පාරිසරික ව්‍යසනයකදී කාන්තාවන් විශාල බරක් උසුලයි. ඔවුන් ප්‍රජාවන් ගොඩනඟන්නන්, ජල වාහකයන්, මතක දරන්නියන් සහ කථා කියන්නන් ය. ප්‍රධාන නගරවල ශිෂ්‍ය ප්‍රචාරකයන්ගේ සිට ග්‍රාමීය සමාජවල සම්ප්‍රදායික මාතෘවරුන් දක්වා, දේශගුණික අර්බුදයට එරෙහි සටනේ සහ භූමිය සහ ජලය ආරක්ෂා කිරීමේ සටනේ ඊළඟ පරිච්ඡේදයේ හදවතේ කාන්තාවන් වැඩි වැඩියෙන් සිටිනු ඇත. ඔවුන් අසමානතාවයට, අසාධාරණයට, ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නේය. එහෙත් ඔවුන් සහයෝගීතාවයේ, ප්‍රතිරෝධයේ, බලාපොරොත්තුවේ යතුරු ද අල්ලා ගෙන සිටිති.

තුර්කිය සිට බ්‍රසීලය දක්වා වන විනාශයට සහ ඊට අනුබල දෙන නිලධාරී වාදයට එරෙහිව  ග්‍රාමීය කාන්තාවන් එරෙහිව නැගී සිටිති.

මේ ගිම්හානයේදී රෝඩ්ස් දූපත් ලැව්ගිනිවලින් විනාශයට පත් වූ විට පරිසර පද්ධතියේ බිදෙන සුළු භාවය ලෝකය අවබෝධ කර ගත්තේය. මේ අතර රෝඩ්ස් දූපත් වලට සැතපුම් කිහිපයක් එපිටින් පිහිටි තුර්කි වෙරළේ ගල් අඟුරු කැණීම සඳහා පුරාණ වනාන්තර කපා දමමින් තිබුණේය. එහෙත් බලශක්ති සමාගම ගණන් නොගත් දෙය වූයේ දේශීය කාන්තාවන්ගේ ප්‍රතිරෝධයයි.

තුර්කියට අයත් Muğla පළාතේ Akbelen යනු හෙක්ටයාර 730ක් පමණ කුඩා වනාන්තරයක් වන අතර එය විවිධ ශාක හා සත්ත්ව විශේෂ සඳහා ස්වභාවික වාසස්ථානයක් සපයයි. පුද්ගලික බලශක්ති සමාගමක් වන YK Energy විවෘත ලිග්නයිට් පතලක් පුළුල් කිරීම සඳහා අත්පත් කර ගැනීමට ඉලක්ක කර ඇත්තේ මෙම සුන්දර ස්ථානයයි. ලිග්නයිට් (දුඹුරු ගල් අඟුරු / lignite – brown coal) දහනය කිරීම කළු ගල් අඟුරු වලට වඩා ඉහළ කාබන් ඩයොක්සයිඩ් විමෝචනයක් සිදු කරයි. එනිසාම එය වඩාත් සෞඛ්‍යයට හානිකර ප්‍රභේදයක් බවට පත් වෙයි. පසුගිය වසර හතරක කාලය තුළ ගම්වාසීන් සහ පරිසර ප්‍රචාරකයින් වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා උපවාස පැවැත්වීය. නමුත් සමාගම දිගටම සිය ව්‍යාපෘතිය කරගෙන ගියේය.

Muğla හි බලධාරීන් කියා සිටින්නේ විනාශයට වන්දි ගෙවීම සඳහා පැළ 130,000ක් සිටුවන බවයි. එහෙත් සම්පූර්ණ පරිණත වනාන්තර විනාශ කිරීමෙන් පසු ළපටි පැළ රෝපණය කිරීම බොහෝ විට ධනාත්මක ප්‍රතිඵල ලබා නොදෙන දේශපාලන රංගනයකි. 2020 දී තුර්කි රජය පැළ මිලියන 11ක් සිටුවීමට පියවර ගත්තේය. නමුත් මෙයින් 90%කට වඩා මිය ගියේය.

