වැඩිවන ගෝලීය උෂ්ණත්වයට මුහුණ දීමට බොහෝ නිවාස නිසි ලෙස සූදානම් නැති බව පර්යේෂණවලින් පෙනී යයි. නමුත් වායු සමීකරණයට වඩා අපහසු තාපයට මුහුණ දීමට හරිත විසඳුම් තිබේ

“මම මගේ මුදල් වියදම් කළ හොඳම දේ එය බව මට අවංකව පැවසිය හැකියි” 30 හැවිරිදි ස්ටීවන් නොටින්හැම්ෂයර් හි ඔහුගේ බංගලාවේ නිදන කාමරයේ වාඩි වී ඇති ඉණ දක්වා ඉහළ ප්ලාස්ටික් කණුව ගැන පවසයි. සෑම ගිම්හානයකදීම ඔහු දැඩි උණුසුමෙන් වැළකීමට විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු නොයෙකුත් පියවර ගත් නමුත් ඒ කිසිවක් ගැන තෘප්තිමත් නොවීය. ඔහුට ඊට එහා ගිය වෙනසක් අවශ්‍ය විය.

වසර කිහිපයකට පෙර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 (104F) දක්වා ඉහළ යාමට පටන් ගත් විට, ඔහු අතේ ගෙන යා හැකි වායු සමීකරණ යන්ත්‍රයක් මත බලාපොරොත්තු රැද වූ අතර යළි කිසි දිනෙක ආපසු හැරී බැලුවේ නැත.

“එය කැඩී ගියහොත්, මම දෙවරක් නොසිතා වහාම තවත් එකක් මිල දී ගන්නවා. මම හිතන්නේ නැහැ මට එය නොමැතිව ගිම්හානයට මුහුණ දිය හැකි බව” ස්ටීවන් පවසයි.

ඔහු එසේ දැනෙන අන්තිමයා නොවනු ඇත. 2021 දී බ්‍රිතාන්‍ය නිවාසවලින් 5%කට වඩා අඩු ප්‍රමාණයක වායු සමීකරණ ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, අප බොහෝ දෙනෙක් අසාමාන්‍ය ලෙස දහඩිය සහිත දින සහ නිදි නැති රාත්‍රීන්වල සිසිල විඳීමට විදුලි පංකා මත විශ්වාසය තබමු. නමුත් ගෝලීය උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයේ මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5කින් උණුසුම් වීම කරා යන ගමන අඛණ්ඩව වේගවත් වන විට, එක්සත් රාජධානියේ පසුගිය වසරේ සෙල්සියස් අංශක 40 ට වඩා ඉහළ උෂ්ණත්වයක් ඇති කළ වාර්තාගත තාප තරංග වඩාත් සාමාන්‍ය තත්ත්වයට පත්වේ. ඒ සමඟම නිවස හෝ කාර්යාලය සිසිල්ව තබා ගැනීමට අපගේ ඉල්ලීම් අහස උසට වර්ධනය වේ.

Oxford විශ්වවිද්‍යාලයේ Future of Cooling පර්යේෂණ වැඩසටහනේ විද්‍යාඥයින් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයක් පසුගිය ජූලි මාසයේ අනතුරු ඇඟවූයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 2 දක්වා ළඟා වුවහොත් එක්සත් රාජධානිය අපහසු උණුසුම් දින ගණනින් 30%ක වැඩිවීමකට මුහුණ දෙන බවයි. සාම්ප්‍රදායිකව උණුසුම් රටවල් සිසිලනය සඳහා ඉහළම සම්පූර්ණ අවශ්‍යතාවය අත්විඳින අතර, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය සහ නෝර්වේ වඩාත් නාටකාකාර සාපේක්ෂ වැඩිවීමක් අත්විඳිනු ඇත.

“අපි ආන්තික උෂ්ණත්වයන් (extreme temperatures) ගැන කතා කරන විට, අප්‍රිකානු රටවල් වඩාත්ම බලපෑමට ලක් වූ රටවල් ලෙස නිවැරදිව නම් කර ඇත. නමුත් උතුරේ රටවල් ද ගෝලීය උණුසුම ඉහළ යාමෙන්  පීඩාවට පත්වන බව පෙන්නුම් කරන එහි ස්වභාවය පිළිබඳ පළමු අධ්‍යයනය මෙයයි.” යනුවෙන් Future of Cooling පර්යේෂණ වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සහ අධ්‍යයනයේ ඒකාබද්ධ පළමු කතුවරයා වන නිකොල් මිරැන්ඩා (Nicole Miranda) පවසයි.

