වායු දූෂණය පෙනහළු රෝග වේගවත් කරන බව එක්සත් රාජධානියේ අධ්‍යයනයකින් හෙළි වේ

වායු දූෂණයෙන් සෞඛ්‍යයට සිදුවන හානිය ජීවිත කාලය පුරාම පවතින බව හෙළිවෙයි

ජාත්‍යන්තර අධ්‍යයනයන් ද පෙන්වා දී ඇත්තේ වායු දූෂණය පෙනහළු පිළිකා ඇතිවීමේ සම්භාවිතාව සහ ඉන් පසු පැවැත්මේ අනුපාතය වැඩි කරන බවයි

එක්සත් රාජධානියේ 250,000කට අධික පිරිසක් යොදාගෙන කරන ලද නවතම අධ්‍යයනයකින් වායු දූෂණය පෙනහළු රෝග (lung disease) වර්ධනය වීම වේගවත් කරන බව හෙළිකර ගෙන තිබේ.

මිනිසුන්ගේ නිවෙස් අවට වායු දූෂණය වැඩි වීම නිසා එක් පෙනහළු රෝගයක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති අතර පසුව විවිධ රෝග හා මරණය ඇතිවීමේ සම්භාවිතාව වැඩි විය හැකි බවයි එම අධ්‍යයනය මගින් හෙළිකර ගෙන ඇත්තේ. එසේම වායු දූෂණයෙන් සිදුවන සෞඛ්‍ය හානිය අපගේ ජීවිත කාලය පුරාම පවතින බවට සාක්ෂි ලැබී ඇති බව ද අදාළ අධ්‍යයනය වැඩි දුරටත් හෙළිකර තිබේ.

පර්යේෂකයන් නිගමනය කළේ වායු දූෂණය සඳහා පවතින නීතිමය ප්‍රමිතීන් ප්‍රමාණවත් තරම් ආරක්ෂිත නොවන බවයි. පවතින ප්‍රමිතීන්ට අනුකූලව වායු දූෂණය තවදුරටත් අඩු කිරීමෙන් අපගේ සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මීට අමතරව පෙනහළු රෝගී තත්වයන් ඇති පුද්ගලයින්ට නිරාවරණයෙන් අමතර ආරක්ෂාවක් අවශ්‍ය බව ද අදාළ අධ්‍යයනය මගින් හෙළිකර ගෙන තිබේ.

මෙම අධ්‍යයනය මගින් වැඩිහිටියන් 266,000 දෙනකුගේ සෞඛ්‍යය සාමාන්‍යයෙන් වසර 12ක් පුරා නිරීක්ෂණය ඇත. මෙම වැඩිහිටියන් ස්වේච්ඡා සේවකයන් වූ අතර ඔවුන් UK Biobank ව්‍යාපෘතියට සහභාගී වූවන් වේ.

බොහෝ අධ්‍යයනයන් වායු දූෂණය සහ තනි සෞඛ්‍ය ප්‍රතිඵල අතර සම්බන්ධතා දෙස බලා ඇත. උදාහරණයක් ලෙස ඇදුම රෝගයේ පළමු රෝග විනිශ්චය දැක්විය හැකිය. මෙහිදී අවධානයට ලක්වන්නේ අදාළ රෝගීන් රෝහලට ඇතුළත් කිරීම හෝ මරණය සම්බන්ධයෙන් පමණය. නව අධ්‍යයනයේ දී මිනිසුන්ගේ පෙනහළු සෞඛ්‍යය රෝගවලින් තොර වීම, දිගු කාලීන පෙනහළු තත්ත්වයන් සහ ඉක්මන් මරණය දක්වා නිරීක්ෂණය කර ඇත.

අධ්‍යයනය අවසන් වන විට පුද්ගලයන් 13,863 දෙනෙකු තුළ ඇදුම, පෙනහළු පිළිකා හෝ නිදන්ගත බාධාකාරී පෙනහළු රෝගය (chronic obstructive pulmonary disease – COPD) වර්ධනය වී ඇති අතර ඉන් 1,055 දෙනෙකුට බහු පෙනහළු රෝග (multiple lung illness) ඇති විය.

