දේශගුණය උණුසුම් වීමත් සමඟ ඉදිරි දශක කිහිපය තුළ ඉන්දියාවේ භූගත ජලය ක්ෂය වීමේ අනුපාතය තුන් ගුණයකින් වැඩි විය හැකි බව නවතම අධ්‍යයනයක් අනතුරු අඟවයි

එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඉන්දියාවේ ගොවීන් වාරිමාර්ග සඳහා භාවිතා කරන භූගත ජලය ඉවත් කිරීම තීව්‍ර කිරීම මගින් උණුසුම් උෂ්ණත්වයට අනුවර්තනය වී ඇති බවයි. වාර්තාව පෙන්වා දෙන්නේ මෙම ප්‍රවණතාවය දිගටම පැවතුනහොත් 2080 වන විට භූගත ජලය අහිමි වීමේ අනුපාතය තුන් ගුණයකින් වැඩි විය හැකි අතර එය ඉන්දියාවේ ආහාර හා ජල සුරක්ෂිතතාවයට තවදුරටත් තර්ජනයක් විය හැකි බවයි.

භූගත ජලය ක්ෂය වීම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඉන්දියාවේ ජල සම්පත අඩුවීම ඉන්දිය ජනගහනයෙන් (බිලියන 1.4ක) තුනෙන් එකකට වඩා වැඩි පිරිසකගේ ජීවනෝපායට ඍජු තර්ජනයක් විය හැකි බව ද මෙම අධ්‍යයනය පෙන්වා දෙයි.

ඉන්දියාව මෑතකදී චීනය අභිබවා ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ජාතිය බවට පත් වූ අතර සහල් සහ තිරිඟු ඇතුළු පොදු ධාන්‍ය (common cereal grains) නිපදවන දෙවන විශාලතම ගෝලීය නිෂ්පාදකයා වේ.

“උණුසුම ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන් ගොවීන් දැනටමත් වාරිමාර්ග භාවිතය වැඩි කරමින් සිටින බව අපට පෙනී යනවා. එය ඉන්දියාවේ භූගත ජලය ක්ෂය වීමේ පෙර ප්‍රක්ෂේපණවල ගණන් නොගත් අනුවර්තන උපාය මාර්ගයක්. ඉන්දියාව ලොව විශාලතම භූගත ජලය පාරිභෝගිකයා වන අතර කලාපීය සහ ගෝලීය ආහාර සැපයුම සඳහා තීරණාත්මක භූමිකාවක් ඉටුකරන බැවින් මෙය කනස්සල්ලට කරුණක්” අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කතුවරිය වන UM’s School for Environment හි සහකාර මහාචාර්ය Meha Jain පැවසුවාය.

Science Advances සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් භූගත ජලය ඉවත් වීමේ අනුපාතවල මෑත කාලීන වෙනස්කම් සොයා බැලීම සඳහා භූගත ජල මට්ටම්, දේශගුණය සහ බෝග ජල ආතතිය පිළිබඳ ඓතිහාසික දත්ත විශ්ලේෂණය කළේය. පර්යේෂකයන් ඉන්දියාව පුරා භූගත ජලය අහිමි වීමේ අනාගත අනුපාත තක්සේරු කිරීමට දේශගුණික ආකෘති 10කින් උෂ්ණත්වය සහ වර්ෂාපතන ප්‍රක්ෂේපණ ද භාවිතා කළහ.

කලින් අධ්‍යයනයන් ඉන්දියාවේ බෝග නිෂ්පාදනය කෙරෙහි දේශගුණික විපර්යාස සහ භූගත ජලය ක්ෂය වීමේ පුද්ගල බලපෑම් කෙරෙහි අවධානය යොමු කර ඇත.

නව අධ්‍යයනය මගින් ඉහළ උෂ්ණත්වයන් හේතුවෙන් ආතතියට ලක් වූ බෝග වලින් ජල ඉල්ලුම වැඩි විය හැකි අතර එමඟින් ගොවීන් වාරිමාර්ග ජල සම්පාදනය වැඩි කිරීමට යොමු විය හැකි බව සැලකිල්ලට ගත්තේය.

