How scientists tackle the challenges of estimating wildfire CO2 emissions

ලැව්ගිනි සහ ඒවායේ විමෝචනය මේ වසරේ ලොව පුරා  සිරස්තල බවට පත් කර ඇත.

ජූනි මාසයේදී එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ වැඩි ප්‍රදේශයක් වැසී ගිය දූෂිත මීදුමෙහි සිට අගෝස්තු මස මුලදී හවායි හි මවුයි හරහා පැතිර ගිය විනාශකාරී ලැව්ගින්න දක්වා, සාමාන්‍යයෙන් ලැව්ගිනි ඇති ප්‍රදේශවලින් ඔබ්බට ගින්නෙහි බලපෑම් වඩ වඩාත් ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී.

දේශගුණික විපර්යාස නිසා ලැව්ගිනි ඇතිවේ. නමුත් ඒවා දේශගුණය ද වෙනස් කරයි. ලැව්ගිනි 2022 දී CO2 ටොන් බිලියන 5.3 ක් පමණ වායුගෝලයට විමෝචනය කර ඇති බව දළ වශයෙන් ගණන් බලා ඇත. එය එම වසරේ චීනය හැර වෙනත් ඕනෑම රටක් පොසිල ඉන්ධන දහනය කිරීමෙන් නිකුත් කළ හරිතාගාර වායූන්ට වඩා වැඩි අගයකි.

මෙම විමෝචන මැනීම සහ ආදර්ශනය කිරීම වඩ වඩාත් වැදගත් වෙමින් පවතී. නමුත් එසේ කිරීමට උත්සාහ කරන විද්‍යාඥයින් අභියෝග රැසකට මුහුණ දෙති.

පසුගිය සතියේ, ලොව පුරා සිටින පර්යේෂකයන් වොෂින්ටන් ඩීසී හි ජාතික ඇකඩමිවලට අන්තර්ජාලය හරහා සහ පුද්ගලිකව එක්රැස් වූ අතර, වනගත ලැව්ගිනිවලින් සිදුවන හරිතාගාර වායු විමෝචනය මැනීම, ආකෘති නිර්මාණය කිරීම සහ කළමනාකරණය කිරීමේ අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව විශේෂ වැඩමුළුවක් පැවැත් වීය.

Carbon Brief මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ අතර තෙදින වැඩමුළුවේදී පර්යේෂකයන් සහ වනවගාකරුවන් විසින් සාකච්ඡා කරන ලද ප්‍රධාන කරුණු සහ අභියෝග (පහත දැක්වෙන) ග්‍රහණය කර ගන්නා ලදී.

  1. විවිධ පරිසර පද්ධති තුළ ගින්දර ඉටු කරන කාර්යභාරය කුමක්ද?
  2. වනගත ලැව්ගිනිවලින් පිටවන වායු විමෝචනය මැනීමේ අභියෝග මොනවාද?
  3. වනගත ලැව්ගිනිවලින් පිටවන වායු විමෝචන ආකෘති නිර්මාණය කිරීමේදී ඇති අභියෝග මොනවාද?
  4. ලැව්ගිනි සහ ශුද්ධ ශූන්‍ය ඉලක්ක (Net-zero targets) අතර සම්බන්ධය කුමක්ද ?
  5. අනාගතයේදී ගින්දර පාලනය කරන්නේ කෙසේද ?
  • විවිධ පරිසර පද්ධති තුළ ගින්දර ඉටු කරන කාර්යභාරය කුමක්ද?

නිවර්තන කලාපවල සිට ආක්ටික් ප්‍රදේශය දක්වා පෘථිවියේ සියලු ආකරයේ වනබිම් / වනාන්තර වලට ලැව්ගිනි බලපායි.

“Wildland fires” යන යෙදුම සැලසුම් කළ හෝ සැලසුම් නොකළ (නියමිත පිළිස්සීම්) සංස්කෘතික ගිනි තැබීම් (cultural burning) සහ ලැව්ගිනි (wildfires) ඇතුළුව ගොඩනඟන ලද පරිසරයෙන් පිටත හටගන්නා ඕනෑම ගින්නක් විස්තර කරයි.

  • Cultural burning: සංස්කෘතික ගිනි තැබීම යනු භූ දර්ශන කළමනාකරණය කිරීම සඳහා නියමිත පිළිස්සීම් භාවිතා කිරීමේ ක්‍රියාවලියයි. එය මූලික වශයෙන් පළමු ජනයා විසින් භාවිතා කරන ලද ක්‍රියාවලියකි. වඩාත් නිශ්චිතවම ඕස්ට්‍රේලියාවේ සහ උතුරු ඇමරිකාවේ බටහිර ප්‍රදේශවල ආදිවාසී ජනතාව මෙම ක්‍රමය බහුලව භාවිතා කරන බව සොයාගෙන ඇත.

