අධ්‍යයනවලින් පෙනී යන්නේ නගර හරිතකරණය කිරීම කාබන් ග්‍රහණය කර ගැනීම පමණක් නොව එය අඩු කිරීම ද කරන බවයි

යුරෝපීය නගර දුසිම් ගණනකට ස්වභාවධර්මය ඔවුන්ගේ යටිතල ව්‍යුහයට ඇතුළත් කිරීමෙන් ඉදිරි වසර 10 තුළ ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනයට (net zero carbon emissions) ළඟා විය හැකි බව නවතම අධ්‍යයනක් මගින් හෙළිකර ගෙන ඇත.

Nature Climate Change සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ කාබන් විමෝචනය ග්‍රහණය කර ගැනීම (capture carbon emissions) පමණක් නොව ඒවා අවම කිරීම (reduce) සඳහා උද්‍යාන, වීදි අලංකරණය සහ වහල උද්‍යාන වැනි හරිත විසඳුම් ගණනාවක් නගරවලට සංවිධානය කළ හැකි ආකාරයයි.

ස්වීඩනය, එක්සත් ජනපදය සහ චීනය යන රටවල පර්යේෂකයන් විසින් මෙම අධ්‍යයනය සිදු කරන ලදී. එය යුරෝපා සංගමයට අයත් රටවල නගර 54 ක ස්වභාවික කාබන් වෙන් කිරීම සඳහා (natural carbon sequestration) වඩාත් ඵලදායී ප්‍රවේශයන් නිර්දේශ කරයි. මෙම පියවර අනෙකුත් දේශගුණික ක්‍රියා සමඟ මිශ්‍ර කිරීමෙන් නගරවලට ශුද්ධ-ශුන්‍ය කාබන් කරා ළඟා වීමට සහ ඇත්ත වශයෙන්ම විමෝචනය සාමාන්‍යයෙන් සියයට 17.4කින් අඩු කළ හැකි ආකාරය පෙන්නුම් කරයි.

KTH Royal Institute of Technology හි ජලය සහ පාරිසරික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය සහ්‍රා කලන්තරි / Zahra Kalantari පවසන්නේ, පර්යේෂකයන් “ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් (nature-based solutions) කාබන් උදාසීනතාවයට (carbon neutrality) දායක විය හැකි වක්‍ර මාර්ග කෙරෙහි අවධානය යොමු කළ බවයි.

“ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් නගරයක විමෝචනයේ ප්‍රතිශතයක් හිලව් කරනවා පමණක් නොව, විමෝචනය සහ සම්පත් පරිභෝජනය අඩු කිරීමට ද දායක විය හැකියි” කලන්තරි පවසයි.

ප්‍රතිඵල පදනම් වී ඇත්තේ ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම්වල බලපෑම් පිළිබඳ පෙර අධ්‍යයනයන්හි දත්ත ඒකාබද්ධ කිරීම මත ය. නාගරික ගොවිතැන, වැසි ජලය පොළොවට අවශෝෂණය කර ගැනීමට හැකි වන පාරගම්‍ය පදික වේදිකා, වැඩි හරිත හා ගස් සහිත පටු මාර්ග, වනජීවී වාසස්ථාන සංරක්ෂණය සහ ඇවිදීමට සහ බයිසිකල් පැදීමට වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම ඊට ඇතුළත් ය .

නිදසුනක් වශයෙන්, නාගරික උද්‍යාන සහ හරිත අවකාශයයන්, ඇවිදීම, බයිසිකල් පැදීම වෙනත් පාරිසරික ධනාත්මක පුරුදු ප්‍රවර්ධනය කරයි. හරිත යටිතල පහසුකම් වැනි අනෙකුත් විසඳුම් සමඟ ඒකාබද්ධව මෙම පියවරයන් ගැනීමෙන් තාපය සහ සීතල අවශෝෂණය කිරීමෙන් නාගරික වායු ගෝලයේ ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කළ හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගිලිවල බලශක්ති භාවිතය අඩු කළ හැකිය.

ප්‍රමුඛත්වය දිය යුතු ක්‍රියාමාර්ග සහ හොඳම බලපෑම සඳහා ඒවා ස්ථානගත කළ යුත්තේ කොතැනද යන්න පිළිබඳ මග පෙන්වීමක් ද එය සපයන බව අධ්‍යයන පවසයි. නිදසුනක් වශයෙන්, බර්ලිනයේ හරිත ගොඩනැගිලි සහ නාගරික හරිත අවකාශයන් සඳහා ප්‍රමුඛත්වය දීම අධ්‍යයනය නිර්දේශ කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස නිවාස සඳහා 6%ක විමෝචන අනුපාතයක් ද, කර්මාන්ත අංශයේ 13% ක් සහ ප්‍රවාහනයේදී 14% කින් කාබන් විමෝචනය  අඩු කළ හැකිය.

“පුද්ගල ස්වභාවය මත පදනම් වූ විසඳුම්වල (individual nature-based solutions) බලපෑම් පරීක්ෂා කරන බොහෝ අධ්‍යයනයන් ඇති නමුත් මෙය ඒවා සියල්ලම ඒකාබද්ධ කර විභව පද්ධතිමය බලපෑම විශ්ලේෂණය කරයි” මහාචාර්ය සහ්‍රා කලන්තරි පවසයි.

“මෙය අලුත් සංකල්පයක්. ඒ නිසා මේ ගැන වැඩි අවධානයක් ඕනෑ” ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

https://www.climatealert.lk/wp-admin/post.php?post=1607&action=edit