උෂ්ණ තරංග, ලැව්ගිනි සහ ගංවතුර ‘අයිස් කුට්ටියේ කෙළවර’ පමණක් බව ප්‍රමුඛ දේශගුණ විද්‍යාඥයෝ පවසති

2023 දී ලොව පුරා පැතිර යන “පිස්සු” ආන්තික කාලගුණය (crazy extreme weather) නාටකාකාර දේශගුණික ක්‍රියාමාර්ගයකින් තොරව දශකයක් ඇතුළත සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇතැයි ලොව ප්‍රමුඛ දේශගුණ විද්‍යාඥයින් පවසා තිබේ.

අද අත්විඳින ලද උෂ්ණ තරංග, ලැව්ගිනි සහ ගංවතුර අනාගතයට වඩා නරක බලපෑම් සමඟ සසඳන විට “අයිස් කන්දේ කෙළවර / tip of the iceberg” පමණක් බව ඔවුහු පැවසූහ. දේශගුණික ආකෘතිවල සීමාවන් සමඟ අනාගතයට ලෝකය “අර්ධ ලෙස අන්ධ” වීමට (flying partially blind) ඉඩ සලසන බව ද ඔවුහු පවසති.

මානව වර්ගයාගේ නිර්දය කාබන් විමෝචනය අවසානයේ දේශගුණික අර්බුදය විනාශයේ නව සහ වේගවත් අවධියකට තල්ලු කර ඇති බවට බියෙන් The Guardianලොව පුරා සිටින විද්‍යාඥයින් 40කට වැඩි පිරිසකගේ විශේෂඥ තක්සේරු කිරීම් අපේක්ෂා කළේය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දශක ගණනාවක අනතුරු ඇඟවීම් වලට මුළුමනින්ම ගැළපෙන බවත් එල් නිනෝ දේශගුණික රටාව නැවත පැමිණීමත් සමඟ මෙම වසරේ එය වැඩි දියුණු වන බවත් ඔවුහු පැවසූහ. නමුත් මිනිසුන් සහ ස්ථාන බලාපොරොත්තු වූවාට වඩා ආන්තික කාලගුණික (extreme weather) තත්ත්වයන්ට ගොදුරු විය හැකි බවත් දේශගුණ වාර්තා බිඳවැටීම නිසා මින් පෙර කිසිදා අත්විඳ නැති බලපෑම්වලට ලක්ව ඇති බවත් ඔවුහු පැවසූහ.

එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පියර්ස් ෆෝස්ටර් (Prof Piers Forster) පැවසුවේ “පසුගිය ජුලි මාසය මානව ඉතිහාසයේ උණුසුම්ම මාසය වූ අතර ලොව පුරා සිටින මිනිසුන් එහි ප්‍රතිවිපාක විඳිමින් සිටිනවා. නමුත් [මෙම මට්ටමේ] උණුසුම් වීමෙන් අප අපේක්ෂා කළේ මෙයයි. ලෝකය සහයෝගයෙන් සහ දේශගුණික ක්‍රියාමාර්ග න්‍යාය පත්‍රයේ ප්‍රමුඛස්ථානයට පත් නොකළහොත් මෙය වසර 10කින් සාමාන්‍ය ගිම්හානය බවට පත්විය හැකියි’’

“මම සහ මා දන්නා බොහෝ දේශගුණ විද්‍යාඥයින් බලාපොරොත්තු වූවාට වඩා බිය උපදවන බලපෑම් ඇති  වී තිබෙනවා” යනුවෙන් ඉන්දීය තාක්ෂණ ආයතනයේ මහාචාර්ය ක්‍රිෂ්ණ අචුතා රාඕ පැවසීය.

ප්‍රංශයේ Paul Sabatier Toulouse විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන Dr Christophe Cassou මෙසේ පැවසීය: “[දේශගුණික] උවදුරු වල වෙනස්කම් ගෝලීය පරිමාණයෙන් අවතක්සේරු කර නැහැ. නමුත් බලපෑම් අවතක්සේරු කර ඇත්තේ අප සිතුවාට වඩා බොහෝ දේ අවදානමට ලක්වන නිසයි. අපගේ අවදානම අපගේ මුහුණට පහර දෙමින් සිටිනවා ”

උතුරු ඇමරිකාවේ සිට යුරෝපය සහ ආසියාව දක්වා 2023 දී ලොව පුරා තාපය හා ලැව්ගිනි වාර්තා බිඳ දමා ඇත. “අපගේ සංජානනය ද පක්ෂග්‍රාහී වන්නේ අප බොහෝ විට ජීවත් වන්නේ හඳුනා නොගත් ප්‍රදේශයක වන අතර එය ත්වරණය පිළිබඳ හැඟීමක් ලබා දෙන නිසයි. සාමාන්‍ය කාලගුණයට වඩා මතුවන දේශගුණික විපර්යාස අපට දැන් දැනෙනවා” කැසෝ පැවසීය.

මානව වර්ගයාගේ හරිතාගාර වායු විමෝචනය ඉහළ යාමත් සමඟ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දේශගුණික ආකෘති මගින් නිවැරදිව පුරෝකථනය කර ඇත. නමුත් නිර්වචනය අනුව දුර්ලභ වන ආන්තික කාලගුණික සිදුවීම් ප්‍රක්ෂේපණය කිරීමේදී ඔවුන්ට ඇති විශේෂිත දුෂ්කරතාවය බොහෝ විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත.