එහෙත් බි‍්‍රතාන්‍ය යටිතල පහසුකම් සහ නිවාස ගෝලීය උණුසුම ඉහළ යාමට සූදානම් නැත. “බලශක්ති කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ගත් කල, එක්සත් රාජධානියේ දුප්පත්ම නිවාස තොගයක් තිබෙනවා. බොහෝ දුරට දුර්වල පරිවාරක1 මට්ටම් හේතුවෙන් එය සිදුවෙනවා” Energy Saving Trust හි ප්‍රතිපත්ති සහ සන්නිවේදන නිලධාරි අබිගේල් වෝඩ් පවසයි. ශීත ඍතුවේ දී බ්‍රිතාන්‍ය නිවාස යුරෝපීය නිවාසවලට වඩා තුන් ගුණයකින් වේගයෙන් තාපය අහිමි වන බව ඇය වැඩිදුරටත් පවසයි.

වායු සමීකරණ ඒකක දුසිම් ගණනක් හොංකොං හි තට්ටු නිවාසයක් අලංකාර කරයි. පීඩාකාරී තාපයට එරෙහිව සිසිල්භාවයක් වායු සමීකරණය ලබා දෙන නමුත් එය භාවිතා කරන ශක්තිය දේශගුණය පිළිබඳ අපගේ අපේක්ෂාවන්ට පටහැනි වේ

“නිවසේ පරිවරණය තාප නළයකට සමාන ආකාරයකින් ක්‍රියා කරන බැවින් (ගිම්හානයේදී සහ ශීත ඍතුවේ දී තාපය පිටවීම) ප්‍රමාණවත් පරිවරණයක් නොමැතිකම යනු උණුසුම් උෂ්ණත්වවලදී සිසිල්ව සිටීමට එක්සත් රාජධානියේ නිවාස ද දුර්වල බවයි.”

(1. Insulation / පරිවරණය යනු තාපය, ශබ්දය හෝ විදුලිය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාවලියයි. එය එසේ කිරීමට භාවිතා කරන ද්‍රව්‍ය ද වේ)

දැනටමත් තම උණුසුම් නිවෙස්වල අපහසුතාවයෙන් පෙළෙන ස්ටීවන් වැනි පුද්ගලයින් සඳහා අතේ ගෙන යා හැකි වායු සමීකරණ ඒකකයක් පහසු විසඳුමක් සේ පෙනේ. නමුත් එක්සත් රාජධානියේ විදුලි බලයෙන් වැඩි ප්‍රමාණයක් තවමත් දහනය කරන ෆොසිල ඉන්ධන හරහා නිපදවන අතර, ඔවුන් අපේ පෘථිවිය උණුසුම් කිරීමේ වියදමින් අපගේ නිවෙස් සිසිල් කරනවාට වඩා වැඩි දෙයක් කරන්නේ නැත.

Energy Saving Trust ඇස්තමේන්තු කර ඇත්තේ ගිම්හානයේදී දිනකට පැය අටක් භාවිතා කරන සාමාන්‍ය අතේ ගෙන යා හැකි වායු සමීකරණ ඒකකයක් CO2 140kg පමණ නිපදවන අතර එය බෙල්ෆාස්ට් සිට පැරිස් දක්වා ගුවන් යානයක ආසනයක් හා පැය අටක කාලයක් තුළ සාමාන්‍ය විදුලි පංකාවක් මගින් විමෝචනය කරන කාබන් ප්‍රමාණය මෙන් 14 ගුණයක් පමණ වන බවයි. මිරැන්ඩා පෙන්වා දෙන පරිදි, වායු සමීකරණ සහ හරිතාගාර වායු අතර විෂම චක්‍රය දැනටමත් චලනය වෙමින් පවතින අතර, වායු සමීකරණ ඒකකවල අමතර විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික විදුලිබල පද්ධතිය ජුනි මාසයේදී ගල් අඟුරු බලාගාර සක්‍රීය කිරීමට යොමු විය.