මෙම සෑම ස්ථානයකම, මිනිස් ක්‍රියාකාරකම් සෘජුව හෝ වක්‍රව භූ දර්ශනය සමඟ ගින්දර අන්තර්ක්‍රියා කරන ආකාරය කෙරෙහි බලපායි. ප්‍රමුඛ සාධකය පරිසර පද්ධතියේ වර්ගය මත රඳා පවතී.

ආරම්භක සැසියේදී, මිචිගන් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය , Dr Nancy French පුළුල් පරිසර පද්ධති තුනක් හරහා ගින්න වෙනස් වන ආකාරය ගෙනහැර දැක්වීය.

ආක්ටික් කලාපයේ සහ බෝරියල් / ටයිගා වනාන්තර / Arctic region and boreal forests – ලෝකයේ උතුරු දෙසින් පිහිටි වනාන්තර පරිසර පද්ධතිය තුළ ගින්නෙහි වෙනස්වීම් මූලික වශයෙන් දේශගුණික විපර්යාස නිසා සිදුවන බව ඇය පැවසුවාය. ඝර්ම කලාපීය ප්‍රදේශ වල, වෙනස්වීම් වලට මුලුමනින්ම පාහේ හේතු වන්නේ ඉඩම් සහ ගිනි කළමනාකරණයයි. සෞම්‍ය කලාපීය වනාන්තර සඳහා, දේශගුණික විපර්යාස සහ ඉඩම් කළමනාකරණයේ එකතුවක් මගින් ගින්නෙහි වෙනස්කම් ඇති කරයි.

ප්‍රදේශ ද ගින්නෙහි ප්‍රධාන ක්ෂණික ධාවකයින්ගෙන් වෙනස් වන බව කථිකයන් කිහිප දෙනෙකු සඳහන් කළහ. නිවර්තන පීට්ලන්ඩ් වල, කැලෑ භූමි ගිනි සම්පූර්ණයෙන්ම පාහේ මානව ගිනි ප්‍රභවයන් (Human ignition sources) නිසා ඇති වන අතර, ටයිගා වනාන්තර ප්‍රදේශවල, ගිනි වලින් 90%කට වඩා පැමිණෙන්නේ අකුණු සැර වැදීමෙනි.

දේශගුණික විපර්යාස පර්යේෂණ සඳහා ටින්ඩල් මධ්‍යස්ථානයේ (Tyndall Centre for Climate Change Research) පර්යේෂකයෙකු වන ආචාර්ය මැතිව් ජෝන්ස් ගෝලීය ගිනි රටා (Global fire patterns) පිළිබඳ වඩාත් අවකාශීය දර්ශනයක් ඉදිරිපත් කළේය.

ගෝලීය “පයිරෝම් / Global Pyromes සිතියම්ගත කර ඇති වැඩ මත ගොඩනැගීම – (ලෝකයේ සමාන ගිනි ලක්ෂණ සහිත ප්‍රදේශ) ජෝන්ස් “පයිරෝනියා” හි සිතියම් පෙන්වීය. ගින්න මත සමාන, වෙනස් පාලනයන් මගින් අර්ථ දක්වා ඇති ප්‍රදේශ. මෙම පයිරෝනියා කාලගුණ විද්‍යාත්මක, වෘක්ෂලතා සහ මානව සාධක මගින් කාණ්ඩගත කර ඇත.

(Pyromes සමාන ගිනි සංඛ්‍යාත, තීව්‍රතාවය, ප්‍රමාණයන්, පිළිස්සුණු ප්‍රදේශ සහ ගිනි සමයේ දිග ඇති ලෝක ගෝලයේ ප්‍රදේශ නියෝජනය කරයි)

Giuliana A. Viglione පවසන්නේ: “ටින්ඩාල් මධ්‍යස්ථානයේ ආචාර්ය මැතිව් ජෝන්ස් ගිනි සිතියම්ගත කිරීම සඳහා නව ප්‍රවේශයක් ඉදිරිපත් කරයි: ගෝලීය “පයිරෝනියා”, ගින්නෙහි සමාන ධාවකයන් විසින් අර්ථ දක්වනු ලැබේ (ගිනි අවුළුවන ප්‍රභවයන්, නියඟයට සංවේදීතාව ආදිය)”

ගින්න යනු “පෘථිවි පද්ධතියේ ඒකාග්‍ර බලයක් වන අතර ඉඩම් භාරකාරත්වය සඳහා අත්‍යවශ්‍ය මෙවලමක්” බව Dr Nancy French පවසයි. කාල පරාසයන් තුළ ගින්න දේශගුණ පද්ධතියට බලපාන බව ද ඇය පෙන්වා දුන්නාය.