මෙම ගිම්හානයේදී  YK Energy සමාගමේ කම්කරුවෝ යාන්ත්‍රික කියත් රැගෙන විත් ගස් කැපීමට පටන් ගත් විට ආතතිය වැඩි විය. ප්‍රදේශවාසීන් එකාවන්ව මෙම වන සංහාරයට එරෙහිව විරෝධතා ආරම්භ කළහ. ඉන් පසුව ඇති වූ දර්ශන අතිශය යථාර්ථවාදී විය. සන්නාහ සන්නද්ධ රථ ගෙනැවිත් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. අවම වශයෙන් විරෝධතාකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. විනිවිද භාවයක් නැති නිසා මේ වන විට ගස් කීයක් විනාශ වී ඇත්දැයි දැන ගැනීමට අපහසුයෙ. නමුත් එම සංඛ්‍යාව 65,000කට වඩා වැඩි යැයි ගණන් බලා ඇත. එය අවම වශයෙන් වනාන්තරයෙන් 60%කි.

Muğla හි බලධාරීන් කියා සිටින්නේ විනාශයට වන්දි ගෙවීම සඳහා පැළ 130,000ක් සිටුවන බවයි. එහෙත් සම්පූර්ණ පරිණත වනාන්තර විනාශ කිරීමෙන් පසු ළපටි පැළ රෝපණය කිරීම බොහෝ විට ධනාත්මක ප්‍රතිඵල ලබා නොදෙන දේශපාලන රංගනයකි. 2020 දී තුර්කි රජය පැළ මිලියන 11ක් සිටුවීමට පියවර ගත්තේය. නමුත් මෙයින් 90%කට වඩා මිය ගියේය.

Akbelen හි ප්‍රතිරෝධය සඳහා තුර්කි සමාජයේ විවිධ කොටස් වලින් ඉහළ සහායක් හිමිවේ. නමුත් ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ ප්‍රදේශයේ ගැමියන්ය. විශේෂයෙන් ගමේ කාන්තාවන් ය. මෙම ගැමි කතුන් කිසිසේත්ම දේශපාලන අභිප්‍රාය ඇති අය නොවේ. ගස් වැල් ආරක්ෂා කර තම දරු මුණුපුරන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අධිෂ්ඨානයෙන් ඔවුන් මෙම අවදානම් පියවර ගැනීමට තීරණය කර ඇත. විරෝධතාවල නිරත වන ගැමි කතුන්ගේ වීඩියෝ තුර්කි සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි. ඒවායින් එකක කාන්තාවක් මෙසේ පවසයි: “මම ගිහින් මගේ ගස් බදාගෙන ඒවා සිපගත්තා. ගහක් කපපු හැම වෙලාවෙම මට දැනුණේ අතපය නැති වුණා වගේ වේදනාවක්”

මෙම කාන්තාවන්ගේ කැපවීම මෙන්ම ග්‍රාමීය හා නාගරික කාන්තාවන් අතර සහයෝගීතාවය සහ සහෝදරත්වය ගැඹුරු ලෙස ප්‍රබෝධමත් කර ඇත. පාරිසරික සහ දේශගුණික ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ඩෙනිස් ගුමුසෙල්, “අපට එය කළ හැකිය / We can do it ” යන අර්ථය ඇති ස්ත්‍රීවාදී ඉරියව්වකින් ඇගේ දෙදණ ඇඹරී ඇගේ තැළුණු දෑත්වල ඡායාරූප බෙදා ගත්තාය.

Akbelen හි සිදුවෙමින් පවතින දේ පුළුල් ගෝලීය ප්‍රවණතාවක් (global trend) පිළිබිඹු කරයි. දේශගුණික අර්බුදය වේගවත් වන විට සහ ජෛව විවිධත්වය සහ ස්වභාවික වාසස්ථාන කෑදර ව්‍යාපාරිකයින්ගේ සහ අධිකාරී පාලන තන්ත‍්‍රයන්ගේ ප‍්‍රහාරයට ලක්වෙද්දී, ප‍්‍රතිරෝධයට නායකත්වය දෙන්නේ බොහෝ දුරට කාන්තාවන් ය.