නරකම දෙය නම්, අතේ ගෙන යා හැකි වායු සමීකරණ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය මෙන්ම විශේෂයෙන් ප්‍රබල හරිතාගාර වායූන් මෙන් දෙගුණයක් වන අධික දූෂිත ශීතකාරක කාන්දු වීමට නැඹුරු වීමයි. R-410A වාණිජ සහ සිල්ලර වායු සමීකරණවල භාවිතා වන වඩාත් සුලභ ශීතකාරක වලින් එකක් වන අතර එය කාබන් ඩයොක්සයිඩ්වල ගෝලීය තාපන විභවය මෙන් 2,000 ගුණයකට වඩා වැඩිය. ජාත්‍යන්තර ගිවිසුම් R-410A ව්‍යාප්තිය අඩු කිරීමට යම් මගකට ගොස් ඇතත් ඒවා තවමත් සුලභ වන අතර, පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ අධික උෂ්ණත්වවලදී සිසිල් වීමට උත්සාහ කරන්නන් වෙනත් දේශගුණික හිතකාමී විසඳුම් සොයා ගනු ඇති බවයි.

  • නිෂ්ක්‍රීය ප්‍රවේශයක් / A passive approach

සිඩ්නි විශ්ව විද්‍යාලයේ තාපය සහ සෞඛ්‍යය පිළිබඳ මහාචාර්යවරියක වන ඔලී ජේ, අඩු සම්පත් සිසිලන උපාය මාර්ග (low-resource cooling strategies) අධ්‍යයනය කිරීමට වසර ගණනාවක් ගත කර ඇත. දේශගුණික කුටිවල (පාරිසරික පරාමිතීන් නිවැරදිව පාලනය කළ හැකි මුද්‍රා තැබූ කාමරවල) සහ තාප තරංග-සමාකරණ තත්වයන් යටතේ ඒවායේ මූලික උෂ්ණත්වය නිරීක්ෂණය කිරීමෙන්, ඒවා වඩාත් ඵලදායී විසඳුම් බොහොමයක් මගින් අවට වාතයට වඩා පුද්ගලයා සිසිල් කරන බව ඇය විසින් සොයාගෙන ඇත.

අතීත සිසිලන ශිල්පීය ක්‍රම තවදුරටත් අරමුණු සඳහා නොගැලපෙන ඉදිරි දශකය හෝ දෙක තුළ අපි බිත්තියකට පහර දෙමු – මහාචාර්ය Aaron Gillich

ඔබේ පාද සීතල වතුරේ ගිල්වා තැබීමෙන් උණුසුම් හා තෙතමනය සහිත තත්වයන් යටතේ තාප ආතතිය අඩු කළ හැකි අතර, සෑම පැයක්ම නැවත පොඟවා ඇති තෙත් ඇඳුම් ඇඳීම වාෂ්පීකරණය හරහා සිසිල් වීමට දිරිගන්වයි. සීතල වතුර පානය කිරීම අභ්‍යන්තර සිසිලනය ලබා දීම සඳහා අඩු අපහසු සහ සෘජු මාර්ගයක් වන අතර, සමෙන් ජලය වාෂ්ප වීමට පෙර තෙත් ස්පොන්ජියක් හෝ ඉසින බෝතලයක් භාවිතයෙන් ජලය පානය කිරීම අඩු වශයෙන් නිර්දේශ වුවද වඩාත් ඵලදායී එකකි. මෙම උපක්‍රම බොහොමයක් ප්‍රාථමික සහ සමහර අයට පැහැදිලිව පෙනෙන්නට තිබුණත් එය විචක්ෂණශීලී බව ජේ යෝජනා කරයි.

“මහජන සෞඛ්‍ය ආයතනවලින් පවා මිනිසුන්ට උපදෙස් දෙන බොහෝ දේ සාම්ප්‍රදායික ප්‍රඥාවෙන් සහ පැරණි භාර්යාවන්ගේ කතාවලින් ගත් ඒවා” බව මහාචාර්ය ජේ පවසයි.