කෙටි කාලීනව, ගින්දර හරිතාගාර වායු සෘජුවම වායුගෝලයට විමෝචනය කරයි. නමුත් ගින්නකින් පසු කාලපරිච්ඡේදය තුළ, මිය ගිය ගස් දිරාපත් වන බැවින්, විමෝචනය අඛණ්ඩව වැඩි විය හැකි බව ද ඇය සඳහන් කළාය. තවද වෘක්ෂලතා අඩුවීම හේතුවෙන් භූ දර්ශනයට කාබන් ලබා ගැනීමේ හැකියාව අඩු වේ.

නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලයේ වන පරිසර විද්‍යාඥ මහාචාර්ය මැතිව් හර්ටෝ, වනාන්තර කාබන් විශාල පරිමාණයෙන් සිදුවන වෙනස්කම් අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ඔහු මෙසේ කීවේය.

“අපි ලැව්ගින්න ගැන සිතන විට මෙම කාබන් ප්‍රශ්න සුදුසු තාවකාලික හා අවකාශීය පරිමාණයෙන් විමර්ශනය කළ යුතුයි”

ලැව්ගින්න මනින එකම මිනුම් ඒකකය ලෙස “පිළිස්සී ගිය ප්‍රදේශය / area burned” කෙරෙහි අවධානය යොමු කිරීමේ පොදු ප්‍රවේශය ඉදිරිපත් කරන්නන් කිහිප දෙනෙක් ප්‍රශ්න කළහ.

Canadian Forest Service හි ගිනි පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ඇමී කාදිනල් ක්‍රිස්ටියන්සන් දේශගුණයට පමණක් නොව මිනිසුන්ට ගින්නෙන් ඇති වන බලපෑම් සලකා බැලීමේ වැදගත්කම අවධාරණය කළේය.

කැනඩාවේ Fort McMurray හි සියලුම ස්ථානවල අනිවාර්ය ඉවත් කිරීමක් සිදු කරන අතරතුර, 63 අධි වේගී මාර්ගයෙහි ගුවන් දසුනක්.‍

ක්‍රිස්ටියන්සන් කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් ඉවත් කිරීම් සංඛ්‍යාව පිළිබඳ දත්ත ඉදිරිපත් කළ අතර, ඉවත් කිරීම් (සෘජු ගිනි අවදානම හෝ දුමෙන් ඇති වන භයානක වාතය හේතුවෙන්) අසමානුපාතික ලෙස ස්වදේශික ප්‍රජාවන්ට බලපාන බව පෙන්වා දුන්නේය. ආදිවාසීන් කැනේඩියානු ජනගහනයෙන් 5%ක් පමණ වන නමුත්, 1980 සිට ඉවත් කිරීම් වලින් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් බොහෝ ආදිවාසී ප්‍රජාවන් තුළ සිදු වී ඇති බව ඇය පැවසුවාය. අනෙකුත් පර්යේෂකයන් ලැව්ගිනි බලපෑම් ඇගයීමට ලක් කළ හැකි පියවර ලෙස මරණ, වියදම් සහ හානි ඉස්මතු කර ඇත.

  • වනගත ලැව්ගිනිවලින් පිටවන වායු විමෝචනය මැනීමේ අභියෝග මොනවාද?

වැඩමුළුවේ දෙවන දිනය ලැව්ගිනිවලින් නිකුත් වන වායු විමෝචන මැනීම සහ ආකෘති නිර්මාණය කිරීමේ අභියෝග කෙරෙහි අවධානය යොමු කරන ලදී. ලැව්ගිනි නිරීක්ෂණය කිරීම පරිමාණයේ ගැටලුවක් බව සහභාගිවන්නන් අසා ඇත. සෑම ලැව්ගින්නක් ගැනම භූමියේ නිරීක්ෂණ පැවැත්වීම සරලවම කළ නොහැක්කකි.

මේ අනුව, මෙම ලැව්ගිනි “විස්තරාත්මකව නිරීක්ෂණය කිරීමට ඇති එකම ප්‍රායෝගික මාර්ගය” චන්ද්‍රිකා සතුව පවතින බව මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මහාචාර්ය ආචාර්ය ලුවී ගිග්ලියෝ පැවසීය. නමුත් මානව ඉතිහාසයේ සහ දේශගුණයේ කාල පරාසයන්ට සාපේක්ෂව චන්ද්‍රිකා වාර්තාව “අතිශයින්ම කෙටි / extremely short” බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දුරස්ථ සංවේදනය ද නොවරදින එකක් නොවේ. චන්ද්‍රිකාවලට හිරු බැබළීම හෝ ඉහළ පරාවර්තන ප්‍රදේශවලින් “ව්‍යාජ ගිනි / false fires” තීරණය කළ හැකි අතර වලාකුළු සෙවනැලි “ව්‍යාජ පිළිස්සීම් / false burns” ලෙස වැරදි ලෙස අර්ථ දැක්විය හැකිය.