“අපගේ ආදර්ශ ඇස්තමේන්තු වලට අනුව (අනාගතයේදී) සාමාන්‍ය තත්වයක් යටතේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම භූගත ජලය ක්ෂය වීමේ අනුපාත තුන් ගුණයකින් වැඩි කළ හැකි බව හෙළිකර ගෙන තිබෙනවා. මේ අතර දකුණු සහ මධ්‍යම ඉන්දියාව තුළ භූගත ජලය ක්ෂය වීමේ උණුසුම් ස්ථාන පුළුල් විය හැකි බව අපි ප්‍රක්ෂේපණය කර තිබෙනවා. භූගත ජලය සංරක්ෂණය කිරීම සඳහා ප්‍රතිපත්ති සහ මැදිහත්වීම් නොමැති වීම හේතුවෙන් දේශගුණික විපර්යාස හමුවේ ඉන්දියාවේ ආහාර සහ ජල සුරක්ෂිතතාව තවදුරටත් අභියෝගයට ලක් වෙමින් තිබෙනවා. උෂ්ණත්වය ඉහළ යාම ඉන්දියාවේ දැනටමත් පවතින භූගත ජලය ක්ෂය වීමේ ගැටලුව වැඩි කිරීමට ඉඩ ඇති බව අපට පෙනී යනවා” මහාචාර්ය Meha Jain පැවසුවාය.

පෙර අධ්‍යයනවලින් හෙළි වූයේ දේශගුණික විපර්යාසයන් ප්‍රධාන ඉන්දියානු බෝගවල අස්වැන්න ශතවර්ෂයේ මැද භාගය වන විට 20% දක්වා අඩු කළ හැකි බවයි. ඒ අතරම, මූලික වශයෙන් වාරිමාර්ග සඳහා ජලය ඉවත් කිරීම නිසා රටේ භූගත ජලය භයානක වේගයකින් ක්ෂය වෙමින් පවතී.

මෙම අධ්‍යයනය සඳහා පර්යේෂකයන් විසින් ඉන්දියාව පුරා ළිං දහස් ගණනකින් භූගත ජල ගැඹුර, බෝග ජල ආතතිය මනින අධි-විභේදන චන්ද්‍රිකා නිරීක්ෂණ සහ උෂ්ණත්වය සහ වර්ෂාපතන වාර්තා අඩංගු දත්ත කට්ටලයක් සංවර්ධනය කරන ලදී.

බොහෝ දේශගුණික ආකෘතීන් ඉදිරි දශක කිහිපය තුළ ඉන්දියාවේ උෂ්ණත්වය වැඩි වීම, මෝසම් වර්ෂාපතනය (ජූනි සිට සැප්තැම්බර් දක්වා) වැඩි වීම සහ ශීත වර්ෂාපතනය අඩු වීම ගැන අනාවැකි පළ කර ඇත.

කණ්ඩායම විසින් සොයා ගන්නා ලද්දේ වැඩිවන මෝසම් වර්ෂාපතනයෙන් භූගත ජලය නැවත ආරෝපණය කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස, සීඝ්‍රයෙන් භූගත ජලය පහත වැටීමට හේතු වන පරිදි, උණුසුම් වන උෂ්ණත්වය සහ ශීත වර්ෂාපතනය පහත වැටීමට (decreased winter precipitation) වඩා වැඩි බවයි.

විවිධ දේශගුණික විපර්යාස අවස්ථා හරහා, 2041 සහ 2080 අතර භූගත ජල මට්ටම පහත වැටීම් පිළිබඳ ඔවුන්ගේ ඇස්තමේන්තු සාමාන්‍යයෙන් වත්මන් ක්ෂය වීමේ අනුපාත මෙන් තුන් ගුණයකට වඩා වැඩි විය.

https://phys.org/news/2023-09-groundwater-depletion-india-triple-decades.html