“අපි මිනිසුන්ට අනුගමනය උපදෙස් දෙන ක්‍රියාමාර්ගවලට විද්‍යාත්මක පදනමක් ඇති බව සහතික කිරීම අත්‍යවශ්‍යයි. ඒවා තාපයට නිරාවරණය වන විට වර්ධනය වන භෞතික විද්‍යාත්මක තාප වික්‍රියාව අඩු කිරීමට සැබවින්ම  ඵලදායී බව සහතික කිරීම අත්‍යවශ්‍යයි” ඇය වැඩි දුරටත් පෙන්වා දෙයි.

නිදසුනක් ලෙස විදුලි පංකාවක් භාවිතයෙන් වාතය සංසරණය කිරීම ඔබේ සමෙන් දහඩිය වාෂ්ප වීමේ වේගය වේගවත් කිරීමේ සරල ක්‍රමයකි. නමුත් සෙල්සියස් අංශක 42ට වැඩි උෂ්ණත්වයකදී විදුලි පංකාවක් ඔබ වෙත යොමු කිරීමට උත්සාහ කරන්න. එවිට ඔබ ඉක්මනින් රත් වන බව ඔබට පෙනෙනු ඇත. වාතයේ උෂ්ණත්වය ඔබේ සමට වඩා විශාල ලෙස වැඩි වූ විට විදුලි පංකා සංවහන උඳුනක් අනුකරණය කරනවාට වඩා වැඩි දෙයක් නොකරයි. ඔබ නිශ්චල කාමරයක වාඩි වී සිටිනවාට වඩා වේගයෙන් ඔබේ ශරීරය අවශෝෂණය කර ගන්නා උණුසුම් වාතය සංසරණය කිරීම ඊට හේතුවයි. එය අපහසු වන අතර වාෂ්පීකරණ ප්‍රතිලාභ යල්පැන යයි.

“සැලකිය යුතු අනෙක් දෙය නම්, ඔබට සිසිල් බවක් දැනෙන උපාය මාර්ග ඇත්ත වශයෙන්ම අභ්‍යන්තර භෞතික විද්‍යාත්මක තාප ආතතිය එතරම් ඵලදායී ලෙස අඩු නොකිරීමයි. තාප සංවේදනය සම මත ඇති තාප ප්‍රතිග්‍රාහක මගින් බලපාන අතර එය ශරීරයේ ගැඹුරු පටක වලට එතරම් බලපෑමක් නොකර සම සිසිල් කළ හැකියි” ජේ පවසයි.

පිපාසය සාමාන්‍ය අවස්ථාවකි. ශරීරය විජලනය වීමට පටන් ගත් පසු සංවේදනය සාමාන්‍යයෙන් හොඳින් වර්ධනය වේ. එබැවින් තාප තරංගයක් තුළ පානය කළ යුත්තේ කවදාදැයි ඔබට මතක් කිරීමට ඔබේම කායික සංඥා මත පමණක් රඳා සිටීම ප්‍රමාණවත් නොවේ.

“අපට හැඟෙන ආකාරය ඇත්ත වශයෙන්ම වැදගත් වන අතර තාපයට නිරාවරණය වන විට ශරීරය කෙතරම් වෙහෙසට පත් වේ ද යන්න පිළිබඳ වඩාත්ම විශ්වාසදායක දර්ශකය අවශ්‍ය නැහැ” ජේ පවසයි.

සිසිලනය කිරීමේ විශාල අභියෝගයක් වන්නේ පීඩාකාරී උෂ්ණත්වයන්ට ප්‍රතික්‍රියාශීලීව ප්‍රතිචාර දැක්වීම පමණක් නොව ඒවා සඳහා ප්‍රමාණවත් ලෙස සූදානම් වීමයි. නිෂ්ක්‍රීය සිසිලනය (passive cooling) ප්‍රවර්ධනය කිරීම සඳහා නිවාස සැලසුම් කිරීම හරහා මෙය බොහෝ විට සිදු කෙරේ. මැදපෙරදිග නිවාස දිගු කලක් තිස්සේ ගොඩනඟා ඇති කුළුණු වලින් සමන්විත වී ඇති අතර ඒවා සිසිල් වාතය ග්‍රහණය කර නිවස පුරා ප්‍රතිචක්‍රීකරණය කරන අතර පකිස්ථානයේ නිවාසවල වහලවල තාපය පරාවර්තනය කිරීම සඳහා ලා පැහැති තීන්ත ඵලදායී බව ඔප්පු වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සාම්ප්‍රදායික නිවසක සුළං අල්ලන උපකරණයක්.