තවද චන්ද්‍රිකාවලට නිශ්චිත ප්‍රමාණයකට වඩා අඩු ලැව්ගිනි හඳුනා ගැනීමට නොහැකි වන අතර, විශේෂයෙන් ගිනි කුඩා නමුත් විශාල ප්‍රමාණයක් ඇති ස්ථානවල ගිනි ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තුවල අවිනිශ්චිතතාවයට මග පාදයි. ගිග්ලියෝ ඇසූ පරිදි: “අප්‍රිකාවේ පිළිස්සුණු ප්‍රදේශය අඩුවෙමින් තිබේද ? නැතහොත් පිළිස්සුම් තුවාල වැඩි වෙමින් තිබේද?”

2015, කෙන්යාව, ඔවුන්ගේ ගවයන් සඳහා තණකොළ වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා Maasai ජනතාව විසින් දැල්වූ ගින්නක්.

භූමිය මත පදනම් වූ දත්ත පවතින විට, එය විවිධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික පාර්ශ්ව ගණනාවක් විසින් එකතු කරනු ලබන අතර, සෑම විටම පහසුවෙන් ප්‍රවේශ විය නොහැකි බව වැඩමුළුවට සහභාගී වූවන් කිහිප දෙනෙකු සඳහන් කළහ. මෙය විමෝචන ආකෘති ක්‍රමාංකනය කිරීම සහ වලංගු කිරීම අපහසු කරයි.

බොහෝ දුරට, ලැව්ගිනි හටගන්නා ස්ථානය පිළිබඳව විද්‍යාඥයින්ට “හොඳ අත්දැකීමක්” ඇති බව එක්සත් ජනපද වන සංරක්‍ෂණ සේවයේ පර්යේෂකයෙකු වන  Dr Andrew Hudak පැවසීය.

නමුත් මෙම ගින්දර ආශ්‍රිත විමෝචනය අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ වන අතර, වෘක්ෂලතා වර්ගය, ගින්නෙහි ශක්තිය සහ භූ දර්ශනය පිළිබඳ දැනුම අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස, දැල්ලට වඩා දුම් දමන ගින්දර විමෝචනයට අසමාන ලෙස දායක වේ.

2015 දී ඇලස්කාවේ දුම් දමන පීට් ගින්න.

දී ඇති ගින්නකින් විමෝචනය මැනීම සඳහා, විද්‍යාඥයින්ට ඉහළ සිට පහළට හෝ පහළ සිට ඉහළට ප්‍රවේශයක් ගත හැකි බව Hudak පැහැදිලි කළේය.

ඉහළ-පහළ ප්‍රවේශයන් / Top-down approaches විශේෂිත පිළිස්සීමක් හා සම්බන්ධ CO2 ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා චන්ද්‍රිකා මිනුම් සහ වායුගෝලීය ප්‍රවාහන ආකෘති භාවිතා කිරීම ඇතුළත් වේ. පහළ-ඉහළ ප්‍රවේශයන් /Bottom-up approaches ගිනි විමෝචනය තීරණය කිරීම සඳහා ගින්නකින් නිකුත් වන තාපය පිළිබඳ සෘජු මිනුම් හෝ වනාන්තරයක පෙර සහ පසු ගිනි ඉන්ධන බර පිළිබඳ ඇස්තමේන්තු / pre- and post-fire fuel load  භාවිතා කරයි.

ෆ්ලොරිඩාවේ පිහිටි භූමි සංරක්ෂණ හා ගිනි පර්යේෂණ මධ්‍යස්ථානයක් වන Tall Timbers හි ගිනි පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය මෝගන් වර්නර්, ලැව්ගිනිවලින් නිකුත් වන විමෝචනය මැනීම හා සම්බන්ධ “විශාල අවිනිශ්චිතතා තුන / big three uncertainties” නම් කළේය:

  1. ඉන්ධන බෙදා හැරීම / Fuel distribution,
  2. ගිනි හැසිරීම / Fire behaviour
  3. ඉන්ධන පරිභෝජනය / Fuel consumption

මෙම අභියෝග “සංකීර්ණ නමුත් ජයගත නොහැකි” බව වර්නර් වැඩිදුරටත් පැවසීය.

පසුකාලීන සාකච්ඡාවලදී, ඉන්ධන පැටවීම් පිළිබඳ ක්ෂේත්‍ර දත්ත, සුදුසු බිම් ආවරණ සහ ඉන්ධන සිතියම් සහ පවතින දත්ත භාවිතය වැඩිදියුණු කිරීම ඇතුළුව වැඩි දියුණු කළ දත්ත රැස් කිරීම සඳහා ප්‍රමුඛතා සහභාගිවන්නන් සාකච්ඡා කළහ.

  • වනගත ලැව්ගිනිවලින් පිටවන වායු විමෝචන ආකෘති නිර්මාණය කිරීමේදී ඇති අභියෝග මොනවාද?

