‘ක්‍රීඩාව වෙනස් කිරීමේ තාක්ෂණය’ මගින් ශීත ඍතුවේ දී විදුලි උත්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකිය

අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේත් විදුලිය උත්පාදනය කිරීම සඳහා සූර්ය පැනලවල හිම නිෂ්ක්‍රීයව ඉවත් කිරීමේ ක්‍රමයක් ඉංජිනේරුවන් විසින් සොයාගෙන ඇත.

එක්සත් ජනපදයේ ටොලෙඩෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සූර්ය පැනලවල කාර්යක්ෂමතාවයට බාධාවක් නොවන පරිදි සමුච්චිත හිම ලිස්සා යාමට හේතු වන තීරු ආලේපනයක් නිපදවා ඇත.

සූර්ය පැනල මගින් වළාකුළු පිරි දිනවල විදුලිය ජනනය කළ හැකි නමුත් හිම ආවරණය නිසා සූර්යයාගේ ඕනෑම ශක්තියක් ලබා ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අවහිර කළ හැකිය. මෙමගින් අධික හිම පතනයක් ඇති ප්‍රදේශවල වසරකට විදුලිය නිෂ්පාදනය සියයට 12ක් දක්වා අහිමි විය හැකිය.

ස්වයං පිරිසිදු කිරීමේ තීරු (self-cleaning strips) නව සහ පවතින සූර්ය ස්ථාපනයන් සඳහා සාපේක්ෂව පහසුවෙන් යෙදිය හැකිය.

ටොලිඩෝ විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික කාර්මික සහ නිෂ්පාදන ඉංජිනේරු අංශයේ සහකාර මහාචාර්ය Hossein Sojoudi පැවසුවේ “තීරු ආලේපන පැනලයේ පහළ කෙළවරට අදාළ වන අතර, ක්‍රියාත්මක වීමට කිසිදු ශක්තියක් අවශ්‍ය නොවී නිෂ්ක්‍රීය හිම ඉවත් කිරීමක් සිදු වෙනවා. අපගේ තීරු ආලේපනය ඕනෑම වේලාවක හිරු එළිය අවශෝෂණයට හෝ පැනල කාර්යක්ෂමතාවයට බාධා නොකරන අතර පුවරුවේ කිසිදු අර්ධ සෙවනක් හෝ හොට්ස්පොට් ඇති නොකරයි. එසේම මොඩියුල වගකීම් අවලංගු නොකරන අතර ඇත්ත වශයෙන්ම මොඩියුලයේ ආයු කාලය වැඩි දියුණු කරයි.”

එක්සත් ජනපදයේ සහ ජපානයේ සිදු කරන ලද පරීක්ෂණවලින් පෙනී ගියේ තීරුව සමඟ සවි කර ඇති සූර්ය පැනල වාර්ෂිකව සියයට 5කට වඩා වැඩි දියුණු කළ බලශක්ති උත්පාදනයක් ලබා ගත් බවයි.

බලශක්ති තොරතුරු පරිපාලනයේ සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසරේ එක්සත් ජනපදයේ විදුලි උත්පාදනයෙන් සියයට 3.4ක් පමණ සූර්ය බලශක්තියෙන් සිදු වූ අතර 2023 දී එක්සත් ජනපදයේ නව විදුලි උත්පාදන ධාරිතාවයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සූර්ය බලයෙන් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ආචාර්ය Sojoudi පැවසුවේ 2023 අවසානය වන විට එක්සත් ජනපදය පුරා තීරු ආලේපන දහස් ගණනක් ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

“2024 අවසන් වන විට තීරු ආලේපන මිලියනයක නිෂ්පාදන අනුපාතයකට ළඟා වීමට අපි ඇස්තමේන්තු කර තිබෙනවා” ඔහු පැවසීය.

“අපගේ විසඳුම ක්‍රීඩාව වෙනස් කරන තාක්‍ෂණයක් වන අතර එය අධික හිම පතනයක් ඇති ප්‍රාන්ත හරහා අතිරේක වාර්ෂික ආදායමෙන් ඩොලර් මිලියන 150කට මඟ පෑදිය හැකියි. අපගේ උපායමාර්ගික හවුල්කරුවන්ගේ සහාය තුළින් අපි වසර පුරා සූර්ය බලශක්තිය පිළිබඳ පොරොන්දුව ඉටු කරන්නවා”

https://www.independent.co.uk