එක්සත් ජනපදය ලෝකයේ විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන රටක් වුවද සංවර්ධනය වෙමින් පවතින රටවලට කිසියම් ආකාරයක දේශගුණික වන්දියක් ගෙවන්නේ නැතැයි එක්සත් ජනපද දේශගුණ නියෝජිත ජෝන් කෙරී අවධාරණය කරයි.‍

ඔහු පසුගිය ජූලි මාසයේදී කොංග්‍රස් රැස්වීමකදී කළ ප්‍රකාශයක් නැවත අවධාරණය කරමින් කියා සිටියේ තම රටට දේශගුණික වන්දි ගෙවීමට කිසිඳු තත්වයක් යටතේ බල නොකරන බවයි.ෙ

අප්‍රිකානු දේශගුණ සමුළුවට සමගාමීව මාධ්‍යවේදීන් සමඟ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එක්සත් ජනපදය විශාලතම පරිසර දූෂකයෙක් බව තමා දන්නා නමුත් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු ලෝකයේ සියලුම ආර්ථිකයන් එකම දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි.

කොංග්‍රසයේ දී සහ රාජ්‍ය නායකයන් හමු වූ විට ජෝන් කෙරී කරන ප්‍රකාශ පාඩු හා හානි යාන්ත්‍රණයක් (Loss and Damage mechanism) ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ක්‍රියාකාරීව පෙරමුණ ගැනීම සම්බන්ධ ඔහුගේ සැලසුම්වලට පටහැනි බව විචාරකයින්ගේ අදහසයි.

අලාභය සහ හානිය යන්නෙන් අදහස් කරන්නේ දේශගුණික විපර්යාසවල ආපසු හැරවිය නොහැකි බලපෑම් වලට අනුවර්තනය වීමට හෝ අවම කිරීමට නොහැකි වීමයි.

මෙහිදී කෙරී අවධාණෙය කළේ අලාභ හා හානි ක්‍රියාවලිය වසරකින් පමණ අවසන් කළ යුතු අතර දේශගුණය ආශ්‍රිත අලාභ හා හානිවලින් පීඩාවට පත් වූ පුද්ගලයින්ට අනුකම්පා කළ යුතු බවයි. කෙසේ වෙතත් මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කෙරී කියා සිටියේ, දේශගුණික වන්දි ගෙවීමේ ආකාරයක් වන අලාභ හා හානි ගෙවීම් පිළිබඳ තම ස්ථාවරය වන්නේ COP27 හි ඓතිහාසිකව එකඟ වූ පහසුකම “දඬුවමක්” තුළ නිර්මාණය නොකළ යුතු බවයි.

ජෝන් කෙරීට අවශ්‍ය වන්නේ සංවර්ධිත රටවලට ගෙවීමට සිදුවන ඕනෑම ආකාරයක සිවිල් වගකීමකින් පාඩු හා හානි පහසුකම නිදහස් කර ගැනීමයි.

“මෙය එක්සත් ජනපදයට සහ ලෝකයේ බොහෝ ජාතීන්ට යහපත් තත්වයක් නොවෙයි. අපි අධිකරණයේ වගකීම් ව්‍යුහයක් නිර්මාණය කිරීමට යන්නේ නැතැයි අපි පවසා තිබෙනවා. ගතිකත්වය වෙනස් කිරීම සහ අප කරන සෑම දෙයක්ම ඉතා සෘණාත්මක ආකාරයකින් සිදුවන්නේ නම් අපි එය කරන්න යන්නේ නැහැ.”කෙරී අවධාරණයෙන් පැවසුවේය.

අලාභ හා හානියක් සිදුවී ඇති බව එක්සත් ජනපදය විශ්වාස කරන බවත්, විපතට පත් රටවලට උපකාර කිරීමට වගකිව යුතු ජාතීන් උත්සාහ කිරීම වැදගත් දෙයක් බවත් කෙරී පැවසීය.

“1988 සිට එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් මෙම යථාර්ථයට ප්‍රතිචාර දැක්වීමට දැවැන්ත පියවර ගෙන තිබෙනවා. සොබාදහම් මාතාව එක් රටක සහ තවත් රටක විමෝචනය තෝරා ගැනීමක් කරන්නේ නැහැ. සොබාදහමට බලපාන්නේ වායුගෝලයට යන සම්පූර්ණ විමෝචනයයි” ඔහු පැවසුවේය.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය ලෝකයේ විශාලතම මානුෂීය පරිත්‍යාගශීලියා වීම ගැන ආඩම්බර වන අතර දේශගුණික හදිසි අවස්ථා සඳහා පමණක් නොව සෞඛ්‍ය සඳහා ද වෙනත් බොහෝ රටවලට උදව් කර ඇති බව ඔහු පැවසීය.

මීට පෙර සමුළුවේදී කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ යෝජනා කළේ අප්‍රිකානු රටවල් කාබන් බද්දක් අනුගමනය කළ යුතු බවත්, හරිතාගාර වායු විමෝචනය සඳහා සමාගම්වලට ඔවුන්ගේ දායකත්වය සඳහා දඬුවම් කළ යුතු බවත්ය.

“අපි කල්දැමීම සහ නොකළ යුතු දේ කිරීම නිසා, වැඩි වැඩියෙන් හානි සහ තුවාල සිදුවෙමින් පවතින බව පැහැදිලියි. යම් වගකීමක් නොදකින්නට ඔබ අන්ධ විය යුතුයි. එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ ඔහුගේ පරිපාලනය තවමත් කිසිදු කාබන් මිලකරණ යාන්ත්‍රණයක් අනුමත කර නැහැ. නමුත් ඔවුන් අපට යොමු කර ඇත්තේ වඩාත්ම ප්‍රමුඛ හා වඩාත්ම හැකි දේ දෙස බලා තර්ක මොනවාද යන්න ගැන සිතා බලන ලෙසයි” ජනපති රූටෝ තවදුරටත් පැවසීය.ො

කාබන් මිලකරණය පිළිබඳ ජනාධිපති රූටෝගේ අදහසට තමා පුද්ගලිකව සහය පළ කරන බවත් එකඟ වන බවත් කෙරී පැවසීය