වර්තමාන ලැව්ගිනි ආකෘතිවල ප්‍රයෝජනය ලෙස සහභාගිවන්නන් බෙදා ඇත. කුඩා පරිමාණයේ කලාපීය ආකෘතිවල සිට ගෝලීය ආකෘති දක්වා විවිධාකාර මාදිලි ඇත. ගිනි හැසිරීම් පුරෝකථනය කිරීමට ආකෘතිවලට සංඛ්‍යානමය සම්බන්ධතා හෝ ගතිකත්වය මත විශ්වාසය තැබිය හැකිය.

පසුගිය දශකය පුරා, ‘ගිනි නිරූපණ අන්තර් සංසන්දන ව්‍යාපෘති (Fire Modeling Intercomparison Project – FireMIP) නම් ජාත්‍යන්තර පර්යේෂණ වැඩසටහනක් ගෝලීය ගිනි ආකෘති ක්‍රමානුකූලව සංසන්දනය කිරීමට සහ ලැව්ගිනි ප්‍රජාවට භාවිතා කිරීම සඳහා ප්‍රමිතිගත ආකෘති කට්ටලයක් ලබා දීමට උත්සාහ කර ඇත.

බොහෝ ගෝලීය ගිනි ආකෘති පුළුස්සා දැමූ ප්‍රදේශයේ ව්‍යාප්තිය පුළුල් ලෙස ප්‍රතිනිෂ්පාදනය කරන බව මහාචාර්ය ස්ටිජන් හැන්සන් පෙන්වා දුන්නේය. හැන්සන් FireMIP වෙතින් ප්‍රතිඵල පෙන්වූ අතර, ඔහු පැවසුවේ ගෝලීය ගිනි ක්‍රියාකාරකම් නිවැරදිව “පුළුල් ලෙස නියෝජනය කරන” බවයි.

කැල්ගරි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෙඩ් කැප්ලාන් ඔහුගේ තක්සේරුවේදී වඩාත් නොපැහැදිලි විය:

“ගෝලීය ගිනි මාදිලි කිසිසේත් හොඳ යැයි මම නොසිතමි.” ඔහු කීවේය.

වර්තමාන ගිනි ආකෘතිවලින් අතීතයේ සහ අනාගතයේ යන දෙකම සඳහා විමෝචනය ඇස්තමේන්තු කිරීමේදී “කැලෑ පරාසයක් / wild range” පවතින බව Kaplan පෙන්වා දුන්නේය, බොහෝ දුරට කාලගුණය නිරූපණය කිරීමේ වෙනස්කම් සමඟ බැඳී ඇත. රටා සමාන විය හැකි වුවද, දැවෙන විශාලත්වය ආකෘති අතර වෙනස් වේ. එසේම ඉඩම් කළමනාකරණය (අනාගත ගිනි ඇතිවීමේ තීරණාත්මක සාධකය) වත්මන් ආකෘතිවලින් අතුරුදහන් වී ඇති බව සඳහන් කළේය.

“නිවැරදි හේතු නිසා” ආකෘති විශාල පරිමාණ රටා නියෝජනය කිරීම වැදගත් බවට හැන්සන් එකඟ විය. මෙහි කොටසක් ලෙස පාංශු ගුණ, ප්‍රභාසංශ්ලේෂණය, ශ්වසනය සහ පාංශු කාබන් වැනි විචල්‍යයන් ඇතුළත් වන වෘක්ෂලතා ආකෘතිවලට ගිනි ආකෘති සම්බන්ධ කළ යුතු බව ඔහු පැවසීය. මේවාට අවශ්‍යයෙන්ම ගිනි මාදිලි සමඟ සම්බන්ධ වූ විට ගතික ඉන්ධන ආකෘති (dynamical fuel models) ලෙස ක්‍රියා කළ හැකි බව හැන්සන් පැවසීය.

ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ජල කාලගුණ විද්‍යාඥ ආචාර්ය පාර්ක් විලියම්ස් පැවසුවේ, විශාල පරිමාණයෙන් ගිනි ආකෘති නිවැරැදිව නිරූපනය කිරීම සඳහා ගෝලීය දේශගුණික ආකෘති සඳහා වෙන් කර ඇති සම්පත් හා සමානව මහා පරිමාණ ආයෝජන අවශ්‍ය වනු ඇති බවයි.