චිලියේ සන්තියාගෝ විශ්ව විද්‍යාලයේ මෑතක් වන තුරුම ආචාර්ය රාවුල් කෝඩෙරෝ පැවසුවේ “අපි ඉදිරි අනතුරු බරපතල ලෙස අවතක්සේරු කරනවා විය හැකියි. දේශගුණික අන්තයන් සඳහා අපේක්ෂා කළ යුතු දේ පිළිබඳව අපි අර්ධ වශයෙන් අන්ධව පියාසර කරමින් සිටිනවා” යනුවෙනි.

දේශගුණික විපර්යාසයන් වෙත ගමන් කිරීමේදී ලෝකය තවමත් තීරණාත්මක ලක්ෂය පසු කර නොමැති බව විද්‍යාඥයින් විසින් පැහැදිලි කරන ලදී. නමුත් නෙදර්ලන්ත රාජකීය කාලගුණ විද්‍යා ආයතනයේ ආචාර්ය රෙයින් හාර්ස්මා පැවසුවේ ඉඟි ලකුණු සමීප වෙමින් පවතින බවයි : “දැන් සිදුවෙමින් පවතින අන්තයන් අත්ලාන්තික් සාගරයේ මැද පෙරළීමේ සංසරණය බිඳවැටීම සහ ඇන්ටාක්ටික් අයිස් තට්ටු දියවීම වැනි ඉඟි ලකුණු ඇති කළ හැකි අතර එහි බලපෑම් විනාශකාරී විය හැකියි ”

නරකම දේශගුණික අර්බුදය වළක්වා ගැනීම සඳහා “කුඩා කවුළුවක්” විවෘතව පවතින බව විද්‍යාඥයෝ පවසති. පර්යේෂකයන් විශාල වශයෙන් එක් ක්‍රියාවක් තීරණාත්මක ලෙස පෙන්වා දුන්හ. ඒ පොසිල ඉන්ධන දහනය බිංදුවට අඩු කිරීමය.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ආචාර්ය ෆ්‍රෙඩ්රික් ඔටෝ පැවසුවේ “අපි පොසිල ඉන්ධන දහනය කිරීම නැවැත්විය යුතුයි. මෙය පොසිල ඉන්ධන සමාගම්වලට හැකි සෑම මුදලක්ම ඉපැයීමට ඉඩ දී ඇති කාලයක් නොවන බව පැහැදිලි කළ යුතුයි ”

එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Emily Shuckburgh පැවසුවේ, “ඕනෑම ආකාරයකින් ෆොසිල ඉන්ධන යුගය පවත්වාගෙන යන ඕනෑම අයෙකු ඉතිහාසයේ වැරදි පැත්තේ ස්ථිරව සිටිනවා.”

“අපේ අනාගතයේදී සිදු වන දේට සාපේක්ෂව අද දින සිදු වන ආන්තික සිදුවීම් දෙස අපි ආපසු හැරී බලන බව දැන සිටීම ඇත්තෙන්ම මනස අවුල් කරවන සුළුයි. අපි මෙම සංක්‍රාන්තිය සිදු කරන වේගය අපට ලැබෙන අනාගතය නිර්වචනය කරනවා” එක්සත් ජනපදයේ විස්කොන්සින්-මැඩිසන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇන්ඩ්‍රියා ඩටන් පැවසීය.

එක්සත් ජාතීන් විසින් සැප්තැම්බර් 20 වන දින දේශගුණ අභිලාෂක සමුළුවක් කැඳවා ඇත. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් අමිනා මොහොමඩ් පැවසුවේ “දේශගුණය පිළිබඳ අපගේ සියලුම දර්ශක පාහේ වැරදි දිශාවකට යොමු වී තිබෙනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවා ඇත්තේ ඉදිරි වසර පහ වාර්තාගත උණුසුම්ම කාලය විය හැකි බවත්, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට දැඩි ලෙස පහර දෙන බවයි. දේශපාලන නායකයින්, පෞද්ගලික අංශය සහ සිවිල් සමාජ සංවිධාන, විශ්වසනීය හා අභිලාෂකාමී ක්‍රියා සහ කැපවීම් සමඟ සමුළුවට පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”

2023 වසරේ එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛ දේශගුණ සමුළුව වන Cop28 නොවැම්බර් අගදී ආරම්භ වේ. එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සත්කාරකත්වය දරන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය තෙල් සමාගමේ ප්‍රධාන විධායක සුල්තාන් අල් ජාබර් විසින් එහි මුලසුන හොබවයි.

මෑත වසරවලදී ගෝලීය කාබන් විමෝචනය අඛණ්ඩව ඉහළ ගොස් ඇත. නමුත් ගෝලීය උණුසුම ඉහළ යාම 1.5C ට වඩා අඩු මට්ටමක තබා ගැනීමට හොඳ අවස්ථාවක් ලබා ගැනීමට පොසිල ඉන්ධන දහනය තවත් 43% කින් අඩු විය යුතුය.

https://www.theguardian.com/environment/2023/aug/28/dramatic-climate-action-needed-curtail-extreme-weather