සෙවන කිරීම අත්‍යවශ්‍ය වේ. ඔබේ නිවසේ හිරුට මුහුණ ලා ඇති පැත්තේ  බිත්ති බැඳීම සහ ෂටර වැසීම, කළු පැහැ තිර එල්ලීම මගින් එහි උණුසුම් බලපෑම් අවහිර කළ හැකිය. මූලික වුවත්, එය ඵලදායී වන අතර, ස්පාඤ්ඤයේ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ බාහිර කවුළු ෂටරවලට මිනිසුන්ට සුවපහසුව තබා ගැනීමට අවශ්‍ය ශක්තිය (වායු කොන් හෝ විදුලි පංකා වැනි) 14% දක්වා අඩු කළ හැකි බවයි. උද්‍යාන ඇති අය සඳහා, වෘක්ෂලතා නිෂ්ක්‍රිය සිසිලන විසඳුමක් ලබා දෙයි. ගිම්හානයේදී, උස පතනශීලී ගස් සහ ජනේල පඳුරු, හිරු එළිය හරහා ගොස් අභ්‍යන්තරයට ළඟා වීමට ඉඩ සලසා දීම සඳහා සීතල මාසවලදී ඔවුන්ගේ කොළ වැගිරීමට පෙර අත්‍යවශ්‍ය සෙවන සපයයි.

වාතාශ්‍රය ද වැදගත් වේ. සවස් වරුවේ ජනේල විවෘත කිරීමෙන් සිසිල් වාතය ඇතුළු වන අතර උණුසුම් වාතය පිටවීමට ඉඩ සලසයි. එය වඩාත් ඵලදායී වන්නේ හරස් වාතාශ්‍රය ලබා ගත හැකි වන විට සිසිල් වාතය එක් පැත්තක සිට අනෙක් ප්‍රදේශය හරහා චලනය වන අතර එමඟින් සංසරණය උපරිම වේ.

ලන්ඩන් සවුත් බෑන්ක් විශ්ව විද්‍යාලයේ ඩෙකාබනීකරණය ගොඩනැගීමේ මහාචාර්යවරයෙකු වන ආරොන් ගිලිච් පවසන්නේ “අපිට මෙතරම් කලක් මිල අඩු පොසිල ඉන්ධන තිබුණා. එය එතරම් ආන්තික උෂ්ණත්වයන් නොවෙයි. ඇත්ත වශයෙන්ම මූලික දේවල් බොහොමයක් කරන්නේ කෙසේද යන්න අපට අමතක වී තිබෙනවා. රටේ සෑම නිවසක්ම ඒ ගැන සිතා බැලිය යුතු අතර, සාධාරණ මිලකට සැබවින්ම සාක්ෂාත් කරගත හැකි පුදුම සහගත නිවැරදි කිරීම් ගණනාවක් තිබෙනවා”

ඉදිරි දශකයේ හෝ දෙකක කාලයකදී අපි තාප්පයකට පහර දෙන්නෙමු. ( We will hit a wall)  එහිදී අතීත ශිල්පීය ක්‍රම තවදුරටත් අරමුණට ගැළපෙන්නේ නැහැ. ගොඩනැගිලි සමූහයකට වායු සමීකරණ ප්‍රමාණවත් වුවත්, ඒවා මත සම්පූර්ණයෙන්ම යැපීමට නොහැකි වේවි” ගිලිච් පවසයි

  • විසඳුමේ කොටසක් / Part of the solution

20 වන ශතවර්ෂයේ මුල් භාගයේ එය සොයාගැනීමේ සිට, නවීන වායු සමීකරණ ලෝකයේ බොහෝ දේ මත පරිවර්තනීය බලපෑමක් ඇති කර ඇත. සූර්යයාගේ ස්වාභාවික උණුසුම් චක්‍රයෙන් තවදුරටත් සීමා වී නැත. උණුසුම් දේශගුණයේ සිටින අයට වෙනත් ආකාරයකින් පීඩාකාරී උෂ්ණත්වවල වැඩ කිරීමට සහ සෙල්ලම් කිරීමට නිදහස තිබේ. චීනයේ කාර්මිකකරණය සියල්ල රඳා පවතින්නේ එය මත වන අතර, ලෝකයේ ස්ථාපිත වායු සමීකරණ වලින් තුනෙන් එකක් පමණ රට සතු වේ. සිංගප්පූරුවේ ආරම්භක අගමැති ලී ක්වාන් යූ එය “සමහර විට ඉතිහාසයේ සංඥා සොයාගැනීම් වලින් එකක්” ලෙස හැඳින්වූ අතර තම රටේ සාර්ථකත්වයට එහි නවෝත්පාදනය ආරෝපණය කළේය.