පර්යේෂකයන් එකඟ වූ පරිදි ගිනි ආකෘති නිර්මාණය සඳහා පවතින එක් අභියෝගයක් වූයේ ගෝලීය වෘක්ෂලතා වායුගෝලීය CO2 සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ අවිනිශ්චිතතාවයයි. එනම් ” CO2 සංසේචන ” බලපෑමේ ශක්තියයි. (CO2 fertilisation effect)

ගිනි ආකෘති ද පළිබෝධ සහ රෝග කාරක සඳහා ගණන් නොගනී. අඛණ්ඩ උණුසුම් වීම යටතේ ලෝකයේ බොහෝ ප්‍රදේශවල පළිබෝධ සහ රෝග කාරක වඩ වඩාත් සුලභ වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ගෝලීය ගිනි ආකෘති තවදුරටත් පිරිපහදු කිරීම (refinement) අවශ්‍ය වන අතර, පර්යේෂකයන් එකඟ වූයේ භූ දර්ශන ආකෘති නිර්මාණය කළමනාකරණ තීරණ මෙහෙයවීම සඳහා ඵලදායී මෙවලමක් ලෙස දැනටමත් ප්‍රයෝජනවත් වී ඇති බවයි.

  • ලැව්ගිනි සහ ශුද්ධ-ශුන්‍ය ඉලක්ක අතර සම්බන්ධය කුමක්ද?

ලෝකයේ හරිතාගාර වායු විමෝචනයේ වසරින් වසර විචල්‍යතාවයේ ප්‍රධාන ධාවකයා වන ලැව්ගිනි බව එක්සත් ජනපද වන සංරක්ෂණ සේවයේ පර්යේෂකයෙකු වන ආචාර්ය ග්‍රාන්ට් ඩොම්කේ පැවසීය.

කෙසේ වෙතත්, අද වන විට ලැව්ගිනි විමෝචනය පිළිබඳ නිවැරදි මිනුම් නොමැතිකම අනාගතයේදී ඒවා කළමනාකරණය කිරීමට දරන උත්සාහයට බාධාවක් වනු ඇතැයි සිංහුවා විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ආචාර්ය බෝ ෂෙන්ග් පැවසීය. සියල්ලට පසු, ඔහු තවදුරටත් පැවසුවේ, “අපි ගණන් නොගන්නා දේ අපට කපා ගත නොහැකියි” යනුවෙනි.

කැලෑ ගිනිවලින් නිකුත් වන හරිතාගාර වායු විමෝචන ස්වභාවික ලෙස සලකනු ලබන අතර, එබැවින් ජාතික හරිතාගාර වායු තොගවලට ඇතුළත් නොවේ. මෙවැනි ලැව්ගිනි සඳහා බොහෝ අවස්ථාවල මිනිස් ක්‍රියාකාරකම් සෘජුවම වගකිව යුතු කථිකයන් කිහිප දෙනෙකු පෙන්වා දුන්නේය.

ටස්මේනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් බෝමන් පැහැදිලි කළේ 2019-20 “කළු ගිම්හානයේ” ඕස්ට්‍රේලියානු ලැව්ගිනි එම වසරේ සිය රටේ ජාතික විමෝචනය මෙන් 1.6 ගුණයක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි.

එමෙන්ම වාර්තාගත දරුණුතම ලැව්ගිනි සමය මධ්‍යයේ සිටින කැනඩාව, 2021 වසරේ පෙර නරකම වසරට වඩා තුන් ගුණයකටත් වඩා වැඩි ලැව්ගිනි විමෝචනයක් දැනටමත් දැක ඇති බව කැනේඩියානු වන සංරක්ෂණ සේවයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය වර්නර් කුර්ස් පැවසීය.

කෙසේ වෙතත්, CO2 විමෝචනය ලැව්ගිනි කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ මූලික සැලකිල්ලක් නොවන බව හාවඩ් විශ්ව විද්‍යාලයේ වුඩ්වෙල් දේශගුණ පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යා ප්‍රතිපත්ති උපදේශක ආචාර්ය පීටර් ෆ්‍රම්හෝෆ් පෙන්වා දුන්නේය. බොහෝ පාර්ශ්වකරුවන් මානව ආරක්ෂාව, දේපළ හානි හෝ වාතයේ ගුණාත්මක භාවය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිපත්ති සම්පාදකයින් දේශගුණය අවම කිරීම සඳහා භූමි අංශයේ විභවයන් පිළිබඳව යථාර්ථවාදී විය යුතු බවත්, බොහෝ ශුද්ධ ශුන්‍ය උපාය මාර්ග වායුගෝලයෙන් කාබන් ලබා ගැනීම සඳහා ගස් සිටුවීම මත රඳා පවතින බව මහාචාර්ය කුර්ස් පැවසීය.

පරිසර පද්ධති පරාසයක ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් පිළිබඳව ලොව පුරා වැඩ කරන පර්යේෂකයන්ගෙන් සහභාගිවන්නන් ප්‍රශ්න කර ඇත.

මිනිසුන් ටයිගා වනාන්තරය “නාටකාකාර ලෙස” වෙනස් කරමින් සිටින බව බර්ක්ලි හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මහාචාර්ය ස්කොට් ස්ටීවන්ස් පැවසීය. ඓතිහාසික වශයෙන්, කැනේඩියානු ටයිගා වනාන්තරවල සෑම වසර 40-150කට වරක් අධික දරුණු ගිනි ඇති විය. නමුත් එම වනාන්තර තුළ අඩංගු කාබන් තොග සඳහා ප්‍රධාන ඇඟවුම් ඇතිව, මින් පෙර නොදුටු කාල පරතරයකින් ලැව් ගිනි ඇවිලෙන්නට පටන් ගෙන තිබේ.