ගස් බේරා ගැනීමට උත්සාහ කළ 363 දෙනෙක් මිය ගියහ. අම්රිතාගේ නිර්භීතකම කතන්දර හරහා නැවත ප්‍රකාශ කරන ලද අතර එය ඉන්දියාවේ සහ ඉන් ඔබ්බෙහි බලපෑමක් ඇති කර ඇත. 1970 ගණන් වලදී ඉන්දියාවේ උත්තරකාන්ද් හි හිමාලය ප්‍රදේශයේ ‘චිප්කෝ ව්‍යාපාරය (Chipko movement), ග්‍රාමීය ගම්වැසියන් (ප්‍රධාන වශයෙන් කාන්තාවන්) විසින් නායකත්වය දුන් ප්‍රමුඛ අවිහිංසාවාදී ව්‍යාපාරයකි. ඔවුන් ප්‍රචණ්ඩත්වයට ලක් වුව ද අවිහිංසාවාදී මූලධර්මය මත දැඩිව ක්‍රියා කළහ.

සාම්ප්‍රදායික ගැමි කාන්තාවන් ගස් බේරා ගැනීමට පැමිණීම අලුත් සංසිද්ධියක් නොවේ. 1730 ගණන්වල ඉන්දියාවේ, රාජස්ථානයේ බිෂ්නෝයි ප්‍රජාවේ නිර්භීත කාන්තාවක් වන අම්රිතා දේවි, කෙජ්රිහි ගස් විනාශ කිරීමට එරෙහිව ප්‍රතිරෝධයක් ගෙන ගියාය. ගස් බේරා ගැනීමට උත්සාහ කළ 363 දෙනෙක් මිය ගියහ. අම්රිතාගේ නිර්භීතකම කතන්දර හරහා නැවත ප්‍රකාශ කරන ලද අතර එය ඉන්දියාවේ සහ ඉන් ඔබ්බෙහි බලපෑමක් ඇති කර ඇත. 1970 ගණන් වලදී ඉන්දියාවේ උත්තරකාන්ද් හි හිමාලය ප්‍රදේශයේ ‘චිප්කෝ ව්‍යාපාරය (Chipko movement), ග්‍රාමීය ගම්වැසියන් (ප්‍රධාන වශයෙන් කාන්තාවන්) විසින් නායකත්වය දුන් ප්‍රමුඛ අවිහිංසාවාදී ව්‍යාපාරයකි. ඔවුන් ප්‍රචණ්ඩත්වයට ලක් වුව ද අවිහිංසාවාදී මූලධර්මය මත දැඩිව ක්‍රියා කළහ. චිප්කෝස් ඔවුන්ගේ ජීවනෝපාය සඳහා යැපෙන වනාන්තර ආරක්ෂා කිරීමට ගත් ක්‍රියාමාර්ග 2021 දී නැවත ක්‍රියාත්මක විය. උතුරු ඉන්දීය ප්‍රාන්තයේ කාන්තාවන් සිය ගණනක් ගස් කැපීම වැළැක්වීමට තම සිරුරුවලින් ගස් ආවරණය කළහ. අද අක්බෙලන්හි කාන්තාවන් කරන්නේ ද එදා චිප්කෝ ව්‍යාපාරයට නායකත්වය දුන් කාන්තාවන් කළ දේමය.

