කුඩා දූපත් රාජ්‍යයන් සාගරය ආරක්ෂා කිරීම සඳහා අධික ලෙස හරිතාගාර වායුව විමෝචනය කරන රටවල් අධිකරණයට ඉදිරිපත් කිරීමට සැරසෙයි

මුහුදු මට්ටම ඉහළ යාමෙන් තර්ජනයට ලක්ව ඇති රටවල් සමුද්‍ර පරිසරය දූෂණය කිරීමේ වගකීම තීරණය කරන ලෙස ජාත්‍යන්තර විනිශ්චය සභාවකින් ඉල්ලා සිටීමට සැලසුම් කර ඇත.

දේශගුණික අර්බුදයෙන් අසමාන ලෙස පීඩාවට පත් කුඩා දූපත් ජාතීන් විසින් ඉහළ හරිතාගාර වායු විමෝචනයක් සහිත රටවල් වලට එදිරිව ගොනුකරන ලද, සාගරය ආරක්ෂා කිරීම අරමුණු කරගත් පළමු දේශගුණික යුක්තිය පිළිබඳ නඩුව ලෙස සැලකෙන සුවිශේෂ නඩුවක විභාගය අද (සැප්තැම්බර් 11 වන දින) ජර්මනියේ හැම්බර්ග්හි උසාවියක දී විභාග කිරීමට නියමිතය.

දින දෙකක් පුරා මෙම නඩු විභාගය පැවැත්වීමට නියමිතය.

මෙම නඩුව ගොනු කිරීමට බහමාස්, ටුවාලු, වනුවාටු, ඇන්ටිගුවා සහ බාබුඩා ඇතුළු කුඩා දූපත් රාජ්‍ය කිහිපයක් නායකත්වය ලබාදී ඇත.

සමුද්‍ර පරිසරය විසින් අවශෝෂණය කරන හරිතාගාර වායු විමෝචනය කළ යුතුද යන්න තීරණය කිරීම සඳහා සාගර නීතිය පිළිබඳ ජාත්‍යන්තර විනිශ්චය සභාවෙන් (International Tribunal for the Law of the Sea – Itlos) ඉල්ලා සිටිනු ඇත.

ලෝකයේ විශාලතම කාබන් ගිලා බැසීම් වලින් එකක් ලෙස සාගරය කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් 25%ක් පමණ අවශෝෂණය කරන අතර එම විමෝචනය නිසා ඇති වන තාපයෙන් 90%ක් අල්ලාගෙන ලෝකයේ ඔක්සිජන් වලින් අඩක් නිපදවයි.

සමුද්‍ර දූෂණය වැළැක්වීමට, අඩු කිරීමට සහ පාලනය කිරීමට පියවර ගැනීමට බොහෝ රටවලට සාගර නීතිය පිළිබඳ නීත්‍යානුකූලව බැඳී සිටින එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ බැඳීම් තිබේ. මෙම බැඳීම්වලට කාබන් විමෝචනය අඩු කිරීම සහ CO2 දූෂණයෙන් දැනටමත් හානි වී ඇති සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීම ඇතුළත් වේ.

දේශගුණික විපර්යාස සහ ජාත්‍යන්තර නීතිය (Climate Change and International Law – Cosis) පිළිබඳ කුඩා දූපත් රාජ්‍ය කොමිසම විසින් ගෙන එන ලද නඩුව සාර්ථක වුවහොත් පූර්ව කාර්මික මට්ටමට වඩා ගෝලීය උෂ්ණත්වය  සෙල්සියස් අංශක 1.5C (2.7F) ඉහළ යාම වැළැක්වීම සඳහා පැරිස් දේශගුණික ගිවිසුම යටතේ ඔවුන්ගේ කැපවීම් සපුරාලීමට අවශ්‍ය විමෝචනය අඩු කිරීම පිළිබඳව ඉහළ විමෝචක රටවලට මග පෙන්වීමක් ලබා දෙනු ඇතැයි නඩුව ගොනුකළ රටවල් බලාපොරොත්තු වේ. මැයි මාසයේදී විද්‍යාඥයන් අනතුරු ඇඟවූයේ 2027 වන විට ලෝකය සෙල්සියස් අංශක 1.5ක ඉලක්කය පසුකර යාමට ඉඩ ඇති බවයි.

මුහුදු මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, අපගේ ඉඩම් සාගරයට පහළින් ගිලා බැසීමේ තර්ජනයක් එල්ල වෙමින් තිබෙනවා. ගෙවී යන සෑම වසරකම සංඛ්‍යාවෙන් හා තීව්‍රතාවයෙන් වර්ධනය වන ආන්තික කාලගුණික සිදුවීම් අපගේ ජනතාව මරා දමමින් අපගේ යටිතල පහසුකම් විනාශ කරමින් සිටිනවා. සමස්ත සාගර සහ වෙරළබඩ පරිසර පද්ධති උණුසුම් හා ආම්ලික වන ජලයෙන් මිය යමින් තිබෙනවා. ජාත්‍යන්තර උසාවි සහ විනිශ්චය සභා මෙම අසාධාරණය පාලනයකින් තොරව දිගටම කරගෙන යාමට ඉඩ නොදෙන බව අපට විශ්වාසයි’’ යනුවෙන් Tuvalu හි අගමැති Kausea Natano නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඔහුගේ ජනතාව “ප්‍රකාශිත අසාධාරණයකට / manifest injustice ” ලක්ව සිටින බව ඔහු පැවසීය.

ටුවාලු අගනුවර වන Funafuti වලින් අඩක් 2050 වන විට ගංවතුරෙන් යට වනු ඇතැයි ඇස්තමේන්තු යෝජනා කරයි.

පැරිස් ගිවිසුම නීත්‍යානුකූලව බැඳී ඇති ගිවිසුමක් වන අතර රටවල් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට අවශ්‍ය වන අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 2C ට අඩුවෙන් සීමා කිරීමේ ඉලක්කය තහවුරු කරයි. එය රටවලට තමන්ගේම ක්‍රියාකාරී සැලසුම් සැකසීමට ඉඩ සලසයි.

“ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ සීමාව සෙල්සියස් අංශක 1.5ක් තුළ තබා ගැනීමට කිසිදු බැඳීමක් නැහැ. නමුත් ඉන් ඔබ්බට ව්‍යසනකාරී දේශගුණික විපර්යාසවල ඉහළ සම්භාවිතාවක් තිබෙනවා” යනුවෙන් දේශගුණික විපර්යාස සහ ජාත්‍යන්තර නීති විශේෂඥයින්ගේ කමිටුවේ ප්‍රධාන උපදේශක සහ සභාපති Payam Akhavan පැවසීය.

මෙම නඩුව දේශසීමා හානිය පිළිබඳ මූලධර්මය භාවිතා කරන බව Akhavan පැවසීය. මෙම රාජ්‍ය වලින් සමහරක්  ඉදිරි පරම්පරාවක් තුළ වාසයට නුසුදුසු තත්ත්වයට පත් වන අතර බොහෝ ප්‍රදේශ මුහුදට යට වනු ඇත.

“මෙය ප්‍රධාන හරිතාගාර වායු දූෂකයින්ට තම ගමන් මග වෙනස් කිරීමට බල කිරීම සඳහා පවතින සියලුම මෙවලම් භාවිතා කිරීමේ උත්සාහයක් ලෙස සැලකිය හැකියි” Payam Akhavan වැඩි දුරටත් පැවසීය.

The Gardian