දෙමුහුන් බීජ භාවිතා කරන විට පළිබෝධනාශක සඳහා ඇති ඉල්ලුම වැඩි වන අතර පිරිවැය දරාගත නොහැකි ආකාරයෙන් ඉහළ යනවා. දේශීය වී ප්‍රභේද දේශීය පරිසරයට අනුවර්තනය වී ඇති අතර ඒවාට නියඟයට සහ ගංවතුරට ඔරොත්තු දිය හැකියි. අපට ජලය නොමැතිව වර්ධනය විය හැකි වී ප්‍රභේද පවා තිබෙනවා

වර්ෂා ෂර්මා (Varsha Sharma) උතුරු ඉන්දියාවේ කඳුකර ප්‍රාන්තයක් වන හිමාචල් ප්‍රදේශ්හි ඇගේ කුඩා ගොවිපළේ අවුල් සහගත වසර කිහිපයක් ගත කර ඇත. ශතවර්ෂයකට වැඩි කාලයක් ඇගේ පවුල වී වගාවේ නිරත වී ඇත. නමුත් අක්‍රමවත් වර්ෂාපතනය සහ කුඹුරු ඉඩම් වෙනුවට කර්මාන්තය සඳහා ජලය හරවා යැවීම හේතුවෙන් වී වගා කිරීම වඩාත් දුෂ්කර කර ඇත.

කාබනිකව වගා කරන රතු සහල් කිලෝවකට සිල්ලර වෙළඳපොළේ ඩොලර් 3 ත් 4 ත් අතර හොඳ මිලක් ලබා ගන්න පුළුවන්. මෙය මා වැනි බොහෝ ගොවීන්ට වාසියක් වී තිබෙනවා” වර්ෂා පවසයි.

වර්ෂා ෂර්මා

වසර හතකට පෙර ඇය දෙමුහුන් සහල් (hybrid rice) ප්‍රභේදයකට සහ ඇපල් වගා කිරීමට මාරු වූ නමුත් එය අලුත් ගැටලු ඇති කළේය. දෙමුහුන් සහල් ප්‍රභේදය ඉහළ අස්වැන්නක් පොරොන්දු වූ නමුත් පසට හානි සිදු කළ අතර ඇය පවසන පරිදි යෙදවුම් (රසායනික පොහොර, පළිබෝධ හා කෘමි නාශක ඇතුළු) විශාල ප්‍රමාණයක් අවශ්‍ය විය.

“රසායනික පොහොර එකතු කර අපි අපේ පස විනාශ කළා” ඇය පවසන්නීය.

මේ තත්ත්වය තුළ 2018 දී ඇය නැවතත් අලුත් අත්හදා බැලීමක් වෙත යොමු වූවාය. ඇය මෙවර රතු සහල් අත්හදා බැලුවාය. රතු සහල් වගාවට හිමචල් ප්‍රදේශ් හි දිගු ඉතිහාසයක් ඇති නමුත් ගොවීන් නවීන ප්‍රභේදවලට මාරුවීමත් සමඟ රතු සහල් වගාව අඩු වී ඇත.

රතු සහල් වල ආකර්ශනීය ගුණාංග කිහිපයක් ඇත. එය පොහොර සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය නොමැතිව හොඳින් වර්ධනය වේ. සුදු සහල් වලට වඩා එහි පෝෂණ ප්‍රතිලාභ ඇති බව පර්යේෂණ විසින් ද පෙන්වා දී ඇත. නමුත් සමහර විට රතු සහල් වගාව වෙත ගොවීන් යොමු වීමට බලපෑ ප්‍රමුඛ කරුණ වන්නේ, (ගොවීන්ගේ විශාලතම ආකර්ෂණය වන්නේ) රතු සහල් හොඳින් අලෙවි වීමයි.

“කාබනිකව වගා කරන රතු සහල් කිලෝවකට සිල්ලර වෙළඳපොළේ ඩොලර් 3 ත් 4 ත් අතර හොඳ මිලක් ලබා ගන්න පුළුවන්. මෙය මා වැනි බොහෝ ගොවීන්ට වාසියක් වී තිබෙනවා” වර්ෂා පවසයි.

හිමාචල් ප්‍රදේශ් රජයට රතු සහල් නිෂ්පාදනය පුළුල් කිරීමට අවශ්‍ය වී ඇති අතර එහි වගා කරන ප්‍රදේශය හෙක්ටයාර 4,000ක්  දක්වා වැඩි කර ඇත. ඉන්දියාවේ රතු සහල් වගාව ක්‍රමක්‍රමයෙන් අඩුවී තිබූ නමුත් දැන් එය නැවත පණ ගන්වමින් පවතී. රතු සහල් ප්‍රවර්ධනය කරන එකම සාම්ප්‍රදායික ප්‍රභේදය නොවේ.

