැක්මුල්කින් / Liam McMulkin ද ස්කොට්ලන්ත සංවේදක මධ්‍යස්ථානය විසින් සත්කාරකත්වය සපයන ලද සංඥා නිර්මාණ වැඩමුළුවලට ද සම්බන්ධ වී තිබෙනවා. “සංඥා භාෂාවේ / sign language සුන්දරත්වයට හේතු වන්නේ (විශේෂයෙන් විද්‍යාව සඳහා)  එය දෘශ්‍ය භාෂාවක් වීමයි” ඔහු පැහැදිලි කළා.

“සමහර සංකල්ප වියුක්තයි. නමුත් සංඥා භාෂාව ඇත්තටම දරුවන්ට ඒවා තේරුම් ගැනීමට උපකාර කරනවා”

McMulkin මහතා “ප්‍රභාසංස්ලේෂණය /photosynthesis” සඳහා ලකුණක් උදාහරණයක් ලෙස භාවිතා කළා. එහිදී පත්‍රයක් නියෝජනය කිරීම සඳහා එක් පැතලි අත් හැඩයක් භාවිතා කරන අතර අනෙක් අතට ඇඟිලි (හිරු කිරණ මෙන්) ප්‍රක්ෂේපණය කළා.

“මම මෙය කරන විට [හිරු අත කොළ අත දෙසට ගෙනයන්න] ඔබට පෙනෙවි ශක්තිය කොළ විසින් අවශෝෂණය ආකාරය” ඔහු පැහැදිලි කළා.

සංඥා වර්ධනය වන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආචාර්ය කැමරන් මෙසේ පැහැදිලි කළා: “අපි පාසල් විෂය මාලාවෙන් නියමයන් ලැයිස්තුවක් ගෙන පසුව නිවැරදි නමුත් දෘශ්‍යමාන යමක් ඉදිරිපත් කිරීමට එක්ව කටයුතු කළා”

නවතම සලකුණු ජෛව විවිධත්වය, පරිසර පද්ධති, භෞතික පරිසරය සහ දූෂණය වටා තේමා කර තිබෙනවා. නියමයන් විදහා දක්වන මාර්ගගත වීඩියෝ පාරිභාෂිතයක් ද / online video video glossary තිබෙනවා.

අතහැරුණු  / Missing words

පාසැලේ බිහිරි දරුවන්ට උපකාර කිරීම සඳහා පාරිභාෂික ශබ්දකෝෂය නිර්මාණය කර තිබෙනවා. ග්ලාස්ගෝ හි ප්‍රමුඛ පාසලක බිහිරි ශිෂ්‍යාවක් වන 13 හැවිරිදි මෙලිසා / Melissa පැහැදිලි කළ පරිදි: “සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට ඒවා සැබවින්ම උපකාරී වෙනවා”

මෙලිසා වෙහෙස මහන්සි වී ඇඟිලි අක්ෂර වින්‍යාස කරන හරිතාගාර වායු (GREENHOUSE GASES) අතර වෙනස පෙන්වා දුන්නා. ඇය ඒ සඳහා වාතයේ ඇති වායු අණු මෙන් ඇගේ වැසූ හස්තය එහා මෙහා ගෙනයාම ඇතුළත් නව සලකුණ භාවිතා කළා.

“ගෑස් සමඟ යමක් සිදුවෙමින් පවතින බවට ලකුණක් සමඟ මට පෙනෙනවා” ඇය පැවසුවා.

මෙලිසාගේ විද්‍යා ගුරුවරයා වන (දැඩි බිහිරි අයෙක් වන) McMillian පැවසුවේ, ‘’කන් ඇසෙන මිනිසුන් කොහේ ගියත් නොකඩවා ඉගෙන ගනිමින් දැනුම ලබා ගන්නවා. නමුත් බිහිරි අයට බොහෝ තොරතුරු මග හැරෙනවා. පාසල්වල විද්‍යා පාඩම් වලදී සංඥා භාෂාව භාවිතා කිරීම ඉතා වැදගත් වන්නේ එනිසයි. එය බිහිරි දරුවන්ට ඔවුන්ගේ ස්වභාවික භාෂාවෙන් ඉගෙන ගැනීමට ඉඩ සලසනවා” McMillian පවසනවා.

ආචාර්ය කැමරන්, ශ්‍රවණාබාධ සහ බිහිරි දරුවන් සඳහා අත් චලනයන්හි සංකීර්ණ විද්‍යාත්මක සංකල්ප නිරූපණය කිරීමේ අධ්‍යාපනයේ වටිනාකම ද අවධාරණය කළා. පස්වැනි වසරේ අධ්‍යාපනය ලබන බිහිරි දරුවන් දේවල් පාවෙන හෝ ගිලෙන ආකාරය ගැන ඉගෙන ගන්නා පන්තියක් නිරීක්ෂණය කිරීමේ දී තමා මුහුණ දුන් අත්දැකීමක් ඇය සිහිපත් කළා.

” තරමක් සංකීර්ණ වන ඝනත්වය අඩු දේවල් පාවෙන ආකාරය ගැන ඔවුන් ඉගෙන ගනිමින් සිටියා. ඒ වගේම ගුරුවරයා ‘ඝනත්වය’ සඳහා සංඥා ලකුණ භාවිතා කළා. සංඥා භාෂාව එම සංකල්පය පැහැදිලි කරන්නේ එක් සංවෘත හස්තයක් භාවිතා කර අනෙක් අත එය වටා එතීමෙනුයි. (විවිධ ඝනත්වය නියෝජනය කිරීමට මිරිකීමෙන් සහ මුදා හැරීමෙන්) ඉතිං මම හිතුවා ‘මේ අවුරුදු පහේ ළමයින්ට මේක ලැබෙන එකක් නෑ‘ කියලා. ඒත් පාඩම ඉවර වෙලා ටික වේලාවකට පස්සේ දේවල් පාවෙන්නේ හෝ ගිලෙන්නේ ඇයි කියලා මම ඔවුන්ගෙන් ප්‍රශ්න කළා. ඔවුන් සියලු දෙනාම ඝනත්වය සඳහා වන සංඥා ලකුණ භාවිතා කළා. ඉතින් මම දැක්කා මේක කොයිතරම් බලපෑමක් ඇති කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම මගේ ආශාවත් පාරිභාෂික ශබ්ද මාලාව වැඩෙන තරමට වැඩි වුණා.” ආචාර්ය කැමරන් තමා මුහුණ දුන් අත්දැකීම ගැන පැහැදිලි කළා.

රාජකීය සංගමයේ විවිධත්වය සහ ඇතුළත් කිරීමේ කමිටුවේ සභාපති මහාචාර්ය ජෙරමි සැන්ඩර්ස් මෙසේ පැවසුවා: “මෙම නව සංඥා BSL භාවිතා කරන මීළඟ පරම්පරාවේ සිසුන්ට ආස්වාදයක් සහ සවිබල ගැන්වීමක් ලබා දේවි. එසේම අභ්‍යාස කරන විද්‍යාඥයින්ට ඔවුන්ගේ වැදගත් කාර්යයන් ලෝකය සමඟ බෙදා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙනවා”

https://www.bbc.co.uk/news/science-environment-66464437