2015 දී ලැව් ගින්නකින් පසු ඇලස්කාවේ ඇන්කරේජ් අසල හානියට පත් වනාන්තරයක්

ඇලස්කාවේ ෆෙයාර්බෑන්ක්ස් විශ්ව විද්‍යාලයේ භෞමික පරිසර විද්‍යාඥ ආචාර්ය හෙලේන් ජෙනෙට් සඳහන් කළේ ඇලස්කාවේ විශේෂයෙන් දරුණු ලැව්ගිනි වසරක් තුළ, ඇස්තමේන්තුගත වසර 10ක් වටිනා සමුච්චිත කාබන් පරිසර පද්ධතියෙන් අහිමි වූ බවයි. ගින්නෙහි බරපතළකම වැඩි වීම හදිසි දියවීම හා නිත්‍ය තුහින ස්ථිර නැති වීමට හේතු විය හැකි බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

කැලිෆෝනියාවේ සියෙරා නෙවාඩා හි ස්වභාවිකවම නිතර ලැව්ගිනි ඇති වන අතර, උණුසුම් වීම සහ කලින් හිම දියවීම යන දෙකෙහිම එකතුව ගින්න වැඩි කිරීමට හේතු වන බව හර්ටෝ පැවසීය.

තවද, බ්‍රසීලයේ, Woodwell දේශගුණ පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය Marcia Macedo පැවසුවේ, මිනිසුන් ගින්නෙහි ප්‍රධාන ධාවක තුනම වෙනස් කරන බවයි. (ගිනි ප්‍රභවයන්, ඉන්ධන සහ දේශගුණය) වන විනාශය නැවැත්වීම ප්‍රමුඛතාවය අංක එක බව ඇය තවදුරටත් පැවසුවාය.

2021 දී Nature සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකින් පෙන්නුම් කර ඇත්තේ Amazon හි සමහර කොටස් දැනටමත් කාබන් සින්ක් (carbon sink) තත්ත්වයේ සිට කාබන් ප්‍රභවයකට (carbon source) මාරු වෙමින් පවතින බවයි.

  • අනාගතයේදී ගින්න පාලනය කරන්නේ කෙසේද?

ශතවර්ෂයකට වඩා වැඩි කාලයක් යටත් විජිත ගිනි කළමනාකරණය සහ මර්දනය බොහෝ වනගත පරිසර පද්ධතිවල “රිද්මය හෝ නිත්‍ය අනුපිළිවෙළ නැති වීමක් / loss of cadence” ඇති කර ඇති බව  පැවසීය. වෙනත් වචන වලින් කිවහොත්, මෙම පරිසර පද්ධතිවල නිතිපතා ගිනි නොතිබීම ස්වභාවික චක්‍ර කඩාකප්පල් කර ඇත. නමුත් මෙම පාඩු සමහරක් ආපසු හැරවිය හැකි බවට සාක්ෂි තිබේ.

නිදසුනක් වශයෙන්, කැලිෆෝනියාවේ යොසෙමයිට් ජාතික වනෝද්‍යානයේ, වසර 100කට ආසන්න කාලයක් රජයේ ප්‍රතිපත්තිවල කොටසක් ලෙස ලැව්ගිනි සක්‍රීයව මර්දනය කරන ලදී. නමුත් 1974 වසරේ සිට අකුණු මඟින් ඇවිළෙන ගිනි ජාලා උද්‍යානය තුළ දැල්වීමට ඉඩ දී ඇති බව ස්ටීවන්ස් පවසයි. දශක පහකට ආසන්න කාලයක් මෙම ලැව්ගිනි “ස්වයං-නියාමනය / self-regulating” වී ඇති බව ඔහු තවදුරටත් පැවසීය. එයින් අදහස් වන්නේ ඒවා තනිවම දැවී යන අතර ප්‍රදේශ නිතර නිතර දැවී නොයන බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් යෝසෙමයිට්හි ගින්නෙහි බරපතලකම වැඩි වීමක් දක්නට නොලැබෙන බව ස්ටීවන්ස් පැවසීය.

එක්සත් ජනපදයේ Yosemite ජාතික වනෝද්‍යානයේ ලැව් ගින්නක් මැදින් ධාවනය වන මෝටර් රථයක්, 2017.

