ලිබියාවේ ගංවතුර බහු අන්තරායකාරී පූර්ව අනතුරු ඇඟවීම්, ඒකාබද්ධ ප්‍රතිචාරයක් අවශ්‍ය බව පෙන්නුම් කරයි

ජාත්‍යන්තර ප්‍රජාව ලිබියාව සඳහා හදිසි සහන මෙහෙයුමක් දියත් කර ඇති අතර, විනාශකාරී ගංවතුර හේතුවෙන් වේල්ල පුපුරා ගොස් දහස් ගණනක් මිනිසුන් මිය ගිය අතර මුළු අසල්වැසි ප්‍රදේශම මුහුදට ගසාගෙන ගියේය.

එක්සත් ජාතීන්ගේ මානුෂීය සහන සම්බන්ධීකාරක මාර්ටින් ග්‍රිෆිත්ස් පැවසුවේ 300,000කට දැනටමත් මානුෂීය ආධාර අවශ්‍ය වන රටක “මෙම බිහිසුණු, භයානක ඛේදවාචකය ඇති කිරීමට දේශගුණය සහ ධාරිතාව ගැටී ඇති” බවයි. මොරොක්කෝවේ භූමිකම්පාව මෙන්ම ගංවතුරද ඉදිරි මාසවලදී රජයේ හැකියාවන් සීමාව දක්වා විහිදුවන බව ඔහු පැවසීය.

මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ඇස්තමේන්තු කළේ ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල 880,000 කට වැඩි පිරිසක් ජීවත් වූ බවයි.

“ලිබියාවේ ඛේදවාචකය, බිඳෙනසුළු රාජ්‍යයන් මත ආන්තික කාලගුණයේ විනාශකාරී සහ කඩාවැටෙන ප්‍රතිවිපාක ඉස්මතු කරන අතර රජයේ සහ සමාජයේ සියලුම මට්ටම් වැලඳ ගන්නා බහු-උපද්‍ර පූර්ව අනතුරු ඇඟවීමේ (multi-hazard early warnings0 අවශ්‍යතාවය පෙන්නුම් කරයි’’ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ( WMO) මහලේකම් මහාචාර්ය පෙටේරි ටලාස් පැවසීය.

ලිබියාවේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සැබවින් ම මෙම ආන්තික කාලගුණික සිදුවීම සඳහා පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය පෙර නොවූ විරූ වර්ෂාපතන මට්ටමක් (එක් ස්ථානයක පැය 24 ක් තුළ මිලිමීටර් 414.1) හදිසි ගංවතුර සහ වේලි කඩා වැටීමට හේතු විය. අධික වර්ෂාපතනය සහ ගංවතුර සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද නමුත් පැරණි වේලි නිසා ඇති වන අවදානම ගැන අවධානය යොමු නොකළේය.

“රටේ ආපදා කළමනාකරණය සහ ආපදා ප්‍රතිචාර යාන්ත්‍රණයන් ඛණ්ඩනය වීම, යටිතල පහසුකම් පිරිහීම, අභියෝගවල දැවැන්තභාවය තවත් උග්‍ර කර තිබෙනවා. දේශපාලන තත්ත්වය වර්තමානයේ බොහෝ රටවල දක්නට ලැබෙන පරිදි අවදානම් තත්ත්වයක්. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය එහි නිරීක්ෂණ පද්ධතිවල විශාල හිඩැස්වලට මුහුණ දෙනවා. එහි තොරතුරු තාක්ෂණ පද්ධති හොඳින් ක්‍රියාත්මක නොවන අතර නිදන්ගත සේවක හිඟයක් පවතිනවා. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ක්‍රියාත්මක වීමට උත්සාහ කරන නමුත් එයට ඇති හැකියාව සීමිතයි. සමස්ත ආපදා දාමය කළමනාකරණය සහ පාලනය කඩාකප්පල් වෙනවා. මෙම ඛේදවාචකය, බලපෑම මත පදනම් වූ අනාවැකිවල නිරවද්‍යතාවය සහ ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම සහ ඒවා සෑම කෙනෙකුටම ළඟා වී ක්‍රියාවට යොමු කිරීම සහතික කිරීම සඳහා සැමට පූර්ව අනතුරු ඇඟවීමේ මුලපිරීම පිටුපස ඇති දර්ශනය ඉස්මතු කරනවා ” මහාචාර්ය ටාලස් පැවසීය.

පසුබිම :

ලිබියාවේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පැවසුවේ සැප්තැම්බර් 10 වන දින ඩැනියෙල් කුණාටුව ඊසානදිග ලිබියාවේ උච්චතම ස්ථානයට ළඟා වූ අතර පැයට කිලෝමීටර 70 – 80 ක තද සුළං ඇති වූ බවයි. මේ හේතුවෙන් සන්නිවේදන කටයුතු ඇණහිට ඇති අතර විදුලි කුළුණු සහ ගස් කඩා වැටීම් සිදු විය. මිලිමීටර් 150 – 240 අතර ධාරානිපාත වර්ෂාව නිසා අල්-බයිඩා ඇතුළු නගර කිහිපයක හදිසි ගංවතුර ඇති වූ අතර එය ඉහළම දෛනික වර්ෂාපතනය වන මිලිමීටර් 414.1 (සැප්තැම්බර් 10 සිට 8 දක්වා 11 සැප්තැම්බර් 8 දක්වා) වාර්තා විය. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පැවසුවේ මෙය නව වර්ෂාපතන වාර්තාවක් බවයි.

ලිබියාවේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය එය සිදුවීමට පැය 72කට පෙර මෙම ආන්තික කාලගුණික සංසිද්ධිය පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර, වඩාත් සැලකිල්ලෙන් සහ ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටිමින් සියලුම රජයේ බලධාරීන්ට විද්‍යුත් තැපෑලෙන් සහ මාධ්‍ය හරහා දැනුම් දී ඇති අතර වැළැක්වීමේ පියවර ගන්නා ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම අනතුරු ඇඟවීම් පදනම් කර ගනිමින් නැගෙනහිර ප්‍රදේශවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.

කෙසේ වෙතත්, අධික වර්ෂාපතනය නිසා පැරණි වේලි දෙකක් කැඩී ගියේය. හදිසි ගංවතුර හේතුවෙන් ඩර්නාහි මුළු අසල්වැසි ප්‍රදේශම ගසාගෙන ගොස් ඇති අතර ඒ වන විට නිවෙස්වල නිදා සිටි ඔවුන්ගේ නිවැසියන් ද ගසාගෙන ගියේය.

https://public.wmo.int