ඉන්දියාවේ රතු සහල් වගාව ක්‍රමක්‍රමයෙන් අඩුවී තිබූ නමුත් දැන් එය නැවත පණ ගන්වමින් පවතී

හිමාචල් ප්‍රදේශ් රජයට රතු සහල් නිෂ්පාදනය පුළුල් කිරීමට අවශ්‍ය වී ඇති අතර එහි වගා කරන ප්‍රදේශය හෙක්ටයාර 4,000ක්  දක්වා වැඩි කර ඇත. ඉන්දියාවේ රතු සහල් වගාව ක්‍රමක්‍රමයෙන් අඩුවී තිබූ නමුත් දැන් එය නැවත පණ ගන්වමින් පවතී. රතු සහල් ප්‍රවර්ධනය කරන එකම සාම්ප්‍රදායික ප්‍රභේදය නොවේ.

ඉන්දියාවේ විශාලතම සහල් නිෂ්පාදනය කරන ප්‍රාන්තය වන බටහිර බෙංගාලයේ එහි වගා කළ හැකි භූමියෙන් අඩක් පමණ වී වගා කෙරේ. එහි වී වර්ග 5,000කට වැඩි ප්‍රමාණයකට නිවහනක් වන නමුත් බහුතරයක් තවදුරටත් වගා නොකෙරේ.

“ගොවීන් සිතන්නේ නිෂ්පාදනය වැඩි කිරීම ගැන පමණයි. එබැවින් දෙමුහුන් ප්‍රභේද වෙත මාරු වෙනවා” පැරණි වී වර්ග සංරක්ෂණය සහ ජෛව විවිධත්වය ප්‍රතිසාධනය ප්‍රවර්ධනය කරන සමාජ-පරිසර සුභසාධන සංගමයේ (ARSWS) නිර්මාතෘ අන්ජන් කුමාර් සිංහ පවසයි.

ඔහු පවසන්නේ දෙමුහුන් වී වර්ග වගා කිරීම මිල අධික විය හැකි බවයි.

“දෙමුහුන් බීජ භාවිතා කරන විට පළිබෝධනාශක සඳහා ඇති ඉල්ලුම වැඩි වන අතර පිරිවැය දරාගත නොහැකි ආකාරයෙන් ඉහළ යනවා. දේශීය වී ප්‍රභේද දේශීය පරිසරයට අනුවර්තනය වී ඇති අතර ඒවාට නියඟයට සහ ගංවතුරට ඔරොත්තු දිය හැකියි. අපට ජලය නොමැතිව වර්ධනය විය හැකි වී ප්‍රභේද පවා තිබෙනවා” සිංහා පවසයි.

ඔහුගේ සංවිධානයට සම්බන්ධ වන ගොවීන්ට වී කිලෝග්‍රෑම් 60ක් දක්වා නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් බීජ කිලෝවක් නොමිලේ ලැබේ. ඒ වෙනුවෙන් ගොවීන්ට බීජ කිලෝවක් ආපසු දීමට සිදුවේ.

නියඟය පවතින ප්‍රදේශවල තිරසාර කෘෂිකර්මාන්තය සඳහා මෙම ප්‍රභේදවලට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

සහල් ඉන්දියාවේ බහුලව පරිභෝජනය කරන අතර ඉන්දියාව ලෝකයේ ප්‍රධානතම ධාන්‍ය අපනයනකරු ද වේ. එහෙත් අධික වර්ෂාවෙන් බෝගවලට හානි වීමෙන් පසු ඉහළ යන දේශීය මිල ගණන් පාලනය කිරීම සඳහා පසුගිය ජූලි මාසයේදී ඉන්දීය රජය බාස්මතී නොවන සුදු සහල් අපනයනය තහනම් කළේය. මෙය සිදු වූයේ ගෝලීය ආහාර සැපයුම් කෙරෙහි වැඩි පීඩනයක් ඇති කරමින් යුක්රේන ධාන්‍ය ආරක්ෂිතව ගමන් කිරීම සහතික කරන ගිවිසුමෙන් රුසියාව ඉවත් වීමෙන් පසුවය.

ශංකර් පට්නායික්ගේ ගොවිපොළ විවිධ සහල් වර්ග දුසිම් ගණනක පරීක්ෂණ මධ්‍යස්ථානයකි

ගොවියෙකු සහ බීජ සංරක්‍ෂකයෙකු ද වන ශංකර් පට්නායික් පවසන්නේ ගොවීන් මුදලට ගිජු වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා දෙමුහුන් වී වගා කිරීමට පටන් ගත් බවයි.

“අපි අපේ පස විනාශ කරන යූරියා සහ පොහොර විශාල ප්‍රමාණයක් භාවිතා කළා. දැන් වී වගා කිරීම සඳහා සාම්ප්‍රදායික බීජ භාවිතා කරන්නේ ඉතා සුළු ගොවීන් පමණයි” ඔහු පවසයි.

පට්නායික්ට වී වර්ග 500ක එකතුවක් ඇති අතර ඔහුගේ අක්කර 14ක භූමි ප්‍රමාණයේ ඒවායින් බොහොමයක් අත්හදා බලමින් සිටී.

“ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි දේශීය වී වර්ග කිහිපයක් ඇතත් ඒවායේ විභවය සම්පූර්ණයෙන් ගවේෂණය කර නැහැ. එම වී වර්ග වගා කළ විට රසායනික පොහොර යෙදීමෙන් තොරව හොඳ අස්වැන්නක් ලබා ගත හැකියි. නමුත් සාමාන්‍යයෙන් ගොවීන් මේවා අඩු අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද ලෙස සලකන නිසා ඒ වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ ” පට්නායික් පවසයි.

සාම්ප්‍රදායික වී ප්‍රභේද සමඟ අත්හදා බැලීම් මෙන්ම, ඔහු ජලය අඩුවෙන් අවශ්‍ය වන වගා ක්‍රම පිළිබඳව අත්හදා බැලීම් කරමින් සිටී. විශේෂයෙන්ම ඔහු විකල්ප තෙත් කිරීමේ සහ වියළීමේ (alternate wetting and drying – AWD) ක්‍රමය භාවිතා කරයි.

සහල් වර්ග දහස් ගණනක නිවහන ඉන්දියාවයි

මෙය ඉන්දියාවේ තිරසාර කෘෂිකර්ම මධ්‍යස්ථානය (Centre for Sustainable Agriculture – CSA) විසින් ප්‍රවර්ධනය කරන ලද එක් ක්‍රියාවලියක් වන අතර එය ගොවිතැන වඩාත් තිරසාර කිරීමට ගොවීන් සමඟ කටයුතු කරයි.

“වී ඉතා ජල ප්‍රමාණයක් පරිභෝජනය කරන බෝගයක්. වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට ජලය ලීටර් 5,000 ක් පමණ අවශ්‍ය වෙනවා” CSA හි විධායක අධ්‍යක්ෂ GV රාමඤ්ඤයලු පවසයි.

ශංකර් පවසන්නේ ජලය පිරුණු කුඹුරුවලින් මීතේන් විමෝචනය කරන අතර ගංවතුර නිසා පසෙහි ව්‍යුහයට හානි සිදු වන අතර පසෙහි ආම්ලිකතාව වර්ධනය කරන බවයි. ජලය අඩුවෙන්  වී වගා කිරීමේ ක්‍රම කිහිපයක් ඇති නමුත් මේ වන විට ඒවාට වැඩි සහයෝගයක් අවශ්‍ය බව ද ඔහු පවසයි.

“මෙම ක්‍රම පිළිබඳව නිසි ප්‍රචාරණයක් හෝ පුහුණුවක් නැහැ. ගොවීන්ට මෙම වී ප්‍රභේද වෙත මාරු වීමට දිරිගැන්වීමක් ද නැහැ. පොහොර සහනාධාරය, නිදහස් විදුලිය, ඇළ වාරිමාර්ග, අවම ආධාර මිල සහ ප්‍රසම්පාදනය වැනි වර්තමාන දිරිගැන්වීමේ ක්‍රම බොහොමයක් වඩාත් තිරසාර නිෂ්පාදනයක් කරා යොමු වීමට ගොවීන්ගේ උනන්දුවට එරෙහිව ක්‍රියා කරනවා” රාමඤ්ඤයලු මහතා පවසයි.

නව තාක්‍ෂණය වැළඳගත් එක් ගොවියෙක් වන්නේ උතුරු උත්තරාකාන්ද් ප්‍රාන්තයේ ෆර්සාලි මල්ඩේ ගම්මානයේ ප්‍රේමා දේවි ය.

“ගමේ බොහෝ දෙනා ගොවීන් වන නමුත් විශාල දේශගුණික විපර්යාස සමඟ අපි ගැටලු රාශියකට මුහුණ දීමට පටන් ගත්තා. අකල් වර්ෂාව හෝ ජල හිඟය නිසා අපේ වගාවන් විනාශ වුණා” ඇය පවසන්නීය.

2021 දී ඇය වගාවට යොදා ගන්නා බිත්තර වී ප්‍රමාණය අඩු කිරීමට පටන් ගත්තාය. දැන් ඇය වී පැළ තවාන් පාත්තිවල වගා කරන අතර දින 12 සිට 14 දක්වා කාලයක් තුළ ප්‍රධාන ක්ෂේත්‍රයට මාරු කරනු ලැබේ. එහිදී ඒවා අඟල් හයේ සිට අට දක්වා දුරින් සිටුවනු ලැබේ.

“එක් එක් ශාක අතර පරතරය ඔවුන්ට වැඩි ඔක්සිජන් ලබා දෙන අතර, පෝෂ්‍ය පදාර්ථ සහ හිරු එළිය සඳහා ශාක අතර තරඟය අවම කරනවා” ප්‍රේමා දේවි පවසන්නීය.

මෙම ක්‍රමය මඟින් වසරක් තුළ තම වී නිෂ්පාදනය කිලෝග්‍රෑම් 100 දක්වා දෙගුණයක් කර ඇති බව ඇය පවසයි.

“අපට තාක්‍ෂණයේ සරල වෙනසක් අවශ්‍ය බව විශ්වාස කිරීම පහසු වුණේ නැහැ” ඇය පවසයි.

https://www.bbc.com/news/business-66323991