මහා පරිමාණ කෘෂිකාර්මික වැවිලි සහ කුඩා වතු හිමියන් සහ යැපුම් ගොවීන් යන දෙඅංශයෙන්ම ඉඩම් පිරිසිදු කිරීමේ ලාභදායී ක්‍රමයක් ලෙස ගින්න බොහෝ විට භාවිතා වන නිවර්තන කලාපවල, ඵලදායී කළමනාකරණයට ඉඩම මත යැපෙන අයට ආර්ථික විකල්ප සැපයීම ඇතුළත් විය යුතු බව මහාචාර්ය සුසාන් පේජ් පැවසීය.

නිවර්තන පීට්ලන්ඩ් වල ගිනි අවදානම අවම කිරීම යනු භූ දර්ශන ප්‍රකෘතිමත් වීම පමණක් නොව, වඩාත් දැවෙන භූ දර්ශන සමඟ ජීවත් වීමට මිනිසුන්ට උපකාර කිරීම බව පේජ් පවසයි.

විශේෂයෙන් සෞම්‍ය කලාපීය වනාන්තර ආශ්‍රිතව, කළමනාකරණ මෙවලමක් ලෙස නියමිත හෝ සංස්කෘතික ගිනි තැබීම වැඩමුළුව පුරාවට කිහිප වතාවක් මතු විය. නියම කරන ලද පිළිස්සුම් යනු ඉන්ධන බර අඩු කිරීමට හෝ පරිසර පද්ධතියේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත් කිරීමට හිතාමතාම දැල්වෙන පාලිත පිළිස්සීම් වේ. කුඩා, පාලිත පිළිස්සීම් මත ද රඳා පවතින සංස්කෘතික ගිනි තැබීමේ උපාය මාර්ගය වසර දහස් ගණනක් පුරා ආදිවාසීන් විසින් භාවිතා කර ඇත.

‘පාලිත පිළිස්සීම් පිළිබඳ මහජන මතය වෙනස් කිරීම උපාය මාර්ගයක් ලෙස එය පිළිගැනීම තීරණාත්මක වනු ඇත‘ යන මතයට සහභාගිවන්නන් එකඟ විය.

පාලිත පිළිස්සීම් (prescribed burns) තවමත් පිළිස්සුම් වේ. ඒ අනුව, කෙටි කාලීනව කාබන් පිරිවැය සමඟ පැමිණේ.

“ඔබ ගස් කපා එම ස්ථානයට ගිනි දැල්වූ විට, ඔබ වායුගෝලයට දුමක් එක්කරනවා.”චර්නර් පෙන්වා දුන්නේය.

ඇත්ත වශයෙන්ම, වර්නර් පෙන්වා දුන්නේ, සෑම වසර 10කටම හතක් තුළ, පාලිත පිළිස්සුම් සඳහා එක්සත් ජනපදයේ පුළුස්සා දැමූ ප්‍රදේශය ලැව්ගිනිවලින් දැවී ගිය ප්‍රදේශයට වඩා විශාල බවයි.

ගින්නෙන් පැතිරීම සහ හානි සීමා කිරීමේ ක්‍රමයක් ලෙස සහභාගිවන්නන් ” මොසෙයික් / mosaics ” කෙරෙහි අවධානය යොමු කළහ. ගිනි මොසෙයික් යනු (Fire mosaics) භූමි ආවරණය සහ භූමි භාවිතය මිශ්‍රණයකින් සමන්විත භූ දර්ශන වේ. මොසෙයික් සාම්ප්‍රදායිකව ආදිවාසීන් විසින් නිර්මාණය කරන ලද අතර, වනාන්තරයට වඩා ගින්නෙන් අඩු බව පෙන්නුම් කර ඇත.

සම්මන්ත්‍රණයට සහභාගි වූ බොහෝ දෙනෙක් සහස්‍ර ගණනාවක් පුරා දේශයේ භාරකරුවන් වූ ස්වදේශික හවුල්කරුවන්ගෙන් ඉගෙන ගැනීමේ අවශ්‍යතාව ගැන කතා කළහ. බටහිර කැනඩාවේ මෙටිස් ගෝත්‍රික කාන්තාවක් වන ක්‍රිස්ටියන්සන්, තවත් පියවරක් ඉදිරියට තැබුවාය.

ඇය රැස්ව සිටි සහභාගිවන්නන්ට මෙසේ පැවසුවාය.

“අපට මෙහි දේශීය නායකත්වය අවශ්‍යයි. ඒ නිසා සෑම විටම අපෙන් ඉගෙන ගැනීමට හෝ අපගේ මාර්ග ඉගෙන ගැනීමට නියෝජිතායතනවලට අවශ්‍ය වෙනවා වෙනුවට, [අපට ඒවා අවශ්‍ය] මාර්ගයෙන් ඉවත් වීමට කාලය පැමිණ ඇති බව දැනගෙන, ගින්න සඳහා අපගේම ප්‍රදේශ කළමනාකරණය කිරීමට අපට ඉඩ දෙන්න”

https://www.carbonbrief.org/qa-how-scientists-tackle-the-challenges-of-estimating-wildfire-co2-emissions/