ලොව පුරා සිටින සාම්ප්‍රදායික මාතෘ මූලිකයෝ (කාන්තාවෝ) වන විනාශයට සපුරා විරුද්ධ වෙති. උගන්ඩාවේ වාණිජමය දැව කැපීම සහ අඟුරු පුළුස්සා දැමීම හේතුවෙන් සිදු වන අධික වන විනාශය නැවැත්වීමට දේශීය කාන්තාවන් ප්‍රබෝධමත් ව්‍යාපාරවලට නායකත්වය දී ඇත. ඉක්වදෝරයේ, කඩොලාන වනාන්තර අහිමි වීම නැවැත්වීමේ සාමූහික උත්සාහයේ කේන්ද්‍රස්ථානය වන්නේ කාන්තාවන් ය. ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාහි කඩදාසි සහ පතල් සමාගම් වනාන්තර විනාශ කිරීමට එරෙහිව ආදිවාසී සහ ග්‍රාමීය කාන්තාවන්  හඬ නඟා ඇත. ඉන්දුනීසියානු පරිසර ක්‍රියාකාරිනියක වන Aleta Baun තවත් කාන්තාවන් 150 දෙනෙකු සමඟ දැවැන්ත සමාගම්වලට එරෙහිව විරෝධතා සංවිධානය කර ඇත. ගෝල්ඩ්මන් පාරිසරික ත්‍යාගයෙන් (Goldman environmental prize) පිදුම් ලැබූ ඇය පැලෑටි වලට ආත්මයක් ඇතැයි විශ්වාස කරන ස්වදේශික මොලෝ ප්‍රජාවේ සාමාජිකාවකි.

ගස කෙන්යාවේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සංකේතයක් බවට පත් විය / The tree became a symbol for the democratic struggle in Kenya ” යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී . ඇය සහ ඇගේ සගයන් විශ්වාස කළේ ගස් ආරක්ෂා කිරීමේ සටන දරිද්‍රතාවයට සහ පද්ධතිමය අසමානතාවයට එරෙහි සටන සමඟ අත්වැල් බැඳ ගන්නා බවයි

බ්‍රසීලයේ ‘බබාස්සු ගෙඩි කඩන්නන් ව්‍යාපාරයේ (Babassu Nut Breakers Movement) කාන්තාවන් වන විනාශයේ හානිය අවම කිරීමට සහ ප්‍රජාවන් සවිබල ගැන්වීමට උද්ඝෝෂණ කරති. කෙන්යාවේ ‘හරිත පටි ව්‍යාපාරය‘ (Green Belt Movement) ආරම්භ කළ අභාවප්‍රාප්ත නොබෙල් ත්‍යාගලාභී වන්ගාරි මාතායි “ගස කෙන්යාවේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සංකේතයක් බවට පත් විය / The tree became a symbol for the democratic struggle in Kenya ” යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී . ඇය සහ ඇගේ සගයන් විශ්වාස කළේ ගස් ආරක්ෂා කිරීමේ සටන දරිද්‍රතාවයට සහ පද්ධතිමය අසමානතාවයට එරෙහි සටන සමඟ අත්වැල් බැඳ ගන්නා බවයි.

පැරණි වනාන්තර ආරක්ෂා කිරීම සඳහා මාතෘ මූලික ව්‍යාපාර වෙත (Matriarch-headed campaigns) අද නව පරම්පරාවන් දැඩි ලෙස අනුගත වේ. උගන්ඩාවේ Leah Namugerwa සහ Gambia හි Fatou Jeng වැනි තරුණ දේශගුණික ක්‍රියාකාරීන් ගස් සිටුවීමේ ව්‍යාපාර ආරම්භ කරමින් යෂ්ටිය රැගෙන යමින් සිටිති. සෙනෙගල්හි “සෑම අලුත උපන් බිළිඳෙකුටම, එක් ගසක් / For every newborn, one tree ” යන මාතෘකාව යටතේ ව්‍යාපෘතියක් දියත් කර ඇත. මෙම Ndoloum Vert මුලපිරීම නැවත වන වගාව දිරිමත් කරනවා පමණක් නොව, අප ස්වභාවධර්මයට පිටින් සහ ඉහළින් සිටින බවට ඇති මිත්‍යාව බිඳ දමමින් එක් එක් ගස මිනිසා සමඟ හඳුනා ගනී. නිවාස සංවර්ධන ව්‍යාපෘතියකින් පරිණගත ගස් බේරා ගැනීමට එක්සත් රාජධානියේ බ්‍රිස්ටල්හි කාන්තාවන් 70 දෙනකු ගස් සමග විවාහා වීමේ විරෝධතාව පිටුපස ද එම චින්තනයම ඇත.