එක්සත් රාජධානියට වායු සමීකරණයේ බලපෑම වඩාත් අවම වී ඇතත්, මිරැන්ඩා පෙන්වා දෙන්නේ එය වැඩිහිටියන්ට, ළදරුවන්ට සහ සමාජයේ අනෙකුත් අවදානමට ලක්විය හැකි සාමාජිකයින්ට අත්‍යවශ්‍ය සැනසීම දිගටම ලබා දෙන බවයි. එය වෙනස් වීමට ඉඩක් නැත, නමුත් නව ගොඩනැගිලි ඉදිකිරීමේදී සහ සැලසුම් කිරීමේදී නිසි වාතාශ්‍රය, පරිවරණය, ආලෝක මට්ටම් සහ සෘතුමය ඉල්ලීම් සඳහා ප්‍රමුඛත්වය දෙන අතරම තාක්ෂණයේ වටිනාකම හඳුනා ගැනීම වැදගත් බව ඇය පවසයි.

“අපගේ බලශක්ති බිල්පත් ඉතිරි කර ගැනීමට සහ හරිතාගාර වායු විමෝචනය අවම කර ගැනීමට හැකි වන පරිදි බොහෝ නිෂ්ක්‍රීය පියවරයන් ක්‍රියාත්මක කළ හැකියි. එබැවින් වායු සමීකරණය විසඳුමේ කොටසක් විය හැකියි. නමුත් සම්පූර්ණයෙන්ම නොවේ” ඇය පෙන්වා දෙයි.

එහෙත් වෙනස් වන දේශගුණික තත්ත්වයන් මධ්‍යයේ වඩාත්ම අත්හදා බලා පරීක්ෂා කරන ලද නිෂ්ක්‍රීය සිසිලන ශිල්පීය ක්‍රම පවා ප්‍රමාණවත් නොවන බව ඔප්පු විය හැකිය. හිරු බැස යන විට අපට නිසි ලෙස සිසිල් විය හැකි තාක් දුරට පමණක් උණුසුම් දින තුළට සෙවන සහිත ගෘහස්ථ පරිසරයන් ප්‍රමාණවත් වේ. වාතාශ්‍රය පද්ධතිවලට ආරාධනා කිරීමට පෙර පිටත වාතයේ උෂ්ණත්වය පහත වැටීම අවශ්‍ය වේ. නමුත් තාප තරංග දිගු කාලයක් පවතින බැවින් සහ රාත්‍රිය දක්වා උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතී. ශතවර්ෂ ගණනාවක් පැරණි සිසිලන භාවිතයන් රඳා පවතින දේශගුණික රටා දැනටමත් බිඳ වැටීමට පටන් ගෙන තිබේ.

“ඉදිරි දශකයේ හෝ දෙකක කාලයකදී අපි තාප්පයකට පහර දෙන්නෙමු. ( We will hit a wall)  එහිදී අතීත ශිල්පීය ක්‍රම තවදුරටත් අරමුණට ගැළපෙන්නේ නැහැ. ගොඩනැගිලි සමූහයකට වායු සමීකරණ ප්‍රමාණවත් වුවත්, ඒවා මත සම්පූර්ණයෙන්ම යැපීමට නොහැකි වේවි” ගිලිච් පවසයි

එසේනම් ස්ටීෆන්ගේ නිදන කාමරයේ ඇති සුදු ප්ලාස්ටික් පෙට්ටිය අපගේ සෑම නිවසකම හුරුපුරුදු දසුනක් විය හැකිය. ප්‍රශ්නය ඉතිරිව ඇත්තේ අප කොපමණ කාලයක් එය මත රඳා සිටිනවාද යන්න මත පමණි.

https://www.theguardian.com/technology/2023/aug/27/staying-cool-without-air-con-warming-climate-crisis-planet