එක් නිදන්ගත පෙනහළු ගැටලුවක් ඇති වූ පුද්ගලයින්ගෙන් සියයට 14 ක් පසුව අධ්‍යයනය අතරතුර මිය ගිය අතර, පෙනහළු රෝග කිහිපයක් ඇති වූ පුද්ගලයින්ගෙන් 31%ක් ද මිය ගියේය. අධ්‍යයනයෙන් දුම්පානය, තරබාරුකම, රැකියාව සහ ආදායම් ඇතුළු ජීවන රටාව පිළිබඳ තොරතුරු ද රැස් කර ඇත.

ස්වේච්ඡා සේවකයන්ගේ නිවෙස් අසල සාමාන්‍ය වායු සාන්ද්‍රණය එංගලන්තයේ 2040 ඉලක්කයට ආසන්න විය වූ අතර එය 2030 සඳහා යුරෝපා සංගමයේ ඉලක්කයට ද සමානුපාතික විය. මෙයින් ඇඟවෙන්නේ මේවා ප්‍රමාණවත් මට්ටමේ ආරක්ෂාවක් ලබා නොදෙන බවයි.

නයිට්‍රජන් ඩයොක්සයිඩ් සඳහා සමාන රටා දක්නට ලැබුණු නමුත් මිනිසුන් ආශ්වාස කරන දූෂණය ක්‍රියා කිරීමේ ක්‍රමය වඩාත් සංකීර්ණ සහ නිශ්චිත භාවයෙන් අඩු විය.

පර්යේෂණය පෙනහළු රෝග පිළිබඳව අවධානය යොමු කළද, අධ්‍යයනයේ යෙදුණු පුද්ගලයන් 10,562ක් වෙනත් හේතූන් නිසා මිය ගිය අතර එය මුළු සංඛ්‍යාවෙන් 4%ක් පමණ වේ. වායු දූෂණය ජීවිත කෙටි කරන අතර බොහෝ රෝගවලින් සිදුවන මරණ අනුපාතය වැඩි කරන බව පෙන්නුම් කර ඇත. මෙම පර්යේෂණවලට අනුව තම නිවෙස් අවට වායු දූෂණය වැඩි පුද්ගලයින්  අතර මරණ අවදානම ද වැඩි විය.

මීට පෙර 2019 දී කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කළේ එක්සත් රාජධානියේ Biobank ස්වේච්ඡා සේවකයන්ගේ පෙනහළු ක්‍රියාකාරිත්වය වායු දූෂණය හේතුවෙන් දුර්වල වන බවයි. එකම වායු දූෂණයට නිරාවරණය වූ ඉහළ ආදායම් ලබන අය හා සසඳන විට අඩු ආදායම්ලාභී පවුල්වල අය අතර පෙනහළු ක්‍රියාකාරිත්වය දළ වශයෙන් දෙගුණයක් අඩු වී ඇති අතර COPD අවදානම තුන් ගුණයකින් වැඩි විය.

වෙනත් ජාත්‍යන්තර අධ්‍යයනයන් ද පෙන්වා දී ඇත්තේ වායු දූෂණය පෙනහළු පිළිකා ඇතිවීමේ සම්භාවිතාව සහ ඉන් පසු පැවැත්මේ අනුපාතය වැඩි කරන බවයි.

නව අධ්‍යයනයට සම්බන්ධ නොවූ සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් හොල්ගේට් මෙසේ පැවසීය: “පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ අංශු සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් දූෂණය සාමාන්‍ය පෙනහළු රෝග සමඟ සම්බන්ධ වනවා පමණක් නොව, වායු දූෂණය ද රෝගය නරක අතට හැරීමට හේතු වන බවයි. දුර්වල පෙනහළු සෞඛ්‍යයට සහ විෂ දූෂක විමෝචනයට නිරාවරණය වීම අඩු කරන ප්‍රබල ක්‍රියාමාර්ග සඳහා වායු දූෂණය කරන දැවැන්ත දායකත්වය අපි හොඳින් හඳුනා ගත යුතුයි’’

https://www.theguardian.com/environment/2023/aug/11/air-pollution-speeds-progression-of-lung-diseases-uk-study-finds