මිනිස් ජීවිතයට ගස්වල වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ දම්වැල් කියත් වලින් ගස් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද උත්සවයකදී බ්‍රිස්ටල්හි කාන්තාවන් පැවසුවේ ඔවුන් චිප්කෝ කාන්තාවන්ගෙන් ආභාෂය ලැබූ බවයි.

වන විනාශයට එරෙහි ලෝක ව්‍යාප්ත ප්‍රතිරෝධයේ පෙරමුණේ කාන්තාවන් සිටීම අහම්බයක් නොවේ. අධ්‍යයනවලින් පෙනී යන්නේ දේශගුණ විනාශය, ජල හිඟය සහ ආහාර අනාරක්‍ෂිතතාවයේ බලපෑමෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් දැඩි ලෙස පීඩාවට පත්වන බවයි. විශේෂයෙන්ම ආදිවාසී, ග්‍රාමීය සහ ධීවර කාන්තාවන් වඩාත් අවදානමට ලක්විය හැකි ස්ථානයක සිටින නමුත් ඔවුන්ගේ හඬ ඇසෙන්නේ කලාතුරකිනි. දේශගුණික අර්බුදය හේතුවෙන් අවතැන් වූවන්ගෙන් 80% ක් කාන්තාවන් ය. ගැටුම් සහ අවතැන් වූ කාලවලදී  කාන්තාවන්ට එරෙහි හිංසනය ඉහළ යයි.

අවාසනාවකට මෙන්, භූමිය සහ ජලය ආරක්ෂා කිරීමට කාන්තාවන් කරන සටන බොහෝ විට බලහත්කාරයට හා ම්ලේච්ඡත්වයට මුහුණ දෙයි. මධ්‍යම ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ පමණක් 2016 සහ 2019 අතර කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා 1700කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇත. හොන්ඩුරාස් හි පරිසර ක්‍රියාකාරිනියක සහ ස්වදේශික නායිකාවක වන බර්ටා කැසෙරෙස් ඇගේ නිවස තුළ ඝාතනය කරන ලදී. ඇයගේ අවසන් සම්මුඛ සාකච්ඡාවේදී ඇය කියා සිටියේ, “බලශක්තිය හුදෙක් තාක්ෂණික ගැටලුවක් නොවෙයි. එය ජීවිතය, භූමිය, ස්වෛරීභාවය සහ ප්‍රජා ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය සම්බන්ධ දේශපාලන ප්‍රශ්නයක්” යනුවෙනි.

පාරිසරික ව්‍යසනයකදී කාන්තාවන් විශාල බරක් උසුලයි. ඔවුන් ප්‍රජාවන් ගොඩනඟන්නන්, ජල වාහකයන්, මතක දරන්නියන් සහ කථා කියන්නන් ය. ප්‍රධාන නගරවල ශිෂ්‍ය ප්‍රචාරකයන්ගේ සිට ග්‍රාමීය සමාජවල සම්ප්‍රදායික මාතෘවරුන් දක්වා, දේශගුණික අර්බුදයට එරෙහි සටනේ සහ භූමිය සහ ජලය ආරක්ෂා කිරීමේ සටනේ ඊළඟ පරිච්ඡේදයේ හදවතේ කාන්තාවන් වැඩි වැඩියෙන් සිටිනු ඇත. ඔවුන් අසමානතාවයට, අසාධාරණයට, ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන්නේය. එහෙත් ඔවුන් සහයෝගීතාවයේ, ප්‍රතිරෝධයේ, බලාපොරොත්තුවේ යතුරු ද අල්ලා ගෙන සිටිති.

https://www.theguardian.com/commentisfree/2023/aug/26/world-forests-women-akbelen-turkey-india-brazil-developers