පැසිෆික් සාගරයේ අධික ලෙස මසුන් ඇල්ලීම සහ පාරිසරික වෙනස්කම් හේතුවෙන් අප්‍රිකානු පෙන්ගුයින් ගහනය විශාල ලෙස පහත වැටී ඇත

අප්‍රිකානු පෙන්ගුයින්ලාගේ (African penguins) පැවැත්ම සහතික කිරීමට පියවර නොගතහොත් 2035 වන විට ඔවුන් සම්පූර්ණයෙන්ම වඳ වී යා හැකි බව දේශගුණික උද්ඝෝෂකයෝ පවසනවා.

පසුගිය වසර 100 තුළ අප්‍රිකානු පෙන්ගුවින් ගහනය විශාල ලෙස අඩු වී තිබෙනවා. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී පෙන්ගුයින් යුගල මිලියන කිහිපයක් සිටි බව විශ්වාස කරන නමුත් වර්තමානය වන පෙන්ගුයින් ගහනයේ තියුණු පහළ වැටීමක් වාර්තා කරමින් පෙන්ගුයින් ගහනය යුගල 11,000කට පමණ සීමා වී තිබෙනවා.

ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (International Union for Conservation of Nature)  විසින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂවල රතු ලැයිස්තුවට අප්‍රිකානු පෙන්ගුයින් ද ඇතුළත් කර තිබෙනවා. වර්තමාන ප්‍රවණතා අනුව වනයේ දිගටම ජීවත් වීමට ප්‍රමාණවත් අභිජනන යුගල නොමැති වනු ඇති බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

පැසිෆික් කලාපයේ අධික ලෙස මසුන් ඇල්ලීම සහ පාරිසරික වෙනස්කම් හේතුවෙන් සැමන් සහ ඇන්කෝවිස් වැනි මත්ස්‍ය ගහනය පහත වැටී තිබෙනවා. මේ තත්ත්වය හේතුවෙන් පෙන්ගුවින් ආහාර සඳහා අරගල කරමින් සිටිනවා. මේ අතර ඔවුන් රෝග, කුණාටු සහ ගංවතුර සහ පරිසර දූෂණයෙන් ද තර්ජනයට ලක්ව සිටිනවා.

අප්‍රිකානු පෙන්ගුවින් ඔවුන්ගේ අසාමාන්‍ය සලකුණු සහ සුවිශේෂී බ්‍රේයිං ඇමතුම (braying call) සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. ඔවුන් වැඩි වශයෙන් වාසය කරන්නේ නැමීබියාවේ සහ දකුණු අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් වූ දූපත් වලයි. ඔවුන් 1985 දී කේප් ටවුන් හි උප නගරයක් වන බෝල්ඩර්ස් බීච් හි ජනපදයක් පිහිටුවා ගෙන තිබෙනවා. පෙන්ගුවින් බොහෝ විට නගරයට ද ඇතුළු වන අතර  කේප් ටවුන් හි මගීන් සමඟ ඇවිදිමින් සිටිනු දැකිය හැකියි.

පෙන්ගුයින් මුහුණ දෙන තර්ජන නොතකා ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙනවා. Two Oceans Aquarium Foundation හි විධායක ආචාර්ය ජූඩි මාන් පවසන්නේ අප්‍රිකානු පෙන්ගුයින්ලා ආරක්ෂා කර ගැනීම සඳහා විකල්ප කිහිපයක් ඇති බවයි.

“ධීවරයින්, දකුණු අප්‍රිකානු රජය, තෙල් හා නාවික සමාගම්, විද්‍යාඥයන්, සංරක්ෂණවේදීන්, ජාත්‍යන්තර සහචරයින් සහ මහජනතාව එක්ව කටයුතු කළහොත් අප්‍රිකානු පෙන්ගුයින්ගේ පැවැත්ම සහතික කළ හැකියි” මාන් පවසනවා.

The guardian